BOONDI.LK| වෙසෙස් බූන්දි| Occupy Everywhere | 99%ක් පීඩිතයන්ගේ රිවස් ගියර් නැති වීදි විප්ලවය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් වෙසෙස්
"ඔබේ මල් අමතක කරන්න එපා" - රාණි ගේ කතාව
|
රෝමා ටියාර්න
[3]
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
[1]
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි!
|
තිළිනා වීරසිංහ
[0]
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
[3]
ලොව විශාලතම එළිමහන් සිර කඳවුර- පලස්තීනය- ඊයේ, අද සහ හෙට
|
සංඛ කිරිඳිවැල
[2]
වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා....
|
නාලක ගුණවර්ධන
[2]
බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා!
|
සුරත්
[4]
ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.| සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව
[0]
බහරේන් අරගලයේ තරු ලකුණ- නබීල් රාජාබ්
|
නද්යා භාෂිණී අමරනායක
[3]
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට.....
|
සුමුදු තිවංක ගමගේ
[1]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/52]
සුනන්ද
අරුන්දතී
දර්ශන
ගෝරන්
සංඛ
ජයලාල්
රුවන්
ගාමිණී
රිචඩ්
ආදිත්‍ය
සනාල්
චූලානන්ද
මාලතී
ප්‍රසාද්
දේවක
මොහොමඩ්
නිර්මාල්
තුෂාරි
ඬේව්
BOONDI • Currents • •
වෙසෙස් බූන්දි
Occupy Everywhere | 99%ක් පීඩිතයන්ගේ රිවස් ගියර් නැති වීදි විප්ලවය
[2]
බූන්දි| | 20:10:02
අප දැන් ජීවත් වෙමින් සිටින්නේ,
සෞඛ්‍ය විනාශ කරමින් සිටින වෛද්‍යවරුන් සිටින්නාවූත්,
යුක්තිය විනාශ කරමින් සිටින්නාවූ නීතිඥවරුන් සිටින්නාවූත්,
දැනුම විනාශ කරමින් සිටින විශ්වවිද්‍යාල පවතින්නාවූත්,
නිදහස විනාශ කරමින් සිටින ආණ්ඩු පවතින්නාවූත්,
තොරතුරු විනාශ කරමින් සිටින පුවත්පත් තිබෙන්නාවූත්,
සදාචාර වටිනාකම් විනාශ කරන ආගම් පවතින්නාවුත්,
ආර්ථිකය විනාශ කරමින් සිටින බැංකු පවතින්නාවුත්,
රටක සමාජයකය....!
-ක්‍රිස් හෙජස්
[
Facebook/OccupyCanada
]
අපි ජීවත් වෙමින් සිටින්නේ ධනේෂ්වර සමාජයක. ඈත පිටිසර ප්‍රදේශයක වගාකරන ගොවිපලක එළවළු ගණුදෙනුවක් වගේම ජාත්‍යන්තරව සිද්ධ වෙන විදේශ විනිමය ගණුදෙනුවක්
දක්වා වූ සියළු ගණුදෙණු තීරණය කරන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යාය මත. මේ සදහා අතර මැදට පැමිණෙන මැනුම් ඒකකය තමයි මුදල් කියන්නේ. ආර්ථික විද්‍යාවට අනුව මිල කියන්නේ "අදෘශ්‍යමාන හස්තයක්". ඒ ධනේෂ්වර ක්‍රමය ක්‍රියාත්මක වෙන කොතනක හරි සිද්ධවෙන ගණුදෙනුවක මිල තීරණය කරන්න ඉල්ලුම සැපයුම බලපානවා වගේම ඒක පාලනය වෙන්නෙ ඊට නියමවන මිල හරහා. වෙළදපොල තමයි මේ ක්‍රමයේ කේනද්‍රීය සාධකය. වෙළදපොළ ක්‍රමය යටතේ මානව සමාජය වෙනුවෙන් වුණු යාන්ත්‍රණ සකස් කරලා තියෙනවා. ඒ යාන්ත්‍රණ වලින් ප්‍රධාන ඒවා තමයි ඉහත දක්වලා තියෙන්නෙ. වඩාත් දියුණු ධනේෂ්වර ලක්ෂණ සහිත සමාජයක් ගත්තොත් මේවගේ යාන්ත්‍රණ මගින් තමයි සමස්ත සමාජයම ක්‍රියාත්මක වෙන්නෙ. ඒවා මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයත් එක්ක ඓන්ද්‍රීයව බද්ධ වෙලා තියෙනවා. මේ සියල්ල එකම ක්‍රමයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නෙ.
ලංකාව වගේ පසුගාමී ධනේෂ්වර රටක මෙවගේ යාන්ත්‍රණ නිවරැදිව ක්‍රියාත්මක නොවුණත් ධනේෂ්වර රටවල සමාජය සියළු තැන් වල මෙකී යාන්ත්‍රණය විහිදිලා යන ආකාරය දකින්න පුළුවන්. ඒවා ඒ සමාජයේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක එකට ගැටගැහිලා තියෙන්නෙ. අපි විසින් අනුගතව ඉන්න මේ ක්‍රමය වැරදියි කියන්න කරුණු ඉදිරිපත් වුණොත් මොකද වෙන්නේ?
දේශපාලන න්‍යාය ඇතුලෙදි ධනවාදයට විරුද්ධව කරුනු කාරණා බොහෝමයක් එල්ල වුණත්, සැබැවින්ම එකී පාලනයන් ක්‍රියාත්මක රාජ්‍යයන් ඇතුලෙන් එකී ක්‍රමය ප්‍රශ්ණ කරන අරගල ඇතිවුණේ නෑ. මෙනිසාම දේශපාලන න්‍යාය ඇසුරෙන් සිදුකෙරුණු විවේචනයන් සදහා වන සමාජමය පිළිගැනීම ලබාගැනීම අපහසු වුණා. දේශපාලන න්‍යායයන් ඇසුරෙන් සිදුකෙරෙන විවේචනයන් සුලබ වුණත් දියුණු ධනේෂ්වර සමාජය තුළින් එල්ලවන විවේචන මොනවාද?
අරාබිකරයේ තිබුණු ඒකාධිපති රාජ්‍යපාලනයන් විරුද්ධව හටගැණුනු උද්ඝෝෂන මාලාවෙන් අනතුරුව එකී උණුසුම ඇමරිකාවට සහ යුරෝපයට ඇදී ගියේ
Occupy ව්‍යාපාරය
හරහා. මේ රටවල ඇතිවුනු දැඩි ආර්ථික අවපාතයන්ගෙන් පීඩා විදිමින් සිටි පිරිස් විසින් දේශපාලන ආර්ථික ක්‍රමය ප්‍රශ්ණ කිරීම කෙමෙන් විධිමත් ව්‍යාපාරයක් දක්වා වර්ධනය වුණා. අරගලයක් වශයෙන් මේ වන විට එහි වන සක්‍රීයතාවයේ අඩුවක් මේ වන දක්නට ලැබුණත්, ඉන් සිදුකෙරුනු ප්‍රශ්ණ කිරීම් හා ජනතාව දැනුවත් කිරීමෙන් වූ බලපෑම සීග්‍රලෙස ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ධනේෂ්වර ක්‍රමයේ කළු මුහුණුවර ඉන් නිරාවරණය කරනු ලැබුවා.
"අපි 99% ට අයත් වූවන්"-
සීයයට එකක් ඇමරිකානුවන් රටේ සමස්ත ධනයෙන් වැඩි ප්‍රමාණයක් භුක්ති විදීමත් සමග ඇතිවුණු ආර්ථික අසමානතාවත් ඇතුළු සමස්ත ආර්ථික විෂමතාවයන්ට එරෙහිවයි ඒ සටන් පාඨය ගොඩනැගුනේ. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යඥයෙකු වන
ජෝෂප් ස්ටිග්ලිට්ස්
ට (Joseph Stiglitz) අනුව සංවර්ධිත රටවල් අතරින් වඩාත් වැඩිම ආර්ථික විෂමතාවයක් තියෙන රට
ඇමරිකා එක්සත් ජනපදය
යි. මීට පෙර
ක්ලින්ටන්
ජනාධිපතිරයාගේ ආර්ථික උපදේශයෙකු වශයෙන්ද ක්‍රියාකර ඇති ඔහු විසින් ධනවාදී ක්‍රමය යටතේ ඉතාසුළු කොටසක් විසින් අතිමහත් ධනස්කන්ධයක් භුක්ති විදීම පිළිබදව ඉදිරිපත් කරන විග්‍රහය අතිශයින්ම වැදගත්.
"අසමානතාවය සාධාරණීකරණය කිරීම සදහා 19 වන සියවසයේදී අරන් ආපු න්‍යාය තමයි ආන්තික නිෂ්පාදන න්‍යාය [marginal productivity theory]. ඒකේ අදහස වුණේ සමාජයට වැඩි දායකත්වයක් දෙන කෙනා පෙරළා වැඩි වාසි ලබාගන්න බවයි. ඒක සදාචාරමය සාධාරණීකරණය කිරිමක් වගේම කාර්යක්ෂමතාවය ගැන තර්කයක්. ඒත් අපි දැන් දන්න දෙයක් තමයි මේ සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් වැඩිම දායකත්වයක් දක්වපු අය නෙවෙයි ඒකෙන් වැඩිම වාසි ලබන්නේ. මේ ඉහළම ඉන්න මේ ධනවතුන් අතර බොහෝමයක් අය තමයි අපේ ලෝකේ විනාශයේ අද්දරටම අරං ඇවිත් තියෙන්නේ. මේ විශාල ආර්ථික අවපාතය සිද්ධ වෙන වෙලාවෙ අපි හැමෝටම හිතුණා අපිට මොකක්හරි තැනක වැරදිලා කියලා. අපිට එහෙම හිතුණට, ඇත්තටම මේ විනාශයට හේතුවුණු පුද්ගලයෝ, මේ විශාල සමාගම් විනාශය දක්වා මෙහෙයවපු අය, ඩොලර් මිලියන ගණන් අරං පිටවෙලා ගියා. සමාජයට අපි දක්වන දායකත්වය සහ අපිට ලැබෙන ලාභය අතර කිසිම සම්බන්ධයක් නෑ කියන එක හොදටම පැහැදිලි දෙයක්. මේ න්‍යායයන් මගින් අපේ සමාජයේ තියෙන අසමානතාවය වක්‍ර විදිහට සාධාරණීකරණය කිරීමක් කරනව හැරෙන්න වෙන දෙයක් නෑ."
-නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ
ජෝෂප් ස්ටිග්ලිට්ස්
[
Joseph Stiglitz on "The Price of Inequality: How Today’s Divided Society Endangers Our Future"
]
ඇමරිකානු ආර්ථික අවපාතය හමුවේ ලක්ෂ ගණනකගේ රැකියා අහිමිවන වන විට, ශ්‍රමිකයෙකුගේ වැටුපෙන් සියයට 25ක අගයක් අවප්‍රමාණ වන විට ඇමරිකාවේ සිටින පොහොසත්ම පුද්ගලයින් 400 දෙනාගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 30කින් ඉහළ ගියා. ඒ අනුව එකී පුද්ගලයින් 400 දෙනාගේ වත්කම් වල මුළු එකතුව
ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.57 ක්
බවට පත්වුනා. මෙකී වත්කම් ප්‍රමාණය ඇමරිකාවේ ජනගහනයෙන් 50%කගේ අදායම් තත්ත්වයට සමාන වූවක්.
ඒ කියන්නේ,
ඇමරිකානුවන් 400 කගේ වත්කම් = ඇමරිකානුවන් මිලියන 155කගේ වත්කම්
2009 වසරේ (ආර්ථික අවපාතය සිදුවූ වසර) පමණක් වොල් ස්ට්‍රීට්හි විධායක නිලධාරීන්ට
ඇමරිකානු ඩොලර් බිලියන 150ක
බෝනස් මුදල් පිරිනමා තිබෙනවා. ඇමරිකානු ජනතාවගේ බදු මුදල් වලින් පමණක් සිදුකොට ඇති මෙකී බොනස් මුදල් වලින් රැකියා ලබාදුන්නේ නම්
ඇමරිකානු ඩොලර් 30000ක් වන වාර්ෂික වැටුපකින් යුතු රැකියා මිලියන 5ක්
නිර්මාණය කරගත හැකිව තිබුණා.
[-
The Richest 1% Have Captured America's Wealth.
]
ඇමරිකාව ඉරාක හා ඇෆ්ගනිස්තාන යුද්ධ වලට සම්බන්ධ වීමත්, ඒ වෙනුවෙන් දරන්නට වුණු වියදමත් නිසා ඇමරිකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයේම ආර්ථික වලට දැඩි බලපෑමක් සිදුකළා. විශේෂයෙන්ම බුෂ් පාලනයත්, ඇෆ්ගන් යුද්ධයත් අතර තිබුණු කළු ආර්ථික සම්බන්ධකම් පිළිබදව
මයිකල් මුවර්
විසින් නිර්මාණය කළ
ෆැරන්හයිට් 911
වාර්තා චිත්‍රපටය මගින් හෙළිදරව් කරනු ලැබුවා. ඇමරිකානු යුධවාදී ප්‍රතිපත්ති නිසා සිදුවන ආර්ථික හා මානව අහිමිවීම් ප්‍රමාණය අතිවිශාලයි. [බලන්න :
costsofwar.org
] මේ යුද්ධ ද්විත්වය සදහා පමණක් ඇමරිකාව විසින්
ඩොලර් ට්‍රිලියනකටත්
වඩා වැඩි මුදලක් වැයකොට තිබෙනවා. ලෝක ජනගහනණයෙන් බිලියන 1.44ක ආදායම ඇමරිකානු ඩොලර් 1.25ටත් වඩා අඩුය. [බලන්න :
fao.org
]
ලෝක ආදායම් විෂමතාවය ගැන දත්ත කිහිපයක්.
• ලෝකයේ සමස්ත වත්කම් වලින් 40%ක් අයත් වන්නේ ලොව වැඩිම වත්කම් හිමි 1%ක් වන ජනයාට. 10%ක ජනතාවක් විසින 85%ක් වන වත්කම් ප්‍රමාණයක් භුක්ති විදිනු ලබනවා.
• ඇමරිකාවේ සිටින වැඩිම ආදායම් ලබන 10%ක එනම් මිලියන 25ක ජනයාගේ ආදායම ලෝකයේ බිලියන 2ක මිනිසුන්ගේ ආදායමට සමාන වෙනවා.
• ලෝකයේ වැඩිම ආදායම් ලබන පුද්ගලයින් තිදෙනාගේ ආදායම, ලොව අඩුම ආදායම් ලබන රටවල් 47ක අදායමට සමාන වෙනවා.
• ලොව අඩුම ආදායම් ලබන 50%ක ජනතාව විසින් හිමිකම් කියනු ලබන්නේ ලෝක වත්කම් වලින් 1%කට පමණි.
[
umverteilung.de
]
• ලොව ධනපතියන් අතර වැඩිම ප්‍රමාණයක් සිටිනුයේ ඇමරිකාවේය. එය 30%කට වඩා වැඩි වන අතර ජපානයේ 27%ක ප්‍රමාණයකි. එක්සත් රාජධානියේ හා ප්‍රංශයේද 6%ක් හා 5% බැගින් සිටිති.
• ඇමරිකානු ඩොලර් බිලියනක පමණ මුදලකින් නිමකරන ලද ඉන්දියාවේ
මුකේෂ් අම්බානි
ගේ නිවස ලොව වැඩිම වටිනාකමකින් යුතු නිවස ලෙස හදුන්වනු ලබනවා. [
Ambanis give first view inside 'world’s priciest house’ in Mumbai
] ඉන්දියාවේ ජනගහණයෙන් මිලියන 78ක ප්‍රමාණයක් නිවාසයක් නැතිව ජීවත්වන බවද කියැවෙනවා. [
slumdogs.org
]
මෙවැනි තත්ත්වයක් මත ලෝක ආර්ථික අසමානතාව කියන්නේ අතිශයින්ම බරපතල වූවක්. ඇමරිකාවේ අසමානතාව පිළිබද ජන උද්ඝෝෂණ පැනනැගුණත්, ලෝක අසමානතාව ගැන කවර ආකාරයේ උද්ඝෝෂණ ඇති වුවත් ප්‍රමාණාත්මක වන බවක් දකින්න නැහැ. තනි තනි රටවල් කෙසේ වුවත්, සමස්ත ලෝකය ක්‍රියාත්මක ක්‍රමය කිසිලෙසකින්වත් සාධාරණ නොවන බවයි කියන්නට තිබෙන්නේ.
වඩාත්ම තීව්‍ර වෙලා තියෙන්නේ දියුණු රටවල මෙන්ම ලෝකයේ ගත්තත් අදායම් විෂමතාව කියන එක වඩාත් පැහැදිලි කාරණයක්. මේ විෂමතාව අනෙක් හැම ක්ෂේත්‍රයක් පුරාම පැතිර ගිහිං තියෙන බව ආරම්භයේ තියෙන
ක්‍රිස් හෙජස්
ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. ඒ අනුව සමස්ත ක්‍රමයම දැවැන්ත අර්බුදයක් විසින් යටපත් කරමින් සිටින බවකුයි දක්නට ලැබෙන්නෙ.
ඉහත
ජෝෂප් ස්ටිග්ලිට්ස්
විසින් කරලා තියෙන ප්‍රකාශය සරල තැනකින් අරගෙන විස්තර කරොත්, ලංකාව වගේ රටවල මිනිස්සු
"වැඩ කරන්නේ නෑ"
කියන එක බොහෝම ජනප්‍රිය ප්‍රකාශයක්. සැබැවින්ම මේ වගේ කතාවක සමාජමය හරි දේශපාලනමය හරි පසුබිමක් නැතිවුණත් ජනවිඥානයට සිදුකරන බලපෑම අතිවිශාලයි. ඒ අනුව සමාජය වෙත දක්වන දායකත්වයට සාපේක්ෂව නැවත ප්‍රතිලාභ ලැබෙනවා කියන ප්‍රකාශයට අනූව නම් ලංකාව වගේ රටක මිනිස්සු මහත් පරිශ්‍රමයක් දරලා, උදේ පාන්දර නැගිටලා, දැඩි ප්‍රවාහන අපහසුතා විදගෙන තමන්ගේ රැකී රක්ෂා වලට පිටත්වෙනවා. රාජකාරී පරිසරයෙදිත් අවම තාක්ෂණයක්, අවම වැඩ පරිසරයක්, අවම වැටුපකට එකගත්වය පළකරමින් ඔවුන් සියල්ල තමන්ගේ රාජකාරී කරනවා.
කාර්යාල සේවයට වඩා වඩාත් දුෂ්කර වෙන්නේ ස්වයං රැකියා, කෘෂි ක්ෂේත්‍රවල නිරත වෙන පිරිස්. සමහර වෙලාවට දිවා රෑ නොබලා තමන්ගේ රැකියාවල යෙදෙනවා. ඒ ශ්‍රමයට මිලක් නියම කරන්න පුළුවන්නම් අතිවිශාල වටිනාකමක් ඇති නිෂ්පාදන ක්‍රියාවලියක මේ හැමෝම නිරත වෙනවා. ලංකාවේ සමාජ සංස්කෘතික, ජීවන රටාවත් එක්ක ගත්තම කිසිම වානිජ අගයක් නොදෙන වැඩරාජකාරී ප්‍රමාණයක් ඉටුකරන්නේ ලංකාවේ ගෘහණියන් විසින්. මේ නිසා ලංකාවේ මිනිස්සු (හෝ නොදියුණු රටවල මිනිස්සු) වැඩකරන්නේ නෑ කියලා මතයක් සමාජගත වෙලා තියෙනවනම් ඒක මිත්‍යවක්ම විතරයි. සැබැවින්ම සිද්ධ වෙන්නෙ තමන් කරන වැඩ ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රතිලාභ නොලැබීමයි.
හීනෙන් බයවෙලා වගේ එකපාරටම ඇහැරිලා, දියුණු (යැයි කියන) රටවල ප්‍රතිපත්ති ලංකාවේ ක්‍රියාත්මක කරන්න පොර ටෝක් දෙන මහත්තුරු නෝනලා, ලෝකයේ සමාජ ආර්ථික තත්ත්වයන් දෙස මීට වඩා විමසිල්ලෙන් බැලිය යුතුමයි. කල් ඉකුත්වූ දෑ ලංකාවට ආනයන කිරීමේ පුරුද්ද මෙතැන්හි වත් නිවරැදි කරගැනීමට තවමත් කල් ඉකුත්වී නෑ.
Sanka Kirindiwela | සංඛ කිරිඳිවැල
[SEO Tags] We Are the 99 Percent, Occupy movement, Occupy Wall Street, Occupy Canada, Joseph Stiglitz, The Price of Inequality
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
2
Comment(s)| ප්‍රතිචාර
ජුලියන් අසාංශේ කියයි.|
Personal Quotes
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැඟෙන කාර්යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩ නැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරු බවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ....
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus