BOONDI.LK| අදහස් බූන්දි| හර්දය සාක්ෂිය කොයිබටද? ස්ටැන්ලිගේ හා නිමලරූබන් ගේ ජීවිත වල යථාර්තය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් අදහස්
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ | පැරිස් ටුඩේ
ප්‍රතිචාර[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
හර්දය සාක්ෂිය කොයිබටද? ස්ටැන්ලිගේ හා නිමලරූබන් ගේ ජීවිත වල යථාර්තය
ප්‍රතිචාර[0]
බූන්දි| | 16:17:59
ප්‍රජාතන්ත්‍රවාදයය යනු තෝරාගත් ප්‍රජාවකගේ පැවැත්ම තහවුරු කිරීමයැයි අර්ථ දැක්වෙන්නා වූ රටක හර්දය සාක්ෂිය අවදියෙන් තබා ගැනීමේ භයානකත්වය නුවර රෝහල් ඇඳක් මත සිට ස්ටැන්ලි ලියනගේ අපට කියන්නාවූ කතාවේ හරයයි. සිය රාජකාරියේම කොටසක් ලෙස අවදියෙන් සිටි ස්ටැන්ලි අද ජීවිතයට, තමුන්ගේ ජීවිතයට වඩා තම දියණියගේ, බිරිඳගේ ජීවිත වලට ඇති ආදරය නිසාම අවදියෙන් පසුවෙන්නේ යැයි මම සිතමි. ස්ටැන්ලිගේ දරුවෝත් බිරිඳත් නෑ හිතවතුනුත් ඔහු සමගම අවදියෙන් සිටිනවා විය යුතුය. ඔවුන් අද කරන්නා වූ අවදියෙන් සිටීමත් පහුගිය මාර්තු දහසය වන දා ස්ටැන්ලි කල අවදියෙන් සිටීමත් අතර වෙනසක් තිබේ. එදා ස්ටැන්ලි අවදියෙන් සිටියේ අවට සිදුවන දේ විපරමින් බලන්නටය. අනියම් යමක් සිදුවෙතොත් ඒ ගැන තමන්ට හැකි පියවර ගන්නටය. නීතිය (එනමින් දෙයක් තවත් ඉතිරිව ඇත්නම්) හා සදාචාරය සුරකින්නටය. ඒ ආරක්ෂක නිළධාරියකු ලෙස ඔහුගේ රාජකාරියය. එහෙත් අද ඉහත සඳහන් වූ සියල්ලන්ම අවදියෙන් සිටින්නේ බොහෝවිට නොබැලිය යුතු යමක් දැක්කොත් අහක බලා ගන්නටය. අනවශ්‍ය දේ අනවශ්‍ය වේලාවල දී නොකර හිඳින්නටය. හර්දය සාක්ෂිය හර්දය තුලම හැකි පමණින් අගුළු දමා රැකගන්නටය.

ආරක්ෂාව යන වචනය නිර්වචනය වන්නේ කෙනෙකුගේ තරාතිරම අවස්ථාව ආදී බොහෝ සාධකයන්ට සාපේක්ෂවය. අද අපේ රටේ සිල්ලර මිනිහාට නම් ආරක්ෂාව යනු මහ මිනිස්සුන්ගේ බොඩි ගාඩ්ලා ගෙන් අඩුම ගානේ ටොක්කක්වත් නොකා පරෙස්සම් වීමේ කලාවක් වී තිබේ. වවුනියාවේ නෙළුම්කුලම්හි විසිඅට හැවිරිදි ගණේෂන් නිමලරූබන් අද මිහිදන් වෙන්නට වත් වවුනියාවට යන්නට නොහැකිව රාගම මෝචරියක සිටින්නේත් මේ කලාව හරියාකාරව ඉගෙන ගන්නට කාලයක් නොලැබුණු නිසායැයි මට සිතෙයි.

ස්ටැන්ලිගේත් නිමලරූබන් ගේත් ඉරණම් ගැන කියවන අපි බොහෝ දෙනෙකුත් 'පරෙස්සම්' වීමේ වැදගත් කම පසක් කරගනු ඇත. මේ ආත්මාර්ථකාමී පරෙස්සම පසුපස තවත් බොහෝදේ තිබේ. එක අතකින් මේ පරෙස්සම අපේ රාජපාක්ෂික භාවය නොසඟවා සනාත කිරීමකි. ඇත්ත වශයෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව අප අතින් කෙරෙන්නේ එයයි. එසේ වුවත් එයත් යුගයේ අවශ්‍යතාවයක් වන පමණට ශ්‍රී ලාංකික සමාජය තුල ඔඩු දිවූ තුවාලයක් වී තිබීමත් අපි පිළිගත යුතු වෙමු. එමෙන්ම මේ සිද්ධීන් ගේ යටි අරමුණ මේ තුවාලය පැසවවා සැරව ගලවා රටේ මිනිස්සුන්ගේ කටවල් වල රාජකීය පාන්කඩ එබීම බවත් අපි අමතක නොකල යුතු වෙමු.

ඕනෑ නැති දේවලට අතගසා ඔළුව දමා අත කට විතරක් නොව ජීවිතය ද පුච්චා ගත් මිනිසුන් ගැහැණුන් පිළිබඳ කතාන්දර හොයන්නට අපට 2009 ට යා යුතු නැති බව දවසින් දවස මතක්කර දෙමින් තිබේ.

මෑත කාලය ගනිතොත් කටුනායකින් පටන් ගෙන, යාපනය හලාවත කටුවන මෙන්ම මේ ඇහැල පෝයට බිලි පූජාවක් වූ වව්නියා/අනුරාධපුර/මහර තෙනුවර අන්දරය ආදී පත්තර රූපවාහිනි රේඩියෝ ආදියෙහි කතා බහ වුනු කතා ත් එසේ කතා නොවුනු කතාත් ඕනෑ තරම් ඈති වග අපි හැමෝම දනිමු. මේ කතාන්දර යුද්ධයේ ශුද්ධවූ පිරිත් වතුරෙන් සෝදා මැකිය හැකි පැල්ලම් නොවේ. එමෙන්ම කවුරු කොයි ලෙසින් කිව්වත් මේවා රටේ හොඳනම නහන්නට ඇමරිකන් යැංකින් හා එංගලන්තයේ සුද්දන් හොරෙන් ඇවිත් කරන්නා වූ කුමන්ත්‍රණකාරී ගැලවිජ්ජාවල් ද නොවන බව අපි හැමෝම දනිමු.

ඉස්සුවා ද නැද්ද ඇහුවාම, වෑන් එකේ පාට හරියට නොබලා ගැනීමේ වැරැද්ද උලුප්පන; දන්නවාද නැද්ද ඇහුවාම, දෙයියො තමයි දන්නෙ ඉතින් තාලයේ උත්තර දෙන ආරක්ෂකයන් හා නීති ඝාතකයන් අපට සිටිති. මේ අයට පෑගී ඇති අළුත්ම කෙහෙල් ලෙල්ල සයිබර් මඩ වී තිබේ. දෙකක් අල්ලා අනික් එව්වාටත් මොන ජාතියෙන් හෝ වැඩක් දීමේ කතාවක් ද පහුගිය දා කෙරුණි. මේ කතාවල උනුහුම බොහෝ පත්තර කොල වල තීන්ත දියවෙන තරමට වැඩිවී තිබේ. ඒවාද දැනුවත් ව හෝ නොදැනුවත්වම පරෙස්සම් වීමේ කලාව ප්‍රගුණ කරමින් සිටිති. කට ඇර කතා නොකරන එකා බඩේ පිරෙන හුලඟ ඉදහිට පුටුවේ වේවැල් අස්සෙන් ඇහෙන හීන් කෙඳිරියකින් සමනය කරගන්නාක් මෙන් නිව්ස් කියන අපේ වැඩිමනත් පත්තර ද ඉඳහිට කූන් ගානා පූස් පැටවුන් වී තිබේ.

මේ සියළු දත්තයන් ඔළුවල තියාගෙන මගේම ආරස්සාව ගැන විමසිල්ලෙන් තව දුරටත් ඇස් වසාගෙන ඉන්නවා ද, අකැප අයුතුකම් පේන තෙක්මානයේ වෙද්දීත් ඉස්සරහ බලාගෙන අධිවේගී මාර්ගයේ බ්රේක් එකට කකුල නොතියා යනවාද යන ප්‍රශ්නය මොලේ ඇති උන් මතු නොව අප අතර ඉන්නා මොලේ නැති ගිරා පෝතකයන් ද උදේ හවා ඇසිය යුතු යුගයේ, වසරේ, මාසයේ, සතියේ හා දවසේ ප්‍රශ්නය වී තිබේ.

Sandakantha | සඳකාන්ත
[SEO Tags] Stanly Liyanage, Nimala Ruban, Victims of Violence in Sri Lanka , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.| Personal Quotes
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.