BOONDI.LK| අදහස් බූන්දි| අවදියෙන් හිටි මිනිසා- ස්ටැන්ලි ලියනගේ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් අදහස්
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
ප්‍රියාන්
සන්ධ්‍යා
එස්.ජී.
රංජිත්
කුසල්
දර්ශන
සුමිත්
චතුර
චන්දන
මංජුල
ප්‍රසාද්
රසික
ජයසිරි
රුවිනි
කේ.කේ.
නුවන්
ප්‍රදීප්
අරවින්ද
ප්‍රියංජිත්
වීරයා
BOONDI • Currents • •
අදහස් බූන්දි
"අවදියෙන් හිටි" මිනිසා- ස්ටැන්ලි ලියනගේ
[8]
බූන්දි| | 20:02:31
[Lankaviews| 2012.07.03]
කඩු සොරකම බාර ගන්නැයි ස්ටැන්ලිට කකුල්වලින් එල්ලා පහර දීලා - උදුල්
ජෝන් ද සිල්වා සමරු රඟහලේ ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළ, ජාතික කෞතුකාගාරයේ රන් කඩුව ඇතුළු කෞතුක වස්තු සොරකම් කිරීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වන ස්ටැන්ලි ලියනගේ මහතා පැහැර ගෙන ගොස් නැවත මුදා හැරීමත් සමග එම සොරකම පිළිබඳ කරුණු රැසක් අනාවරණය වී ඇතැයි මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෝ පවසති.
ඊයේ එම සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වා
මෙම කරුණු අනාවරණය කළ අතර මාධ්‍ය හමුවට නීතිඥ උදුල් පේ‍්‍රමරත්න, නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ අචල කුමාරසිරි හා මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය යන මහත්වරු සහභාගි වූහ.
උදුල් පේ‍්‍රමරත්න මහතා මෙසේ පැවසීය.
"පසුගිය මාර්තු 16වැනිදා ජාතික කෞතුකාගාරයේ කඩුවක් සහ තවත් කෞතුක වස්තූන් රැසක් සොරකම් කිරීම පිළිබඳව ප‍්‍රශ්න කරන විට පොලිසිය පැවසුවේ ඒ පිළිබඳව පරීක්ෂණ කෙරෙනවා කියලා. මේ සිද්ධියේ ප‍්‍රධාන සාක්ෂිකරුවකු වන ස්ටැන්ලි ලියනගේ මහතා පසුගිය මැයි 16වැනිදා පැහැර ගැනීමට ලක් වුණා.
එම සොරකම සිදු කළ දිනයේ රාත‍්‍රී කළු වීදුරු සහිත කාර් එකක් ඒ ප‍්‍රදේශයේ සැරි සැරූ බව ඔහු සාක්ෂි ලෙස කියා තිබුණා. තවත් කරුණු කිහිපයක් ඔහු අනාවරණය කර තිබුණා.
එදා වන විට අපි දැන ගෙන හිටියේ මැයි 12වැනිදා ඔහු සේවයට වාර්තා කරන්න ගෙදරින් ආවා. ඇවිත් සවස දෙකට විතර අනෙක් ආරක්ෂක නිලධාරියාට දුරකතනයෙන් කතා කර පැයකින් විතර එනවා කියලා කිව්වා කියා විතරයි. ඉන් පසුව ඔහු ගැන තොරතුරක් නැහැ. නැවතත් ඔහු ගැන දැන ගන්න ලැබෙන්නේ ජූලි මාසේ දෙවැනිදා පාන්දර 1.00ට විතර ඔහු නුවර ගඩලාදෙනිය හන්දියට ගෙනත් දමා තිබෙනවා.
ඒ අතර තුර සිදු වූ දේ දැන් අනාවරණය වී තිබෙනවා. ඔහු කොටුව බැස්ටියන් මාවතේදී ත‍්‍රී විල් එකකින් ආපු පිරිසක්, තමන් පොලිසියේ බවත් ප‍්‍රශ්න කිරීමට ඔහු අවශ්‍යව තිබෙන බවත් පවසා ත‍්‍රීවිල් එකට දමා ගෙන තිබෙනවා. ත‍්‍රීවිල් එකේදීයි ඔහුට අනෙක් ආරක්ෂක නිලධාරියාට කතා කර පැයකින් එන බව දැනුම් දෙන්නැයි කියා තිබෙන්නේ.
ඉන් පසුව සුගතදාස ස්ටේඩියම් එක ළඟදී ඇස් බැඳලා වෑන් එකකට දා ගෙන තිබෙනවා. ඒ වෙලාවේ ඉඳලා නැවත ඔහු හමු වන අවස්ථාව වන තුරුම ඇස් බැඳලා තිබිලා තියෙන්නේ. පැහැර ගෙන ගියාට පසුව කකුල්වලින් එල්ලා පහර දීලා තිබෙනවා. ඉතාම තිරිසන් විදියට ඔහුට පහර දීලා තිබෙනවා. කකුල්වලින් එල්ලා තිබූ ලණු පාරවල් තවමත් ඔහුගේ කකුල්වල දකින්න පුළුවන්. මේ වන විට ඔහු නුවර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔහු පැහැර ගෙන ගියාට පසුව ඔහුට දිගින් දිගටම තර්ජනය කර තිබෙන්නේ, කඩුව සොරකම් කිරීමේ වගකීම බාර ගන්න කියලා. නමුත් ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වෙලාවේ තමයි කකුල්වලින් එල්ලලා පහර දී තිබෙන්නේ.
ඉන් පසුව ඔහුට කියා තිබෙනවා, මේ ගැන එළිදරව් කළොත් රත්නමාලි විදුහලේ ඉගෙනුම ලබන දුව සොයමින් පාරවල් ගානේ යන්න වේවි කියලා.
ඒ නිසා මේ කඩු සොරකම සිදු වුණේ ආණ්ඩුවේ ඉහළම තැනක වුවමනාවට බව පැහැදිලියි. සොරකම සිදුවන අවස්ථාවේ ආරක්ෂක කැමරා විසන්ධි කර තිබුණා. ඒ වගේම ඒ දොරවල්වලට අදාළ යතුරුවලින් දොරවල් ඇරලා තමයි කඩුව අරගෙන තිබුණේ. ඒ වගේම ස්ටැන්ලි ලියනගේ ගෙන් ප‍්‍රශ්න කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇසූ ප‍්‍රශ්නමයි මේ පැහැර ගෙන ගිය කල්ලිය අහන්නෙත්. ඒ වගේම ඔහුගේ දුරකතන ඇමතුම් පිළිබඳ ඞීටේල් බිල් එකක් පැහැර ගෙන ගිය කල්ලිය සතුව තිබුණා.
දැන් උත්සාහ කරන්නේ අහිංසකයින්ව පැහැර ගෙන ගිහිල්ලා, ඔවුන් කකුල්වලින් එල්ලලා පහර දීලා වගකීම බාර ගන්න බල කරලා වෙනත යවන්න හදන්නේ. කඩු සොරකමේ සැබෑ වරදකරුවන් හෙළිදරව් කරන්න පොලිසියට බැරි වුණා. ඒ අය හෙළිදරව් කරන්න පොලිසියට හැකියාවක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. දැන් උත්සාහ කරන්නේ ඒ වෙනුවට අහිංසකයින් එල්ලූම් ගස් යවන්න."
නීතිඥ නුවන් බෝපගේ- "පසුගිය කාලයේ සිදු වූ අපරාධවල ඇසින් දුටු සාක්ෂිකරුවන්ට සිදු වුණේ මොකක්ද? භාරත ලක්ෂ්මන් ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට ඝාතනය වන්නට සිදු වුණා. ජූලම්පිටියේ අමරේ සිදු කළ වෙඩි තැබීමට අදාළ සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් ප‍්‍රකාශ ලබා ගන්නේ නැහැ. දැන් මොකක් හරි අපරාධයක වඩාත්ම ආරක්ෂා වෙන්න ඕන ඇසින් දුටු සාක්ෂිකරුවන්."
[
Lankaviews
| 2012.07.02]
ජෝන් ද සිල්වා ආරක්ෂක නිලධාරියා දින 20කට පසු මුදා හරී
පසුගිය ජුනි 12 වැනිදා සිට අතුරුදහන්ව සිටි කොළඹ ජෝන්ද සිල්වා රඟහලේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපති ස්ටැන්ලි ලියනගේ මහතා අද අලුයම 5.00ට පමණ උඩුනුවර ගඩලාදෙනිය හංදිය අසලදී මුදා හැර ඇති බව වාර්තාවේ.
ගතවු දින 20 පුරාවටම ඒ මහතාගේ දෑස් බැද දමා තිබී ඇති අතර ජාතික කෞතුකාගාරයේ සොරකම සිදුකළේ තමා ලෙස පිළිගන්නා ලෙස පැහැරගත් පිරිස ඔහුට තර්ජනය කර තිබේ. කෙසේ වෙතත් ඔහු එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.
[බූන්දි| 2012.06.30]
"අවදියෙන් හිටි" මිනිසා- ස්ටැන්ලි ලියනගේ
අතුරුදන් කිරීම් දැන් දෛනික ජීවිතයේ අංගයකි. මිනිසුන් මතු නොව සොහොන් බිම් ද සොහොනකටත් අස්වාමිකව ටයර් සෑ වල දැවී හළු වී ගිය සහසක් මිනිසුන් වෙනුවෙන් තැනුණු ස්මාරක ද අතුරුදන් කෙරෙමින් තිබේ. එයට උතුර දකුණ කියා වෙනසක් දැන් නැත. සිංහලයාට නොතිබුණු එහෙත් දෙමළාට තිබුණු ප්‍රශ්ණය දැන් විසඳා හමාරය. ඒ දෙමළුන් අතුරුදහන් වෙන වේගය සහ සිංහලුන් අතුරුදහන් වෙන වේගය සමාන කොට "සමානාත්මතාව" ඇති කිරීමෙනි. ෂර්ලොක් හෝම්ස් වර්ගයේ අපරාධ පරීක්ෂකයන් සමාජ ක්‍රියාධරයන්ගේ නිවෙස් අවට සැරිසරමින් ඔවුන් ව සමානාත්මතා පදනමකින් අතුරුදහන් කිරීම සදහා සලකා බලමින් සිටිති. පශ්චාත් නන්දිකඩාල් මොහොතෙන් පසු යුද්ධය දකුණට ද "විමධ්‍යගත" කරන ලද අතර දැන්, "බලය බෙදාහැරීම" සිදු කෙරෙමින් පවතියි. අතුරුදහන් වීමට නියමිත අයට ටෙලිෆෝන් වලින් කතා කොට, තර්ජනය කොට "බලය බෙදා හැරෙන" අතර, උතුර දකුණ කියා වෙනසක් නැතිව අවශ්‍ය ඕනෑම තැනකට නොමිලේ බලය ගෙන්වා ගැනීමට වයිට් කැබ් සර්විසය යොදා ගැනීමට හැක. අවශ්‍ය වන්නේ "ප්‍රශ්ණ ඇසීම"යි! ප්‍රශ්ණ අසන පුරවැසියන්ට නොමිලේ ලැබෙන එම්බාම් සේවයේ සුව පහසුව අත් විඳ, අහසින් ගොස් තම තමන්ගෙ බොකු බඩවැල් මුහුදේ ඉන්නා "බලය"න්ට "බෙදා හැරීමේ", "ස්වයං තීරණ අයිතිය" ලැබී ඇත.
නිදන් හාරන්නේ, කඩු හොරකම් කරන්නේ රටේ කී වැනි පුරවැසියාදැයි මේ වන විට මුළු රටම දන්නා බව ඇත්තය. වයිට් කැබ් සර්විසය අයිති ඒකී පුරවැසියාගේ කී වැනි සහෝදරයාටදැයි යන්න ද මුළු රටම දන්නා බව ඇත්තය. ඉඳ හිට කෙනෙකු කට පිරෙන්නට ඔබා ඇති රගර් බෝල, අධිවේගී මාර්ග සහ මොඩන් ක්වේණිලා ගේ රෝස පාට ජංගි ගලවා දමා ප්‍රශ්ණයක් දෙකක් අසති. "බලය" (මදි නොකියන්නට) බෙදාහැරෙන්නට ගන්නේ අන්න එවිට ය!
මිතුරනි, ජාතික කෞතුකාගාරයේ කඩු සොරකම ගැන සාක්ෂි දුන්
ස්ටැන්ලි ලියනගේ
සහෝදරයා ආ ගිය අතක් නැත. (
ජනරළ
2012.06.17 මුල් පුවත
1
සහ 2012.07.01 තෙවන පිටේ පුවත
2
) ස්ටැන්ලි, ප්‍රගීත් ගිය අතකම ගියා ද ගියා ද ලලිත් කූගන් ගිය අතකම ගියා ද කුමාර් දිමුතු ගිය අතකම ගියා ද අපි නොදන්නෙමු. එහෙත් ඒ ආ ගිය අත එදා ජූනි 12 වන දා සවස 2:15 වන තුරුත් ස්ටැන්ලී නොදැන සිටි බව පමණක් අපි දන්නෙමු. එහෙත් ඒ ආගිය අත ස්ටැන්ලිගේ ආදරණීය බිරිඳ නොදැන සිටි බව පමණක් අපි දන්නෙමු. එහෙත් ඒ ආගිය අත ස්ටැන්ලිගේ අහිංසක දරු පැටවුන් දෙදෙනා නොදැන හිටි බව පමණක් අපි දන්නෙමු. කිසිවෙක් නොදැන හුන් ඒ ආ ගිය අත ගැන වයිට් කැබ් සර්විසයේ සී.ඊ.ඕ. ධූරන්ධර මහතුන් දන්නා බව පමණක් අපි දන්නෙමු.
මිතුරනි, ස්ටැන්ලි කවුද?
ඔහු කලා භවනත් ජෝන් ද සිල්වා රඟහලත් මැද පිහිටි මුර කුටියේ සිටි ආරක්ෂක නිලධාරියාය. ස්ටැන්ලි කවියෙකි. මුලින්ම අපට ස්ටැන්ලි හමු වූයේ ඔහු කවියෙකු වූ නිසාවෙනි. බූන්දි වෙබ් අඩවිය සංවිධානය කළ අක්ෂර සෙනග නිර්මාණ තරඟයේ විවෘත අංශයේ හොඳම කවිය
3
වෙනුවෙන් වූ තිළිණය දිනා ගත්තේ ස්ටැන්ලිය. ඉන් වසර කීපයකට පසු ස්ටැන්ලි අපට අහම්බෙන් හමු වූයේ විරාජ් ලියනාරච්චි සහෝදරයාගේ සේයා රූ ප්‍රදර්ශනය දා කලා භවනේ මුර කුටියේ දී ය. නෙළුම් පොකුණේ යෝධ හෙවණැල්ල යට වූ බිම් කඩෙක සිට කලෙකට පසු හමු වූ උණුසුම් හැඟීමෙන් ස්ටැන්ලි බොහෝ දේ අප සමග කීවේය. නිල ඇඳුමට යටින් හුන් කවියෙකු සහ මිනිසෙකු අපට හමු විය. දරුවන්ගේ හෙට දවස ගැන බිය වෙන, අනවරත හුදකලා ජීවන අරගලයේ වෙහෙස මැද තවමත් යහපත් ලෝකයක් ගැන හීන දකින, දිවි දෙවනුවට තබා හර්ද සාක්ෂිය ගැන වද වෙන මිනිසෙකු අපට හමු විය.
ඉන් දෙසතියක් යන්නටත් පසුව ආවේ ස්ටැන්ලි ආ ගිය අතක් නැති වූ පුවතයි.
ආනන්ද කුමාරස්වාමි මරා දමා අහසට පැන නැගුණු යෝධ නෙළුම් පොකුණ, ඒකාධිපති වාදයේත්, උද්ධච්ඡ අධම නග්න බලයේත් පුරුෂ ලිඟු සංකේතයයි. ඒ ව්‍යාජ නාට්‍යාගාරයත්, විනාශ කර දමන ලද ජෝන් ද සිල්වාවත් ඉදිරියේදී විනාශ කර දමන්නට නියමිත කලා භවනත් අතර මැද "අවදියෙන් සිටි" මිනිසා දැන් නැත. එසේ අවදියෙන් සිටීමේ භයානක ත්‍රස්තවාදී ක්‍රියාව විසින් ස්ටැන්ලී ට අතුරුදන් වීමත්, ඔහුගේ බිරිඳ සහ දරුවන්ට ඉසිලුම් නොදෙන විප්‍රයෝගයත් උරුම ව ඇත. සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරිය ශිරන්ති රාජපක්ෂ ආර්යාවට ලියූ ලිපියට පිළිතුරක් ලැබුණාදැයි නොදනිමු. ස්ටැන්ලිගේ බිරිඳ ද ජනාධිපතිවරයා ට ලිපියක් යවා තිබේ. චේ ග්වාරාගේ වැන්දඹු බිරිඳ ගැන වද වෙන තරමෙන් අංශු මාත්‍රයකින්වත් ඔය ජනාධිපති මේ අහිංසක ගැහැණුන් ගැන වද නොවෙන බව පමණක් අපි දන්නෙමු. තමන්ගේ පුතුන් තිදෙනා වෙනුවෙන් මුළු රටක් "සෙල්ලම් මිදුලක්" බවට පත් කරනු ලැබ ඇති ඔය ජෝඩුව ස්ටැන්ලිලාගේ ප්‍රගීත්ලාගේ අසරණ අහිංසක නොදරුවන් ගැන එක තඹ පයිසෙකට මායිම් නොකරන බව පමණක් අපි දන්නෙමු.
මිතුරනි,
මර්වින් සිල්වාලා, දුමින්ද සිල්වාලා, ජුලම්පිටියෙ අමරේලා මෙන් ජාතික වීරයන් නොවෙන ප්‍රගීත්ලා- ස්ටැන්ලිලා- ලලිත්ලා- කූගන්ලා වැනි ත්‍රස්තවාදීන් ගැන හොයන්නට ජනතා සේවය වෙනුවෙන් තව ඉතිරිව ඇති පුංචිම පුංචි අවුරුදු එක සිය පණහ නාස්ති කරගන්නට එතුමන්ලාට බල කරන එක අන්තිම අසාධාරණය.
*****
මේ වගේ ලිපි ඉවර කරන සාමාන්‍ය විදිහ වෙන "ඔබ අත වූ ධජය අපි ද ගෙනියන්නෙමු" වගේ බරපතල පොරොන්දු දෙනවා වෙනුවට අපි කැමතියි ආයෙත් අර හැන්දෑවට යන්න.....
ස්ටැන්ලි සමග අප කතා බහේ යෙදෙමින් ඉන්නා විට අපේ පුංචි දරුවා (සෙල්ලමට) බිම තිබූ ගල් කැට එකින් එක අර ගෙන නෙළුම් පොකුණ දෙසට වීසි කරන්නට පටන් ගත්තා- මොකද්ද එයාගෙම සිංදුවක් කිය කියා....
ස්ටැන්ලි කිවුවා.... අපිත් එක්ක හිනා වෙවී....
"ගහපං පුතේ ගහපං... අපිට කරන්න බැරි වැඩේ උඹලවත් කරපන්"
අපි හිනාවුනා හරියට.
එච්චරයි!
-2012.07.30
පාද සටහන්-
1-
සාක්ෂිකරු අතුරුදන් කළේ රජකඩු සොරකම යටගැසීමටද?
-ජනරළ (2012.06.17)
මිෂන් ඉම්පොසිබල් පන්නයේ කෞතුකාගාර මෙහෙයුම ගැන අප ලියූ දේ ඔබට තවමත් මතක ඇතුවාට සැක නැත. එතැනින් අනතුරුව බොහෝ දේ සිදු විය. පොලිස් පරීක්ෂණ පෙරට යන බව කියැවිණි. හෝඩුවාවක් සොයාගත් බව ද කියැවිණි. සොරුන්ට දැල එළාගෙන යන බව ද කියැවිණි. ඒ අතර ආරංචි වූයේ කෞතුකාගාරයේ සොරුන් නෙළුම් පොකුණ රඟහල දෙසට පැමිණි බවය. ජූනි මාසයෙ දොළොස් වෙනිදා වන විට ද තත්වය එබඳුය. එසේ පවතිද්දී මහනුවර, රංගම ලිමගහකොටුවේ සිට පැමිණි
ස්ටැන්ලි ලියනගේ
පිටකොටුවට විත් සූදානම් වූයේ තමන්ගේ සේවා ස්ථානය වූ "ජාතික කලා භවන" බලා පිටත්වන්නටය. කොළඹ කොටුවේ සිට කලා භවනට යන්නට පෙර සේවා ස්ථානභාර නිලධාරී විජේසිංහට දුරකථන ඇමතුමක් දෙමින් "තව පැයක් ඇතුළත" එන බව කියා සිටියේය. එවිට වේලාව ප. ව. 2:15 වී තිබිණි. එ ස්ටැන්ලිගෙන් ලද අවසන් ඇමතුමය. රාත්‍රී නවය වන තුරුත් ස්ටැන්ලි පැමිණියේ නැත. විජේසිංහ මේ අසාමාන්‍ය ප්‍රමාදය ස්ටැන්ලිගේ නිවසේ උදවියට දුරකථනයෙන් දැනුම් දුන්නේය. ඒ අනුව ස්ටැන්ලිගේ භාර්යාව වන
සේපාලිකා හේමමාලී වික්‍රමසිංහ
උඩුනුවර, දවුලගල පොලිසියට වහා ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කළාය. 85/178/CIB/18.01 යටතේ ඇති එම පැමිණිල්ල අයි. ජී. ස්ටැන්ලි ලියනගේ නැමති කලා භවනේ ආරක්ෂක නිලධාරියාගේ අතුරුදන් වීම නිල වශයෙන් සහතික කරයි.
මැයි මාසයේ සිදු වූ මිෂන් ඉම්පොසිබල් කෞතුකාගාර මෙහෙයුමත් ජූනි මාසයේ සිදු වූ කලා භවනේ සේවකයාගේ අතුරුදන් වීමත් අතර සම්බන්ධයක් තිබේද? ඔව්. එහි සම්බන්ධයක් තිබේ. අතුරුදන් වී සිටින ස්ටැන්ලි, කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් පොලිසියට සාක්ෂියක් දුන් අයෙකි. ජූනි 01 වන දා පෙ. ව. 10:30 සිට 01:30 දක්වා ලියනගේගෙන් කට උත්තර ලබාගෙන ඇත්තේ ගුණසේකර නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක වරයෙකි. ජූනි 2 දා ද කට උත්තරයක් ලබාගෙන ඇත. පොලිස් පරීක්ෂක නිශාන්ත ලබා ගත් එම කට උත්තරය සටහන් කර ඇත්තේ 37/314 පොතේ අංක 509996-510000 දරන පිටුවලය. කෙසේ වෙතත් අපට අනාවරණය වී තිබෙන්නේ එම කට උත්තරය තුළ කෞතුකාගාර මෙහෙයුම සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු ඇතුළත් වී ඇති බවය.
පිළිතුරු සොයාගත යුතු ප්‍රශ්ණ ගණනාවක් තිබේ. ස්ටැන්ලිගේ භාර්යාව තම ස්වාමි පුරුෂයා වහා සොයා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවටත් කරන ලද පැමිණිල්ලෙහි කරුණු රාශියක් අඩංගු වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු පිළිබඳව එහි සඳහන් වේ. ගුණසේකර සහ නිශාන්ත යන අයවලුන්ගෙන් ස්ටැන්ලිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කට උත්තරයක් ගත්තාද?
එය හෝ වෙනත් කට උත්තරයක් ගැනීමට පරීක්ෂණ පවත්වන්නේ කොටුව පොලිසියද? දිවුලගල පොලිසියද? නො එසේ නම්, චෝදනාව එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවමද?
කළු වීදුරු සහිත ප්‍රභූන් පාවිච්චි කරන පන්නයේ වාහනයක් කෙතුකාගාර මෙහෙයුම සිදු වූ දා රාත්‍රියේ ඒ අවට සැරිසැරූ බවට ස්ටැන්ලිගේ කට උත්තරයේ සඳහන් වූ බවට ලැබෙන තොරතුරු ඇත්තක්ද?
ස්ටැන්ලි එසේ පැවසුවේ නම්, ඒ වාහනය ඔහු දුටුවේ තම සේවා ස්ථානය වන කලා භවන ආසන්නයේ ඇති නෙළුම් පොකුණ රඟහල අසල තැනකදීද? රජ කඩු සොරුන් නෙළුම් පොකුණ දෙසට ආවේයැයි (නෙළුම් පොකුණේ ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය වනුයේ ආරක්ෂක අමාත්‍යාංශය හරහාය.) පැවසෙන කතාවත් මේ කට උත්තරයත් අතර අනුරූපී සම්බන්ධයක් තිබේ ද?
කෞතුකාගාර මෙහෙයුමට සම්බන්ධ වූවන් පිළිබඳ ආසන්නතම හෝඩුවාවක් ලෙස දැකිය හැකි එම තොරතුරු දුන් ස්ටැන්ලි ලියනගේ මහ දවාලේ කොළඹ නගරයෙ දී අතුරුදන් වන්නේ අහම්බයකින් ද?
ආණ්ඩුව මේවාට උත්තර දිය යුතුය. සේපාලිකාට සැමියාත් දරු දෙදෙනාට පියාත් යළි මුණ ගැස්විය යුතුය. නිදහසටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් සිදු වී ඇති නස්පැත්තිය ජනතාව තේරුම් ගත යුතුය.
-විසිකු
2-
ජනරළ 2012.06.17 මුල් පුවත | විශාලිත දසුන- මෙතන ඔබන්න.
3-
'බස් රියේදී (නො) ගැයූ ගීතය'
-එස්. ලියනගේ
නොදන්නා තාලයට
රබානට තඩිබාන
බැරැන්ඩි කටහෙඟ
ස්වර කොහිද....
දුකම වළඳන ගීතය ගයන්නට
බස් රියට ගොඩ වැදුණු
ලාබාල කෙවිලිය....
වැඩි මහළු පාප කඳ
පවුලෙන්ම උරුම වී
මව්පියන් හා සහෝදර
බාලයින් රකින්නට
වීසි කළ තුරුණු විය....
ඔඩෙල් නෝලිමිට්
මැක්ඩොනල් ඇඩ් බෝඩ්
වේගයෙන් පහුවෙද්දී
කෙළිකමට උවමනා
තනපටක්වත් නැතිව
ඔහේ පූදින ළය මඬල....
සාගින්න ඉඟිකරන
අකීකරු ඈනුමට
හාමතේම ඉඩ නොදී
මිහිර ගිලගෙන
ගයන ගීතය.......
ඇසී නැසී නිදි බරිත
දැන උගත් බුද්ධිමත්
නෝනවරු මහත්වරු
පිං පතා විසිකරන
කාසියට පුළුවන්ද
පුබුදන්න සිනහවෙන්
දුක පිරුණු ජීවිතය......
Surath | සුරත්
[SEO Tags] Stanly Liyanage, Janarala, National Museum Sri Lanka, Art Gallery, John De Silva memorial theater, Nelum Pokuna
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
8
Comment(s)| ප්‍රතිචාර
මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) කියයි.|
Personal Quotes
තමන් ගමන් කළ යුත්තේ, නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින් ද, නොඑසේනම්, විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින් ද යන්න, සෑම මිනිසෙකුම තීරණය කළ යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus