BOONDI.LK| කට කොකියනවට| බණ්ඩා හොඳයි කීවොත් වැරදියි - බන්දු හොඳයි කීවත් වැරදියි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
BOONDI • Currents •
  කට කොකියනවට  
බණ්ඩා හොඳයි කීවොත් වැරදියි - බන්දු හොඳයි කීවත් වැරදියි
ප්‍රතිචාර[0]
බූන්දි| | 11:13:35
අය්යා-
සුරතල් නංගියෙ අපෙ බණ්ඩා
ඉසඩ් අකුර හිර වූ ජුණ්ඩා
පඩි නුවණින් පැන විසඳන හන්දා
බණ්ඩට මම වැන්දා

නංගී-
අය්යා කීවා මට හරි නෑ
බන්දූ බණ්ඩට වැඩිය අගේ
නිතරම අප ගැන වෙහෙසන හන්දා
බන්දුට මම වැන්දා

අය්යා-
නංගී එය හිතුවොත් වැරදියි
එතකොට නංගිට පව් සිදුවෙයි
ඔබ හමුදාවේ ට්‍රේනිං යව යව-
බණ්ඩා දුක් වින්දා

නංගී-
පේපර් බාගෙට දෙන්නේ ය
ඒකෙම උත්තර ඇත්තේ ය
ටෝකෙන් බඩ පුරවන්නෙත් බන්දුයි
නා ගන්නෙත් බන්දුයි

අය්යා-
මයික් වලට මොනවා කිවුවත්
බන්දූ කොපමණ උඩ පැන්නත්
බණ්ඩා බන්දුට වැඩිය හොඳයි මට
කවුරු කෝම කිවුවත්

නංගී-
අය්යිගෙ බණ්ඩා කොටම කොටයි
කට ඇරියොත් නම් බඩුම තමයි
බන්දුගෙ සත පහ මූණේ ලස්සන
දැක්කම සිරියාවයි

අය්යා-
නංගී සත පහ ලස්සන ද
ටොපියක්වත් කන්නට හැකිද
එහෙනම් නංගිට සැමටම වැඩියෙන්
ලස්සන සත පහ ද?

නංගී-
අපි මෙය දැන් බේරා ගනිමූ
සිරි අය්යාගෙන් ගොස් අසමූ
බණ්ඩ ද බන්දු ද හොඳ කියලා
එතකොට සිරි අය්ය කියයි

අය්යා-
ඔව් ඔව් මම ඒකට කැමතියි
සිරි අය්යලා මේවා දනිතී
යමු යමු නංගෝ යමු යමු නංගෝ
සිරි අය්යා ළඟටා

දෙන්නම-
සිරි අයියේ කරුණක් අසමී
බණ්ඩ ද බන්දු ද වැඩිය අගේ
කරුණාවෙන් සිරි අය්යා අප හට
බේරා දෙනවා ද?

සිරි අයියා-
බණ්ඩා හොඳයි කීවොත් වැරදියි (හූ...)
බන්දු හොඳයි කීවත් වැරදියි (හූ...)
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
දෙන්නම හොරු ය කියා

Don Putha | ඩෝං පුතා
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ක්‍රිස් හෙජස් කියයි.| Personal Quotes
අප දැන් සිටින්නේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍යය වනසන, නීතිවේදීන් විසින් සාධාරණය වනසන, විශ්වවිද්‍යාල විසින් දැනුම වනසන, ආණ්ඩු විසින් නිදහස වනසන, මාධ්‍ය විසින් තොරතුරු වනසන, ආගම විසින් යහපත්බව වනසන සහ බැංකු විසින් ආර්ථිකය වනසන දේශයක ය.