BOONDI.LK| කතන්දර බූන්දි| මිනිසෙකුට ඕනෑවන බිම් කොටසේ සැබෑ තරම!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
අරගලය සහ ආදරය...
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
  තවත් කතන්දර
ආදරයට වෙඩි තියන්න | සෝමසිරි ඒකනායක
ප්‍රතිචාර[2]
බොහොඬෙක් | ඇන්ටන් චෙකොව්
ප්‍රතිචාර[2]
අවන්හල | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
අදෘශ්‍යමාන හාදුව | තිළිණි ෂැල්වින්
ප්‍රතිචාර[21]
වෘකයා සහ බැටළු පැටවා
ප්‍රතිචාර[1]
අංශක 110 | දසුනි හෙට්ටිආරච්චි
ප්‍රතිචාර[1]
ගැබ්බර හිතට ගබ්සාවක් | හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[4]
The Cobra Woman and Her Visitor | අජිත් පැරකුම් ජයසිංහ
ප්‍රතිචාර[0]
හොඳයි... මං අහන්නෙ ? | රුවනි සිසිජා ජයකොඩි
ප්‍රතිචාර[4]
අපරිණත පේ‍්‍රම සම්බන්ධයක් | සමර විජේසිංහ
ප්‍රතිචාර[1]
BOONDI • Sookiri •
  කතන්දර බූන්දි  
මිනිසෙකුට ඕනෑවන බිම් කොටසේ සැබෑ තරම!
ප්‍රතිචාර[4]
බූන්දි| | 16:45:15
පකෝම් දියුණු වීමේ අභිලාෂයෙන් පිරි ගැමියෙකු වූයේය. ඉතා සරුසාර බිම් කොටස් ගණනාවක හිමිකරුවෙකු වීමෙන් පසුව, තවත් එක් ඈත පෙදෙසක සිදුවන්නට යන අපූරු ගණුදෙනුවක් පිළිබඳව ඔහුට අසන්නට ලැබිණි. බෂ්කීර් නම් වූ එම පෙදෙස වෙත ගමන් කල ඔහු, බැලූ බැල්මට මුග්ධයෙකු මෙන් පෙනෙන මහල්ලකු හා ගණුදෙනුව පිලිබඳ කතා බහ කරන්නට වූයේය.

දිනකට රූබල් දාහක් ගෙවීමෙන් පසු ඔහුට ඕනෑ තරම් බිම් ප්‍රමාණයක් ලබා හැකි බව එවිට මහල්ලා පකෝම්ට කියා සිටියේය. පකෝම් ට එය කොහෙත්ම නොවැටහිණි.

එය මොන විදියේ ගනුදෙනුවක් දැයි ඔහුට මහත් පැනයකි.

"ඒ කියන්නෙ අක්කර කීයක්ද?" ඔහු විමසා සිටියේය.

"අපි වැඩ කරන්නේ නුඹට ඕනෑ විදියට නොවෙයි. දවසේ ගාස්තුවටයි අපි විකුණන්නේ. කොහොම නමුත් දිනක් ඇතුලත නුඹට ඇවිදින්ට පුළුවන් ප්‍රමාණයේ බිම් කොටස් සියල්ල නුඹගෙයි." මහල්ලා පිළිතුරු ලෙස කියා සිටියේය.

මිනිහෙකුට දවසකට කොයි තරම් නම් බිම් ප්‍රමාණයක් තරණය කල හැකි යැයි පකෝම් කී විට මහල්ලා ට පහල වූ සිනාව නවත්වා ගත නොහැකි විය. අනතුරුව,

"එහෙමනම් ඒ සියල්ලම නුඹට අයිතියි" යි මහල්ලා කීවේය.

එහෙත් මෙම ගනුදෙනුව සඳහා එක් කොන්දේසියක් විණි. එනම් පකෝම් ඉර බසින්නට මත්තෙන් ගමන් ආරම්භ කළ ස්ථානයට ආපසු පැමිනීමට අපොහොසත් වුවහොත් ඔහු ගෙවූ මුදල් ඔහුට ආපසු නොලැබෙන බවයි.

ප්‍රහර්ෂයෙන් ඇලලුණු පකෝම් එදින රාත්‍රිය නිදිවර්ජිතව සිටියේය. අරුණෝදයේ පළමු කිරණ උදාවත් සමගම ඔහු ගැමියන් සමග මහල්ලා සිටි කඳු මුදුන වෙත ගියේය. මහල්ලා විසින් හිස් වැස්මක් තබා තිබිණි. ඔහු රැගෙන ගිය රූබල් දහස හිස් වැස්ම මත තැබූ පකෝම් ගමන ආරම්භ කළේය. එසේම ගමන අතර තුර ඔහු ගිය මග ලකුණු කරනු වස් පොළොවෙ කුඩා සිදුරක් බැගින් සලකුණු කළේය. ඇවිදීම ඔහුට මහත් පහසු කාර්යයක් සේ දැනිණි. "මෙතනින් සැතපුම් තුනක් ඉදිරියට ගොස් මම වමට හැරෙනවා. මේ තරම් ලස්සන සාරවත් බිමක් මගෙ ජීවිතේටම දැක්කෙ නෑ. මෙයින් කොටසක් හරි මගහැරුණොත් ඒක මහ අපරාධයක්." ඔහු සිතුවේය.

මුළු උදෑසන පුරාම පකෝම් දිගින් දිගටම ඇවිද ගියේය. යා හැකි සෘජු මග ඉක්මවා ඒ වටා වූ සියළු බිම්කඩවල් වෙත යාමට ඔහු බිඳකුදු පසුබට වූයේ නැත. එහෙත් දහවල උදාවත් සමග ඔහු ගමනාරම්භ කල කඳු මුදුනත් එහි වූ ගම් වැසියනුත් ඉතා අපැහැදිලි දුරස්ථ දසුනක් බවට පත් ව ඇති අයුරු ආපසු හැරී බැලූ පකෝම්ට පෙනී ගියෙය.

"මම ඕනෑවටත් වඩා දුර ඇවිත්." ඒ ගැන ඔහු කණගාටු වූයේය. ඉන්පසු යා හැකි සියළු කෙටි මං ඔස්සේ වහා ආපසු යන්නෙමැයි සිතුවේය.

දහවල උදා විය. වටපිටාව බොහෝ උණුසුම් වූයේය. ඒ වන විට ඔහුගේ නිරුවත් දෙපා කැපීම් සහ සීරිම් වලට ලක්ව දුබල වී තිබිණි. ඔහුට විවේක ගැනීමට ඕනෑ විණි. එහෙත් ඒ වන විටත් එය කළ නොහැක්කක් බවට පරිවර්තනය වී තිබිණි.

පකෝම් විටෙක වේගයෙන් ඇවිද යන්නට පටන් ගත්තේය. විටෙක දුවන්නට පටන් ගත්තේය. ඔහු මහා අරගලයක නියුතු වී සිටියේය. පමණට වඩා තණ්හා කිරීම ගැනත් අසීමිත ආශාව ගැනත් ඔහු කණස්සලු වූයේය. බිය නිසා ඔහුට හුස්ම ගැනීම පවා දුෂ්කර වූයේය. දිවීම නිසා ඔහුගේ කමිසය තෙත් වී පෙඟී ගියේය. උගුර කට වියළිණි. පෙනහැලි වැඩ කලේ කම්මල් කරුවකුගේ මයිනහමක් මෙනි. හද ගැස්ම මිටියකින් දැඩිව කරන පහරදීමක් බඳු වූයේය. ඔහු භ්‍රාන්ත ව සිටියේය.

"මේ සියළු පීඩාවන් විසින් මා මරණය කරා රැගෙන යනු ඇත." පකෝම් ට එසේ සිතුණි.

මරණය විසින් පකෝම් තැතිගන්වනු ලැබුවේ නමුත් ඔහුට කිසිලෙසකින් හෝ නැවතීමට නොහැකි විය. "උන් මට මහ මෝඩයෙක් කියල කියාවි." ඔහු සිතුවේය. බෂ්කීර් වැසියන්ගේ ප්‍රීතිඝෝෂා සවනත වැකෙන්නට පටන් ගත් මොහොතෙ පකෝම් සිය අවසාන ශක්ති අවුන්සය පිහිට කොට ගෙන දිවීම දිගටම කළේය. ඔහු කඳු මුදුනට ලඟා වත්ම සියල්ල එක්වණම අඳුරක ගිලිණි. හිරු බැස ගොස් තිබිණි. පකෝම් ගෙරවිලි හඬක් නැගීය. ඔහුට නවතින්නට ඕනෑ විය. එහෙත් බෂ්කීර් වැසියෝ තවමත් ඔහු වෙනුවෙන් ප්‍රීතිඝෝෂා පවත්වමින් සිටියහ. ඔහු සිටි පහල බිම්කඩෙහි ඒ වන විට හිරු අවරට ගොස් ඇති බවත් එහෙත් කඳු මුදුනෙහි සිටිනා මිනිසුන්ට තවමත් සූර්යාලෝකය දිස්වන බවත් එවිට ඔහුට අවබෝධ විණි. ගැඹුරු හුස්මක් ඉහළට ඇදගත් පකෝම් කඳු මුදුනට ලඟා වූයේය. එවිට ඔහු දුටුවේ තොප්පිය අසල තැබූ අසුනක හිඳ හිස සලමින් සිනාසෙන මහල්ලායි. ඒ සමගම පකෝම් ගේ පාද වල වාරුව මුළුමනින්ම ගිලි හී ගොස් ඔහු හිස්වැස්ම මතට ඇද වැටිණි.

"අනර්ඝයි ! නුඹ ඉඩම් වැඩි ප්‍රමාණයක් උපයාගත්තා එහෙනං! ඈ?!!" මහල්ලා ප්‍රීතියෙන් කෑගෑවේය.

පකෝම් ගේ සේවකයා වහා දුවවිත් ඔහුව නැගිටුවාලන්නට වෙරදැරුවේය. එහෙත් පකෝම් හැබෑවටම මියගොස් සිටියේය. වහාම ඉස්කෝප්පයක් අතට ගත් පකෝම් ගේ සේවකයා එහිම වලක් හාරා, ඔහුව මිහිදන් කරවූයේය.

එම බිම්කඩෙහි තරම ඔහුගේ හිසේ සිට පාදාන්තය තෙක් හරියටම අඩි හයක් වූයේය!

ඇත්තෙන්ම එය මිනිසෙකුට ඕනෑවන බිම් කොටසේ සැබෑ තරම වූයේය.


Leo Tolstoy | ලියෝ තෝල්ස්තෝයි
පරිවර්තනය - Prashansani Paranavithana | ප්‍රශංසනී පරණවිතාන
[SEO Tags] Leo Tolstoy, Russian Short Story, Keti Katha , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
4 Comment(s)| ප්‍රතිචාර
එඩිසන් කියයි.| Personal Quotes
මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි. අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි අනෙකුත් ජීවීන්ට හිංසාකරන්නේ නම් තවමත් ම්ලේච්ඡයෝ වෙමු.