BOONDI.LK| කතන්දර බූන්දි| ෆාතිමාගේ විභාගේ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[1]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
අලුතෙන්ම!
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[1]
තවත් කතන්දර
ආදරයට වෙඩි තියන්න
|
සෝමසිරි ඒකනායක
[2]
බොහොඬෙක්
|
ඇන්ටන් චෙකොව්
[1]
අවන්හල
|
රුවන් එම්. ජයතුංග
[0]
අදෘශ්‍යමාන හාදුව
|
තිළිණි ෂැල්වින්
[0]
වෘකයා සහ බැටළු පැටවා
[0]
අංශක 110
|
දසුනි හෙට්ටිආරච්චි
[0]
ගැබ්බර හිතට ගබ්සාවක්
|
හෙන්රි වර්ණකුලසූරිය
[1]
The Cobra Woman and Her Visitor
|
අජිත් පැරකුම් ජයසිංහ
[0]
හොඳයි... මං අහන්නෙ ?
|
රුවනි සිසිජා ජයකොඩි
[1]
අපරිණත පේ‍්‍රම සම්බන්ධයක්
|
සමර විජේසිංහ
[1]
අක්ෂර සෙනග-
[කතන්දර ]
[20/78]
අනුෂ්ක
ඉසුරු
සංජීව
රුවන්
ඇන්ටන්
ශිව්
කේ.ජයතිලක
රුවන්
රුස්කින්
සංඛ
සයිමන්
වික්ටර්
අමිල
ලියෝ
ජේම්ස්
කේට්
නයෝමී
බී.ජී.එම්.
කේ.කේ.
රන්සිරිමල්
BOONDI • Sookiri • •
කතන්දර බූන්දි
ෆාතිමාගේ විභාගේ
[0]
බූන්දි| | 09:10:02
කළු ගඟ පිටාර යන්න තරම් වැසි නොවැටුනාට යාන්තමට වහින වැස්සටත් පාලින්දනුවර මාර්ගය දිස්වුනේ කළු ගෙඟ් අතු ශාඛාවක් විදියටයි. වාර අවසාන විභාගයට පෙනී සිටීමට නිවසින් එළියට පැමිණි ෆාතිමා අහස දෙස බැලුවේ අල්ලාහ් දෙවියන් කලු අහස් දිය යටින් තමා දෙස බලනු ඇද්දැයි විපරීමට.
"අල්ලාහ් දෙවියෝ ඉන්නවනම් මට අද ඉස්කෝලේ යන්න පුළුවන්, ඒත් අල්ලාහ් දෙවියෝ මාව විභාගයෙන් ෆේල් කලොත් ආපහු මට කවදාවත්ම ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ." තවමත්
වර්ෂාව හරි හැටි පායා නොමැති අහස දෙස බලමින් ෆාතිමා අඩක් හීල්ලුවා.
"උඹලට පිස්සු, තව මාස දෙක තුනකින් මේකිව මොහොමඩ්ගේ පුතාට තීන්දු කලාම ඉස්කෝලේ යව යව ඉන්න වෙන්නේ නැහැ. ඔය අතේ මරතෝඬිය ගගා ඉන්න වෙලේ නරකද මස් ටිකක්, වටලප්පන් ටිකක් හදන්න පුරුදු කලාම" මහම්මා උජාරුවට කියවගෙන ගියා.
"මටත් හරියට ඉගෙන ගන්න බැරිවුන එකේ මහම්මේ, මම හිතන් ඉන්නේ නස්නාව සාමාන්‍ය පෙළ වෙනකම් හරි ඉස්කෝලේ යවන්න" මම්මාගේ වචනය ෆාතිමාට නැවුම් බලාපොරොත්තුවක් ගෙනාවා. ඒ කියන්නේ මට තව අවුරුදු දෙකක් අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් ඉස්කෝලේ යන්න පුලුවන්. දොරේ ගලායන ගං දියට ෆාතිමා තමන්ගේ සතුට අත් අස්සෙන් දික්කර පෙන්වා සුරුකිව තබා ගත්තා.
"යකෝ කෙල්ලෙක් කියන්නේ බරක්, උන්ව ගෙදර තියන් ඉඳලා වැඩක් තියෙනවද? කසාදයක් කරලා දීලා ළමයි හදලා මනුස්සයාගේ ඕනෑ එපාකම් කරන්න තමයි අල්ලාහ් කෙල්ලන්ව මවලා තියෙන්නේ. ඒ නිසා උඹ පණ්ඩිතකම් කියවන්නේ නැතිව මේකිගේ ඉස්කෝලේ ගමන අදම නවත්තපන්. මම කොහොමත් උඹේ පැටිකිරිය අස්ලම්ට කියන්න තමයි ඉන්නේ, ඌ ගියපාර කෝල් කරපු වෙලාවෙත් කිව්වේ මංගල්ලේ ඉක්මන් කරන්න ඕන කියලයි" මහම්මා කියවගෙන කියවගෙන ගියා, මම්මා දිගම දිග සුසුමක් හෙලුවා, ෆාතිමාගේ ඉස්කෝලේ ගමන කළු ගඟ පිටාර නොගිය දිනකම, පාලින්ද නුවර ගඟ දියට යටවුනු දිනයෙම ගංදියට සතුට දික්කර පෙන්වූ දිනයේම සදහටම නැවතුනා.
ෆාතිමා නිවසින් එළියට පැන්නා. කළු පාට පර්දාව ජීවිත කාලයේම සින්න වෙන ශරීරය අද විතරක් අවසානයට ඇඳි සුදුපාට ඉස්කොලේ ඇඳුම වැස්සට තෙමෙනකම්, ඉනවටක් වතුරට ෆාතිමා දිවගියා.
"ලොකුවෙලා මාස දෙක තුනයි, බලපන්කෝ මේකිගේ ඇඟ හැදිලා තියෙන විදිය. ඔහොම එළියේ දැඟලුවොත් මේකිව සහනාධාර බෙදන්න ආපු එකෙක් උස්සන් යනවා. එන්න කියපන් ඇතුලට. " මහම්මාගේ ගොරනාඩුවට මම්මාට විරුද්ධ වෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ.
"නස්නා, ඉන්ග වා" ඒ විදානයේ මම්මාට වඩා තිබුනේ මහම්මාගේ ස්වරය බව ෆාතිමාට වැටහුනු හෙයින් වරක් දෙවරක් නොසිතාම ෆාතිමා තමන්ගේ නිවස ඇතුලට පැන ගත්තා.
තෙතබරියන් වෙලා තිබුණු ඉස්කෝලේ ඇඳුම ගලවන්න නිනව්වක් නොමැති ෆාතිමාට ඒ සඳහා ඉස්පාසුවක් ලැබුනේ මම්මාගේ කන්දොස්කිරියාව ආරම්භ වීමත් සමඟයි.
"දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹට දැන් වෙන්නේ මොහොමඩ්ගේ පුතා හිලූර්ගේ ගෑණි විදියට ළමයි හය හත්දෙනෙක් හදාගෙන ගෙදරට වෙලා ඉන්න. මොනා කරන්නද බං අපි ගොඩක් බැඳීම් එක්ක ජිවිතේ ගෙවන්න පහළවුන ගැහැණුනේ. " මම්මා කියවගෙන ගියා.
"කෙහෙල් මල" ෆාතිමාගේ හිත තදේටම තමන්ටම කියා ගත්තා.
" මම්මා මේක හරි අසාධාරණයි, එහා ගෙදර සෆ්රාන් නානා දැන් කැම්පස් යනවා. එයාගේ තම්බි මශාරික් මවුලවි වෙන්න පල්ලියේ ඉගෙන ගන්නවා. මාව විතරක් ඇයි නමයේ පන්තියෙන් ඉස්කෝලෙන් අස්කරන්නේ. අනික මහම්මලාගේ කාලේ වගේ නෙමෙයි. දැන් ගැහැණු පිරිමි කියලා බේදයක් නැතිව ඉගෙන ගන්න ඕන. " ෆාතිමා කියවගෙන කියවගෙන ගියත් ඇයගේ මවට අසා සිටිනවා හැරෙන්න කල හැක්කක් තිබුණේ නැහැ.
"අර ලිපේ කන්ජි ටිකක් ඇති බීපන්, ගං වතුර නිසා හම්බවුණ හාල් කිලෝ පහත් මහම්මා අරගෙන ගියා"
* * * * *
දින 07 තිස්සේ පාලින්ද නුවර තිබුණු ගංවතුර ඉන් දින 84 කට පස්සේ සේයාවක් වත් නොවුනු තැනට වියලී ගොස් තිබුණා. ගංවතුරෙන් 91 වන දිනයේ හිලූර්ගේ කසාද ගෑණි විදියට පල්ලියේ මවුලවිවරු ඉදිරියේ සහේට යාමට ෆාතිමාට සිද්ධ වුණා.
අවුරුදු 14 යි මාස 08 යි දින 11 වයසැති ෆාතිමා, කසාද ජීවිතය තියා ළමා ජීවිතේවත් හරිහැටි නොදන්නා කෙල්ල අවුරුදු 29 යි මාස 03 යි දින 17 ක් වයසැති හිලූර්ගේ කසාද ගෑණි වුණා.
"අස්සලාම් මලෙක්කුම්"
"මලෙක්කුම් සලාම්"
"මේ කසාදේ ගැන කාටවත් විරෝධතා තිබෙයිද? " මවුලවි උත්සව සභාවෙන් විමසුවා. ෆාතිමා මම්මා දිහා බැලුවා. මම්මා හිටියේ පල්ලියේ එහා කොනේ. ෆාතිමා දුටුවේ මම්මා පර්දාවෙන් මුහුණ වසා ගන්නවා විතරයි. පල්ලියේ උස බිත්තියේ එල්ලෙන මක්කම දේවස්ථානයේ පින්තූරය විතරයි ඒ වෙලාවේ ෆාතිමා දිහා බලන් හිටියේ. අනෙක් හැමෝගෙම ඇස කෙවෙනි වල හිටියේ හිලූර්ගේ තේජාන්විත රූපය විතරයි.
"ඉන්ෂා අල්ලාහ්, එහෙනම් මේ විවාහය තීන්දුයි. " මවුලවි කුරාණය වැසුවා. මඟුල් ගෙදර හැමෝම සවානේ කෑම කනවා ෆාතිමා බලන් හිටියා. බැදලා තිබුණ හරක් මස් ෆාතිමා දැක්කේ තමාගේ මාංශය වගේ. හැමෝම තළු මර මර හක්කේ ඒ පැත්තට මේ පැත්තට දම දම ඇද ඇද මස් බුදිනවා. අස්ලම්ගේ අතේ හිලූර් දහකොල දහයක් ගුලිකරනවා ෆාතිමා දැක්කා. බඳින දවසට ගැහැණු දරුවාගේ පියාට සල්ලි කීයක් හරි දෙන එක ඉස්ලාම් ආගෙමි විවාහ චාරිත්‍රයක්. ඒක හරියට අපි සල්ලිවලට ගැහැණියක් ළඟට යන එක හා සමාන කරන්න බැරි වෙන්නේ ඒක ආගම් චාරිත්‍රයක් හින්දයි.
* * * * *
කසාද බැඳපු දවසේ මංගල රාත්‍රියේම කෙල්ලක් ගැබ්බර වෙනවා කියන්නේ ඒක පිරිමියාගේ හැකියාව කියලා අපේ පුරුෂ මූලික සමාජයේ සමාජයේ පිළිගැනීමක් තියෙනවා. හැබැයි පිරිමියෙක් අතින්වත් අල්ලලා නැති කෙල්ලක් පිරිමියෙක් සමඟ යහන්ගත වෙන පළමු රාත්‍රියේම ගැබ්බර වෙන්නේ ඒ කෙල්ලගේ තියෙන කුළුඳුල් කමට කියලා පිලිගන්න අපේ සමාජය සූදානම් නැහැ. ඒ කොහොම වෙතත් ෆාතිමා පළමු දවසේ රාත්‍රියේම ගැබ්බරවී තිබුණා.
"මේකිගේ අකමැත්තට කසාදෙ කලා කියලා ඔප්පු කරන්නද කොහෙද මේකි නොකා නොබී ඉන්නේ, කොහෙද අපේ එකාට මං කීවතාවක් කිව්වද ඩුබායි වලින්ම කෙල්ලක් හොයා ගනින් කියලා. මේකි ඉතින් ආපු දවසේ ඉඳලම ලෙඩ ලෙඩ. මං දැන් ඉන්නේ ටික දොහක් බලලා අපාහු අස්ලම්ගේ ගෙදරටම මේකිව ගිහින් දාන්න කියාලා හිලූර්ට කියන්න" නැන්දම්මා හැමනිතරම ෆාතිමාට කිව්වේ ආඩපාලි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව කල හිලූර්ට විවාහය සඳහා අරාබිකාරයන් ලබාදී තිබුණු දින හතලිස් පහ අවසානයේ නැවතත් රැකියාවට යාමට සූදානම් වුණා.
"අම්මා කියපු නිසා මම ඔයාව ඔයාලගේ ගෙදර නවත්තලා යන්නම්, මම ආපහු වැකේෂන් එන්නේ තව මාස හයකින්. ඒ ආවම අපි ළමයෙක් හදන්න බලමු. ඔයා මේ මාස හයේ හරියට බෙහෙත් කරලා ඔය බඩේ කැක්කුම හොඳ කර ගන්න" කටුනායක ගුවන් තොටුපළෙන් හිලූර් රැගත් ගුවන් යානය පිටත් වුණා. ෆාතිමා රැගත් හයිඑස් වෑන් රථය පාලින්දනුවර බලා පිටත් වුණා.
"අනේ මම්මේ මට නිකම් ඔක්කාරය වගේ, අනේ වාහනේ ටිකකට නවත්තලා මට බොන්න මොනවා හරි අරන් දෙන්නකෝ " ෆාතිමා ඉවසිය නොහැකි තැන සිය මෑණියන්ට කතා කලා. ඒ වෙන කොටත් ෆාතිමා හිටියේ වාහනයේ පිටුපස අසුනේ දිගා වී.
"දැන් දවස් ගාණක ඉඳලානේද ඔය අමාරුව තියෙන්නේ. නස්නා ඔයා හිලූර්ගේ අම්මාට ඕක ගැන කිව්වේ නැද්ද? " මම්මා ෆාතිමාගෙන් විමසුවා.
"කිව්වා මම්මා, ඒත් එයා ඒක ගණන් ගත්තේ නැහැ" ෆාතිමා ඇඬූ කදුලින් උත්තර දුන්නා. වත්තල හන්දියේ කඩේකින් සමෝසායි බීමයි අරගෙන වාහනය පිටත්වුනේ ඒ වන විට ෆාතිමාගේ බඩේ රුදාය අඩුවී තිබුණු නිසයි. නැවතත් කළුතර පාළම කිට්ටුවදී ෆාතිමා තමන්ගේ බඩ අල්ලාගෙන කෑ ගැහුවා.
"අපේ මහත්තයා මේක බලන් ඉඳලා හරියන්නේ නැහැ අපි පිලිප්ස් එකටවත් නස්නාව අරන් යමුද? " මම්මා ෆාතිමාගේ වේදනාව බලාසිටිය නොහැකි තැන අස්ලම්ට යෝජනා කලා.
"හ්ම්" අස්ලම් සිය එකඟතාවය පළ කලා.
අවුරුදු 14 යි මාස 09 යි දින 26 ෆාතිමාගේ වසය. ඇයට පසුගිය මාසයේ ඔපස්වීම සිදුවී නැහැ. වෛද්‍යවරයාගේ වාර්තාව හා නිර්දේශය ෆාතිමා දින හතලිස් පහක් සම්පූර්ණවූ ගැබිණියක්. එම වෛද්‍ය වාර්තාවේ මෙසේද සටහන්ව තිබුණා. අඩුවයස් ගැබිණියක් වන හෙයින් ගර්භාෂයෙන් පිටත ළමයා හැඳීමේ අවධානමක් සහිතයි.
* * * * *
දවස් හතලිස් පහක් යනකම් ෆාතිමාව එළියට එවන්න එපා. කවුද දන්නේ ඔය ළමයා හිලූර්ගෙද නැත්තම් වෙන කාගෙද කියලා. මේකිට තිබ්බ විසේ හැටියට අපිට එහෙම හිතන්නත් සිද්ධ වෙන එක සාධරණයි. මොකද මම අද හිලූර්ට කෝල් කරලා ඇහුවා. ඌ කිව්වේ ෆාතිමාත් එක්ක හිටියේ දවස් දෙකයි කියලායි. දවස් දෙකක් හිටපු පලියට එහෙම වෙන්න පුළුවන්ද? මම ඒකයි කියන්නේ මට මේ හම්බ වෙන්න ඉන්න එකා හිලූර්ගේ කියලා විශ්වාස නැහැ කියලා. හිලූර්ගේ අම්මා කියවගෙන කියවගෙන ගියා. ෆාතිමාගේ පාර්ශවය කිසිවක් කියන්නේ නැතිව බිම බලාගෙන හිටියා.
"ඇයි මුන්ට අහන්න බැරි කෙල්ලක් කොල්ලෙක් එක්ක හරි සරු භාවයක් තියෙන මිනිහෙක් එක්ක හරි දවසක් නෙමේ තත්පර 10 ක් හිටියත් ගැබ්ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා" ෆාතිමාගේ හිත විතරක් හයියෙන් කතා කලා. මුලදී දවසට කිහිප වතාව කෝල් කලා හිලූර්ගේ ඩුවායි ඩූ සබඳතාවය දැන් දැන් වැඩි වෙලාවක් තිබුනේ "ඔබ ඇමතූ ග්‍රාහකයා ප්‍රතිචාර නොදක්වයි" කියන පසුබිමේ. ඉඳලා හිටලා අරාබි ගීතයක් ශ්‍රවණය වුණ මොහොතක අවසානයේ ෆාතිමාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ දක්නට ලැබුනේ නෝ ආන්සර් කියන වචන ටික විතරයි. දැන් ෆාතිමාගේ වයස කෙසේ වෙතත් බඩට මාස හතයි. මාස හයෙන් වැකේෂන් එනවා කියලා ගිය හිලූර්ගේ කොම්පැනිය හිලූර්ට අවුරුදු දෙකක් යනකම් නිවාඩු දෙන්නේ නැතිලූ. ෆාතිමා ඒක දැන ගත්තෙත් හිලූර්ගේ යාළුවෙකුගෙන්.
"දැන් මොකද කරන්නේ, මට පේන්නේ මිනිහා දුවව මඟ හරිනවා. නැත්තම් වුවමනාවක් තියෙන මිනිහෙක් නම් අනිවාර්යෙන් වැකේෂන් එන්න පුළුවන්. මොකද ඩුබායි කියන්නේ මම නොහිටපු තැනක් නෙමෙයිනේ, මම හිතුවා කෙල්ලට මේදේ වෙයි කියලා. කොහිද ඉස්කෝලේ යන කෙල්ලව බන්ඳලා දෙන්න තමුසෙට මාර අමාරුවක්නේ තිබ්බේ. දැන් ඒ අමාරුව සනීප ඇතිනේ. අප්පෙක් නැති දරුවෙක් වඳන්න වුනා. " අස්ලම් දොස් කිව්වේ ෆාතිමාගේ අම්මාට. මේ වෙලාවේ මහම්මා සාලයේ ඉඳලා කියවාගෙන ගේ ඇතුලට "මමත් කිව්වා බං, කොහෙද අම්මටයි දුවටයි හරිම අමාරුවක්නේ තිබ්බේ මූ ගැන"
* * * * *
හිලූර්ගෙන් එස්. එම්. එස් එකක් හම්බවුනා. ඒකත් ෆාතිමා අඳුරන හිලූර්ගේ යාළුවෙකුගේ ෆෝන් එකකට. " හිලූර් මොනවද ඒකේ කියලා තිබ්බේ. " ෆාතිමා ඒක දැන ගන්න ඉතාමත් උනන්දු වුණා.
"හිලූර්ගේ මලබාරි යාළුවාගේ වයිෆ්ට කේරලේදී ළමයා හම්බ වෙලාලු. ඒ සතුටට මලබාරියා කට්ටියටහ ලඩ්ඩු බෙදුවාලූ. ඊට පස්සේ හවස බාඩුබායි වල තියෙන කල්පක කියන මලබාරි රෙස්ටූරන්ට් එකේ කට්ටියටම බියර් පාටියක් දුන්නාලු. "
"අන්න ගෑණිටයි දරුවටයි ආදරේ කරන මිනිස්සු" ෆාතිමාට ඉබේම කියවුණා.
"තමන්ගේ දරුවා ඉපදෙන වෙලාවේ ගෙදර එන්න බැරිවුණත් ඒ සතුට තමන් ඉන්න තැනක හරි සමරන්න ඒ මිනිහට කොන්දක් තිබ්බා" තමන්ගේ දින හතලිස් පහේ ස්වාමියාවූ හිලූර්ට නොමැති කශේරුකාව ගැන ෆාතිමා තම අදහස පල කලා. අස්ලම් වගේම නස්නාගේ අම්මාත් ෆාතිමාගේ මේ ප්‍රකාශය අනුමත කරන්නා සේ බිම බලා ගත්තාත් හිලූර්ගේ යාළුවා තකට කොනකින් හිනාවෙනවා ෆාතිමා දුටුවා.
"ඇයි මශාරික් ඔහොම හනි වෙන්නේ, මම කිව්වේ ඇත්තනේ " ෆාතිමා තමන්ගේ මතය සනාථ කිරීමේ අටියෙන් මශාරික්ගේ මුහුණ දිහා බැලුවා. මශාරික් පිටත්වෙන්න නැගිටින ගමන්. .
"ඔව් ඔයාගේ කතාව නම් ඉන්ෂල්ලාහ් හරි, ඒත් හිලූර් අන්තිමට එස්. එම්. එස් එකේ කියලා තිබුණා ඒ මලබාරි යාළුවා අවුරුදු තුනකින් වැකේෂන් ගහින් නැහැ කියලා" හිලූර් සේම හිලූර්ට අදාල සනුහරේම ඉන්නේ මොන ස්ථාවරයේද කියලා තේරුම් ගැනීමේ හැකියාවක් මශාරික්ගේ අදාල ප්‍රකාශයේ ගැබ්ගෙක තිබුණ වගක් අමුතවෙන් තේරුම් ගන්න දෙයක් ෆාතිමාට වත් සනුහරේට වත් වුවමනා වුනේ නැහැ.
* * * * *
ඉන් මාස දෙකක අවෑමෙන් ෆාතිමා ලස්සන බෝනික්කියක් මෙළොවට ජනිත කලා. දොස්තර මුලදී කිව්වා වගේ ගැබිණිය අඩුවයස් නිසා කළලය පිහිටා තිබුනේ ගර්භාශයෙන් එළියේ. ඒ නිසා ෆාතිමාට දරුවා බිහිකරන්න සිසේරියන් සැත්කම දායක වුණා. බඩේ කැපුම් තුවාල හිලූර්ගේ සාහසික හැරයාමේ වේඳනාව තරම් දරුණුවට ෆාතිමාට දැනුනේ නැහැ. ඉස්පිරිතාලේ දින දෙකකින් පස්සේ ෆාතිමා දරුවාව තුරුලු කරන් පාලින්දනුවර ෆාතිමාගේ නිවසට ගියා. දරුවා නිවසට රැගෙන ආපු රාත්‍රියෙත් ෆාතිමා ඉස්පිරිතාලේ නවත්තන්න ගියදා රාත්‍රියේ වගේම ආගමික ගල් ප්‍රහාර කිහිපයක් ෆාතිමාගේ වහලයේ ඇති ටකරන් මතට පතිතවුණා. "ඔය රිපෝට් ටික නැතිවෙන්නේ නැති තැනක තියපන්. " පියෙකුගේ නම නොමැති ෆාතිමාගේ දරුවාගේ උප්පැන්නයයි, දසින හතලිස්පහක ස්වාමිපුරුෂයා ලබාදුන් විවාහ සහතිකයයි ෆාතිමා තමන්ගේ ඉස්කෝලේ සහතික තිබුණු ෆයිල් කවරයටම දමා වැසුවා. ෆාතිමාගේ ඇසින් වැටුණ කඳුළු බිංදුව ඇයගේ නවය වසරේ ප්‍රගති වාර්තා පොතේ දෙවැනි වාරයේ ලකණු ලබා ගන්න තිබුණු පිටුවටම වැටී බොඳව ගියා.
* * * * *
කළු ගඟ පිටාර යන්න තරම් වැසි නොවැටුනාට යාන්තමට වහින වැස්සටත් පාලින්දනුවර මාර්ගය දිස්වුනේ කළු ගෙඟ් අතු ශාඛාවක් විදියටයි. තමන්ගේ දියණියව සායනයට අරන් යන්න නිවසින් එළියට පැමිණි ෆාතිමා අහස දෙස බැලුවේ අල්ලාහ් දෙවියන් කලු අහස් දිය යටින් තමා දෙස බලනු ඇද්දැයි විපරීමට.
"අල්ලාහ් දෙවියෝ ඉන්නවනම් මට අද ක්ලීනික් යන්න පුළුවන්, ඒත් අල්ලාහ් දෙවියෝ මාව ගංවතුරට ගසාගෙන යන්න සිදුකලොත් ආපහු මට කවදාවත්ම ක්ලීනික් යන්න වෙන්නේ නැහැ" තවමත් වර්ෂාව හරි හැටි පායා නොමැති අහස දෙස බලමින් ෆාතිමා අඩක් හීල්ලුවා.
Nuwan Nirodha | නුවන් නිරෝධ
[SEO Tags] Sri Lankan Short Stories
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ලියෝන් ට්‍රොට්ස්කි කියයි.|
Personal Quotes
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus