BOONDI.LK| රත්තරං ටික| මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ...
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් රත්තරං ටික
අර්බාත් දරුවෝ
|
අනතොලී රිබාකොව්
[0]
හාවෙක් ද තාත්තේ?- නෑ, තණකොළ පඳුරක්!
|
ජයසේන ජයකොඩි
[1]
අම්මා
|
මක්සීම් ගෝර්කි
[2]
ඇයි එහෙනං හෙන වැදුණේ?
|
චිනුවා අචිබේ
[1]
සීත කාලෙත් මල් වවන්න පුළුවන් කියලා පිස්සො කට්ටියක් තීරණය කළා.
|
පාවුලෝ කොයියෝ
[1]
ඔය දුක කියන දේ වැඩි දෙනෙකුට දරා ගන්ඩ බෑ... මං වින්දට....
|
ඊවා රණවීර
[0]
කසාදයක්....! ඒ කියන්නෙ අම්මා මනමාලියක් වෙනව ද?
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[1]
වෙඩි වැදුණු බග-සඳ
|
රත්න ශ්‍රී විජේසිංහ
[1]
ඉතින් පන්චු, මේ සේරම දේවල් අර ගෙන ආවේ ඇයි?
|
රවීන්ද්‍රනාත් තාගෝර්
[2]
ගොපල්ලා හා ගෙතුම් කන්‍යාව
|
බා-ජින්
[0]
අක්ෂර සෙනග-
[රත්තරං ටික]
[20/47]
රවීන්ද්‍රනාත්
ජයසේන
අර්නස්ට්
නිකොලායි
රත්න
චූලානන්ද
හැනා
වී.ඇස්.
එරික්
ගාර්ෂියා
සුගතපාල
බර්ටි
අරුන්දතී
ඇල්ඛෙයා
ලාල්
ලියනගේ
පේ‍්‍රම්
චිංගීස්
හර්මන්
පාවුලෝ
BOONDI • Sookiri • •
රත්තරං ටික
"මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ..."
[2]
බූන්දි| | 22:04:02
ටිකකින් නැගිටලා ගේ ඇතුළට යන ආච්චි අම්මා, ණයට බඩු ගන්න කඩේ මුදලාලිට ලියුමක් ලියලා
"ඉඳා"
කියලා සැර මූණෙන් මට දෙනවා. මං ඒ ලියුමයි ණයට බඩුගන්න පොතයි පොත් ලැයිස්තුවයි අරගෙන මාර්කට් වීදියේ තියෙන
'ඒකනායක සහ සමාගම'
කියල දුඹුරු පාට බෝඞ් එකක් තියෙන කඩේ පරිප්පු, සීනි, ලූනු, පුන්නක්කු ගෝනි පහුකරගෙන ගිහිං ඇතුළේ සුදු ජාතික ඇඳුම ඇඳල කන්නාඩි දාල වාඩි වෙලා ඉන්න සුදු මුදලාලිගේ අතට කතාවක් නැතුව අර ඔක්කොම දෙනවා. එයත් කතාවක් නැතුව මා දිහාවත් නොබලා බඩු කිරන කෙනාට පොත් ලැයිස්තුව විතරක් දෙනවා. එයත් කතාවක් නැතුවම පොත් ලැයිස්තුව දිහා බල බල පරණ දුම් වැදිච්චි අල්මාරි ඇර ඇර පොත් ගන්නවා. සමහර ඒවා අඩු වුණාම
"අරක නෑ, මේක දාන්නද?"
කියලා බුලත් විට කටේ හිර කරගෙනම අහනවා. මං ඔළුව උඩට පහළට හොලෝනවා මිසක් කතා කරන්නෙ නෑ. අන්තිමට එයා දාපු ලැයිස්තුව කියවනවා. මුදලාලි ණයට ගන්න පොතේ ඔක්කොම ලියනවා.
මං පොත් ටිකයි ණයට ගත්ත බඩු ලියන පරණ පොඩි පොතයි අරං ආපහු ගෙදර එනවා. ඔය විදියට අවුරුදු 12 ක් ම ණයට පොත් අරං ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙන ගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා
"මාරගම... මාරගම"
කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා.
ජපානෙ යොකොහමා ස්ටේෂමට යන පාරේ කෙළවර වම් පැත්තේ තියෙන අවන්හල ඇතුළේ සකුරා මල් පිපිච්ච රෝස පාටත් අයිස්ක්‍රීම් පාටත් කළවම් වෙච්ච කිමෝනො ඇඳල කොණ්ඩේ උඩට බැඳල එක් අතක සකේ බීම දාපු ජෝගුත් දිදාල වගෙ පුංචි කෝප්පත් බෝංචි ඇට දාපු දීසිත් තියෙන බන්දේසි අතේ තියාගෙන සේවිකාවෝ මේස අතර එහා මෙහා යන ගමන්
"ඉරෂ්ෂයිමසේ"
කියලා කෑ ගහනව. සෝයා සෝස් ගාපු ලොකු දැල්ලෝ යකඩ දැලක උඩ පිච්චෙන කොට එන පුළුටු සුවඳ මෙහාටත් එනව. එල්ලල තියෙන රතු බකට් කඩදාසි ලන්තෑරුම් එහාට මෙහාට සුළඟට වැනෙනවා. මමත් නිෂිමුරා සෙන්සෙයිත් යොකොහමාවල වීදුරු සමාගමක අයිතිකාර තකහෂිසනුත් මිටි ලොකු හතරැස් මේසයක වටේ බිම වාඩි වෙලා ඉන්නවා. නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගානේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව. නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය. ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල
"ගංගානාතො සං, ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි"
කියල කිව්ව. එතකොට මට එකපාරටම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්‍රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා
"ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න"
කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ මට එකපාරටම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව.
"මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්‍යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත් පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකටම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවා ගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්‍යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න"
කියලා මං කිව්ව.
[නිදහස් අධ්‍යාපනය තීරු ලිපියෙන්]
පැණි වළලු [2012]
Dammika Ganganath Dissanayeke | ධම්මික ගංගානාත් දිසානායක
[SEO Tags] Pani Walalu, Free Education, Prof. Ganganath Dissanayake, Japan
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
2
Comment(s)| ප්‍රතිචාර
ජෝන් ලෙනන් කියයි.|
Personal Quotes
අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින් සිටින බවය. එය ප්‍රකාශ කිරීම නිසා ම මා උන්මත්තකයෙකු ලෙස සැළකෙනු ඇත. පෙර කී උන්මත්තක බවෙහි ස්වභාවය එයයි. සමාජය තුළ මගේ හෝ වෙනත් කලාකරුවෙකුගේ හෝ කවියෙකුගේ භූමිකාව වන්නේ මිනිසුන්ට කෙසේ සිතිය යුතු දැයි කියා දීම නොවේ. යම් පරිශ්‍රමයක් දරා අපට හැඟෙන දෙය ප්‍රකාශ කිරීමයි. එය කළ යුතු වන්නේ දේශකයෙකු හෝ නායකයෙකු ලෙස ද නොවේ. අප සියළු දෙනාගේ ම ප්‍රතිවර්තනයක් ලෙස ය.
[3]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus