BOONDI.LK| අදහස් බූන්දි| මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
අලුතෙන්ම!
චාර්ලි චැප්ලින් කියයි.
[0]
Yohan’s ‘Northern Dreams’- an exhibition of paintings
[0]
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්- 'හිඹුටු කැලේ'- ළමා ගී සංයුක්ත තැටිය
[0]
තවත් අදහස්
තණකොල සහ පුන්නක්කු
|
ගාමිණී වියන්ගොඩ
[3]
අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද?
|
කෞශල්‍ය කුමාරසිංහ
[2]
ගොන් තඩි හා තක්කඩි හෙවත් මිථ්‍යා දෘෂ්ටිය
|
අජිත් හැඩ්ලි පෙරේරා
[2]
ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!
|
දමිත් කේතක
[24]
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා!
|
කක්ෂපුට
[5]
ලංකාවට එල්ල වී ඇති අන්තර්ජාතික අභියෝගය
|
ටෙරන්ස් පුරසිංහ
[2]
රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[2]
දත් නැති කඩදාසි කොටියෙකුගේ නිජබිමක් පමණි.
|
මීනා කන්දසාමි
[1]
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු....
|
චමීර කොස්වත්ත
[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/123]
නුවන්
රෝහිත
වරුණ
උදය
කුසල්
චන්දන
ප්‍රියාන්
සංඛ
දර්ශන
එස්.ජී.
ක්‍රිශාන්
රුවිනි
රංජිත්
මංජුල
රන්සිරිමල්
ප්‍රියංජිත්
ප්‍රසාද්
කේ.කේ.
අරවින්ද
ප්‍රදීප්
BOONDI • Currents • •
අදහස් බූන්දි
මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස
[2]
බූන්දි| | 17:48:18
පසුගිය සතිය වනතෙක්ම
දේශද්‍රෝහියෙකුගේ මිත්‍යාදෘෂ්ඨික සිතිවිලි
යන තීරුලිපිය රචනා කරන ලද්දේ
ඉරිදා ලක්බිම
පුවත්පතටයි. ඒ අනුව ගියවර රාවය පුවත්පතේ පුවත්පතේ පලවූ කොටස [
‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ
: බලන්න- පහත] ද නියමිත කාලයට ලක්බිම කර්තෘ මණ්ඩලය වෙත ලැබීමට සැලැස්සුවෙමි. නමුත් නියමිත පරිදි එම තීරුලිපිය අදාල පුවත්පතේ පළවූයේ නැත. මම ඒ සම්බන්ධයෙන් ලක්බිම කර්තෘ මණ්ඩලයෙන් විමසීමක් කළවිට ඔවුන්ගෙන් ඉදිරිපත්වූ කරුණු දැක්වීමෙන් මට හැඟී ගියේ එය පළ නොවීමට
හේතුව එහි අඩංගුව බවය. විශේෂයෙන්ම පුවත්පතේ හිමිකාරිත්වයේ අභිලාෂ සහ මගේ ලිපියේ අඩංගුව අතර පරස්පරයක් ඇතිබව කර්තෘ මණ්ඩලය තීරණය කිරීම මගේ ලිපිය පළනොවීමට බලපෑ බව මට වැටහිණි.
මගේ අදහස වන්නේ මේ සිදුවීම හරහා ලංකාවේ පවත්නා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමේ නිදහස සහ ඒවාට ඇති සීමාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි බවයි. පෙනෙන විදිහට මෙම ලිපිය ලක්බිම පුවත්පතේ පළ නොවීමට ප‍්‍රධාන හේතුව වූයේ එමගින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්
ගෝඨාභය රාජපක්ෂ
විවේචනයට ලක්කරනු ලැබ තිබීමයි. සාමාන්‍යයෙන් මගේ ලිපියේ අඩංගු කරුණු වලට වඩා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ලක්බිම පුවත්පතේ පළ වීම දක්නට පුළුවන. එය එසේ නම් මෙම ලිපිය පළනොවීමට හේතුව කුමක්දැයි යන්න පිළිබඳව කෙනෙක් තුළ විමතියක් ඇතිවීමට ඉඩ තිබේ.
එය තේරුම් ගන්නේ කෙසේ ද?
වර්තමානයේ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දක්නට ලැබෙන ප‍්‍රමුඛ ලක්ෂණයක් වන්නේ
ගෝඨාභය රාජපක්ෂ
සම්බන්ධව විවේචනාත්මක දේ පළ කිරීම තහංචියක් බවට පත්වී තිබීමයි. විද්‍යුත්මාධ්‍යවල ඒ මහතා සම්බන්ධයෙන් විවේචනාත්මක යමක් ප‍්‍රකාශකෙරන සෑම අවස්ථාවකම හඬ නිහඬ කිරීම සිදුවේ.
මෙම සීමා කිරීම අපට ආකාර කීපයකට තේරුම් ගැනීමට පුළුවන. ඒවා මෙම මාධ්‍ය ආයතනවල සේවයකරන මාධ්‍යවේදීන්ම තමන්ගේ ස්ව්‍යං තක්සේරු මත කරන සීමා කිරීම් විය හැක. එසේත් නැතහොත් තම ආයතනයේ සේවා යෝජකයාගේ අභිලාෂ සහ වාර්තා කෙරෙන තොරතුරු අතර කිරාමැන බැලීමකින් පසුව කෙරෙන සීමා කිරීම් විය හැක. එසේ නැතහොත් ඒවා හිමිකරුවන්ගේ සෘජු දෛනික මැදිහත් වීමි වල ස්වරූපයෙන් ද සිදුවිය හැක.
ලංකාවේ වර්තමාන මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍යවලින් ඉදිරිපත් කෙරෙන තොරතුරු නිශ්චය කිරීමේ ලා වඩාත් බලපෑම සහගත වන්නේ දෙවනුව කී කාරණයයි. මේ සඳහා බලපාන ප‍්‍රධාන කරුණු දෙකක් අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. පළමුවෙනුව වර්තමානයේ ලංකාවේ මාධ්‍ය ආයතනවල හිමිකාරිත්වය දරණ පුද්ගලයින් හා පවුල් එක්කෝ පාලක ප‍්‍රභූ තන්ත‍්‍රයේ සෘජු කොටස්කරුවන් වන අතර නැතහොත් ඒ සමඟ කිට්ටු සබඳතා ඇත්තවුන්ය. එසේ නැතහොත් එම පාලක ප‍්‍රභූ තන්ත‍්‍රය කිසියම් ආකාරයකට හසුරුවා ගැනීමට අවශ්‍ය කරන පිරිස්ය. මේ නිසා තම මාධ්‍ය ආයතන පාලනය කරනු ලබන්නේ එම සබඳතා පවත්වාගෙන යාමේ හා ඒවා හැසිරවීමේ මාධ්‍යයන් වශයෙනි. මෙම තත්වය ලංකාවට විශේෂ වූවක් නොවන බව පැහැදිළිය. නමුත් ලංකාව වැනි පූර්ව-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණ සංස්කෘතියක් තිබෙන සමාජයක මේ තත්වය දේශපාලන වශයෙන් වඩා බලපෑම් සහගතවේ.
දෙවනුව ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන හිමිකාරිත්වය අතර පවත්වා සමිබන්ධතාවය ඉතාම සෘජු එකකි. බොහෝවිට මෙම සමිබන්ධතාවය දෛනික මට්ටමින් අදාල මාධ්‍යයේ ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂනය කරන මට්ටම දක්වා කිට්ටු එකක් වීම දක්නට ලැබේ.
මෙහිදී අපගේ සාකච්ඡාවට ප‍්‍රස්තූතවන
ලක්බිම පුවත්පත
අපට මේ සම්බන්ධයෙන් කදිම නිදර්ශනයක් සපයයි. එක් අතකින් ලක්බිම පුවත්පත අයත් ව්‍යාපාරික පවුල දැනට ලංකාවේ පාලක ප‍්‍රභූවේ ඓන්ද්‍රිය කොටසක් වේ. එම පවුලේ සාමාජිකයින් අතරින් ලක්බිම පුවත්පත සහ ඊට අයත් සෙසු පුවත්පත් වල ප‍්‍රධාන මෙහෙයුම්කරුවා වන
තිලංග සුමතිපාල
ආණ්ඩු පක්ෂයේ සිටින බෙහෙවින් ඉහල දේශපාලන අභිලාෂ සහිත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි.
මෙහිදී මෙම මාධ්‍ය ආයතන මුහුණදෙන ප‍්‍රධාන ගැටලූවක් වන්නේ ලාභ මුල් කරගත් තම ආර්ථික අභිලාෂ හා එම ආර්ථික අභිලාෂ වලට එරෙහිව යා හැකි ආයතන හිමිකාරිත්වයේ දේශපාලන අභිලාෂ අතර සංහිඳියාවක් ඇතිකරන්නේ කෙසේද යන්නයි. මෙහිදී ගැටලූව මතුවන්නේ තම ආයතන හිමිකරුගේ දේශපාලන අභිලාෂවලට සංවේදී වන අතරම ඊට එරෙහිව යාමේ විභවයක් සහිත තොරතුරු අපේක්ෂාකරන පාඨක සමූහය ද තම වෙළඳපොලේ කොටස් කරුවන් බවට පත්කරගැනීම පිළිබඳ පරස්පර විරෝධී තත්වය මතුවූ විටය.
කිසියම් මාධ්‍යයක ඉලක්ක වෙළදපොළේ දක්නට ලැබෙන සුවිශේෂතා මතද මෙම තත්වය බොහෝ දුරට රඳාපවතී.
දිවයින
වැනි පුවත්පතක් ගත්කල්හී එය එහි හිමිකාරිත්වයේ ආසන්න දේශපාලන අභිලාෂ වලින් කිසියම් දුරකට ස්වායත්ත වූ දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් වෙනුවෙන් පෙනී සිටී. එම දෘෂ්ටිවාදී ව්‍යාපෘතිය කිසියම් දුරකට එම පුවත්පතේ වෙළඳපොළ සීමාකරන බව ද පෙනේ. නමුත් ඊට සාපේක්ෂව ගත්කල්හී ලක්බිම පුවත්පත සමිබන්ධ තත්වය වෙනස්ය. ඊට එවැනි සවිඥානික දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් ඇත්තේ නැත. එම නිසා තොරතුරු වෙළඳපොළේ පවත්නා ඕනෑම ඉල්ලූමක් සංතෘප්ත කිරීමට එය විභවාත්මකව සැදී පැහැදී සිටී.
වෙන ඕනෑම මාධ්‍යයකට මෙන්ම ලක්බිම පුවත්පතටද මෙහිදී විවිධ බාහිර සීමා ඇත. සදාචාරය පිළිබඳ සීමා, රටේ දේශපාලන සංස්කෘතිය, අධිපති දෘෂ්ටිවාද වල බලපෑම් ඒ අතරින් ප‍්‍රධානවේ. නමුත් මෙහි දී පවතින ප‍්‍රධාන සිමාව වන්නේ පුවත්පතේ හිමිකාරිත්වයේ ආසන්න දේශපාලන අභිලාෂයන්ය. විශේෂයෙන්ම තම හිමිකරුවා තරඟකරන මැතිවරණ වලදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රචාරක අවියක් වන මටිටමට මෙම සීමාව බලවත්ය.
MTV MBC (සිරස) මාධ්‍ය ආයතන සමූහය
සලකා බැලූවහොත් මෙම තත්වයේ තවත් පැත්තක් හඳුනාගැනීමට පුළුවන. මැතිවරණ දේශපාලනයට සෘජු සම්බන්ධයක් සහිත ලක්බිම හිමිකාරිත්වයේ මෙන් නොව මෙම ආයතන සමූහය උත්සාහ කරන්නේ දේශපාලන භූමිය හා එහි ප‍්‍රමුඛ චරිත තම හිමිකාරිත්වයේ අභිලාෂ වලට සරිලන ලෙස හැසිරවීමේ උපකරණ ලෙස තම මාධ්‍යය මෙහෙයවීමටයි. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුදයේදී රනිල් වික‍්‍රමසිංහ පිලට එරෙහිව සජිත් ප්‍රෙමදාස පිල වෙනුවෙන් විවෘතවම කටයුතු කිරීම දෙස බැලූවිට මෙම තත්වය මනාව පෙනී යයි.
කෙසේ වෙතත් මෙම තත්වය තුළ අවසාන වශයෙන් පරදුවට තැබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට අත්‍යාවශ්‍යය අංගවන පුරවැසියාට බාධාවකින් හා සීමාවකින් තොරව තොරතුරු දැනගැනීම සඳහා සහ සිය අදහස් අන්‍ය පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීම සඳහා මාධ්‍ය අවකාශය භාවිත කිරීමට තිබිය යුතු හැකියාවයි.
*****
පහත පළවන්නේ ඉරිදා ලක්බිම සංග්‍රහය පළ නොකළ එම ලිපියයි.
‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ
‘ගෝඨාගේ යුද්ධය’
ට (මේ නාමකරණය මගේ නොව ‘Gota’s War’ මෙන්ම ‘කොළපාට සමාජය’ද ලියූ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රමගේය.) පසුව
‘ගෝඨාගේ ලංකාව’
(අපි ඉංග‍්‍රීසියෙන් ‘Gota’s Lanka’ යයි කියමු. මේ නාමකරණය මගේ ම බව ද කිව යුතු ය.) දැන් බිහිවී ඇත. එමනිසා දැන් ගෝඨාගේ ලංකාවේ අසිරිය විමසා බලමු. මේ ලංකාවේ අසිරිය කටුවන ජ.වි.පෙ. රැස්වීමට වෙඩිතබා දෙදෙනෙක් මරා දැමීමෙන් ලොවට පෙන්නුම් කෙරී ඇත. දැන් මේ සිද්ධියට ආණ්ඩුවට චෝදනා කරන්නේ කුමන පදනමක් මතදැයි දැනටමත් ගෝඨාභය රාජපක්ෂ ලේකම් ධූරය දරණ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන "ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ" "අධ්‍යක්ෂ ජෙනරාල්" වන
ලක්ෂ්මන් හුලුගල්ල
මහතා අපෙන් අසයි. ඔහු සැබවින්ම නිවැරදිය. එසේ චෝදනා කිරීම කිසිසේත්ම නිවැරදි නැත.
හැබැයි හුලුගල්ල මහතා එතරම් කලබල වීමද ඒ වගේම උචිත නැත. ඒ මහතා අනවශ්‍ය ලෙස කලබල වී ඝාතනය පසුපස සිටින්නන් පිළිබඳව කලින්ම අනාවැකි කීමට යාම නිසා ඒ මහතා ගේ ආරක්ෂාව යටතේ සිටින ආණ්ඩුව පිළිබඳ සැක මතුවීම නොවැලැක්විය හැකිය. ආණ්ඩුව ආරක්ෂා කිරීමට යන ‘මෝඩ වඳුරන්‘ පිළිබඳව කතා කිරීම
විමල් වීරවංශ
මහතාගේ පක්ෂයම පවා දැනටමත් ආරම්භ කොට ඇති බව මට ඇසුනා වගේ මතකය. හුලුගල්ල මහතාත් ඒ ‘මෝඩ වඳුරන්‘ ගෙ ගණයට වැටිය යුතු නැත.
අනෙක් අතට මෙවන් අවස්ථාවල පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක
අජිත් රෝහණ
මහතා ද අපරාධ පිළිබඳව විශේෂයෙන් රූපවාහිනී කැමරා ඉදිරියේ කතාකරන කල්හී තමන්ගේ මුහුණේ ඉරියව් පිළිබඳව ප‍්‍රවේසම් විය යුතුය. මක්නිසා ද යත් මේ දිනවල රටේ කිසියම් අපරාධයක් සිදුවූ කල්හී, ඒ පසුපස කිසියම් දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක ද යන්න ගැන දැනගැනීමට අවශ්‍ය නම් මා මුලින්ම කරන්නේ අජිත් රෝහණ මහතාගේ ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව නැරඹීමයි.
ජූලම්පිටියේ අමරේ
ගැන කතා කිරීමට ගොස් පොලිස්පති
ඉලංගකෝන්
මහතා නම් කුමාර් ගුණරත්නම් සිද්ධියේදී මෙන්ම හරිම ජංජාලයක පැටලුන නිසා සිදුවී ඇත්තේ කුමක් ද යන්න ගැන දැනගනීම බෙහෙවින් පහසු විණි. නමුත් සෑම සිද්ධියක් ගැනම ඒ මහතා උනන්දුවක් නොදක්වන නිසා අපට වැඩිපුර හමුවන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතාය. අදාල සිදුවීම පිළිබඳව කතා කරන විට ඒ මහතාගේ මුහුණේ ඉරියව් ප‍්‍රවේශමෙන් නිරීක්ෂනය කිරීම මඟින් අඩුම තරමින් අදාල අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා අවංක පරීක්ෂනයක් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තුළ පැහැදිළි නැඹුරුවක් තිබේ ද නැද්ද යන්න ගැන සෑහෙන අවබෝධයක් ලැබිය හැක. ලංකාවේ පුරවැසියන් අතරින් මේ රහස දන්නේ මා පමණක් නොවන බව මම හොඳින්ම දනිමි. විශේෂයෙන් ලංකාවේ පුරවැසියන් අතුරින් සැලකිය යුතු පිරිසක් තවමත් අවාසනාවකට මෙන් ප‍්‍රවෘත්ති ලබාගැනීමේ තම එකම මූලාශ‍්‍රය ලෙස ITN රූපවාහිනී නාලිකාව පමණක් භාවිත නොකරන බැවිනි.
සෝවියට් දේශයේ බිඳවැටීම පිළිබඳව අදහස් දක්වමින් වරක් ප‍්‍රකට විචාරකයකුවන අභාවප‍්‍රාප්ත රෙජී සිරිවර්ධන මහතා කළ ප‍්‍රකාශයක් මට යන්තම් මතකය. මට මතක විදිහට ඒ මහතා ප‍්‍රකාශ කළේ 70 ගනන් වන සිටම සෝවියට් සංගමය බරපතල දෘෂ්ටිවාදී බංකොලොත් භාවයකට පත්වී තිබූ බවය. කිසියම් පාලන තන්ත‍්‍රයක් දෘෂ්ටිවාදීමය වශයෙන් බංකොලාත් වෙනවාය යන්නේ එක් අර්ථයක් වන්නේ එම පාලන තන්ත‍්‍රයේ සදාචාරාත්මක වලංගුභාවය තර්ජනයට ලක්වනවාය යන්නය. ප‍්‍රකට මාක්ස්වාදී දේශපාලන චින්තකයකු වූ
අන්තොනියෝ ග‍්‍රාම්ස්චි
ගේ වචන පාවිච්චි කරමින් කිවහොත් කිසියම් පාලක කණ්ඩායමකට පොදුජනයා මත ස්ථාවර ආධිපත්‍යයක් පවත්වාගෙන යාමට නම් එම පොදුජන සමාජය මත සදාචාරමය හා බුද්ධිමය ආධිපත්‍යය එම පාලක කණඩායම සතුවිය යුතුය.
දැන් පෙරමුණු කීපයකදීම රාජපක්ෂ පාලන තන්ත‍්‍රයට පොදුජන සමාජය මත වූ බුද්ධිමය මෙන්ම සදාචාරමය ආධිපත්‍යය ද අහිමි වෙමින් පවතී. මේ සමබන්ධව ඉතාම කැපී පෙනෙන වර්ධනය වන්නේ පොදුජන සමාජය හා රාජපක්ෂ පාලන තන්ත‍්‍රය අතර මැද සිට එහි බුද්ධිමය හා සදාචාරාත්මක අතරමැදියන් ලෙස කටයුතු කරන ‘රාජපාක්ෂිකයින්ගේ‘ කාර්ය භාරය ද මේ වනවිට බෙහෙවින් දුෂ්කර තත්වයකට පත්වී තිබීමයි. මෙගා ටෙලිනාට්‍යයක් මෙන් කොටස් අතිවිශාල සංඛ්‍යාවකින් රඟ දැක්වුනු කැලණියේ
මර්වින් සිල්වා
නාටකය රාජපක්ෂ පාලන තන්ත‍්‍රයේ රෙදි සෑහෙන ප‍්‍රමාණයක් ගලවා දැම්මේය. අපගේ කතානායක ගෝඨාභය මහතා ද ප‍්‍රධාන චරිතයක් රඟපෑ කොලොන්නාවේ
භාරත-දුමින්ද නාටකය
ද එවැන්නක්ම වීය.
2004 මහා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ප‍්‍රධාන සටන් පාඨයක් වී තිබුනේ
"කව්ද මේවට වග කියන්නෙ?"
යන්නයි. එම පාඨය රැගත් ප‍්‍රචාරක දැන්වීම් මගින් මූලික වශයෙන්ම මහජන අවධානයට යොමුකරනු ලැබ තිබුනේ ආණ්ඩුවක් සහ ජනයා අතර ඇති යහ පාලනය පිළබඳ සම්මුතිය බිඳවැටිම සලකුණු කෙරෙන අවස්ථා මාලාවකි. මර්වින් සිල්වා මෙගා නාටකය, භාරත ඝාතනය, කටුවන ඝාතන වැනි සිදුවීම් ඉදිරියේ සලකා බැලුවොත් නම් එම සිදුවීම් කොහොමත් ඉතාම නොවැදගත් ඒවා ලෙස සැලකීමට සිදුවනු නොවැලැක්විය හැකිය.
අපගේ කතානායකයා වන
ගෝඨාභය
මහතාට ද ස්ථිරසාර දේශපාලන චින්තනයක් ඇතිබව පෙනේ. ඒ මහතා වරින් වර සිදු කරනු ලබන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ ඉතාම බරපතල ඒවාය. එම ප‍්‍රකාශ වල සම්පප‍්‍රලාප (nonsense) ඇත්තේ නැත. ඒවායේ ඒ මහතා ලංකාව පරිකල්පනය කරන අයුරු අඩංගු වී තිබේ. යහ පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි සංකල්ප එම පරිකල්පනය තුල ඇතත් ඒවාට ඒ මහතා දෙන අර්ථ සාමාන්‍ය දේශපාලන කතිකාවත තුල ඒවාට ඇති අර්ථ නොවේ. උදාහරණයක් ලෙස භාරත ඝාතනයෙන් පසුව ප‍්‍රසිද්ධියේම
දුමින්ද සිල්වා
ගේ ජීවිතය හා ආරක්ෂාව වෙනුවෙන් විශේෂ උනන්දුවකින් ක‍්‍රියා කිරීම, වරෙන්තුකරුවකුවූ
සුදර්මන් රදලියගොඩ
සමඟ ප‍්‍රසිද්දියේ පෙනී සිටීම වැනිදේ මඟින් එම මූලධර්ම උල්ලංඝනය වෙතැයි ඒ මහතා නොසිතන බව පෙනේ. ඒ තත්වය තුළ ‘ගෝඨාගේ ලංකාව’ තුල කටුවන සිද්ධිය නීතියේ ආධිපත්‍යය හෝ යහ පාලනය බිඳවැටීම සංඥා කරන්නක් නොවීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මහින්ද රාජපක්ෂ
මහතාගේ මුවින් ගිලිහෙන වචන වලට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුවින් ගිලිහෙන වචන වඩා වැදගත් බව මගේ අදහසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ මුවින් පිටවන වචන එතරම් අර්ථාන්විත යැයි මම නොසිතමි. මක්නිසා ද යත් ඒ මහතා කිසිවක් නොකරන නිසාවෙනි. ඒ මහතා කරන දෙවල් දැනගැනීමට කෙනෙකුට අවශ්‍යනම් කල යුත්තේ රාවය පුවත් පතේ
විමලනාත් වීරරත්න
ගේ සතිපතා තීරුලිපිය කියැවීමයි. ඒ මහතාගේ මුවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන වචනය පිට වුනොත් ඒ ගැන කලබල වීමට දෙයක් නැත. ඒ එයට නිෂ්චිත අරුතක් නොමැති බැවිනි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුවින් ඒ වචනය පිට වුවහොත් කෙනෙක් අතිශයින් කලබලයට පත්වී එයින් ඒ මහතා අදහස් කරන්නේ කුමක්දැයි සොයා බැලීමට උනන්දු විය යුතුය. මක් නිසා ද යත් ඒ හුදෙක් වචනයක් ලෙස පමණක් ඉතිරිවීමට ඒ මහතා ඉඩ නොදෙන බැවිනි. ඒ හරියටම කොළඹ සම්බන්ධයෙන් ඒ මහතාගේ පොරොන්දුව මෙනි.
Nirmal Ranjith Dewasiri | නිර්මාල් රංජිත් දේවසිරි
[SEO Tags] Lakbima Newspaper, Nirmal Ranjith Devasiri, Julampitiye Amare, Gotabaya Rajapaksa, Mahinda Rajapaksa, Duminda Silva, Mervin Silva
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
2
Comment(s)| ප්‍රතිචාර
චාර්ලි චැප්ලින් කියයි.|
Personal Quotes
ඔබට
බලය
අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට
ආදරය
පමණක් ඔබට සෑහෙනු ඇත.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus