BOONDI.LK| වෙසෙස් බූන්දි| මළවුන් ගෙන්වීම පිළිබඳ රසවත් අත්දැකීමක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
අලුතෙන්ම!
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[0]
ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය]
|
මාලක දේවප්‍රිය
[1]
සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
|
තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
[4]
තවත් වෙසෙස්
"ඔබේ මල් අමතක කරන්න එපා" - රාණි ගේ කතාව
|
රෝමා ටියාර්න
[3]
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
[0]
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි!
|
තිළිනා වීරසිංහ
[0]
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
[1]
ලොව විශාලතම එළිමහන් සිර කඳවුර- පලස්තීනය- ඊයේ, අද සහ හෙට
|
සංඛ කිරිඳිවැල
[1]
වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා....
|
නාලක ගුණවර්ධන
[0]
බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා!
|
සුරත්
[2]
ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.| සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව
[0]
බහරේන් අරගලයේ තරු ලකුණ- නබීල් රාජාබ්
|
නද්යා භාෂිණී අමරනායක
[1]
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට.....
|
සුමුදු තිවංක ගමගේ
[0]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/52]
තුෂාරි
චූලානන්ද
මාලතී
ප්‍රසාද්
මොහොමඩ්
ජයලාල්
සනාල්
ඬේව්
අරුන්දතී
නිර්මාල්
ගාමිණී
ගෝරන්
රිචඩ්
දේවක
රුවන්
සංඛ
දර්ශන
ආදිත්‍ය
සුනන්ද
BOONDI • Currents • •
වෙසෙස් බූන්දි
මළවුන් ගෙන්වීම පිළිබඳ රසවත් අත්දැකීමක්
[1]
බූන්දි| | 20:08:37
හේතුවාදී ගවේෂණ ඇතුලත් සිංහලයෙන් ලියැවුණු ප‍්‍රථම කෘතිය මාධ්‍යවේදී
තිලක් සේනාසිංහ
ලියූ
‘ජනකාන්ත මිථ්‍යා මත’
ග‍්‍රන්ථයයි. 2001 වසරේ මුල්වරට එළි දැක්වුණු මෙම කෘතියේ තුන්වැනි මුද්‍රණය වසර එකොලහකට පසු යාවත්කාලීන සංස්කරණයක් ලෙසින්
2012 අගෝස්තු 21 අඟහරුවා දා ප. ව. 3.30 ට කොළඹ 07, ශී‍්‍රමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ මහජන පුස්තකාලීය ශ‍්‍රවණගාරයේ දී
එළි දක්වීමට නියමිතය. මෙහි දැක්වෙනුයේ
‘ජනකාන්ත මිථ්‍යා මත’
ග‍්‍රන්ථයෙන් උපුටා ගැනුණු කතුවරයා ගේ
හේතුවාදී ගවේෂණ සම්බන්ධ රසවත් අත්දැකීමකි.
එය කිරිගහට ඇන්නාක් මෙන් මළවුන් ගෙන්වා තමන්ට ඇවැසි දේ දැනගත හැකි ස්ථානයක් බව මට මුලින්ම කීයේ විශ‍්‍රාමික විදුහල්පතිනියකි. ඉන්පසුව ද ඒ ස්ථානය පිළිබඳව විස්තර කළ බොහෝ දෙනකු කීයේ එය කිසිදු හොරයක් බොරුවක් නොකරන තැනක් බවය.
ඒ අවට මම 2010 ජූලි 10 සඳුදා මධ්‍යාහ්නයේ මුල්වරට දොම්පේ පිහිටි එම ස්ථානය වෙත ගියෙමි. මෙම භූමියෙහි බෝධියක් සහ අටවිසි බුදුරුවන්ගේ ප‍්‍රතිමා සහිත කුඩා බුදු මැදුරක් ද තිබිණ. ඊට යාබද දේවාලයේ සුදු බිත්තියෙහි ඇඳි පත්තිනි දේවියගේ රුවක් එහි යන කාටත් දැක ගත හැකි විය.
"මම ආවෙ මළවුන් ගෙන්වලා ශාස්ත‍්‍රයක් අහන්න."
එහි දේවාලයේ ඉදිරිපස පිල්කඩ මත වාඩි වී සිටි තරුණයාට මම කීවෙමි. ඒ වන විටත් දේවාලය ඇතුළතින් කාන්තාවක ශාස්ත‍්‍ර කියන හඬක් නික්මුණු අතර ශාස්ත‍්‍ර ඇසීමට තමන්ගේ වාරය එන තෙක් තවත් හත් අට දෙනෙක් ගෙමිදුලෙහි වූහ.
"අද කරන්නේ සාමාන්‍ය විදිහට සාස්තර කියන එක. ඥාතීන් ගෙන්වන්නේ අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා, ඉරිදා විතරයි. ඒ නිසා දැන් ගිහින් හෙට උදෙන්ම එන්න."
එම තරුණයා පහත් හඬින් මුමුණන ලද්දේ මළවුන් නිතර යන එන මෙවන් ස්ථානයක උස් හඬින් කතා කිරීම ද අයෝග්‍ය බව අඟවන්නාක් මෙනි.
"අනේ මම බොහොම දුර ඉඳන් ආවෙ. උදෙන්ම නම් එන්න විදිහක් නැහැ. දහයට විතර තමයි එන්න පුළුවන්."
මම කීවෙමි.
"එහෙම බැහැ. පාන්දර ඉඳලම තුණ්ඩු දෙනවා. උදේ නවයට තමයි දේවාලයේ වැඩ පටන් ගන්නේ. මුල්ම නොම්මරයක් වුවමනා නම් පාන්දර පහට වත් එන්න වෙනවා."
හෙතෙම කීය.
"බැරිද මට මොකක් හරි උදව්වක් කරන්න. මාත් පොඩි සපෝට් එකක් දෙන්නම්."
මම ඔහුට අයථා බලපෑමක් කළෙමි.
"එහෙම බැහැනේ."
ඔහු මඳ කල්පනාවක නිමග්න විණි.
"දුර පළාත් වලින් සාස්තර අහන්න එන අය අද රෑ ඇවිත් මෙහෙ නතර වෙනවා. එහෙම මෙහෙ නවතින්න බැරි නම් ඒ නවතින කාට හරි කියලා නොම්මරයක් වෙන් කර ගන්න. ගාස්තුව රුපියල් දෙසිය අටයි. බුලත් වලට දහයයි. රෑට ඇවිත් ඒ කාට හරි දෙසීය දහ අටක් දීලා යන්න."
ඔහු පවසන ලද්දේ එම දේවාලයට නුදුරින් වූ දොර ජනෙල් හැර දමන ලද පැරණි නිවහනක් පෙන්වමිනි. එය දුර බැහැර සිට මළවුන් ගෙන්වීමට සහ ශාස්ත‍්‍ර ඇසීමට එන්නවුන්ගේ ලැගුම් පලක් බව මට වටහා ගත හැකි විය. ඒ අනුව එදින රාතී‍්‍ර අටට පමණ නැවත එහි ඒමට මට සිදු විය. මහනුවර ප‍්‍රදේශයේ සිට පැමිණි බවක් කියා සිටි එක් වියපත් කාන්තාවක ඇතුළු තවත් කිහිප දෙනෙකු ඒ වන විට එහි ලැගුම් ගෙන සිටි අතර මම එම කාන්තාවට රුපියල් දෙසිය දහ අටක් දී මා වෙනුවෙන් ද පසුදා මළවුන් ගෙන්වීම පිණිස නොම්මරයක් වෙන් කර ගන්නා මෙන් ඉල්ලා සිටියෙමි.
2000 ජූලි 11 වෙනි අඟහරුවාදා පෙරවරු නවයට මා එහි යන විට එම දේවාලය වටා පනහකට ළං වන පිරිසක් රොක් වී සිටියහ. ඔවුන්ගෙන් ඇතැමකු අධි සුඛෝපභෝගි වාහන වලින් පැමිණි බවත්, මට දැකිය හැකි විය.
පෙරවරු නවයට පමණ කලින් දින මට හමු වූ තරුණයාත්, තවත් තරුණයෙකුත් පැමිණ සක් පිඹීමෙන් සහ භේරි වාදනයකින් පසු දේවාලයේ තේවාව ඇරඹූහ.
රිදී පැහැති උපැස් යුවළක් පැළඳ සුදු පැහැයට හුරු දිගු සායකින් සහ බ්ලවුසයකින් සැරසී සිටි එම පේනකාරිය මැදිවියේ කාන්තාවකි. රැස්ව සිටි කාගේත් ගෞරවයට පාත‍්‍ර වෙමින් දේවාලය වෙත පැමිණි ඇය තමන් විසින් ගෙනෙන ලද හඳුන්කූරු පැකට්ටුව බෝධිය දෙසට දිගු කොට
"මේක පත්තු කරලා එන්න"
යැයි කාටත් ඇසෙන සේ කියමින් ඉහත සඳහන් කළ තරුණයකුට දුන්නා ය. මළවුන් ගෙන්වීමට පෙර ඇගේ ආගමික වතාවත් එපමණක් විණි. අනතුරුව මඳ වේලාවක් දේවාලයෙහි ආලින්දයෙහි ගත කළ ඇය දෙවොල තුළට ගොස් ගත් කහ පැහැති වතුර බෝතලයකින් ස්වල්පයක් අත්ලට ගෙන කාටත් පෙනෙන සේ හිස ගල්වා ගැනීමෙන් මළවුන්ගේ ලෝකයට ගොස් ඔවුන් මෙහි කැඳවා ගෙන ඒමට අවශ්‍ය "පාරිශුද්ධත්වය" ලැබුවා ය. ඒ සමග එක් තරුණයෙක් දේවාලය ඉදිරියේ පොල් ගෙඩියක් ද ගැසුවේය. මඳ වේලාවකට පසු එම පේනකාරිය දේවාලය තුළට පිවිසි අතර ඇය අමුතුම භාෂාවකින් මන්ත‍්‍ර ජප කරනු ඇසිණි. එම භාෂාව කුමක්ද යන්න මා තබා ඇයවත් නොදන්නා බව පැහැදිලි ය.
"නොම්බර එක එන්න."
ඒ වන විට දේවාලයේ තිර පට මෙපිටින් සිමෙන්ති පොළව මත වාඩි වී සිට එක් තරුණයෙක් කීය. ඔහු ඉදිරියේ පෝටබල් කැසට් රෙකෝඩරයක් තිබිණ. මෙහි පැමිණ ශාස්ත‍්‍ර අසන හෝ මළවුන් ගෙන්වන අයට අවශ්‍ය නම් එම අවස්ථාව ඔහු ලවා පටිගත කරවා ගත හැක. වෙළෙඳ පොළේ එවකට රුපියල් හැටක් තරම් කැසට් පටියක එය පටිගත කර දීමට රුපියල් එකසිය තිහක මුදලක් අය කරනු ලැබිණ. නමුත් එකී කටයුත්ත සඳහා කල් ඇතිවම සූදානම් කරගත් මිනි වොයිස් රෙකෝඩරයක් ඒ වන විටත් රහසිගත ව මගේ කමිස සාක්කුවේ තිබූ බැවින් මට එම මුදල බේරා ගත හැකි විය.
"නොම්මර දෙක එන්න"
මහනුවර සිට පැමිණ පෙරදා රාති‍්‍රයේ මෙහි පළමුවෙන් ලැගුම් ගත් කාන්තාව මළවුන් හා කතා කොට දෙවොලෙන් පිටතට එද්දී ඊළඟට මගේ අංකය කැඳවන ලදී. එවිට දැකිය හැකි වූයේ මට පෙර මළවුන් ගෙන් වූ කාන්තාවගේ මුහුණ කඳුළින් නැහැවී ඇති අන්දම ය. තමන් වියෝ දුකකට පත් කොට සදහටම වෙන්ව ගිය ඥාතියා සමග යළි මෙලෙස කතා බහකට පිවිසීමට හැකි වීම ඇයට අතිශය භාවාතිශය අත්දැකීමක් වූවාට සැක නැත.
"වැඳගෙන මිය ගිය ඥාතියෙකුව හිතා ගන්න."
යැයි දෙවොලෙහි තිර පට තුළින් ගැහැනු හඬක් ඇසිණි. එහෙත් එම පේනකාරිය මට නොපෙනිණ. අනතුරුව ඇය "මළවුන්ගේ භාෂාවෙන්" ඔවුන් කැඳවනු ඇසිණ. ගත වූයේ විනාඩියක පමණ කෙටි කාලයකි.
"මව් පාර්ශ්වයේ සහ පිය පාර්ශ්වයේ ප‍්‍රාණ දෙකක් පෙන්නුම් කරනවා දරුවා..."
තිරයෙන් එපිට සිට යළි ඕ කීවාය.
ඉන් මඳ නිහැඬියාවකට පසු මහළු කාන්තා හඬක් නැගුණි.
"පුතේ ඔයා කොහෙද මෙහේ?"
යනුවෙන් එම හඬ මවෙතින් විමසන ලද්දේ මා අන්දමන්ද කරවමිනි. එවකට මගේ මව් පාර්ශ්වයෙන් මට මතක ඇති කාලයක කිසිවෙක් මිය ගොස් නැත.
"දැන් අහන්න තියෙන දෙයක් අහන්න"
පටිගත කිරීම් භාරව දෙවොලේ තිරකඩට මෙපිටින් හිඳින තරුණයා රහසින් මිමිණුවේය.
"ඔය පුංචි අම්මා නේද?"
මම රහසින් මිමිණුවෙමි.
"අනේ ඔව් මගෙ පුතේ! මං පුංචි අම්මා තමයි."
එකෙනෙහිම මහළු හඬක් ආරෝපණය කර ගත් ශාස්ත‍්‍ර කාරිය තිරයෙන් එපිට සිට හඬ නැගුවා ය.
"අනේ ඇයි පුතේ මෙහෙ ආවේ? පුතාටත් දැන් හරිම ප‍්‍රශ්න නේද? මට හැම දෙයක්ම පේනවා මගේ පුතේ."
එලොව සිට පැමිණි "පුංචි අම්මා" වක්කඩ කැඩුවාක් මෙන් එක දිගටම කතා කරනු ඇසෙයි.
එහෙත්, මට එලෙස ගෙන්වීමට සුළු මවක නැත. ඒ මගේ මව ඇගේ පවුලේ බාල දියණිය බැවිනි. එසේම පිය පාර්ශ්වයෙන් සුළු පියකු ද මට නොසිටි නිසා ඒ ඔස්සේ වත් සුළු මවක මට ලැබී නොතිබිණි. එබැවින් මා පේනකාරිය හමුවට ගෙනෙන ලද්දේ හුදු මනඃකල්පිත චරිතයකි.
"පුංචි අම්මා මහරගම ඉස්පිරිතාලෙ ඉන්න කොට මට බලන්න එන්න බැරි වුණා. අනේ මට සමාවෙන්න පුංචි අම්මේ."
මම ද වේදනාත්මක ස්වරයෙන් කෙදිරි ගෑවෙමි.
"අනේ පුතේ මං පිළිකා රෝගයක් හැදිලා දුක් වින්දා, මගේ පුතේ..... අනේ මටත් සිද්ද වුණු දෙයක්."
මා පේනකාරියට එල්ල කළ පළමු පන්දුවෙන්ම ඇගේ කඩුල්ල පහසුවෙන් බිඳ වැටීම පිළිබඳව මම යටි සිතින් සතුටු වීමි.
"ඉතින් දැන් පුතා මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?"
පුංචි අම්මා මගෙන් ඇසුවා ය. ඒ ම'වෙතින්ම යමක් දනගනු පිණිස බවට සැක නැත.
"මම බස් දෙකම විකුණලා දැම්මා පුංචි අම්මේ, තියාගෙන වැඩක් නැහැ."
මම දෙවන ‘දඟ පන්දුව’ ද ඇය වෙත එල්ල කළෙමි. දිවි ඇති තුරාවට බස් හිමියකු වීමේ අභිලාෂයක් මා තුළ නැත. අඩුම ගණනේ අපේ හත්මුතු පරම්පරාවේවත් බස් මුදලාලි ලා නොමැත.
"අනේ, ඔව් පුතේ! ඒක හොඳයි. උන් පුතාට ඕක කරන්න ඉඩ දෙන්නෙ නෑ. වෙන මොකුත් නෙමෙයි පුතේ ඉරිසියාව... ඉරිසියාව.... මට නොදන්නවැ ඕකුන්ගෙ හැටි. මොනව වුණත් පුතාට මං ඉන්නවා මගේ පුතේ."
පරලොව සිට පැමිණි මගේ "නූපන් පුංචි අම්මා" තුළ මා පිළිබඳ මහත් සෙනෙහසක් ඇති සේ ය.
"ලොකු මස්සිනා තැන් තැන් වල කියලා තියෙනවා පුංචි අම්මේ, මට මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ පුංචි අම්මාගේ ශාපය නිසාලූ. ඉස්සර පුංචි අම්මා මට ශාප කළාලූ. මට දැන් හැමදාම පුංචි අම්මව එක එක විදිහට හීනෙන් පේනවා පුංචි අම්මේ."
ඒ ආශ්වාදය සිත තුළ සඟවා ගත් මම අන්ත අසරණ ස්වරයෙන් කෙදිරීමි.
"අනේ මගේ පුතේ බොරු, අමූලික බොරු, මං ඔය කේන්තියට කෑ ගැහුවට පුතත් එක්ක තරහ නැහැ. මගේ පුතේ . ඒත් ඕකා නම් දැන් පුතාට බන්ධනයක් කරලා තියෙන්නේ..... ඒකයි පුතාට දැන් වගතුවක් නැත්තෙ. පුතා දැන් නිතරම ලෙඩ ගාණෙත් නේද?"
පුංචි අම්මා දැන් ‘ඕකා’ යනුවෙන් හඳුන්වන්නේ මා හඳුන්වා දුන් "කල්පිත ලොකු මස්සිනා" විය යුතු ය.
"පුංචි අම්මා දැන් කොහෙද ඉන්නේ?"
අනතුරුව මම ඇසීමි.
බෞද්ධ පවුල් වල මිය ගියවුන් උදෙසා හත් දවසේ සහ තුන් මාසේ දාන මාන පිරිනැමීම සාමාන්‍ය දෙයකි.
"කලිනුත් මොකක්ද කෙහෙම්මලක් කළා නේද?"
යනුවෙන් පේනකාරිය අසන ලද්දේ ඒ හෝඩුවාව ඔස්සේ බව මට රහසක් නොවිණි.
මගේ කල්පිත ලොකු මස්සිනා විසින් කරන ලද හූනියම ඉවත් කර ගෙන දැනට මළ පේ‍්‍රතියකව හිඳින තමන් ඒ දුගතියෙන් මුදවා ගන්නා ලෙස ඉල්ලා සිටි නූපන් පුංචි අම්මාගේ කටහඬ එක්වරම ගිලී යන ලද්දේ ඇය යළිත් පේ‍්‍රත ලෝකයට ම තල්ලූ වී ගිය බව අඟවමිනි.
රුපියල් දෙසිය දහ අටකට බෙහෙවින්ම සෑහෙන එම හාස්‍ය ජනක අත්දැකීමක් විඳගත් මම පේ‍්‍රත පුංචි අම්මාගෙන් සමුගෙන ආපසු හැරෙත්ම මා අද්දර සිටි පටි ගත කරන ‘නිලමේ’ ගෙන් මැෂින් බස් ටිකට්ටු තුනක් පමණ වන කුඩා තුණ්ඩුවක් ම වෙත ලැබිණ. එහි මෙසේ සඳහන් විය.
"පිළිකා රෝගයෙන් මළ පුංචි අම්මාට පහන් පූජාවක් තබා පින් දෙන්න."
"නැවත දිනක් මළ ගිය ප‍්‍රාණකාරිය ගෙන්වා ඇඳීමට වස්ත‍්‍රයක් දෙන්න."
ඒ සමඟම මගේ ශරීරයට සිදු කොට ඇති බන්ධන දෝෂය කපා ගන්නා අන්දම ද එහි සවිස්තරව දක්වා තිබිණ. ඒ සඳහා නානාවිධ පූජා භාණ්ඩ කන්දරාවක් සමග රුපියල් තුන් දහස් පන්සිය හැටක මුදලක් ද රැගෙන සෙනසුරාදා හෝ බදාදා දිනෙක නැවත මා දොම්පේ යා යුතුය.
එමෙන්ම දොම්පේ පේනකාරිය පැවසූ අන්දමට මට මළ පේ‍්‍රතිය නැවත ගෙන්වා ඇයට ඇඳුමක් ප‍්‍රදානය කළ හැකි නම් සඳහා සුප‍්‍රසිද්ධ වෙළෙඳ නමකින් යුතු ඇඳුම් විලාසිතා කට්ටලයක් යොදා ගැනීමට මට පුළුවන. එමෙන්ම ඒ සඳහා එම ආයතනයට මුදල් ගෙවීමට මට අවශ්‍ය නොවන අතර ඇතැම් විට කාරණය නිසි ලෙස පැහැදිලි කළහොත් එම ආයතනයෙන් ලොකු මුදලක් හිමි කර ගැනීමට ද මට හැකිවනු ඇත. ඒ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සඳහා විලාසිතා ඉදිරිපත් ආයතන කරන අභිබවා පරලෝකයටත් විලාසිතා ඉදිරිපත් කරන ආයතනයක් ලෙස සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට ඔවුනට හැකිවන බැවිනි. ඒ අනුව
‘මෙලොවින් පරලොවට පවා යැවෙන’
යන හැඳින්වුම යටතේ තම වෙළෙඳ නාමය ඉඳිරිපත් කිරීමට ද ඔවුනට හැකිවනු ඇත.
මගේ නූපන් පුංචි අම්මාට පින් පිණිස සාංඝික දානයක් දීමට මා කළ යෝජනාවේ දී ඇයගේ වේෂයෙන් කතා කළ ශාස්ත‍්‍රකාරිය කෝපයට පත්වීම ද මා මෙවන් සෑම ස්ථානයකදීම මුහුණ දුන් පොදු තත්ත්වයකි. එමෙන්ම ඊට බලපාන ප‍්‍රබල හේතුවක් ද තිබේ. එනම් මළවුන් වෙනුවෙන් කරන ආගමික වත් පිළිවෙත් වලින් තම මඩිය තරකර ගැනීමට නොලැබීම ය. ඒ නිසා කවර තොරොට්ටුවක් දමා හෝ ඒ සඳහා වියදම් වන මුදල තමන් වෙතට ඇද ගැනීමට ඔවුහු මාන බලති. මෙහි දී සිද වූයේ ද එම සුලබ සාමාන්‍ය සංසිද්ධිය මිස ඊට අමතර කිසිවක් නොවේ. මෙවා අප පොදු සමාජයේ මෙතෙක් අවධානයට ලක් නොවූ කරුණු අතර වෙයි.
කෙසේ හෝ මෙම සිදුවීමෙන් වසර කිහිපයකට පසු විවිධ රෝගාබාධා වලට මුහුණ දුන් එම ශාස්ත‍්‍රකාරිය අකල් මරණයකට පත් වූ බව ද මට දැන ගත හැකි විය.
[-ජනකාන්ත මිථ්‍යා මත]
Thilak Senasinghe | තිලක් සේනාසිංහ
[SEO Tags] Jana Kantha Mithya Matha Sri Lanka by Thilak Senasinghe
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
මාක්ස් ලියයි.|
Book Quotes
......විද්‍යාව කරා වූ රජ මාවතක් නොමැත. එහි දිදිදුලන මුදුනට ළඟා වීමට අවස්ථාවක් ඇත්තේ, එහි තියුණු ගිරි හෙල් ඔස්සේ වූ වෙහෙසකර නැග්මට බිය නොවන්නවුන්ට පමණි.
[
-Das Kapital
]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus