BOONDI.LK| පරිවර්තන කවි| පාට මිනිස්සුන්ගේ පැනය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
  තවත් පරිවර්තන
Blame it on the Bossa Nova | මේක කලේ බොස නෝවා | සින්තියා වෙයිල් / බැරී මාන්
ප්‍රතිචාර[2]
සියක් කඳු රැගෙන යන රාත්‍රිය | අබ්දුල් වහාබ්
ප්‍රතිචාර[1]
පාෂාණ කතිකාව | මොනිසා අල්වි
ප්‍රතිචාර[1]
ඉරබටු තරුව | Evening Star | එඩ්ගා ඇලන් පෝ
ප්‍රතිචාර[1]
තවමත් සොවෙනි මම | Still I'm Sad by Boney M | බොනි එම්
ප්‍රතිචාර[6]
ඔබේ ඔය සිනහව | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
හැ ඳි න් වී ම ක් | කමලා දාස්
ප්‍රතිචාර[1]
හැම දිනෙක ඔබ රඟන.... | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[2]
'Every day you play with...' By Neruda | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[1]
පිළිම පණ ගැන්වෙන මොහොත | එම්. රිෂාන් ෂෙරී‍ෆ්
ප්‍රතිචාර[7]
BOONDI • Kavi •
  පරිවර්තන කවි  
"පාට" මිනිස්සුන්ගේ පැනය
ප්‍රතිචාර[0]
බූන්දි| | 21:59:39
කළු ය මං, උපන් දවසෙත්
කළු ය මං, වැඩෙන කලදිත්
කළු ය මං, ඉර අවුවේදීත්
කළු ය මං, බිය වන විටදීත්
කළු ය මං, ලෙඩ වන විටදීත්
මැරුණු දිනයක ඇවිත් බැලුවොත්
ඔව්! ඒත් මං කළු ය. කළුම කළු ය!

එහෙත්,
අසන් සුදු මිනිහෝ,

උපන් දා නුඹ රෝස පැහැති යි
වැඩෙන විට එය සුදට හැරවෙයි
දැවෙන විට සම වැද හිරුගෙ රැස
දැවෙයි නුඹෙ සුද රතට හැරවෙයි

සීතලට නුඹෙ නීල පැහැයකි
බියක් ආවොත් වේය කහ පැහැ
ලෙඩ වෙයි- එවිට එයි කොළ පැහැ
අළු පැහැය මළ විට නුඹෙ මිනිය

එහෙත්,
එහෙව් ඔබය කියන්නේ
මං "පාට"* මිනිසෙකැයි....!!!

*[colored]

මෙම කවිය, "අප්‍රිකානු දරුවෙකු" විසින් ලියන ලද්දකැයි ද එය 2006 දී හොඳම කවිය සඳහා එක්සත් ජාතීන්ගේ සම්මානය ලබා ඇතැයි ද හඳුන්වාදෙමින්, අන්තර්ජාලය පුරා බොහෝ කලෙක පටන් පැතිරෙමින් තිබෙන්නකි. එකී මූලාශ්‍රය සැකකටයුතු වුවද කවියේ හිමිකරු කවරෙකු වුවද එය "අප්‍රමාණ" කවියකි. කියවන්නන් වෙනස් කරන කවියකි! එ කව සිංහලට නගන්නට ගත් වෑයමකි මේ.

[When I born, I black
When I grow up, I black
When I go in Sun, I black
When I scared, I black
When I sick, I black
And when I die, I still black

And you white fellow
When you born, you pink
When you grow up, you white
When you go in sun, you red
When you cold, you blue
When you scared, you yellow
When you sick, you green
And when you die, you gray
And you calling me colored??]

Author Unknown | කර්තෘ අඥාතයි
පරිවර්තනය - Nadya Bhashini Amaranayake | නද්යා භාෂිණී අමරනායක
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.| Personal Quotes
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු හෝ පිළිනොගන්නා විට පවා, හෙළිදරවු කිරීමයි. ඇත්තෙන්ම ඔහුට මග වැරදීමට පුළුවන. එහෙත්, ඔහු අව්‍යාජ නම්, එකී වැරදීම් පවා සිත්ගනා සුළුය. මන්ද යත් එකී වැරදීම් ඔහුගේ අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනයත් අරගලයත් මූර්තිමත් කරන බැවිනි.