BOONDI.LK| කවි බූන්දි| වැවක කව
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
ප්‍රතිචාර[3]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  කවි  
  කරන්ට්ස්  
  පරිවර්තන  
  හයිකු  
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
  තවත් කවි
හෙට | දමිත් උදයංග දහනායක
ප්‍රතිචාර[1]
රතු හැට්ටකාරී | ඉන්දික ගුණවර්ධන
ප්‍රතිචාර[2]
නැටුම | ඉසුරු චාමර සෝමවීර
ප්‍රතිචාර[2]
නිදි කුමාරිය...... | කපිල එම්. ගමගේ
ප්‍රතිචාර[0]
කොන්දෙක්මි. | භාතිෂ අකලංක සිල්වා
ප්‍රතිචාර[3]
හැටේ වත්තේ මග්දලේනා | සෞම්‍ය සඳරුවන් ලියනගේ
ප්‍රතිචාර[1]
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය | එරික් ඉලයප්ආරච්චි
ප්‍රතිචාර[1]
මහගෙදර ඈ | විකුම් ජිතේන්ද්‍ර
ප්‍රතිචාර[0]
හාදුව | ජයන්ත නිමල් සිරි
ප්‍රතිචාර[0]
අනෙකාගෙන් බැහැර වීම හෙවත් සදාකාලික පේ‍්‍රමය මුණගැහීම | තුෂාරි ප්‍රියංගිකා
ප්‍රතිචාර[1]
BOONDI • Kavi •
  කවි බූන්දි  
වැවක කව
ප්‍රතිචාර[1]
බූන්දි| | 09:04:43
සොරොව් වැසූ වැවකිය මගේ හදවත
විලක් නොවෙයි හිස් වූ විට දිය උනන
සකල සෙනෙහෙ දිය අත්කරගෙන එවැව
ඉගිලුණු නුඹට හමුවූවෙද නිලන විල

උරුමය මිසක කිළි කුණු කැලිකසළවල
වැවකට කොහිද විල් නෙළුමක හැඩ මහිම
මට දුක එවන් උන්මන්තක සිරිය යට
රකුසන් නුඹ රවටනවාටය සොඳුර

සිතුවිලි කෙතක් අස්වද්දන්නට තිබුණ
නුඹ ගෙන ගියෙහිය ආදර වතුර ටික
දැන් නම් නුඹම ආපසු ආවත් මවෙත
බැමි බිඳුනෙන් වැව පුරවන්නට නොහැක

නුඹ රකුසෙකුට බිසවක වූ නිසා නොව
බිසෝකොටුව සේ සුරකින්නේ මතක
අතීතය මුදා නොයවයි පිටවාන
සිඳිනු මිස වැවක් රවටන්නේ කොහොම

ආදරයක් කියා කිසිවක් ඇතිද ලොව
ආසා රැසින් බිහි විය මේ ඉඩෝරය
ගිය එක හොඳයි හරිහැටි නොපිපුණු නෙළුම
මෙහෙව් වැවක නුඹ දුක් විඳිනුයෙ කුමට

[යටි වියන]


Lakshantha Athukorala | ලක්ශාන්ත අතුකෝරල
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
1 Comment(s)| ප්‍රතිචාර
ජුලියන් අසාංශේ කියයි.| Personal Quotes
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැ‍ඟෙන කාර්යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩ නැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරු බවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ....