BOONDI.LK| කවි බූන්දි| බොරැල්ලේ හුදකලා මධුවිතක ඇය සමඟ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
  තවත් කවි
ජින්නෝ | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[1]
මහගෙදර ඈ | විකුම් ජිතේන්ද්‍ර
ප්‍රතිචාර[2]
හාදුව | ජයන්ත නිමල් සිරි
ප්‍රතිචාර[0]
BOONDI • Kavi •
  කවි බූන්දි  
බොරැල්ලේ හුදකලා මධුවිතක ඇය සමඟ
ප්‍රතිචාර[0]
බූන්දි| | 19:34:34
වහින්න මහ වැස්ස
පුරවන්න මේ මධුවිත
ඉහිරී හැලී
මේසයෙන් පොළවට බිඳ බිඳ
රළ දිවෙන කළ හෝ ගා
බොරැල්ලේ මාවත් යටකර
නොලියාම කවි
විපත් පත් ජනයින්ට
කුහුඹුවකු සේ
පාවෙමි රුවන්පුරයට

ඉහල යයි දුම්වලා
බර අඩුයි වාතයට වැඩියෙන
කඩල ඇට ඇහිරූ
සිලි සිලි පුංච පුරවා
සිගරට් දෙකක දුම් පිඹ
නැඟී උඩු ගුවනට
පාව එනවා මම
පින් දී ආකිමිඩිස්ට

බීර සාගර කැළඹෙයි
ක්ෂීර පථයම හෙලවෙයි
ඇල්ෆා සෙන්චෝරි ගැලවී
මේසය යටට විසිවෙයි

ප්ලාස්ටික් මල්
ප්ලාස්ටික් ගස්
ප්ලාස්ටික් මිනිසුන් අතරේ
ඇහෙනවා ලබ් ඩබ් හඬක්
රුවන්පුර කඳු ලමැදේ

රුවන්පුරයේ රුවැත්තී
රුවන් සේ දිලි නෙතැත්තී
සදෙව් ලොව පීරා දිනනු බැරි
රන් රොමැන්තික් මුවැත්තී

පොඩි බබෙකු සේ
දනගාමි දැන් ඇය ලඟ
කරේ සිටි පඬියා
පැන ගියේ සක්වල පල්ලට
පැඟිරි හිවලෙකු
රිංගාන හදවත ඇතුලට
සොලවයි කෝෂිකා
මළගිය මල්වියේ රිද්මයට

හුරුපුරුදු මැදුරේ
රැකවරණයට වැඩියෙන
රොමැන්ටික් දෙවොලේ
අදිසි බිතු මට සදිසිය
දිසි වැසි සුළං වැද
නැඟුනාට හී ගඩු සියොලඟ
හෙම්බිරිසාවක
උණක
නිව්මෝනියාවක ලස්සන
ලෙඩ වෙන්න
විඳවන්න
වැලපෙන්න ඕනෑ දැන් මට
ශෝකයත් රසයකි
ප‍්‍රීතියත් කඳුලකි
රුවන් කඳු ලමැදට යා වන

ආසයි තෙමෙන්නට
ඔබේ ආදර වැස්සට
ලොල් වෙමි දැවෙන්නට
ඔබ නොමැති කතරක ගින්නට

පිය දසුනී පිය වදනී
වන සැවුලී පිපි කමලී


Isuru Prasanga | ඉසුරු ප්‍රසංග
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
Castro says...| Personal Quotes
Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]