BOONDI.LK| වෙසෙස් බූන්දි| කටවහගෙන හිටපං බුලට් එකකට යන්නේ රුපියල් විසිහතරයි.. ස්ටැන්ලි මුදාහරිමින් මැරයෝ කියති...
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
අලුතෙන්ම!
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[1]
තවත් වෙසෙස්
"ඔබේ මල් අමතක කරන්න එපා" - රාණි ගේ කතාව
|
රෝමා ටියාර්න
[3]
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
[1]
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි!
|
තිළිනා වීරසිංහ
[0]
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
[3]
ලොව විශාලතම එළිමහන් සිර කඳවුර- පලස්තීනය- ඊයේ, අද සහ හෙට
|
සංඛ කිරිඳිවැල
[2]
වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා....
|
නාලක ගුණවර්ධන
[2]
බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා!
|
සුරත්
[4]
ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.| සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව
[0]
බහරේන් අරගලයේ තරු ලකුණ- නබීල් රාජාබ්
|
නද්යා භාෂිණී අමරනායක
[3]
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට.....
|
සුමුදු තිවංක ගමගේ
[1]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/52]
රිචඩ්
නිර්මාල්
ගෝරන්
ඬේව්
මොහොමඩ්
ප්‍රසාද්
ගාමිණී
මාලතී
ආදිත්‍ය
සංඛ
සනාල්
තුෂාරි
දේවක
අරුන්දතී
ජයලාල්
චූලානන්ද
සුනන්ද
දර්ශන
රුවන්
BOONDI • Currents • •
වෙසෙස් බූන්දි
කටවහගෙන හිටපං බුලට් එකකට යන්නේ රුපියල් විසිහතරයි.. ස්ටැන්ලි මුදාහරිමින් මැරයෝ කියති...
[5]
බූන්දි| | 08:01:31
දින විස්සක් පුරා "ධර්ම රාජ්ජයේ" වධකාගාරයක "ධර්ම චක්‍ර" වදයට බඳුන් කොට බාගෙට "නිවන් යවන ලද"
ස්ටැන්ලි ලියනගේ
සහෝදරයාව, ධවල යාත්‍රාවකින් ගඩොලාදෙණියට "ඇරලවා" ගිය ඒ "සුපින්බර" පුවත 2012 ජූලි 08 වන දා
"ජනරළ" පුවත්පත
වාර්තා කළේ පහත එන පරිදි ය.
[
ජනරළ-
2012 ජූලි 08] පසුගිය ජුනි මස 12 වැනි දින දහවල් 2.30ට පමණ පිටකොටුව බස් නැවතුම ආසන්න ප්‍රදේශයේදී තිරෝද රියකින් පැමිණි පිරිසක් පුද්ගලයකු පැහැරගෙන ගොස් ඇති
බව මාධ්‍ය කිහිපයක වාර්තා වී තිබිණි. එහෙත් 'ජනරළ' අපි එම සිද්ධිය පරිපූර්ණ ලෙස සොයා බලා කෞතුකාගාර අසිපත් කොල්ලයට පැමිණි වාහන සම්බන්ධව සාක්ෂි ලබාදුන් පුද්ගලයා ආණ්ඩුවේ කුලී හේවායන් විසින් පැහැරගත් බව හෙළිදරව් කළෙමු.
අධි ආරක්ෂිත කලාපයක විශේෂ ආරක්ෂාව යටතේ පවතින ජාතික කෞතුකාගාරය තුළ තිබූ අසිපත් සොරා ගත්තේ බීඩි බොන 'ගමේ පන්නයේ' සොරකු බව ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය සියල්ල භාවිත කරමින් කීවේය. එහෙත් එය ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයකුගේ වුවමනාව මත සිදු වූවක් බව සමාජයට රහසක් නොවීය. අවශ්‍යව තිබුණේ සාක්ෂි පමණි. ජෝන් ද සිල්වා රඟහලේ ආරක්ෂක නිලධාරී
ස්ටැන්ලි ලියනගේ
කෞතුකාගාර සොරකමට රාජ්‍ය ආයතන කිහිපයක රථවාහන පැමිණි බව තමන් දුටු බවට ශ්‍රී ලංකා පොලිසියට තොරතුරක් ලෙස රහසිගතව ලබාදුන්නේය. කෞතුකාගාරයේ අසිපත් සොරාගත් සොරුන් අල්ලා ගැනීමට තරම් 'ධෛර්යයක්' පොලිසියට තිබුණේ නැත. සිදුවූයේ චෞරයාගේ නියෝග මත ඔත්තුව ලබාදුන් ස්ටැන්ලි ලියනගේ පැහැරගෙන යාමයි.
"මම වැඩට යන්න දවල් දෙක හමාරට විතර කොටුවට වෙලා බස් එකක් එනකන් බලාගෙන හිටියා. එක පාරටම ත්‍රීවීලර් එකකින් තුන්දෙනෙක් ඇවිත් මට ඒකට නගින්න කිව්වා. මම අඳුනන්නේ නැති හින්දා බෑ කිව්වා. පස්සේ ඒ අය කිව්වා එයාලා කොටුව පොලිසියේ. කටඋත්තරයක් ගන්න තියෙනවා කියලා."
රජකඩු සොරකම පිළිබඳ ඔත්තුව ලබාදුන් ස්ටැන්ලි ලියනගේ කොටුවේ සිට සුගතදාස ක්‍රීඩාංගණය පිටුපසට ගෙන ගියේය. පොලිස් නිල ඇඳුමක් නොමැතිව පොලිස් රාජකාරි කරන මැරවරයන් සුදු වෑන් රියක් ගෙන්වා ස්ටැන්ලිගේ ඇස් බැඳ එයට තල්ලුකර පැය ගණනක් තිස්සේ රවුම් ගසා තවත් කිසියම් තැනකට ගෙන යන ලදී. දෑස් බැඳ තිබූ හෙයින් අඳුරේ බියෙන් සසල වෙමින් සිටි ස්ටැන්ලිට ආණ්ඩුවේ නිල මැරයන් පහර පිට පහර දෙන්නට විය. පහරදීම් අතරතුර විඩාවට පත් මැරවරයන් තම විඩාව නිවා ගත්තේ ද ස්ටැන්ලි දුන් ඔත්තුව ඉල්ලා අස්කර ගන්නා ලෙස බල කරමිනි. පහරදීම් ඉදිරියේ තමන් දෑසින් දුටු සත්‍යය, අසත්‍යය කිරීමට තරම් පුද්ගලයකු නොවූ ස්ටැන්ලි එකම වචනයේ ස්ථීරව සිටියේය. කුලී හේවායෝ දණ්ඩෙන් පහර කෑ සර්පයන් සේ කිපුණහ. ස්ටැන්ලි අල්ලා පාදයේ මාපට ඇඟිලිවලින් එල්ලා පහර පිට පහර දුන්හ. එහෙත් ඔවුන්ට අවශ්‍ය දේ කර ගැනීමට නොහැකි විය. දින විස්සක් තිස්සේ දස වධ දෙමින් වචනයක් ගැනීමට උත්සාහ කළ ද ස්ටැන්ලි තමන් දුටු සත්‍යය එලෙසම ආරක්ෂා කරගැනීමට කැප විය. ආණ්ඩුවට අකීකරු මාධ්‍ය සහ සංවිධාන කිහිපයක් පමණක් ස්ටැන්ලිගේ අතුරුදන් වීමට එරෙහිව එක දිගට හඬ නඟද්දී පසුගිය සතියේ දිනක ගඩලාදෙණිය ආසන්නයේ පාළු ස්ථානයකට අලුයම එකට පමණ ස්ටැන්ලිව ගෙනැවිත් දමා යාමට මැරවරයෝ කටයුතු කළහ.
"අතෑරලා කිව්වා ඇස් ලෙහා ගනින් කියලා. මීඩියාවලට කියලා දඟලන්න එපා, අපට වියදම් කරන්න වෙන්නෙ රුපියල් විසිහතරක් විතරයි කිව්වා. මම හැංගිලා පැය තුන හතරක් කැලේට වෙලා හිටියා ආපහු අරන් යයි කියලා බයට."
අලුයම පහ පමණ වන විට හඳුනන තිරෝද රථයකින් තම නිවසට පැමිණි ස්ටැන්ලිට කෙළින්ම මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවිය. මේ වන විට ස්ටැන්ලිගේ පාද දෙකම අප්‍රාණිකව ශරීරය දැඩි ඔත්පළ තත්වයකට පත්ව ඇත.
"ඔවුන් මාව අල්ලගත්ත ගමන් කිව්වේ 'උඹ ඒක පිළිගනින්, කඩුව ගත්තේ උඹ කියලා කියපන්. උඹේ පරම්පරා හතක් ලොක්කා ගොඩ දානව ෂුවර්' කියලා. ඒත් මම බෑ කිව්වා."
දැන් ස්ටැන්ලි ලෙඩ ඇඳේය. තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ද ලෙඩ ඇඳේය.
"කොටුව පොලිසිය ඉස්පිරිතාලෙට ඇවිත් කටඋත්තරයක් ගත්තා. මම කිව්වා සී.අයි.ඩී. එකේ ගුණසේකර කියන කෙනා තමයි දිගටම මාව ප්‍රශ්න කළේ, මට මොනවහරි වුණොත් එයා තමයි වගකියන්න ඕන කියලා."
මහජන මිත්‍රශීලී සාධාරණ යුක්තිසහගත සේවයක් උදෙසා යැයි පූචානම් කියමින් මහජන මුදලින් නඩත්තු වන පොලිසිය, රාජ චෞරයන්ගේ හිතසුව පිණිස ජනයා පැහැර ගැනීම යුක්තිසහගතද? පොලිසිය මෙම අපරාධවලට සම්බන්ධ නැත්නම් පොලිස් වේශයෙන් පැමිණ අහිංසක මිනිසුන් පැහැර ගන්නේ කවුරුන්ද? පැහැර ගැනීම් කළ මැරයන් සඳහන් කළ ලොක්කා මෙම කල්ලියේ නායකයා විය යුතුය. නැතිනම් ඔවුන් ලොක්කා වෙනුවෙන් සේවය කරන්නේ කුමකටද? මීට පෙර පළාත් සභා මන්ත්‍රීවරයෙක් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගිය අවස්ථාවේදී දිවි ගලවා ගත්තේ ලොක්කාගේ නම කියාය.
කෞතුකාගාරයේ රජකඩු සොරකම ගැන පරීක්ෂණ කිරීමට පොලිසිය පස්ස ගසන්නේ ද කොහේ හෝ තැනකට ලොක්කා සම්බන්ධ නිසා බව දැන් පැහැදිලිය. හෙට දවසේ ස්ටැන්ලිගේ ජීවිතයට හානියක් සිදු වුවහොත් පොලිසියත් ඔවුන්ට අණදෙන ආරක්ෂක ප්‍රධානියාත් ඊට වගකිව යුතුය.
වෙනත් සබැඳි |
අවදියෙන් හිටි මිනිසා- ස්ටැන්ලි ලියනගේ
Sithija Lakshantha | සිතිජ ලක්ෂාන්ත්
[SEO Tags] Stanly Liyanage, Janarala, National Museum Sri Lanka, Art Gallery, John De Silva memorial theater, Nelum Pokuna
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
5
Comment(s)| ප්‍රතිචාර
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.|
Personal Quotes
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus