BOONDI.LK| කවි බූන්දි| පරාණකාරයා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් කවි
අඬදබර | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[1]
මහගෙදර ඈ | විකුම් ජිතේන්ද්‍ර
ප්‍රතිචාර[2]
BOONDI • Kavi •
  කවි බූන්දි  
පරාණකාරයා
ප්‍රතිචාර[0]
බූන්දි| | 21:50:26
අඳුරු කාමරේ දොර හැර
ඔහු ඇතුල් වුණා
එපමණයි

ඇයි ඔය හැටි හඬා වැටෙන්නේ
ගිරිය පුප්පවා ඇස් ගෙඩි ලොකු කර
පෙරළි පෙරළි ඇයි ළතෝනි දෙන්නේ,
උපන්දා සිට ඔබත් මමත්
පුටුව කෙළවරේ ඉඳගෙන ඉන්නේ
කවුදෝ ඇවිදින් කතා කරන කල්,
අඳුරු කාමරේ දොර ඇරගෙන
ඔහු මෙන්

ඇතුල්වෙන්න කියලා කියනා තෙක්,
බලන්න මොහොතක් හැරී ඔබ අවට
පුටු පිරිලා ඉඳගෙන නොයෙක් නොයෙක් අය
ලොකු අය පොඩි අය, ළඟ අය දුර අය
කැමති කැමති අය, නපුරු නරක අය
ඔක්කොම එක ළඟ ඉඳගෙන
එන්න කියන තෙක්

කෙනෙක් ඇවිත් ඔබ අතින් ගන්න තුරු
පාලු හිතේ දහසක් ඡායා පැතිරී යනවා
රූප මැවෙනවා, විදුලි කොටනවා
රුව බැබළෙනවා, යළි නැතිවී යනවා

මතකද ඇය එක් හැන්දෑ ජාමෙක
ඈ දිගු වරල සුළඟේ නටමින්
වැල්ල දිගේ ආදරයෙන් දුවපු හැටි
ඔබ අල්ලන්නට
ඈ මුහුණ පේනවා
වාරකං අහසේ විදුලිය වාගේ
එළිය වැටෙනවා
ආයිත් කළුවට දිය වී යනවා

ඈ නළලේ දිගු රතු තිලකය මතකද
ඝන නීල දෙනුවන් මැදින රැඳුණ
ඈත සාගරේ නීල දියඹ මත එල්ලෙන
ලෝහිත හිරු රුව වාගේ

ඈ සීත සිනිඳු රතු පුල්ලි සාරියේ පොටක්
වැල්ලේ සුළඟට අසුවී විහිදී පැතිර ගියා
රිදී සීනු ඇගේ හිනාව වාගේ

දුහුල් සළුව සුළඟේ පාවෙන හැඩයට
ඡායාවක් ඇවිදින් පාවී යනවා
සිහින මැවෙනවා, නැතිවී යනවා

ඒ හින්දා මට කතා කරන කොට
අඳුරු කාමරේ ඇතුළට එන්නට
වැළපෙන්න එපා ඔබ බිම පෙරළීගෙන
එල්ලීගෙන වැළපෙන්න එපා

පාලු හිතේ පායා මැකිලා යන
දහසක් තරුවැල් මැකී යාවි මට
මොළයේ කැරකී කැරකී තෙරපෙන
ඡායා මැකිලා හාවෙයි කළුවට

ආයිත් නෑ විදුලි ලෙළ -දෙන්නේ
ආයිත් නෑ සැඩ ගිගිරුම් සද්දේ
ආයිත් නෑ හද සිහින මැවෙන්නේ
ආයිත් නෑ මා ගත වෙව්ලන්නේ

ඔබ බෙරිහන් දීගෙන වැළපෙන්නේ නැතිව
ඇයට ගොස් කියන්න හෙමිහිට
ආදරයෙන් ඈ අත අල්ලා,
මම අඳුරු කාමරේ දොර හැර
ඇතුළට ගිය බව.

[හද තුළ ආසා - 1963 ]

Sarath Amunugama | සරත් අමුණුගම
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.| Personal Quotes
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.