BOONDI.LK| වෙසෙස් බූන්දි| කඳුළු මැද විජය ලකුණ පෙන්වන බහරේන් සුරඟන
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
  තවත් වෙසෙස්
"ඔබේ මල් අමතක කරන්න එපා" - රාණි ගේ කතාව | රෝමා ටියාර්න
ප්‍රතිචාර[3]
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
ප්‍රතිචාර[1]
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි! | තිළිනා වීරසිංහ
ප්‍රතිචාර[0]
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
ප්‍රතිචාර[3]
ලොව විශාලතම එළිමහන් සිර කඳවුර- පලස්තීනය- ඊයේ, අද සහ හෙට | සංඛ කිරිඳිවැල
ප්‍රතිචාර[2]
වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා.... | නාලක ගුණවර්ධන
ප්‍රතිචාර[2]
බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා! | සුරත්
ප්‍රතිචාර[4]
ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.| සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව
ප්‍රතිචාර[0]
බහරේන් අරගලයේ තරු ලකුණ- නබීල් රාජාබ් | නද්යා භාෂිණී අමරනායක
ප්‍රතිචාර[3]
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට..... | සුමුදු තිවංක ගමගේ
ප්‍රතිචාර[1]
BOONDI • Currents •
  වෙසෙස් බූන්දි  
කඳුළු මැද විජය ලකුණ පෙන්වන බහරේන් සුරඟන
ප්‍රතිචාර[1]
බූන්දි| | 03:45:41
"චලනය නොවන්නෝ තමන් බැඳ දමනු ලැබ ඇති යදම් නොදකින්නෝ ය." රෝසා ලක්සම්බර්ග් කීවාය. බැඳ දමන ලද නිද්‍රාශීලී යෝධයෙකු එක්වරම නැගෙන්නාක් සේ යදම් බිඳ නැගී සිටි මැද පෙරදිග මිනිස්සු, පූර්ව නිශ්චිත ව තිබූ ඓතිහාසික ඉරණම් සුණු විසුණු කළහ. ඉතිහාසය නැවත ලිවූහ. කවර අඩුපාඩුකම් මැද වුවද ඔවුන් විසින් ඔසවන ලද්දේ පොළවටම හෙළා බිම දමා තිබූ සියළු පීඩිතයන්ගේ ධජයයි.

ඒ ධීර ලෙයැති මිනිසුන්ගේ මේ දරුවා අතැඟිලි නගා පෙන්වන්නේ අනාගත ජයග්‍රහණයේ සලකුණයි. ලෝ පුරා සමාජ ජාල පුරා ගින්නක් මෙන් පැතිර ගිය මේ සේයාරුව බහරේනයේ උද්ඝෝෂණයකට එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයක් මැද්දේ ගන්නා ලද්දක්.

Occupy Bahrain උද්ඝෝෂණ වල අරමුණ 1999 සිට බහරේනයේ රජ කරන ඒකාධිපතියා වන හමාඩ් එළවා දමා, සිය දේශයේ නිදහස සාක්ෂාත් කර ගැනීමයි. මැද පෙරදිගින් ඇරඹී ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව පිස හමා ගිය සුළඟින් බැහැර වන්නට ධනේශ්වර ඇමරිකානු වෝල් වීදියට හෝ යුරෝපයේ සුපිරි නගරවලට හෝ හැකි වූයේ නැත.

අං දෙක මෝරද්දි රජුගේ හිස මැද්දේ
කන්දක කඳුළු දුම් මැද මහ මග යුද්දේ
නින්දක ඉන්න උන් ඇහැරන හෙණ සද්දේ
දැක්කද ජය ලකුණ පොඩි අතැඟිලි මැද්දේ

Subha | සුභ
[SEO Tags] Occupy Bahrain, An angel raising the sign of victory, Repression and tear gas attacks, Bahraini uprising, Hamad bin Isa bin Salman Al Khalifa , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
1 Comment(s)| ප්‍රතිචාර
කාල් සේගාන් කියයි.| Personal Quotes
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.