BOONDI.LK| පොත් බූන්දි| අමර කවි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් පොත්
ඌව වෙල්ලස්සේ ජන කෝෂ්ඨාගාරයෙන් බිහිවූ 'මාගම් සෝලිය'
|
රත්න ශ්‍රී විජේසිංහ
[2]
ඉතිහාසය වෙනස් කළ හැකි බවට කදිම සාක්‍ෂියක් සපයන "සෙංකොට්ටං"
|
ජයසිරි අලවත්ත
[5]
නවකතාව අතික්‍රමණය කළ සමාජ කියවීමක් වූ "පිරිමි ගොඩයි මං විතරයි"
|
ජයසිරි අලවත්ත
[3]
සර්පයාගේ දියණිය- මනෝවිශ්ලේෂණාත්මක සහ සංඥාර්ථවේදී කියවීමක්
|
කේ.කේ. සමන් කුමාර [සර්පයා]
[2]
'සමාජයක්' නොනිදන අවදියක තබන්නට හැඬවෙන ''අර මිහිරි සීනු නාදය''
|
සුදර්ශන සමරවීර
[1]
ශ‍්‍රැතියෙන් පිට පැන්න ඇම්ඩා සමඟ සිනාසීම හෙවත් ඇස් පොඩි කර කර ඉකි බිඳීම නම් වන නූතන ජනශ‍්‍රැතිය
|
සුදර්ශන සමරවීර
[0]
දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි"
|
රසික සූරියආරච්චි
[0]
දිවි "කටු තුඩට" කවි "පිනි පහස" දෙන ළහිරු ගේ කවිසිත
|
පියන්කාරගේ බන්දුල ජයවීර
[1]
"මානසික රෝගියාගේ පරිකල්පනය" කෘතිය පිළිබඳව හැඳින්වීමක්
|
ඒ. එස්. වික්‍රමසිංහ
[2]
පිටමං කරන ලද කවියෙකුගේ සංතානයේ රිද්මය- ඇහැළ ඇමතුමකට ඇහැරෙමි
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[1]
අක්ෂර සෙනග-
[පොත්]
[20/36]
ජගත්
ජයසිරි
චූලානන්ද
රත්න
රසික
ලියනගේ
ප්‍රියාන්
අජිත්
විකුම්
රවී
ඉනෝකා
ජයතිලක
සඳුන්
රන්සිරිමල්
දිලීප
පියන්කාරගේ
තුෂාරි
ප්‍රසාද්
නිර්මාල්
කේ.කේ.
BOONDI • Sookiri • •
පොත් බූන්දි
අමර කවි
[2]
බූන්දි| | 03:58:11
යම් සාහිත්‍ය නිර්මාණයක් ස්වර්ණ සම්මාන හිමි කර ගන්නේ පාඨක සතන් තුල සදා කල් පිය සෙනෙහෙ මෙන් ඇට ඇට මිදුළු තුළ කිමිදීමෙන්. එවන් පොතක් වැඩි ප්‍රසිද්ධියක් නො ලැබීම පාඨකයන්ට කරන බලවත් අසාධාරණයක්. එබඳු ආසාධාරණයක් කෙරූවෙක් තමයි ලියනගේ අමරකීර්ති කවියා. ඔහු තම
“එකමත් එක පිටරටක”
කෘතිය කර්තෘ ප්‍රකාශනයක් ලෙස එලි දැක්වීම මහද රිදවූ කරුණක්. එහෙත් අමරේගේ අමර වැඩ ගැන ලියන්න ඒක බාධාවක් කර ගැනීම එතරම් හොඳ
දෙයක් නොවන නිසා මෙය ලියන්න පටන් ගත්තේ. ඇත්තටම ඒවා අමරණීයව පාඨක හද ප්‍රකම්පනය කරනවා යැයි ඔබ ම කියවා අවබෝධ කර ගත යුත්තක්. මේ මට හිතෙන හැටි. මම දකින හැටි.
කවිය බොහෝවිට වචන දහසකින් කිව යුත්තක් කෙටියෙන් සියුම්ව ලේඛනය කරයි.
අමරකීර්ති කවියා ද සිය කෘතිය එබඳු සියුම් රේඛා මගින් මනාව හැඩ වැඩ ගන්වා පාට කරල, ඒ පාට තුළින් සමාජයේ ජීවිතයේ සියුම් තැන් ඉතා භාවාත්මකවත්, විචාරාත්මකවත් විනිවිද ගිහිල්ල.
මේ කවි පොත ගැන ලියන්න කිහිප විඩක්ම මම උත්සහ කලා. ඒත් කොහොම ලියන්නද, කොහොම පටන් ගන්නද කියල තියෙන දෙගිඩියාව හිත හොල්මන් කලා. ඒකට හේතුව ඒ කවි, කියවන හැම විටම නිපදවන අලුත් අරුත් සහිත වීම. එනිසා මෙම රස වින්දනයද කෘතිය තමා මගින් නිපදවන ලද අලුත් අරුත් විසින් යම් යම් බාධක සහිතව ලියාගෙන යාමට දරන ලද තැටමීමේ ප්‍රතිඵලයක්.
විවිධ සංස්කෘතික, දේශපාලනික අවුල් වියවුල් හමුවේ නූතන මානව ජීවීන් විඳින විඳවන සංකීර්ණ ධර්මතා හොඳ-නරක, පවු-පිං කියල වෙන් කරන්න අමාරුයි. අමරකීර්ති ඒ බව සියුම්ව තම නිර්මාණ හරහා සමාජ ගත කරනව.
ඔහු සිය සහෝදර ජනතාව වෙත හෙලන්නේ මානවවාදි, හෘදයාංගම දෘෂ්ටියක්. කවියගේ විශිෂ්ට දක්ෂතාව එයයි. අමරකීර්ති කවියාගේ කෘතියෙහි පළමු කව
‘අතින් ගත් පොත්
’හි එන පහත වැකි තුන ඔහුගේ මුලු කාව්‍ය සංග්‍රහය පුරාම දිව යන සියල්ලේ සියුම් තේමාව බවයි අපගේ හැඟීම.
“එහෙත් සුහදිනි එය
කවියක් කරන රිදුමකි
අරුතක් සහිත විඳුමකි”
“දිළින්දෝ ආශිර්වාද ලද්දෝය.” මෙය හෑබෑම කියමනක් වෙන්නෙ මමත් එහෙම නිසාම පමණක් නොවෙයි. ජීවිතේ අලුත් දේවල් දකින්න, විඳින්න දිළිඳු ආර්ථිකයක් හා සුපොහොසත් හදවතක් තිබීම මිල කල නොහැක්කක් නිසයි.
“වස්තුව මම”
කවිය මේ දිළිඳු බවත් ඒ හා මුසුවුන කාන්තාවක වීමේ ආදීනවයත් පිළිබඳ ප්‍රකම්පිත වදන් වැලක්. ඔහුගේ කෘතියෙහි වඩාත් සරලව ම ලියවුනු රසවත් ම කව මේක තමයි මට. ඒ පුරා දිවෙන ශෝකී රාවය හදවත් දෙදරවයි . ගෙදර අඩු පාඩුකම් පිරිමහන කෙල්ලක් තමා ගැන හිතන හැටි. අපූරුයි. දුකයි. හදවත තෙරපවයි.
“මට ආයෙත් හිතුන
දුප්පත් වෙන එකත්
කෙල්ලෙක් වෙන එකත්
මහ කරුමයක් කියල”
ඇත්තටම දුප්පත් රටක, දුප්පත් ගෙදරක, කෙල්ලක් වෙන එක. කරුමයක් තමයි. පිරිමි විදිහට හිතන ගෑනු ඉන්න රටක. කවියා
‘අරුන්දතී’
නමින් ලියන පැදිය එහෙවු රටේ පිරිමි බහුතරයකගෙ මානසිකත්වයට එල්ල කරන්නෙ වෙඩි උංඩයක් අපිට දරාගන්න අමාරු. අපි එහෙමද?
“පිරිමි රංචුවක් වෙමු අපි
අදහන පුරුෂ ලිංගය
න්‍යායද විද්‍යාවද
දේශපාලනයද ඒකම වුන
කම් දුවක හෝ දෙව් දුවක මිස
ගැහැනියක දකිනු අසමත්
විඳින්නේ නැත්නම්
වඳින්නන් ලෙස මිස
ගැහැනිය දකිනු අසමත්.”
දුප්පත් දැරිය කඩේ ගිය විට කඩේ නිමල්ගේ ඇහැට රසඳුනක් වෙනවා පමණක් නොව ඔහුගේ ආදරණීය(කෲර) ස්පර්ශයට ද ඇය ලක්වෙයි.
“තනේ මිරිකුව බව
මං කියන් නෑ පද්මක්කට
අපේ අම්මට හෝ අයියට”
කඩෙන් බඩු ගන්න දැනුවත්ව හෝ නොදැනුවත්ම මුදල් වන ඇය ගෙදර වස්තුව. පියා නැති ගෙදරක මේ වස්තුව ගැහැනියක හුදු භාණ්ඩයක් වීම පිළිබඳ රූපකයක්.
“අපේ ගෙදර වස්තුව
ඒ නිසයි තාත්තා
දුන්නෙ මට ඒ නම
දෙව්ලොව යන්න ඉස්සර”
යුද්ධ කරන සතුරාට පවා ප්‍රේම කිරීමට, කරුණාව දැක්වීමට උගන්වන ආගමක් තමයි බුදු දහම. ඒ වුනත් පහුගිය වකවානුවේ ලංකාවේ සිද්ධ වුන සමහරක් පුද පූජා හා අරුත් නිරුත් දැක්වීම්වලට කවර නම් ආගමික අර්ථ කථනයන් සපයන්න පුලුවන් වෙයිද? මේ දෙස මධ්‍යස්ථ වන අප කවියා අප හද අනින, රිදවන සිදුවීම් කවි කටු හුල් කර ඇති අන්දම වෙඩිල්ලක තියුණු රිදවුමත්, මරණයේ ඛේදජනක ශේෂයනුත් අප හද තුළ ජනිත කරයි.
‘එකමත් එක පිටරටක’
කව මේ තියුණු වියරු බව යුද්ධයේ සැහැසි බව මිනිසත් බව යටපත් කොට නැගී සිටින බව පසක් කරවයි. වර්ගය, ජාතිය, භාෂාව යටින් දිවෙන පොදු මානුෂීය ගතිය ළමා ඇසින් දකිමින් කවියා වැඩිහිටි සංස්කෘතික කබායන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනව.
“කියන්නද මා පුතුට කදීර් මාමගේ මරණය
මොකටද දෙන්නෙ ඔහුටත්
මා විඳින ලංකා දුක?
නැත. මම මතක් කර කියමි
යම් යහපත් දෙයක්
ලංකාව, දෙමළ, සිංහල ගැන
නිදපුදෙන් ඔහු සතුටින්
එකමත් එක පිටරටක”
මුලු සමාජයම දේශපාලනීකෘත සුකර සූකර පරිභෝජනවාදය හමුවේ විද්‍යමාන කරන ලක්ෂන කවියා සිය කව් අකුරු තුල ගැබ් කරයි. රන්දවයි. දවටයි. පරිසරය විනාශව, ස්වාභාවික විපත් අතර දුක්විඳින දේශපාලන අසරන සත්වයන් කෙරෙහි වෛරයකට වඩා විචාරාත්මක භාවනාවක පාඨකයා රඳවා තබමින් සහෘද මනසක භාවාත්මක කරයි. ‘ධනාත්මක තරුනයෙක්’ නමින් එන කව මෙම අක්මුල් සිඳගත් සමාජ ක්‍රමය විසින් අරුත් ගන්වන ලද ජීවිතවල අරුත් සුන්, නීරස විඩාබර එහෙත් සාටෝපවත් උත්කර්ෂිත බව පෙන්නනවා. සිංහල වචන ටිකක් මැද රිංගවපු ඉංගිරිසි වදන් කෝෂය ආසියාතිකයන්ගේ මිශ්‍ර ආසියා-යුරෝපීය සංස්කෘතිය පෙන්වාලන්නක්. මේ මිශ්‍රිත බව අරුත් විසින් ගැඹුරක් දනවන්නක් වුවත් යුරෝපීය විරෝධී සංස්කෘතික සාඩම්බර බව විසින් විකාර කරන ලද්දක් වීම නිසා විකාර රූපී වූවක්. එහි එන අක්කා වැඩ කරන තැන කියන වැකි කිහිපය යට කියන කාරණා කවියා දකිනයුරු පෙන්වයි.
“නිකං කොළඹ නෙමෙයි කලම්බු සෙවන්
අක්ක තමයි
සිංහල ඉංග්ලිෂ් ඔක්කොම
කම්පියුටර් ගහන්නෙ
පුලුවන අක්කට අපිටත් වඩා ඉංග්ලිෂ්”
සංවේදී හදැත්තෙකුට කවියක් කරන රිදුම සුලුපටු එකක් නොවෙයි. කවිය මගින් උපදවන අරුත් හා සංවේදනා රෑ නින්ද අහිමි කරන අතරම ඔහුව භාවාත්මක මරණ මංචකයක හොවා දමයි. ලෝකය වෙනස් කිරීමේ විභවාත්මක ශක්තීන් කවියකින්, රචනාවකින් ඉස්මතු කිරීමත්, අවදි කිරීමත්, සිදු කරන්නේ මෙකී රිදවීම් හරහා. මිනිසත් බව අහිමිව උඩඟු වූ මිනිසුන් ගැන කියන
‘මේ නියං කාලේ’
පැදිය මේ අසංවේදී බව ගැන කරන සරදමක්.
“ අපි කාවවත් සිප ගන්නෙ නෑ
ඉව කරනවා විතරයි
‘උං ඉඹින්න ලැජ්ජ නැද්ද?’
වැස්සත් නැතුව යන්නෙ ඒකයි.”
“අපි කාවවත් තේරුම් ගන්නෙ නෑ
කවුරුත් මරල දානව විතරයි
‘ද්‍රෝහියෝ, හතුරෝ’
වැහි නැති හෙන වදින්නෙ ඒකයි”
එහෙත් මිනිසුන් ලෙස මිනිස්කම, මිතුරු බව අපට ලබා දෙන මිහිරියාව කෙතරම්ද? යහලුවකුගේ හදවත යහලුවෙකු වෙත බඳින අයුරුත් තම යහළුවාගේ වදන් ම තම බිරිඳටත් තෙපලූ බව යහලුවා ගැන අමරණීය මතකයක යෙදෙන කවිය පවසයි.
“සිරි යහන උනුසුමින් ප්‍රමෝදිත සැම විටක
මිත්‍රයෙක් මට ඉඳියි තමා හද ඇතුල් ගැබ
සිහින වරඟන රැගෙන තනිව යහනේ නිදන
නංගිලගෙ දරුවන්ට කැවිලි ගෙන ගමේ යන
මිත්‍රයා නුඹ තමයි මිහිරි කලෙ මගෙ යහන
එමතු නොව මගෙ දිරිය
මිත්‍රයා ඇයි නුඹම දවන්නේ ඒ යහන
එමතු නොව හදවතම”
අමරකීර්ති කවියාගේ අමරණීය කාව්‍ය කෘතිය මා හද පෙලූ අයුරු පහත උපුටනයෙන් අවසන් කරමි.
“මිත්‍රය අපි මේ සෙල්ලම දැන්වත් නතර කරමු
අපි අපිම බව නොපෙන්නීම නවත්තමු.
අපි අපිම වෙමු.”
Saman Peramuna | සමන් පෙරමුණ
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
2
Comment(s)| ප්‍රතිචාර
කාල් සේගාන් කියයි.|
Personal Quotes
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus