BOONDI.LK| රත්තරං ටික| ඔය දුක කියන දේ වැඩි දෙනෙකුට දරා ගන්ඩ බෑ... මං වින්දට....
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
ප්‍රතිචාර[3]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් රත්තරං ටික
අර්බාත් දරුවෝ | අනතොලී රිබාකොව්
ප්‍රතිචාර[0]
හාවෙක් ද තාත්තේ?- නෑ, තණකොළ පඳුරක්! | ජයසේන ජයකොඩි
ප්‍රතිචාර[1]
අම්මා | මක්සීම් ගෝර්කි
ප්‍රතිචාර[2]
ඇයි එහෙනං හෙන වැදුණේ? | චිනුවා අචිබේ
ප්‍රතිචාර[1]
සීත කාලෙත් මල් වවන්න පුළුවන් කියලා පිස්සො කට්ටියක් තීරණය කළා. | පාවුලෝ කොයියෝ
ප්‍රතිචාර[1]
"මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ..." | ධම්මික ගංගානාත් දිසානායක
ප්‍රතිචාර[2]
කසාදයක්....! ඒ කියන්නෙ අම්මා මනමාලියක් වෙනව ද? | ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
ප්‍රතිචාර[1]
වෙඩි වැදුණු බග-සඳ | රත්න ශ්‍රී විජේසිංහ
ප්‍රතිචාර[1]
ඉතින් පන්චු, මේ සේරම දේවල් අර ගෙන ආවේ ඇයි? | රවීන්ද්‍රනාත් තාගෝර්
ප්‍රතිචාර[2]
ගොපල්ලා හා ගෙතුම් කන්‍යාව | බා-ජින්
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  රත්තරං ටික  
ඔය දුක කියන දේ වැඩි දෙනෙකුට දරා ගන්ඩ බෑ... මං වින්දට....
ප්‍රතිචාර[0]
බූන්දි| | 17:12:37
සෙදෝනාට හිනා යයි. දොරවල් ඇරෙන හැටි දන්නෙ අරින්ඩ ගිය අය. මූණත් පොඩි කරගෙන එන්ඩ වෙයි.

දියෝනිස් අයියාට ඒවා ඇහෙන්නෙ නෑ. මීට ඉස්සර කිසිදාක අහස දැක්කෙ නෑ වාගෙ දියෝනිස් අයියා රබර් අතු අස්සෙන් පෙණුන අහසට ඇස් අල්වා ගෙන හිටියා. තාරකා ගනිනවා නම් ඇස් එහා මෙහා වෙන්ඩ ඕනෑ. එහෙම එකක් නෑ. දියෝනිස් අයියා නිකම්ම බලන් ඉන්නවා. සෙදෝනා දෑතින්ම දියෝනිස් අයියාගෙ ඇස් වැහුවා. ඒත් දියෝනිස් අයියා නෙමෙයි ඇස් ඇර ගන්ඩ උත්සාහ කළේ.

සෙදෝනාම පස්සෙ අත් දෙක ආපහු ගත්තා. ආයෙත් දියෝනිස් අයියාගෙ ඇස් තිබුණු තැනමයි. සෙදෝනා ළඟ නැතුවා වාගෙ දියෝනිස් අයියා වෙන දිහාක බලා ගෙන.

ළඟ උන්නත් නැතුවා වාගෙ නන් මොන පලක් ද කියලා සෙදෝනා හයියෙන් කිව්වා. නින්දෙන් ඇහැරුණු කෙනෙක් වාගෙ දියෝනිස් අයියා හැරිලා බැලුවා.

*****

ඒත් සෙදෝනා කොහොමද තනියම නිවන් දකින්ඩ දඟලන්නේ. සෙදෝනාගෙ කෑල්ලක් රබර් වත්තෙ එල්ලිලා. රබර් වත්ත හොල්මන් කරනවා. හඳ පෑව්ව රෑට රබර් වත්තම නැගිටල සෙදෝනාගෙ ගෙදරට එනවා. මහ ගහත් එනවා. ඔක්කොම කොළ අතු හිටගෙන. එක එක අත්ත එක එක ප‍්‍රශ්න අහනවා.

කෝ දියෝනිස් අයියා? ඇයි සෙදෝනා එන්නෙ නැත්තෙ? හඳ එළිය අඬනවා. රූරා ගෙන අඬනවා. කොහෙ ගිහිල්ලද ඉන්නෙ? වරෙල්ල වරෙල්ල වරෙල්ල කියල සලිං සලිං ගාල කොළ හුළෙඟ් වැනෙනවා. වනනවා.

සෙදෝනා සට සට ගාන්නේ පැදුරට හලන කඳුළු කැට හින්දා.

සෙදෝනා ඉන්නවා. ප‍්‍රශ්න අහන්ඩ දෙයක් නෑ. සෙදෝනා ඉන්නවා. කවදත් උන්නා. බලාගෙන උන්නා. බලාගෙන ඉන්නවා. ඇයි සෙදෝනා? ඇයි ඇයි ඉන්නෙ? බොරු කරනවා නේද? අහන ප‍්‍රශ්න වලට සෙදෝනා කියන්නෙ එකම එක දෙයයි.

සෙදෝනා ඉන්නෙ නෑ. කවුද කියන්නෙ සෙදෝනා ඉන්නවා කියලා. අර මහ රබර් ගහ යට උඹලට පේන්නෙ නැද්ද? අර ඉන්නෙ සෙදෝනා. අර එල්ලෙන්නෙ සෙදෝනා.

මෙහේ එන්නෙ කා හොයන්ඩද? පලයල්ලා පලයල්ලා පලයල්ලා. සෙදෝනා හඬ තලනවා. කාටවත් ඒ හඬ ඇහුණෙ නෑ.

කොළ අතු අඩි පාර දිගේ ලේ හලාගෙන ඇවිල්ලා. හඳ එළියට ගල්පොත්ත කළුයි. ඒක තෙතයි. ඒක ඇලෙනවා. ගල්පොත්තෙ කඳුළු විලක්. සෙදෝනාගෙ ඇහෙන් ගලපු කඳුළු නෙමේ. ගල්පොත්තෙ කඳුළු විල රබර් ගහෙන් වැටුණු කඳුළු. රෑට රබර් ගහ හලපු කඳුළු.

-සෙදෝනා [1973]


Eva Ranaweera | ඊවා රණවීර
[SEO Tags] Sedona- 1973 , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
චාර්ලි චැප්ලින් කියයි.| Personal Quotes
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.