BOONDI.LK| කවි බූන්දි| මහගෙදර
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
ප්‍රතිචාර[3]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් කවි
දුර | නිරාෂ ගුණසේකර
ප්‍රතිචාර[0]
මාලිමාව අහිමි වීමෙන් පසු | ඩී. එම්. ටීම්රාන් කීර්ති
ප්‍රතිචාර[2]
හීය | චිරන්ත ජයසේන
ප්‍රතිචාර[1]
එ දවස සහ මෙ දවස | සෝමසිරි ඒකනායක
ප්‍රතිචාර[1]
ආදි ශිෂ්‍ය හමුව | වර්ණ රසිකා
ප්‍රතිචාර[3]
ෆිට්නස් සෙන්ටරේ නැගණී | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[2]
ගස් කපන්නා ගේ හද ගැබ | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
දුර්ගාන්තය* | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[1]
කපුටන්ට කෝ උත්තර? | රුවන් බන්දුජීව
ප්‍රතිචාර[5]
මහ එළියේ උදෑසනක් | චිරන්ත ජයසේන
ප්‍රතිචාර[0]
BOONDI • Kavi •
  කවි බූන්දි  
මහගෙදර
ප්‍රතිචාර[0]
බූන්දි| | 17:20:12
යාන්තම් හයහතර තේරෙනකොටම මට
අකීකරු වීදි රේඛා කඩාවැදීගෙන ගෙට
කලා සමතලා මහගෙදර මූන කට
වහා පිරියම් කොට පණනල සුරැකිමුත්
හායි ගා කට ඇරිනි මහ දොර මහපාරටම
නොමැතිව ඉස්තෝප්පු හිනා කට
බුකුම්බාගෙන හිටගති මහගෙදර මහපාර අද්දර

මාත් හිටියේ නොරිස්සුමෙනි මහගෙදර ගැන
තඩි බිත්ති මැද තෙත අඳුරු උනුසුම ගැන
ඔක්කොටොම වැඩිය
තිස්සෙම ඉහලින් හිද බලා හිදි සද්දයෙක් උනු එක ගැන

බාල කල ගෙවී තටු ලැබුනු විට මට
වහා පියඹා ගොස් නගරයට ලොල් උනි
අරුමෝසම් නූතන ගොඩනැගිලි අඟනුන් මැද

පැතලි විනිවිදිනසුලු වෛවර්ණ
වහා වෙස් මාරුකරන මායාකාර
නගරයකි එය වල්මත්වන

වහා සොයා ආවෙමි මහ ගෙදර උරුමය මම
වීදී රේඛා එවර අසමජ්ජාති ලෙස
මැදමිදුල් දාරයට තෙක් කඩා ගොඩගසා තිබිනි
මහත් අසරණ ගෙවල් බාගයකි දැන් එය

ඉතිරි අඩමත තාම දිවිගෙවන මාමා උදාරම් ලෙස
කටකොනින් සිනා සී මගේ විස්සොප මුහුන දැක
පෙන්නුවා හද මතක රොන් මඩ යටින් ගෙන
සැබෑ මහගෙදර සැලසුම් පිටපත මට

ඉස්තෝප්පු මැදමිදුල් ආලින්ද -හට්ටි පෙට්ටි පෙට්ටගම් කනප්පු
වාර්නිශ් සුවද දොර පලු අතර රේන්ද තිර ලෙළදෙන
අත්තා කුඩප්පල පුන්චම්මල සෙනේ රැහැනෙන් සබැඳුනු
මහගෙදර නොමැරෙන සැබෑ සැලසුම
පිටපත් කරගතිමි හද මත මම එම දින

විදී රේඛාවනි තොප පැමිණ අතවර නොකරන්න මෙලෙස මේ ලෙස
කිසිම කිසි දිනක නොලබනු ඇත සැබෑ මහගෙදර උරුමය මම


Susantha Moonamalpe | සුසන්ත මූණමල්පේ
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) කියයි.| Personal Quotes
තමන් ගමන් කළ යුත්තේ, නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින් ද, නොඑසේනම්, විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින් ද යන්න, සෑම මිනිසෙකුම තීරණය කළ යුතුය.