BOONDI.LK| කවි කරන්ට්ස්| වධකාගාරයේ සිට
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් කරන්ට්ස්
කවන්ධ රූප | හෙන්රි වර්ණකුලසූරිය
ප්‍රතිචාර[1]
මාතලේ ලොකු වලක් | ගෙටොවේ එකෙක්
ප්‍රතිචාර[1]
විප්ලවවාදියකුගේ නඩු විභාගය | පරාක්‍රම කොඩිතුවක්කු
ප්‍රතිචාර[5]
බදු හරි සුන්දරයි බබා....! | වීරයා
ප්‍රතිචාර[0]
T-56 කින් උගත් පාඩම් | දමිත් වැලිකල
ප්‍රතිචාර[0]
යුගයක නිමාව | ශෂි ප්‍රභාත් රණසිංහ
ප්‍රතිචාර[0]
ලෙවකමු මෙදා අපි සිංහල අවුරුද්ද | ඩැනී කුලප්පුවාවඩු
ප්‍රතිචාර[1]
කනප්පු කවිය | චූලානන්ද සමරනායක
ප්‍රතිචාර[1]
බක්මහක කට හඬෙක | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
නීචකුල වශී බන්ධන!!!! | කසුන් වීරසිංහ
ප්‍රතිචාර[2]
BOONDI • Kavi •
  කවි කරන්ට්ස්  
වධකාගාරයේ සිට
ප්‍රතිචාර[0]
බූන්දි| | 16:27:21
ඊළඟ මොහොත දෙස
අපේක්ෂා විරහිතව බලා සිටියා මිසෙක
පළමු වැන්නා හෝ අන්තිමයා
වීමට මා ප්‍රාර්ථනා කළේ නැත

හිස කොතරම් පහත් කරගෙන සිටියද
ඔවුන්ගේ නිර්දය ටොකු පහරින්
බේරීගත නොහැක
වධකාගාරයේ ගෙවුණු පළමු පැය තුළදීම
සිතුවිලි අතුරුදන් විය

ශෝකී අතීත ස්මරණ
ඇඟ මස කකියවන බිහිසුණු වේදනා
මරණීය විලාපයන්
විපරීත හැඩතල සහ දීප්තිමත් වර්ණ
බියකරු සිහිනයන් අතර කැළතෙයි

බියකරු බව හැරුණු විට
මෙහි ඇත්තේ
මිනිසත් බවේ අසරණකම පමණි
වධකාගාරයේදී මුණ ගැසෙන
එකම දයාබර සගයා
මරණයයි
ඔහු පවා
අපගේ අයැදීම්වලට උදාසීනය

ඊයේ රාත්‍රියේ ගෙන ආ තරුණියගේ
හඬ දැන් ක්‍රමයෙන් මැකී යයි
කුකුළා හැඬළීමට ප්‍රථම
තෙවන වරටද
කිසිවෙකුදු නොහඳුනමියි කී සහෝදරී
පාවාදීම වෙනුවට
බියකරු මරණයද
ආයාචනය වෙනුවට
සාපකිරීමද තෝරාගත් සහෝදරී
මා දෑස බැඳි රෙදිකඩට උරාගත්
අවසාන කඳුළු බිංදුව
නමස්කාර කළේ නුඹ වෙතය

දිරිගැන්වීමේ අතිරේක දීමනාව
අතුරුපස සඳහා ලැබුණ යෝගට් කෝප්පය
තළුමරමින් පත්ලටම ලෙව කෑ සෙබළා
එය වීසිකර පාගා දමයි
මීළඟට කවුරුන්ද

මෙහි ජීවිතය මෙයයි
මෙහි මරණය කුමක්ද
මුහුණක් නොමැති මළ කඳක් සහ
සිරස්තලයක් නොමැති ප්‍රවෘත්තියක් පමණි

ලැයිස්තුගත නොවූ ජීවිතය
ලැයිස්තුගත නොවූ මරණය කරා
සම්ප්‍රාප්ත වෙයි

වියරු සිහිනයන් සමග
මා කී වරක් නම් මෙයින් පලා ගියෙම්ද
එහෙත් මා තවමත් මෙහිය
මේ අවබෝධය පවා
අතිශයින් බියජනකය

මෙහිදී මරා දැමුණු
බොහෝ දෙනාට
මිනිස් මුහුණක් තිබිණ
මගේ අවසන් සාක්ෂිය ලෙස
මට කීමට ඇත්තේ එපමණකි


දෙමළ පරිවර්තනය-

அடுத்த கணம் நோக்கி
எதிர்பார்ப்புக்களேதுமற்று பார்த்திருப்பதைத் தவிர
முதலாமவனாகவோ இறுதியானவனாகவோ
ஆவதற்கு நான் பிரார்த்தித்திருக்கவில்லை

எவ்வளவுதான் சிரம் தாழ்த்தி அமர்ந்திருந்தபோதிலும்
அவர்களது அன்பற்ற குட்டுக்களிலிருந்து
தப்பிக்கொள்ள முடியவில்லை
சித்திரவதைக் கூடத்தில் கழித்த முதல் மணித்தியாலத்திலேயே
எண்ணங்கள் காணாமல் போயின

துயர்தோய்ந்த இறந்த கால நினைவுகள்
உடல்சதையைச் சுழற்றும் மோசமான வேதனைகள்
மரண ஓலங்கள்
அசாதாரண உருவங்களோடு மனங்கவர் வர்ணங்கள்
பயங்கரக் கனவுகளிடையே உணர்வுகளைத் தூண்டுகின்றன

பயங்கரத்தைத் தவிர
இங்கிருப்பது
மனிதத்தன்மையில் கையேதுமற்ற நிலை
சித்திரவதைக் கூடத்தில் சந்திக்கக் கிடைக்கும்
ஒரே அன்பான தோழன்
மரணமே
அவனும்
எங்களது வேண்டுகோளை உதாசீனப்படுத்துகிறான்

நேற்றிரவு கொண்டு வரப்பட்ட யுவதியின்
குரல் படிப்படியாகத் தேய்ந்தழிகிறது

சேவல் கூவ முன்பு
மூன்றாவது முறையாகவும்
எவரையும் தெரியாதெனச் சொன்ன சகோதரி
காட்டிக் கொடுப்பதற்குப் பதிலாக
அச்சம் தரும் மரணத்தையும்
கெஞ்சுதலுக்குப் பதிலாக
சாபமிடுவதையும் தேர்ந்தெடுத்த சகோதரி
எனதிரு கண்களையும் கட்டியிருக்கும் துணித் துண்டு ஈர்த்தெடுத்த
இறுதிக் கண்ணீர்த் துளிகளை
சமர்ப்பித்தது உன்னிடமே

உற்சாகமூட்டும் மேலதிகக் கொடுப்பனவாக
பகலுணவோடு கிடைத்த யோகட் கோப்பையின்
அடிவரையில் நக்கிச் சுவைத்த படைவீரன்
அதை எரிந்து மிதிக்கிறான்
அடுத்தது யார்

இங்கு வாழ்க்கை இதுதான்
இங்கு மரணம் எது?
முகமொன்றற்ற பிணமொன்று மற்றும்
தலைப்பொன்ற செய்தியொன்று மட்டும்

பட்டியலிடப்படாத வாழ்க்கை
பட்டியலிடப்படாத மரணத்தோடு
வந்து சேர்கிறது

பைத்தியக் கனவுகளோடு
நான் எத்தனை தடவை இங்கிருந்து தப்பித்துப் போயிருக்கிறேன்
எனினும் நான் இங்கேயேதான்
இந்தத் தெளிவு கூட
கண்டிப்பாகப் பயங்கரமானது

இங்கு படுகொலை செய்யப்பட்ட
அனேகருக்கு
மனித முகமொன்று இருந்தது
எனது இறுதிச் சாட்சியாக
எனக்குச் சொல்ல இருப்பது அது மட்டுமே

Ajith C Herath | අජිත් සී හේරත්
පරිවර්තනය - M.Rishan Shareef | එම්. රිෂාන් ෂෙරී‍ෆ්
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මාර්ටින් ලූතර් කිං කියයි.| Personal Quotes
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.