BOONDI.LK| වෙසෙස් බූන්දි| කලවාන අඛණ්ඩ උපවාසය- අපැහැදිලි සුභ අනාගතය සහ දරුවන්ගේ නැගිටීම
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් වෙසෙස්
"ඔබේ මල් අමතක කරන්න එපා" - රාණි ගේ කතාව | රෝමා ටියාර්න
ප්‍රතිචාර[3]
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
ප්‍රතිචාර[1]
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි! | තිළිනා වීරසිංහ
ප්‍රතිචාර[0]
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
ප්‍රතිචාර[3]
ලොව විශාලතම එළිමහන් සිර කඳවුර- පලස්තීනය- ඊයේ, අද සහ හෙට | සංඛ කිරිඳිවැල
ප්‍රතිචාර[2]
වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා.... | නාලක ගුණවර්ධන
ප්‍රතිචාර[2]
බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා! | සුරත්
ප්‍රතිචාර[4]
ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.| සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව
ප්‍රතිචාර[0]
බහරේන් අරගලයේ තරු ලකුණ- නබීල් රාජාබ් | නද්යා භාෂිණී අමරනායක
ප්‍රතිචාර[3]
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට..... | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[1]
BOONDI • Currents •
  වෙසෙස් බූන්දි  
කලවාන අඛණ්ඩ උපවාසය- අපැහැදිලි සුභ අනාගතය සහ දරුවන්ගේ නැගිටීම
ප්‍රතිචාර[2]
බූන්දි| | 20:08:58
Z ස්කෝර් ප‍්‍රශ්නය ගැන මේ වන විට විවිධ මාධ්‍යයන් මගින් ඕනෑ තරම් සාකච්ඡාවට බඳුන් වී තිබේ. තුන්වන වතාවටත් ප‍්‍රතිඵල නිකුත් වූ පසුත් මේ අලකලංචිය සමහන් වී සිසුන්ට යම්කිසි සාධාරණයක් ඇතිවන බවක් නොපෙනේ. මේ ලිපිය මා වැය කරන්නේ එම ප‍්‍රශ්නය ගැන විද්වත් සංවාදයට හවුල්වීමට හෝ නොයෙක් තර්ක ඇදබාමින් සිද්ධිය විස්තර කිරීමට නොවේ. ඒ ආකාරයේ අදහස් ලිපි ඕනෑ තරම් පළ වී තිබේ. එහෙත් ඒ කිසිවකින් සමාජයේ කතිකාවක් ආරම්භ වී ජනතාවගේ අවංක උනන්දුව ඇවිලී හෝ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන් අවංකව කැපවෙන්නට උත්සාහ ගන්නා බවක් නොපෙනේ. ආසියාවේ සෑහෙන සංවර්ධනය පෙන්වන රටක් යැයි කෑ ගහන ලංකාවේ අධ්‍යාපනයට මේ වන විටත් සිදුව ඇති විනාශය හා ඉදිරියේදී තව තවත් බරපතල වන මේ හානියට එරෙහිව අවදියෙන් එරෙහි වන්නට රටේ සාමාන්‍ය ජනතාවට තවමත් උනන්දුවක් ඇති බවක් නොපෙනේ.

මේ වන විට ලංකාවේ පාසල් අධ්‍යාපනයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් බරපතල අර්බුදයකට ලක්වී ඇති බවට ආසන්නතම සිදුවීම් ලෙස ඉසෙඩ් ස්කොර් අවුලත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයත් දෙස පමණක් සාවධාන වන විට පවා පෙනේ. එම ප‍්‍රශ්න වලට දේශපාලයකයන්ගේ විකාරරූපි මැදිහත්වීම් දවසින් දවස ඉතාම විහිළුකාරී හා මර්ධනකාරී ලෙසත් වර්ධනය වෙමින් පවතී. එහි දෘෂ්ටිවාදාත්මක පක්ෂය පෝෂණය කරන්නට නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි ලාංකීය නිදහස් අධ්‍යාපනයෙන්ම බිහි කළ දෘෂ්ටිවාදී පියවරු ඉතාම බාල ලෙස තම අදහස් පළ කරමින් සිටිති. එහෙත් පාසල් සිසුන් හා සමාන්‍ය ජනතාව අතර තියා විශ්වවිද්‍යාල සිසුන් හා දෙමාපියන් අතර පවා මේ ගැන හොඳ සංවාදයක් වර්ධනය වී නැත. පාරිභෝජනවාදයේ ධනවාදී තර්කනයට සහමුලින්ම සමාජය කීකරු වී ඇති මේ මොහොතේ මුළු සමාජයේම අනාගත යහපත්භාවයේ සුරකිෂිතභාවය වෙනුවෙන් රටේ බුද්ධිමතුන්ගේත් විකල්ප සමාජ කි‍්‍රයාකාරකයින්ගේ මැදිහත්වීම ඓතිහාසික උවමනාවක්ව පවතී.


කලවාන නැගිටීම

ඉසෙඩ් ස්කෝර් විකාරය නිසා තම අනාගත සිහින කුඩුපට්ටම් කරගෙන හඩාවැටෙමින් නිවෙස් තුළ බුදියන ලංකාවේ හැම තැනම විසිරී සිටින අසාධාරණයට ලක්වූවන්ගේ ඇස් පාදමින් කලවාන ප‍්‍රදේශයේ සිසු-සිසුවියන් පිරිසක් තම නගරයේ බස් නැවතුම්පොල මධ්‍යයේ අට්ටාලයක් ගසාගෙන ඉටිරෙද්දක් එළාගෙන අඛණ්ඩ උපවාසයකට වාඩි වී සිටියි. මේ සටහන ලියන මොහොත වන විටත් (අගෝස්තු 01) එම සිසුහු 09 වැනි දවසත් ඉටිරෙද්දට නින්ද දියකර හරිමින් බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ඒ මේ රටේ ආණ්ඩුව පෙරලන්නට නොවේ. විකල්ප පක්ෂයක් බලයට ගෙනෙන්ට නොවේ. අලූත අභ්‍යාසලාභී පත්වීම් ලබාගත් සංවර්ධන නිලධාරීන්ට මෙන් කරන්නට වැඩක් නැති නිසා හෝ ඒ.ජී.ඒ. ඔෆිස් වල ඉඩ මදි නිසා ඉන්නට තැනක් නැතිකම නිසා නොවේ. ඔවුන්ට අරගල කරන්නට සැබෑ ප‍්‍රශ්නයක් තිබේ. රටේ විද්වතුන්ද පිළිගන්නා අසාධාරණයක් ඔවුන්ට සිදුව තිබේ. එය හුදු රජය වරද්දා ගත් ඉසෙඩ් අගයේ ප‍්‍රශ්නයක් නොවේ. සිසුන්ගේ ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නයකි. මාස හතක් අටක් සරසවි සිහිනයේ සැරිසරමින් ගොඩනගා ගත් බලාපොරොත්තු කඩවී අපේක්ෂාභංගයට පත් වූ තරුණ තරුණියන් පිරිසක් කෙළින පිස්සුවක් නොවේ. එය ආචාරධර්ම පිළිබඳ ප‍්‍රශ්නයකි. රාජ්‍ය අධ්‍යාපනික ප‍්‍රතිපත්තිමය අවුලකි. සිංහල බෞද්ධ සදාචාරමය ප‍්‍රශ්නයකි. ආණ්ඩුවේ මතුපිට දෘෂ්ටිවාවල සහ අභ්‍යන්තරික ක‍්‍රියාකාරීත්වයේ සිදුර තුළින් පැන නැග ඔඩු දුවන වසංගතයකි.

මේ අට්ටාලයේ අයුක්තියට එරෙහිව පෝස්ටර් රාශියක් එල්ලා තිබේ. ඒවා කියවන විට හද සසල වී යයි. නැවත සිතන්නට හිත කිතිකවයි. ”ජනාධිපතිතුමනි, රටේ සුබ අනාගතය මේකද?” මේ එක වැකියකි. ඔවුන් අසන මෙම ප‍්‍රශ්නය නම් ඒ තරම්ම හදවත් හොල්ලන-සිත් කාවදින එකක් නොවේ. ඒ අපේ රටේ දේශපාලකයින් මේ ”සුබ අනාගතය” ගැන ඔක්කාරයට එන තුරු කෑ ගසා ඇති බැවිනි. සුබ අනාගතය කියන විටම එම වචන වලින් මතු වන අර්ථය ලංකාවේ තවදුරටත් වලංගු නොවන තරම් බාල්දු වී තිබේ. එහෙත් මෙම ප‍්‍රශ්නය මේ තරුණ සිසුන් අසන්නේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙකුගේ අර්ථයෙන් නොවේ. ඒ කටහඬින්ද නොවේ. රටක උසස් අධ්‍යාපනය විනාශ කරමින් කරන සංවර්ධනය මොන වර්ගයේ එකක්ද? රාජ්‍ය කරවන පාලකයින් කිසිදිනෙක පිළිතුරු නොදෙනා එහෙත් මහජනතාව වහ වහා ප‍්‍රශ්නය වටහාගෙන පිළිතුරු සෙවිය යුතු ප‍්‍රශ්නය එයයි. පමා නොවී කඩිනමින් නැගී සිටිය යුතු ප‍්‍රපංචය එයයි.

අධික දූවිල්ලට හසුව දිනෙන් දින ලෙඩ වෙමින්, වරෙක ජීවිතය පවා හැරයාමට උත්සාහ කරමින්, බලාපොරොත්තු සිඳ ගනිමින්, කලකිරෙමින් යළි ධෛර්යමත් වෙමින් මේ සිසු සිසුවියන් 46 දෙනා ඉල්ලන්නේ තමන්ට පෙනි පෙනී අහිමි කළ ජීවිතයයි. ඔවුන්ගේ ජීවිතය සරසවි සිහිනය ඉටුවීමයි. රජයට දැන් මේ ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් විය හැකි එකම සහ අවශ්‍යයම ක‍්‍රමය නම් මේ අසාධාරණයට ලක් වූ ලංකාව පුරා සිටින සිසුන් සියල්ලන්ටම සරසවි අවකාශය හැරදීමට හැකි උපරිමයෙන් හා ඉක්මනින් කටයුතු සූදානම් කිරීමයි. ආචාර්ය ලියනගේ අමරකීර්ති කලවාන ජනතාව අමතා කියා සිටියේ මේ සියලූ සිසුන් විශ්වවිද්‍යාලයට ගැනීමට රජය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. ඒ සඳහා ඕනෑනම් තමා උගන්වන පේරාදෙණියේ පමණක් වුව සියල්ලන්ටම ඉනෙගන්නට රජයට වැඩපිළිවෙලක් සකස්කිරීමට ඉඩ කඩ තිබෙන බවත් ඒ වෙනුවෙන් අතිරේක පැය ගණනක් වැඩ කරන්නට තමන් සූදානම් බවත් ඔහු උද්යෝගයෙන් ප‍්‍රකාශ කළේය. ඒ අදහසම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි තමා උගන්වන සබරගමුවේ ඉඩ කඩ සෑදිය හැකි බවටත් වැඩ කරන්නට තමන්ද සූදානම් බවත් යළි ප‍්‍රතිරාවය කලේය.


මේ සිසුන් ලිඛිතව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඒ පොරොන්දුවයි. ඒ පොරොන්දුව මන්හිද චින්තනය ප‍්‍රමුඛ තවත් ඡන්ද පොරොන්දුවක් බවක් පත් නොවීමට ලංකාවේ අසාධාරණයට ලක්වූ සියලූ සිසුන්-දෙමව්පියන්-පාසල් ගුරුවරුන්-විශ්වවිවිද්‍යාල ආචාර්යවරුන්-සිසුන්-විපක්ෂ ඇතලූ විකල්ප සමාද ක‍්‍රියාකාරී කණ්ඩාම් පමණක් නොව සාමාන්‍ය ජනයාද පෙළ ගැසිය යුතුය. එනම් සමස්ත ලාංකික පුරවැසියා තම අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කඩාකප්පල්කාරී රාජ්‍ය අධ්‍යාපන ප‍්‍රතිපත්තියට එරෙහිව එක හඬින් වගකීමෙන් නැගී සිටිය යුතුය. ඒ සඳහා තව තවත් පමාවීම ලංකාවේ අනාගතය එන්න එන්නම අඳුරින් අඳුරට යාමට හේතු වනු ඇත. එවිට රටට අත්වූ ව්‍යසනයේ තමන්ද කොටස්කරුවෙකු වීමේ ඓතිහාසික වරදින් නිදහස් වන්නට ලංකාවේ කිසිම පුරවැසියෙකුට නොහැකි වනු ඇත. දැන් අර කලවානේ සිසුන් සැපයූ ආර්ශයෙන් ආලෝකය ලබමින් සිසුන් සමග සාමාන්‍ය ජනයාද පාරට බැසිය යුතුය. අට්ටාල ගසා ගත යුතුය. ඒ සඳහා ප‍්‍රශ්නයේ කේන්ද්‍රයටම අභියෝග කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපනයට රාජ්‍ය අංශය කරන වියදම් සියයට 06ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් කරන සටන සමග අනිවර්යෙන්ම අත්වැල් බැඳ ගන්නට සිදුවනු ඇත. නිදමරමින් අවදියෙන් වැඩ කරන්නට දැන් කාලය එළඹ තිබේ.

කලවාන දරුවන් අහිංසක ලෙස උදව් ඉල්ලන විට බියෙන් ඇස් තද කරගන්නා සියලූ මාධ්‍යකරුවන්ට යළිත් තමා අත්හැර දමා ඇති මාධ්‍ය වගකීම් ගැන යළි සිතමින් ආචාරධර්ම ගරුකරන කි‍්‍රයාශීලි මාධ්‍යකරුවන් ලෙස වැඩට බහින්නට සිදු වනු ඇත. මේ එය මගහැර යා නොහැකි-අවශ්‍යයම කාලයයි. සියලූ පංති-පක්ෂ-වර්ග භේද පසෙක තබා තමාට රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට සුදුසුම කාලයයි.


Sudarsana Samaraweera | සුදර්ශන සමරවීර
[SEO Tags] Kalawana, Students Struggle, Crisis in education of Sri Lanka,Liyanage Amarakeerthi, hiniduma sunil Senevi, Bandula Gunawaradana, S.B. Dissanayake, Ministor of Education-Sri Lanka,Z Score Issue, Sri Lankan Universities, University Grants Commision , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
2 Comment(s)| ප්‍රතිචාර
වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ?| Theatre Quotes
අහෝ මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ? මා කියන්න අසන්න. සිතිවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනක ද යම් විටෙක ද ඉඩ ලද ඒ ඇසිල්ලේ බුර බුරා නැගෙන බලය පිළිබඳ ම්ලේච්ඡ සිතිවිල්ලයි ඒ. ඉදින් මම මරණය රජ කරන දේශයට ජීවිතය නාදය කැටි කොට ගෙන ආමි. ඔහු කීය.

[කිලර්- මාස්ටර් කේමදාස- "ඇසුනා වෙඩි හඬක්" පූර්විකාව.]