BOONDI.LK| රත්තරං ටික| සීත කාලෙත් මල් වවන්න පුළුවන් කියලා පිස්සො කට්ටියක් තීරණය කළා.
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
  තවත් රත්තරං ටික
අර්බාත් දරුවෝ | අනතොලී රිබාකොව්
ප්‍රතිචාර[0]
හාවෙක් ද තාත්තේ?- නෑ, තණකොළ පඳුරක්! | ජයසේන ජයකොඩි
ප්‍රතිචාර[1]
අම්මා | මක්සීම් ගෝර්කි
ප්‍රතිචාර[2]
ඇයි එහෙනං හෙන වැදුණේ? | චිනුවා අචිබේ
ප්‍රතිචාර[1]
"මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ..." | ධම්මික ගංගානාත් දිසානායක
ප්‍රතිචාර[2]
ඔය දුක කියන දේ වැඩි දෙනෙකුට දරා ගන්ඩ බෑ... මං වින්දට.... | ඊවා රණවීර
ප්‍රතිචාර[0]
කසාදයක්....! ඒ කියන්නෙ අම්මා මනමාලියක් වෙනව ද? | ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
ප්‍රතිචාර[1]
වෙඩි වැදුණු බග-සඳ | රත්න ශ්‍රී විජේසිංහ
ප්‍රතිචාර[1]
ඉතින් පන්චු, මේ සේරම දේවල් අර ගෙන ආවේ ඇයි? | රවීන්ද්‍රනාත් තාගෝර්
ප්‍රතිචාර[2]
ගොපල්ලා හා ගෙතුම් කන්‍යාව | බා-ජින්
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  රත්තරං ටික  
සීත කාලෙත් මල් වවන්න පුළුවන් කියලා පිස්සො කට්ටියක් තීරණය කළා.
ප්‍රතිචාර[1]
බූන්දි| | 08:52:50
"ඔව්, මගේ කොල්ලා කියලා කියන්නෙ, මං පියානෝ එක ගහන කල් මේ දැන් අතන බලා ගෙන ඉන්න ඔල්මාදංකාරයා නං....."

"එයා ඇත්තටම පෙනුමයි."

නිශ්ශබ්ද වන්නැයි දේශකයා කියන විට ඔවුන්ගේ සාකච්ඡාව නතර වුණේ ය. රෝස මල මත ආරම්මණය රන්දා තම තමන්ගේ හිත් හිස් කරගන්නා සේ ඔහු සියල්ලන්ගෙන් ඉල්ලා සිටියේ ය.

"සිතුවිලි ආපහු ඒවි. ඒත් ඒවා පැත්තකට තල්ලු කරන්න බලන්න. අපිට තේරීම් දෙකක් තියෙනවා. එක්කෝ හිත පාලනේ කරගන්න. එහෙම නැත්නං හිත අපිව පාලනේ කරාවි. පස්සෙ කියපු අත්දැකීම තමයි අපි කාටත් හුරු. අනාරක්ෂාව, බය, සැක සංකාව, ස්නායු දුර්වලකම් වගේ දේවල් වලට අපි ඉඩ අරිනවා අපිව පෙරළගෙන යන්න. මොකද, අපි කා තුළත් ස්වයං විනාශකාරී නැමියාවක් තියෙන නිසා."

"තමන් පිළිබඳ පාලනේ නැතිකමයි, පිස්සුවයි එකට පටලවා ගන්න එපා. මතක තියා ගන්න, සුෆි සම්ප‍්‍රදායේ ගුරුවරයාට, නස්රුදීන්ට, කවුරුත් කියන්නෙ පිස්සා කියලා. තමන්ගෙ මිනිස්සු ඔහුව පිස්සෙක් විදියට ගන්න නිසාම තමයි, ඔහුට පුළුවන් වෙලා තියෙන්නෙ තමන් කැමති දෙයක් කරන්නත්, තමන් කැමති දෙයක් කියන්නත්. මධ්‍යතන යුගේ මේ තත්ත්වෙ තිබුණා රජගෙදර අන්දරේට. යම් යම් තර්ජන ගැන රජ්ජුරුවන්ට සැළ කරන්න ඇමතිවරු බයයි. මොකද, තමන්ගෙ තානාන්තර ගහලා යයි කියලා. ඒ වගේ වෙලාවට මේ රජ වාසල කවටයා තමයි රජ්ජුරුවන්ට අර වගේ ආරංචි කියන්නෙ."

"අපි සම්බන්ධයෙනුත් වෙන්න ඕනෙ ඒකයි. පිස්සුවෙන් ඉන්න. ඒත් සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙන්න. අනිත් මිනිස්සුන්ගෙන් වෙනස් කෙනෙක් වෙන්න බය වෙන්න එපා. ඒත් ඒක කරන්න ඕනේ අනුන්ගෙන් කැපී පේන්න නෙවෙයි. දැන් මේ මල ගැන හිත එලවන්න. සැබෑ 'මම' එළිදරව් ගන්න."

"සැබෑ 'මම' කියන්නෙ කවුද?" වෙරෝනිකා ඇසුවාය.

එතැන සිටි අනිත් අය එය දැන සිටියා වන්නට පුළුවන. ඉතිං මොකෝ? අනුන් කුමක් සිතනවා දැයි සිතීම, හැකි තාක් අඩුවෙන් කිරීමට පුරුදු විය යුතුය.

බාධා කිරීමෙන් මිනිසා තරමක් විමතියට පත් වූ බවක් පෙණුනි. එහෙත් ඔහු ප‍්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

"ඔයා ට. අනිත් අය හදලා තියෙන 'ඔයාට' නෙවෙයි."

අභ්‍යාස කිරීමට වෙරෝනිකා අදිටන් කර ගත්තාය. තමා කවුදැයි ගවේෂණය කිරීමට සමස්ත අවධානය යොමු කළ යුතුව තිබේ. විලෙත් හි ගත කළ ඒ දින කිහිපය තුළ හිතට ආ ඇතැම් හැඟීම් ඊට පෙර කිසිදාක එතරම් තදින් ඇගේ හිතට දැනී නැත. වෛරය, බය, ආලය, කුතුහලය, ජීවිත තෘෂ්ණාව ඒ අතර විය. ඇතැම් විට මාරි නිවැරදි විය හැක. ලිංගික සුරතාන්තය සාක්ෂාත් කරගැනීම යනු කුමක්දැයි සැබැවින්ම ඈ දැන සිටියා ද? නැත්නම් ඈ ද ගොස් සිටියේ පිරිමින් විසින් රැගෙන යාමට කැමති දුර දක්වා පමණක් ද?

මිනිසා බට නළාව වයන්නට පටන් ගත්තේ ය. ක‍්‍රම ක‍්‍රමයෙන් ඇගේ ආත්මය සංගීතය ට සැතපුණේ ය. එවිට මල වෙත අවධානය යොමු කිරීමට ඈ සමත් විය. දොස්තර ඉගෝර්ගේ නිරීක්ෂණය කාමරයෙන් ආ වේලේ සිට ඈට පූර්ණ සුවයක් දැනී තිබිණ. ඇතැම් විට ඒ, දෙන ලද බෙහෙත් වල ක‍්‍රියාකාරිත්වය නිසා වන්නට ද පුළුවන.

අද හෙට ම තමා මැරෙන්නට යන බව ඈ දැන සිටියා ය. ඉතිං කුමට බය වන්න ද? බය වීමෙන් අත්වන සෙතක් නැත. ඉරණම් කෙටී ඇති හෘදයාබාධය ඒ මඟින් වළකින්නේ නැත. හොඳ ම දෙය වන්නේ, ඉතිරිව ඇති ටික කාලයේ දිවා රෑ නො තකා ජීවිතේ රස විඳීමයි.

සංගීතය සන්සුන් ය. දාන සාලාවේ මළානික එළිය ආගමික සිරියක් ගෙනාවේ ය. ආගම තමාගේ අභ්‍යන්තරයට වැද තවමත් ඉතිරිව ඇති විශ්වාස සහ ඇදහීම් කවරේ දැයි නො බැලිය යුත්තේ ඇයි?

එහෙත් සංගීතය විසින් ඈ ගෙන ගියේ වෙනත් දිසාවකට ය. "හිත හිස් කරගන්න. කිසිවක් ගැන නො සිතන්න. නිකම්ම වෙන්න." ඒ අත්දැකීමට යට වෙන්නට ඈ සිය සිතට ඉඩ හැරියා ය. ඇසිපිය නො හෙළා මල දෙස බලා සිටිද්දී තමා කවරෙක් දැයි ඈ දුටුවා ය. ඒ දර්ශනයෙන් ඈ පිනා ගියේ ය. එතරම් ඉක්මන් වීම ගැන පමණක් හිත මුල්ලක තුනී දුකක් ඉපදිණ.

වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි -2000 (පිටු: 108-110)
['Veronika decides to die' by Paulo Coelho]


Paulo Coelho | පාවුලෝ කොයියෝ
පරිවර්තනය - Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ
[SEO Tags] Veronica Decides to Die, Paulo Coelho, Best Selling Novel , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
1 Comment(s)| ප්‍රතිචාර
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.| Personal Quotes
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.