BOONDI.LK| කවි බූන්දි| නොරත රත
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
  තවත් කවි
දුර්ගාන්තය* | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[1]
අඬදබර | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[2]
BOONDI • Kavi •
  කවි බූන්දි  
නොරත රත
ප්‍රතිචාර[4]
බූන්දි| | 00:52:54
එකට උන්නු සත් වසරෙදි නෑසූ පැනයක් තිබේය
පැනය අසන්නට සිතුනත් සිත රිදෙතැයි බිය වැදේය
මා පතිනිය වීමෙන් ඔබ පසුතැවෙතැයි මට හැ‍ඟේය
ඔබේ හිතේ කොනක ඔබේ සිත් ගත් සැමියෙකු වෙසේද

පැතූ ලෙසම මගෙන් ඔබට සෙනෙහස නො අඩුව ලැබුණිද
ඔබේ සිතැඟි වටහාගෙන ජීවත් වෙන්නට යෙදුණිද
කන්න කැමති දේ දැනගෙන - ආස පාට වටහා ගෙන
ආදරයෙන් ඉන්න සමත්විණි දැයි මට සැක සිතේය

ඔබෙ කැමැත්ත පෝය දාට පන්සල් ගොස් මල් පුදන්න
ඒ අතරේ මට සිදුවිය මිතුරන් හා අඩි ගහන්න
ආසාවෙන් උතුරන විට සූර සරදියෙල් බලන්න
මට සිදු විය "ජෝන් ඩන්ගෙ" කවියක එල්ලී සිටින්න

වැස්ස දාක කරවල බැද - උණු බත් කා එකතු වෙලා
පුංචි එවුන් වටකරගෙන වීර කතාවක් කියලා
උන් නිදිකර සැටියට වී ආ ගිය තොරතුරු අහන්න
සැදී සිටිය මුත් ඒ රෑ මා පොතකට හිර වෙලාය

කුළුණින් සත්කාර නොකොට - ඔබ තනිකර හුදෙකලාවෙ
හූ මිටි දී - හද තුළ තෙරපාගෙන සිට කියන දේට
කළ වැඩවල පොඩි අඩුවක් හෝ දැකලා පෙන්නූ විට
මා නොපනත් කෙනෙක් කියා මා හා රොස් පරොස් වීද

ලොව පුදදෙන ගරු බුහුමන් කිත් පැසසුම් ගැන නොතකා
ඔබ ළඟ හිඳ මා අමුණන කිත් මල් දම් කාට කුමට
ඒ මල් මා හට අනගිය - ඔබහට නිසරුය දුගඳය
ඔබ සඳපහනට කැමතිය - අමාවකට මා කැමතිය

ඉකුත් වත පද්‍ය සංග්‍රහය|1990

Thilakarathna Kuruwita Bandara | තිලකරත්න කුරුවිට බණ්ඩාර
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
4 Comment(s)| ප්‍රතිචාර
ආනන්ද මෛත්‍රෙය හිමි ආගම්වාදීන්, ජාතිවාදීන් ගැන....| Personal Quotes
ආගම්වාදීන්, ජාතිවාදීන් අන්ධයන් පෙළක් වැනිය. මුලින් සිටින්නා ද නොදකියි, මැද සිටින්නා ද නොදකියි- පිටුපසින් සිටින්නා ද නොදකියි.

-බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි (1896- 1998)