BOONDI.LK| අදහස් බූන්දි| භික්ෂුන් දේශපාලනයට පැමිණීම වැලැක්වීමේ පනත
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
මහාවංශය හොල්මන් කිරීම
|
තිසරණී ගුණසේකර
[4]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
රසික
සුනන්ද
රෝහිත
සුමිත්
ප්‍රසාද්
කුසල්
රංජිත්
අනුෂ්ක
සන්ධ්‍යා
වරුණ
නිර්මාල්
ප්‍රියාන්
සනත්
ක්‍රිශාන්
සංජීවිකා
එස්.ජී.
ප්‍රදීප්
මංජුල
වීරයා
මාලතී
BOONDI • Currents • •
අදහස් බූන්දි
භික්ෂුන් දේශපාලනයට පැමිණීම වැලැක්වීමේ පනත
[1]
බූන්දි| | 09:42:26
විජේදාස රාජපක්ෂ
මහතා විසින් ගෙන ඒමට සැලසුම් කරනු ලැබ ඇති භික්ෂූන් දේශපාලනයට ඒම වැලැක්වීම ඉලක්ක කරගත් පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟ ද, විරුද්ධ ද යන ගැටලූව දැන් පැන නැඟී තිබේ. බැලූ බැල්මටම පෙනෙන්නේ නම් එය කොහොමටත් ව්‍යවස්ථාවේ තිබෙන සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය කරන්නක් බවයි. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතා එම තර්කයට එරෙහිව හොඳ ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ තර්කය රඳා පවතින්නේ මේ සම්බන්ධව පූර්වාදර්ශ ලෙස
ගත හැකි නඩු තීන්දු කීපයක් මතය. භික්ෂූන්ට නීතිඥ කබාය පැලඳීමට නොහැකි බවට සහ රියැදුරු බලපත් නිකුත් කරනු ලැබිය නොහැකි බවට දෙනු ලැබූ නඩු තීන්දු ඒ අතර ප‍්‍රධාන වේ.
මා හිතන ආකාරයට මෙහිදී රාජපක්ෂ මහතාගේ තර්කය වලංගු එකකි. නමුත් ඒ වලංගුතාවය තිබෙන්නේ එක් කොන්දේසියකට යටත්වය. එම කොන්දේසිය නම් ඒ මහතා උපයෝගී කරග්න්නා ඉහත සඳහන් නඩු තීන්දු පසුපස ඇති තර්කය වලංගු එකක්ය යන්නයි. රාජපක්ෂ මහතාගේ තර්කයට විරුද්ධව මා ඉදිරිපත් කිරීමට කැමති ප‍්‍රති තර්කය වන්නේ ඒ නඩු තීන්දු පසුපස ඇති තර්කයේ වලංගු භාවයට අභියෝග කළ හැකිය යන්නයි. මා එසේ කියන්නේ ඇයි?
රාජපක්ෂ මහතා පූර්වාදර්ශ ලෙස යොදා ගන්නා නඩු තීන්දු පසුපස ඇති තර්කය බව පෙනෙන්නේ ඒ මහතාමත් සඳහන් කරන ආකාරයට භික්ෂූන් සෙසු ගිහියන්ට වඩා ඉහලින් සිටින්නේය, නීතිඥ කබා දැමීම, වාහන පැදවීම වැනි ක‍්‍රියා මඟින් භික්ෂූන් ගිහියන් හා සම මට්ටමට දැමෙන්නේ ය යන පිළිගැනීමයි. මෙම තර්කය එහි තර්කානුකූල අන්තයට ගෙන ගියහොත් රාජපක්ෂ මහතාගේ පනතට පක්ෂ වීමට පදනමක් ලැබෙනවා පමණක් නොව වර්තමාන සමාජය තුළ භික්ෂූන් නියැලෙන තවත් කටයුතු ගනනාවක් සම්බන්ධව යලි සලකා බැලීමට සිද්ධ වනු ඇත. ගිහියන් සමඟ සම මට්ටමේ අසුන් ගෙන වාහන වල ගමන් කීරීම, ගිහියන් සමග සමාන මට්ටමේ සිටිමින් ගුරුවෘත්තිය වැනි වෘත්තීන්හී නියැලීම, විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතනවල ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ එක්ව අධ්‍යාපනය ලැබීම වැනි කි‍්‍රයාකාරකම් විශාල සංඛ්‍යාවක් සම්බන්ධව යලි සිතා බැලීමට සිදුවේ.
මෙහි දී අමතර වශයෙන් අපගේ අවධානයට ලක්විය යුතු කාරණයක් ලෙස පෙනෙන්නේ අධිකරණය තින්දුවලට එලඹෙන්නේ කවර පදනමක් මත ද යන්නයි. මේ කාලයේ නම් කොහොමටත් එයට පාලන තන්ත‍්‍රයේ ඉහල තලයන්ගෙන් ස්වාධීන වූ පැවැත්මක් නැති බව පැහැදිලිය. එසේ නැතත් සාමාන්‍ය තත්වයන්හි දී පවා ජන මතය, අධිපති දෘෂ්ටිවාදය, විනිෂ්චයකාරවරුන්ගේ ආකල්ප වැනි නීති පොතේ ලියැවී ඇති දේට පිටින් ඇති දේ ලියැවී ඇති නීති අර්ථකථනය කිරීමේ දී බලපානු ලබයි. ඒ අනුව මගේ අදහස වන්නේ රාජපක්ෂ මහතා සඳහන් කරන තීන්දු දෙක නීතියේ සෘජුව අඩංගු දේ නොව ජන මතය, අධිපති දෘෂ්ටිවාදය, විනිශ්චයකාරවරුන්ගේ ආකල්ප වැනි සාධක මත තීන්දු වූ ඒවා බවයි. ව්‍යවස්ථාවේ බුද්ධ සාශනය ගැන වූ ගැටලූ සහගත වගන්තිය ද එහිලා උපකාර වන්නට ඇතැයි කිව හැක.
මෙහිදී අප ඉදිරිපිට පවතින මූලික ගැටලූව වන්නේ භික්ෂූන් ගිහියන්ට වඩා ඉහලින් සිටින්නේය යන රාජපක්ෂ මහතා තම පනත් කෙටුම්පත යුක්තිසහගත කිරීම සඳහා උපයෝගී කරගන්නා මූලධර්මය අනුව ගියොත් භික්ෂූන් සම්බන්ධව, භික්ෂූන්ගේ චර්යාව සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට ගිහියන්ට බලයක් ලැබෙන්නේ ද යන්නයි. භික්ෂු සංස්ථාව තුළ බලපවත්වන සංවිධාන මූලධර්මය වන්නේ නම් භික්ෂු විනය සම්බන්ධව තිරණය කිරීමේ අයිතිය ඇත්තේ සංඝයාට බවයි. අවශ්‍ය නම් රාජපක්ෂ මහතාට මෙහිදී මගේ අදහසට අභියෝග කිරීමට ඇතැම් ඓතිහාසික අද්දැකීම් ගෙනහැර දැක්වීමට හැකියාව තිබේ. ඒවා නම් මූලික වශයෙන්ම පූර්ව නූතන රජවරු භික්ෂු සමාජය ප‍්‍රතිසංවිධානය කිරිම සදහා තීරණාත්මක මැදිහත් වීම් කරනු ලැබූ අවස්ථාවන්ය. එවැනි අවස්ථා විරල නොවේ. එසේ විරල නොවනවා පමණක් නොව ඒ ක‍්‍රියා මාර්ග භික්ෂු සංඝයේ අභ්‍යන්තර සංවිධාන මූලධර්ම වලට එකඟ බව ද නො පෙනේ.
මීට අදාලව තවත් කාරණයක් මතු කිරීමට පුළුවන. එනම් නෛතික වශයෙන්ම භික්ෂූන් සමාජයේ ඉහලම තීරණ ගැනීමේ ආයතනයෙන් ඉවත් කරනු ලැබීමයි. බැලූ බැල්මටම එය රාජපක්ෂ මහතාම පදනම් වන මූලධර්මය, එනම් භික්ෂූන් සිටිය යුත්තේ ගිහියන්ට ඉහළින්ය යන මූලධර්මය උල්ලංඝනය කිරීමකි. මෙය වෙනත් ආකාරයෙන් කියනවා නම් "ඉහල තට්ටුවට පයින් ගසා තල්ලූ කර දැමීමක්" (kicking upstairs) වැනි ක‍්‍රියාවක් නොවන්නේ ද?
කෙසේ වෙතත් මා මෙතෙක් වේලා උත්සාහ කරනු ලැබුවේ රාජපක්ෂ මහතාගේ තර්කයේ ඇති ඇතැම් දුබලතා වෙත අවධානය යොමු කිරීමටයි. නමුත් මගේ අදහස වන්නේ රාජපක්ෂ මහතාගේ සමස්ත තර්කයම පදනම් වී තිබෙන්නේ ආගමික අදහසක් මත බවයි. එය ආගමික අදහසක් ලෙස ගත් කල සාධාරණ විය හැකි වුවත් ආණ්ඩුකරණ මූලධර්මයක් ලෙස ගත්කල බෙහෙවින් ගැටලූ සහගත වේ. වෙනත් වචන වලින් කියනවා නම් රාජපක්ෂ මහතා දායක සභාවකදී මේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවානම් ගැටලූවක් ඇත්තේ නැත. මක්නිසාද යත් එහි බලපැවැත්වෙන්නේ ආගමික මූලධර්ම වන බැවිනි. ආණ්ඩුකරණ මූලධර්ම මත තීරණ ගත යුතු පාර්ලිමේන්තුව තුලට ආගමික මූලධර්ම මත තීන්දු ගැනීමට යැයි යෝජනා කිරීම බෙහෙවින් ගැටලූ සහගතය.
ඇත්ත වශයෙන්ම රාජපක්ෂ මහතාගේ ප‍්‍රාරම්භයට ස්තූති වන්නට මෙම සමස්ත ගැටලූව දෙසටම සමාජ අවධානය යොමුකරවීමට දැන් අපට අවස්ථාව ලැබී තිබේ. අනෙකක් තබා රාජ්‍යය ආගමීකකරණය කිරීම තම මූලික අභිප‍්‍රාය ලෙස සමාජයට පෙන්නුම් කරන ජාතික හෙළ උරුමය පක්ෂයට එය කොතරම් ගැටලූ සහගත දෙයක් ද යන්න පිළිබඳව අවශ්‍යනම් සිතා බැලීම අවස්ථාව ඇත. නමුත් ඒ අය එවැනි දේ පිළිබඳ බරපතල ලෙස සිතා බලාවි යැයි බලාපොරොත්තුවීම දුෂ්කර බවද මෙහිදී සඳහන් කළ යුතුය.
රාජපක්ෂ මහතා විසින් මතුකරනු ලබන මූලික ගැටලූව වෙත ද යොමුවීම මෙහි දී වැදගත්ය. එනම් භික්ෂූන් දේශපාලනයට පැමිණීම පිළිබඳ ගැටලූවයි. කෙසේවෙතත් රාජපක්ෂ මහතා මෙම ගැටලූව මතුකරනු ලබන්නේ බෞද්ධ ආගමික සංස්ථාව රැකගැනීමේ දෘෂ්ටිකෝණයෙනි. කිසිඳු ආගමික ස්ථාපිතයකට අයත් කෙනෙක් නොවන මට ඒවා රැක ගැනීම සම්බන්ධව විශේෂ උන්දුවක් ඇත්තේ නැත. අදහස් පද්ධතියක් ලෙස බුදු දහම රැකගැනීම සම්බන්ධව නම් මගේ උනන්දුවක් තිබේ. නමුත් මීට ශත වර්ෂ ගණනාකට පෙර මෙන් ඒ සඳහා ආගමික සංස්ථාවක් සහ භික්ෂු ප‍්‍රජාවක් අවශ්‍ය නොවේ. බුදු දහම රැකගැනීම සඳහා වර්තමානයේ මුද්‍රිත පොත් පත්, අන්තර් ජාලය, සී.ඞී. තැටි පුස්තකාල යනාදී දේවල් තිබේ. ඒ අනුව "ධර්මය රැකගැනීම" සඳහා (එය ධර්මය පිළිබඳ බුදුන්ගේ ප‍්‍රවේශට විරුද්ධ වුවත්) පළමු ධර්ම සංගායනාවෙන් භික්ෂූන්ට පවරනු ලැබූ කාර්යය මේ වනවිට ඓතිහාසික වශයෙන් යල්පැනගිය දෙයක් බවට පත්වී ඇත.
කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය හරහා සිදුවූ භික්ෂූන් පාර්ලිමේන්තුවට පැමිණීමේ සංසිද්ධිය සම්බන්ධව මට විවේචනයක් තිබේ. එම විවේචනය හුදෙක් භික්ෂූන්ට හා ජාතික හෙළ උරුමයට අදාලව පමණක් පවත්නා එකක් නොවේ. එය පොදුවේ මැතිවරණ වලදී ඡුන්ද දායකයන් ආකර්ෂණය කරගැනීම සඳහා නළු නිළියන්, ක‍්‍රීඩකයින් වැනි ප‍්‍රකට චරිත (celebrities) අපේක්ෂකයින් ලෙස හෝ එවැනි අය මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාර සඳහා හෝ යොදා ගැනීම පිළිබඳව ඇති විවේචනයකි. එය ඇති තරම් මුදල් වීසිකොට 'ඡන්ද මිලදී ගැනීම' වැනිම ක‍්‍රියාවකි. ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ දක්නට ලැබෙන්නේ බටහිර විධිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොඳින් ක‍්‍රියාත්මක වන සමාජවල මෙන් ඡුන්ද දායක කොට්ඨාශ තම නියෝජිතයින්ගේ කටයුතු පිළිබඳව පරීක්ෂාකාරීව සිටින තත්වයක් නොවන බැවින් මේ තත්වය කොහොමටත් අහිතකරය. අවාසනාවකට මෙන් මෙම ගැටලූ රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්වන්නේ නැත.
භික්ෂූන් දේශපාලනය කිරීම පිළිබඳ ගැටලූව රාජපක්ෂ මහතා පෙන්නුම් කරනවාට වඩා සංකීර්ණ ගැටලූවක් බව මගේ අදහසයි. මේ සාකච්ඡාව සඳහා අඩුම තරමින්
වල්පොල රාහුල හිමි
යන්ගේ
‘භික්ෂුවගේ උරුමය’
හා
‘විද්‍යාලංකාර ප‍්‍රකාශනයෙන්
’ අපගේ සාකච්ඡාව ආරම්භ කල යුතුය.
Nirmal Ranjith Dewasiri | නිර්මාල් රංජිත් දේවසිරි
[SEO Tags] Wijedasa Rajapaksha, Sri Lankan Buddhist Monks, Hela Urumaya, Walpola Rahula Thero
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
මරා කියයි.|
Theatre Quotes
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා
[මරාසාද්. Peter Weiss]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus