BOONDI.LK| කතා-බස් කරන්ට්ස්| මැදපෙරදිග ඉන්නා ලොකුම ත්‍රස්තවාදියා ඊශ්‍රායලයයි- ඇලිස් වෝකර් සමග කතාබහක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට...
අතීතය වර්තමානය සමඟ...
  තවත් කතා-බස්
Z ස්කෝර් හි (නො)පෙණුනු ඇත්ත - මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා | රන්සිරිමල් ප්‍රනාන්දු
ප්‍රතිචාර[3]
බූන්දිය ගැන මාලතී කල්පනා ඇම්බ්‍රෝස්| සමබිම සමග | මනෝරි කලුගම්පිටිය
ප්‍රතිචාර[0]
මිලිටරිය රාජ්‍ය පාලනයෙන් ඈත් වෙන්න ඕනෑ - මහාචාර්ය රංජිත් අමරසිංහ | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
ප්‍රතිචාර[0]
මේ රටේ තියෙන්නේ ශිෂ්ටාචාර අර්බුදයක්- ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
ප්‍රතිචාර[0]
ගැහැනිය පිරිමියාගේ ෆැන්ටසියක් ද? | සමර පරණවිතාන
ප්‍රතිචාර[0]
මිලිටරි නායකත්ව පුහුණුවේ යථාර්ථය- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි | පබා දේශප්‍රිය
ප්‍රතිචාර[0]
"ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ කරනවා"– අන්තරේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර | පබා දේශප්‍රිය
ප්‍රතිචාර[0]
මේ රටේ තියෙන ප්‍රශ්නය ඌන සංවර්ධනය- ආචාර්ය ගුණදාස අමරසේකර | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
ප්‍රතිචාර[0]
මහින්ද රජය කරන්නේ සිංහල දෙමළ දෙපිරිසම රැවටීමයි - මහාචාර්ය සුචරිත ගම්ලත් | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
ප්‍රතිචාර[0]
ලංකාවේත් විකිලීක්ස් එකක් ගොඩනැගුණොත් හොඳයි. | ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
ප්‍රතිචාර[0]
අක්ෂර සෙනග-
[කතා-බස්][2/8]
BOONDI • Currents •
  කතා-බස් කරන්ට්ස්  
මැදපෙරදිග ඉන්නා ලොකුම ත්‍රස්තවාදියා ඊශ්‍රායලයයි- ඇලිස් වෝකර් සමග කතාබහක්
ප්‍රතිචාර[0]
බූන්දි| | 17:49:54
පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලද, ප්‍රවීණ ලේඛිකාවක වන ඇලිස් වෝකර්, පලස්තීනුවන් වෙනුවෙන් සාපරාධී ඊශ්‍රායලයට එරෙහිව හඬ නගන අතළොස්සක් මිනිසුන් අතර ඉදිරියෙන්ම ඉන්නා, සමාජ ක්‍රියාකාරිනියක්. ඈ සිය කලර් පර්පල් කෘතිය ඊශ්‍රායලය තුළ ප්‍රකාශයට පත් වීමට එරෙහි වූ පුවත වූ පුවත ලෝ පුරා වසන යුක්තිගරුක මිනිසුන්ගේ නොමඳ අවධානයටත් ආශ්වාදයටත් හේතු වූවා. [බලන්න- සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක්]

2011 ජූනි මාසයේ, ඇලිස් වෝකර් ගාසා තීරයේ සමුද්‍රාසන්න බාධකය බිඳ දැමීමේ වෑයමක යෙදෙන කුඩා නැව් කණ්ඩායමක් සමග එක්වූවා. මෙහි අරමුණ වූයේ පලස්තීනයේ අවස්තැන් වූ පිරිස් වෙත අවශ්‍ය දෑ සැපයීම සහ එහි පවතින තත්ත්වය පිළිබඳ ලෝක ප්‍රජාවගේ දැනුවත්භාවයත් අවධානයත් ඉහළ නැංවීමයි. 2011 මැයි මාසයේ මෙවැනිම ක්‍රියාකාරීන් පිරිසක් ගත් වෑයමක් ව්‍යර්ථ කරමින්, ඊශ්‍රායෙල් හමුදා නැව් හයකට ප්‍රහාර එල්ල කළ අතර, ඉන් එක් නැවක් පුපුරා ගොස් එහි සිටි මිනිසුන් නව දෙනෙකු ඝාතනය ලක් වුණා.

අමරිකාව සහ ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඇලිස් වෝකර් දරන දැඩි විවේචනාත්මක ස්ථාවරය ප්‍රකට කරන පහත එන සම්මුඛ සාකච්ඡාව, ත්‍රස්තවාදය පිළිබඳ අධිපතිවාදී නිර්වචනයන් නිර්දය ලෙස ප්‍රශ්ණ කරයි. එය, 2011 ජූනි මාසයේ, ඇය ග්‍රීසියේ සිය සමුගැනීම සනිටුහන් කරමින් සිටි අවස්ථාවේ "Foreign Policy" සඟරාවේ පළ කරන ලද්දක්. [අවධාරණය කිරීම් පරිවර්තකයන්ගෙනි.]


ඔබ මේ කුඩා නැව් මෙහෙයුම හා එක්වන්නේ ඇයි?

2009 වර්ෂයේ මම හිටියේ ගාසා වල. ගාසාවට එරෙහි ඊශ්‍රායෙල් යුධ මෙහෙයුමට (Operation Cast Lead)** පස්සෙ මං දැක්කා එහි වූ දැවැන්ත විනාශය සහ හානිය. එහි වූ ජලනල පද්ධති සහ ජලාපවහන පද්ධති විනාශ කළේ කොහොමද කියන එක ගැනත් මං ඉතා හොඳින් දන්නවා. අමාත්‍යාංශ වලට බෝම්බ දමන හැටි, රෝහල් වලටත් පාසල් වලටත් බෝම්බ දමන හැටි මං දැක්කා. හැම උදෑසනකම එහි වූ අමෙරිකානු පාසලේ සුන්බුන් අතරේ මං බොහෝ වෙලාවක් ඉඳගෙන හිටියා ඒ විනාශය දකිමින්. ඒක මහ විශාල වේදනාවක්. මොකද අපි අමෙරිකානුවෝ විදියට විශාල වශයෙන් බදු ගෙවන්නේ, ආයුධ පාවිච්චි කරලා, මේ වගේ විනාශ කරවන්නද කියන එක මට හිතුණා. බොහොම මහළු වඩා පරිණත කෙනෙක් විදිහටත්, වැඩිහිටියෙකු විදිහටත් මට හැඟෙන්නෙ මෙවැනි තත්වයන් විමසා බලන එකත්, අනෙකා ඒ පිළිබඳ කිසියම් අයුරකින් දැනුවත්භාවය කරා රැගෙන යන එකත්, ඒ පිළිබඳ අවබෝධ කරවන එකත්, අපේ දිගු කාලීන ජීවන අත්දැකීම් සහ කෲර පාලනයන්ට එරෙහි අරගල වල ඇසින් දුටු සාක්ෂිකරුවන් හැටියට මගෙත් අනෙක් අයගෙත් අප සියල්ලන්ගේමත් වගකීමක් බවයි.

පලස්තීනයට සහයෝගිතාව දක්වන සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඔබ කොපමණ කලක් දායකත්වය ලබා දී තිබෙනවද? ඒ වෙනුවෙන් ඔබ යොමු වූ හේතුව පැහැදිලි කළොත්?

එය ආරම්භ වෙන්නෙ 1967 පැවති දින හයේ යුද්ධයත් සමග. එය හරියටම සිදු වුණේ යුදෙව් ජාතික නීති ශිෂ්‍යයෙකු හා මගේ විවාහයෙන් කෙටි කාලයකට පසුවයි. ඇත්තෙන්ම අපි මුලින් බොහොම සතුටට පත් වුණා ඊශ්‍රායලය, ඊජිප්තුවට පහර දෙමින් ස්ව-ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් ඔවුන්ට ඇති අයිතිය රැකගන්නට උත්සහ කරන පාර්ශ්වයක් විදියට. ඒ වන විට අපි දැනගෙන හිටියේ නෑ ඒ ප්‍රදේශයේ සැබෑ ඉතිහාසය මොකක්ද කියන එක. සිදුවන සියල්ල පිළිබඳ අවධානයෙන් ඉන්නට තරම් ඇල්මක් මට ඇති වුණේ එහෙමයි. එහෙත් ඒ කාලයෙත් මම මගේ තරුණ සැමියාට කිව්වේ, ඒක ඔවුන්ට කොහෙත්ම අයිති නැති ඔවුන්ගේ නොවන භූමියක් නිසා කිසි ලෙසකින් වත් එය ලබා ගැනීමට උත්සහ කිරීම ඊශ්‍රායලය නොකළ යුතු බවයි.


මට එය ඉතාම අසාධාරණ කටයුත්තක් විදියට පෙනෙන්නට වුණා. ඉතා වැරදි වැඩක් ලෙස පෙනුණා. හරිම අසාධාරණයි, මොකද ඇමරිකාව තුල ඊශ්‍රායලය ගැන හිතන්නෙ බොහොම ඒ හා බැඳුණු සාම්ප්‍රදායික ප්‍රවාද ඔස්සෙයි. අපි බොහෝ දෙනෙක් හැදී වැඩෙන්නෙ බයිබලයත් එක්ක. ඉතිං අපි හිතනවා මේ මිනිස්සු එක්ක අපිට කිසියම් හුරුපුරුදු නෑකමක් තියෙනවා කියලා. ඒ නිසා ඔවුන් ප්‍රකාශ කරන සියළු දේ සත්‍යයක් කියලා. ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ට මේ භූමියේ අයිතිය ලබා දෙනවාය කියන එක සත්‍යය බව. ඒත් ඇත්තටම නම් ඒ භූමියේ- ගාසාවෙහි මුල් උරුමයක් ඇති එහි ජීවත් වුණු මිනිසුන් හිටියා. ඔවුන්ට ඔවුන්ගේම නිවෙස්, නගර, මේ සියල්ලක්ම තිබුනා. ඒ නිසා මේ ගැටුම ඔවුන් ගෙන් උදුරාගත් ඔවුන්ගේ භූමිය වෙනුන්වෙන් වූ අයිතිය ගැන. ඒක ඉතාම වැදගත්. නව දැනුවත්වීම් ඔස්සේ, වඩා පරිණත වැඩිහිටියන් ලෙස අප විසින් කිසියම් ක්‍රියා පිළිවෙතක් අනුගමන කල යුතුයි; එහෙම වුණොත් තමයි තරුණ පරම්පරාව ඔවුන් ලෝකය තුල දකිමින් සිටින දෑ පිලිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගන්නේ...

මෙම මෙහෙයුමේ අරමුණ වෙන්නේ ලෝක ප්‍රජාවේ දැනුවත්භාවය වැඩි කිරීමද එහෙමත් නැත්නම් ඇත්තෙන්ම ගාසා තීරයේ අවතැන් වූවන්ට අවශ්‍ය දේවල් සැපයීමද?

අපේ බෝට්ටුව ගෙනයන්නේ හුදෙක් ලිපි පමණයි. අපි අවධානය යොමු කරවන්නට යන්නේ ඇත්තෙන්ම සමුද්‍රාසන්න බාධක තවමත් එලෙසම පවතින බවයි. අනෙක් බෝට්ටුවල අවශ්‍ය සැපයුම් ද්‍රව්‍යය තිබේවි. මං පරීක්ෂා කරල නැහැ. එහෙත් බොහෝ විට ඒවා ජලාපවහන සැපයුම් හා සම්බන්ධ දේවල්.

එහෙත් ඊජිප්තුව ගාසා තීරය හා යාබද දේශ සීමාව අර්ධ ලෙස විවෘත කරලා තිබෙනවා. ඒ හරහා සැපයුම් ලබා ගන්නට ඔබට නොහැකිද?

කොහෙත්ම බැහැ. ඔබට ගෙනයන්නට පුළුවන් සූට්කේස් දෙකක් විතරයි. එපමණක් නොවෙයි, දැන් ඒකත් වසා දමලා. ඔවුන් එය විවෘත කරලා ආයෙත් වසා දැම්මා. ඒක කිසි ලෙසකින් වත් ක්‍රියාවට නැංවෙන දෙයක් නොවෙයි. මිනිස්සු තමා වඩා ධනාත්මක යයි සිතන දේවල් වටා රොදබැඳ ගන්නට කැමතියි. මං ඒක දන්නවා. එහෙත් මේක තවමත් ධනාත්මක නොවෙන්නේ තවමත් මෙය ස්ථාවරව නැති නිසා. ඔවුන් ඇතුලු වෙන මිනිසුන් ගණන සීමා කරනවා. ඉන්පසු වසා දමනවා. ඔවුන් කියන්නේ රැගෙන යා හැක්කේ සූට් කේස් දෙකක් පමණක් බවයි. සූට් කේස් දෙකකින් ජලාපවහන පද්ධතියක් නිම කරන්න ඔබට කොහෙත්ම බැහැ.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායෙල් තානාපතිවරයා කියා සිටියේ, "මානුෂීය සහනාධාර" ලෙස ඔබ ප්‍රකාශ කල අරමුණ යනු ඔබේ මෙහෙයුම පිණිස භාවිත කරන අසත්‍යය ව්‍යාජ හේතුවක් බවයි. ඔබේ සැබෑ අරමුණ නම් අන්තවාදීන්ගේ දේශපාලනික න්‍යායන් උදෙසා නිර්මාණය කළ දෙයක් බවයි. මෙම මෙහෙයුම හා එක්වන කණ්ඩායමේ බොහෝ දෙනෙකු අන්තවාදීන් හා ත්‍රස්ත සංවිධාන හා සම්බන්ධතා පවත්වන අය බවයි. මේ කියන්නේ හමාස් සංවිධානයත් ඇතුලත්ව. මේ පිළිබඳ ඔබේ ප්‍රතිචාරය?

මැදපෙරදිග ඉන්නා ලොකුම ත්‍රස්තවාදියා ඊශ්‍රායලය කියලයි මං හිතන්නෙ. සාමාන්‍යයෙන් අමෙරිකාව සහ ඊශ්‍රායලය කියන්නෙම අති දැවැන්ත ප්‍රබල ත්‍රස්ත සංවිධානයන්. ඔබ ගාසා වට ගිහින් බැලුවොත් මේ බෝම්බ ප්‍රහාර, ඒ වගේම බෝම්බ ප්‍රහාර වලින් අනතුරුව එහි ඉතිරි වී ඇත්තේ කුමක්දැයි කියා; එහි ප්‍රතිඵලය වූ මහා විනාශය දුටුවොත් ඔබ කියයි "ඔව්, මේක ත්‍රස්තවාදය තමයි!" කියලා. ඔබ ත්‍රස්තවාදය උපයෝගි කරගන්නවා නම්, මිනිසුන් ඔබේ නම ඇසූ පමණින් භීතියටත් තැතිගැනීමටත් පත්වන්නේ නම්, ඔබ නිසා ඔවුන් මුළු ජීවිතය පුරාම මානසිකව මෙන්ම කායිකව සුව නොවන අන්දමේ තුවාල ලබා තිබේනම් ඒක ත්‍රස්තවාදය තමයි. ඉතිං මේ කියූ රටවල් ත්‍රස්තවාදී රටවල් තමයි.

අමෙරිකා එකසත් ජනපදය ත්‍රස්තවාදී රටක් වන්නේ කෙසේද?

අමෙරිකාව විසින් බොහෝ කාලයක් තිස්සේ ලොව වටා මිනිසුන් ගණනාවක් බියටත්, පීඩනයටත් පත් කරලා තියෙනවා. ස්වකීය රාජ්‍ය තන්ත්‍රය තුල පවතින පාලන බලයේ වෙනසක් කිරීම අරමුණු කරගත් හැම රටකටම විරුද්ධව අමෙරිකාව නැගී ඉඳලා තියෙනවා. රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කිරීමට උත්සහ කල අවස්ථාවලදී අමෙරිකාව හැමවිටම ඊට මැදිහත් වෙනවා. උදාහරණයක් විදිහට ග්වාතමාලාවෙත්, චිලී රටෙත් වුනේ ඔය ටික තමයි. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් ගුවන් ප්‍රහාර වලට බියෙන් තැති ගැන්විලා සිටින මේ දැන්, මේ මොහොතේ ඇත්තටම මට නොතේරෙන්නෙ අනිත් අය හැමෝම ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහන ඇමරිකාව තමන් එහෙම නෙමෙයි කියන්නෙ කොහොමද කියන එකයි. එය ඉතාම අසාධාරණයි. හොඳම උදාහරණය තමයි ඇෆ්ගනිස්ථානයේ දැනට පවතින යුධමය තත්වය. මිනිස්සුන්ට බෝම්බ ප්‍රහාර එල්ල කරන එක ත්‍රස්තවාදය නෙමෙයි ද?

එය එසේ වුවත් ඇමරිකාවත් ඊශ්‍රායලයත් පමණක් නොවෙයි බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ. පහුගිය කාලවකවානුවේ හමාස් සංවිධානය විසින් පවා ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කරලා තිබෙනවා.

ඔව්. ලොව කොතැනක හෝ කිසිවෙක් රොකට් ප්‍රහාර එල්ල කළ යුතුවන්නේ නෑ. මං අදහස් කරන්නෙ, කවරකලෙක වත් අප එසේ නොකරන බවයි. ඒවගෙම එවැනි දෙයක් වෙනුවෙන් කිසිවෙක් දිරිමත් කරන්නෙත් නෑ, එවැනි දේ සපයන්නෙත් නෑ. ඒත් ඒක හරිම අසාධාරණ ලෙස අසමාන වීමක්. මිනිස්සුන්ට ඒත්තුයාවි ඒක කොයිතරම් න්‍යාය විරෝධී අසමාන කමක්ද කියන එක. ඊශ්‍රායලය හා සසඳන විට පලස්තීනුවන්ට තිබෙන්නේ ගල් කැටත් කැටපෝලයකුත් පමණයි. ඊශ්‍රායලය සතු දැවැන්ත ප්‍රහාරක මිසයිල සහ රොකට් හා සසඳන විට එතරම් දැඩි ප්‍රහාර එල්ල කල හැකි ඒවා නොවෙයි. "ඔව් දැන් මේ හොඳටෝම ඇති" කියන වචන ටික හංගගෙන, හෘද සාක්ෂියක් ඇති මිනිසෙකු ලෙස කොයිතරම් කාලයක් ඔබට ඉවසගෙන ඉන්න පුළුවන් ද?

ඔබේ චාරිකාව හමාස් සංවිධානයේ ප්‍රචාරක උපකරණයක් ලෙස භාවිත වේවි කියන දේ ගැන ඔබ සැලකිලිමත් වෙනවද?

නෑ. අපි කිසිම දිනෙක ඔවුන් මුණගැහිලා නෑ. මුණගැහෙන්නෙත් නෑ.

හමාස් සංවිධානයේ කිසිවෙක් මුණ නොගැසෙන බව ඔබට විශ්වාසද?

ඔව්. අපි එහෙම කරන්නේ නෑ. අපෙ මේ ලියුම් සමග ගාසාවට යා හැකි වුවොත්, එහි ඇති රාජ්‍ය නොවන සංවිධාන, ගැහැනුන් සහ දරුවන්, ගුරුවරුන් සහ හෙද සේවයේ නියුතු පිරිස් මුණගැසෙන්නට අපි බලාපොරොත්තු වෙනවා, හැබැයි ඒ ඔවුන් ඒ වන තෙක් ජීවතුන් අතර සිටියොත්.


ගාසා තීරයේ ආරක්ෂක තාක්ෂණ විධි විධාන පාලනය වන්නේ හමාස් සංවිධානයෙන් නොවෙයිද?

ඔවුන් එය කරනවා වෙන්නට පුළුවන්. අපි ඔවුන් මුන ගැසෙන්නට යන්නේ නෑ. ඒක හරියටම වොෂින්ටනයට පැමිණෙන සියළු දෙනාම ජනාධිපතිව මුන නොගැහෙනවා වගෙයි.

මීට කලින් යාත්‍රා කල කුඩා සමූහ නැව් චාරිකාව ඉන් එක් නැවකට ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ලකිරීමත් සමග අවසන් වුණා. ඉන් නව දෙනෙකු ජීවිත්ක්ෂයට පත් වුනා. ඒ ගැන ඔබට කිසියම් තැති ගැනීමක් තිබෙනවද?

වෙලාවකට මට තැති ගැනීමක් තියෙනවා. ඒත් මං බොහොම ධනාත්මකයි. දිනපතා මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන මේ දරුවන්ට, ඔවුන්ගේ මව්වරුන්ට, ඔවුන්ගේ කිරිඅම්මාවරුන්ට, ඔවුන්ගේ පියවරුන්ට හැමදෙනාටම ලෝකයේ අන් අයගේ අවධානය ලබා දිය හැකි මගක් ලෙසයි මං මේ අවස්ථාව හඳුනාගන්නේ. අමෙරිකාව තුල එහි දකුණු ප්‍රදේශයේ මම හැදී වැඩුණේ හුදෙකලා කළු ජාතිකයෙක් විදියට. ඉතිං මං දන්නවා ත්‍රස්තවාදය කියන්නේ මොනවගේ හැඟීමක් ද කියන එක. සුදු මිනිහෙක් යමක් කල යුතුයැයි අණ කල විටෙක එයට කීකරු නොවීමත්, එය පිළි නොගැනීමත් හේතුවෙන් මහ රෑ මැදියම ඇවිත් පියාව පැහැරගෙන ගිහින් කිසිදු නඩු විභාගයකින් තොරවම ඝාතනය කරන විට දැනෙන හැඟීම වගේ. ඒකත් එක්තරා අන්දමක ත්‍රස්තවාදයක් තමයි. මං ඉතාම හොඳට දන්නව ඒ හැඟීම මොන වගේද කියන එක. ඔවුන් ජීවත් වෙන්නෙත් මෙවැනි හැඟීම් යටතේ. ඔබ කිසියම් දිනෙක ත්‍රස්තවාදය යතතේ ජීවත් වෙලා තියෙනවා නම්, ඔබ දන්නවා අමෙරිකාවේ ත්‍රස්තවාදය; ත්‍රස්තවාදයේ 'දකුණු' මාදිලිය! අන්න එතකොට ඔබ තේරුම් ගන්නවා මිනිස්සු ඒකට කැමති නැහැයි කියන එක, මිහිපිට කොතැනක හෝ එය සිදුවන්නේ නම් එයට ඉඩ නොදිය යුතුයි කියන එක.

** ගාසාව හා පවතින යුද්ධය ඊශ්‍රායලය තුල හැඳින්වෙන්නේ "කාස්ට් ලීඩ් මෙහෙයුම" (Operation Cast Lead) ලෙසය.

පරිවර්තනය - Boondi Work-Dept | බූන්දි වැ.දෙ.
[SEO Tags] Interview with Alice Walker, Author of The Color Purple, Foreign Policy , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ගෞතම බුද්ධ දේශනා කරයි.| Personal Quotes
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස කරන්න.