BOONDI.LK| අදහස් බූන්දි| බොන්න දීලා ලියා ගත්තයි ආයු රක්ඛන්තු ආවඩා!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස
|
ජස්ටින් පියරත්න
[0]
ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය'
|
දමිත් වැලිකල
[9]
ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක්
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[7]
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය
|
උදේෂිණි කුමාරි දයාරත්න
[1]
11 වැනි පැයේදී.....
[1]
කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය
|
සුදර්ශන සමරවීර
[8]
රාජ්‍ය සාහිත්‍ය සම්මාන- සම්පප‍්‍රලාප නොවන්නට- කාලෝචිත යෝජනාවක්
|
විචක්ෂණ අධිකාරි
[1]
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන්
|
චන්දරේ
[0]
දඩයක්කාරයා හමුවීම
|
රුවන් එම්. ජයතුංග
[1]
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර
|
මායා නවගත්තේගම
[9]
අක්ෂර සෙනග-
[අදහස්]
[13/37]
දමිත්
එරික්
ජගත්
රුවන්
උපුල්
වීරයා
පියන්කාරගේ
සඳුන්
දර්ශන
තුෂාරි
මංජුල
ලියනගේ
මාලතී
BOONDI • Sookiri • •
අදහස් බූන්දි
බොන්න දීලා ලියා ගත්තයි ආයු රක්ඛන්තු ආවඩා!
[8]
බූන්දි| | 17:29:13
වෙනදට උඩ තට්ටුවෙ ටී වී එක පෙනෙන මානෙ ඉඳන් කවුරු හෝ යාළුවෙක් එක්ක අඩියක් ගගහ සිංදුවක් මරන රත්න ශ්‍රී ගේ ලොකු බෑනා අමිල ටික කලකින් දැක්කෙ නෑ. පොර, බොන එක අතෑරලා දාන්න තරම් ආත්මාර්ථකාමියෙක් වෙලාද? මිනිස්සු වෙනස්වෙන්නෙ, නරක් වෙන්නෙ හිතන්නැති විදිහට, හිතන්නැති වෙලාවල්වල. සමහරු බීම හින්දා බොහෝ දේ නැති කරගන්නවා. සමහරු බොහෝ දේ හින්දා බීම නැති කර ගන්නවා. කවුරුත් එච්චර හිතන්නැති
වුණාට කොටුවෙ ඉස්ටේසම ඉස්සරහින් පටන් අරන් ගාලු පාර දිගේ පල්ලම් බහිද්දි කලාව විකලාව ගැටෙන කොලෝනියල් එක, ප්‍රෙස් ක්ලබ් එක, බම්බලපිටිට රෙස්ටූරන්ට් එක. දෙහිවල පර්ලින් එක, ගල්කිසසෙ ලයන් පබ් එක වගේ පොට් අතරින් එකක් තමයි ගොළුමඩමෙ ඩාන්ස්කෝ එකත්.
දවසක් චන්දරේ කියන ඔය මේසෙ වටේ සෙට් වෙලා හිටියා සංගීතඥවේදීයෙක් ඇතුළු තුන්දෙනෙක්. සංගීතකරු නමින්
සුනිල් ජයසිරි
බව චන්දරේ අඳුන ගත්තා දැක්ක හැටියෙම. ඔහු උන්නෙ ගොළුමඩම හන්දියට හන්දි දෙකකට එහා කටුබැද්ද හන්දිය පහු වෙච්ච හැටියෙ තියෙන පොල්කොටුව පාරෙ. කතා බහේ, තර්ක විතර්ක ඥානයට අනුව පෙනුනෙ හිටපු අනිත් දෙන්නා ගොඩ පෙරකදෝරුවො දෙන්නෙක් බව. කතා කර කර හිටපු පසුබිමට අනුව තුන් දෙනා ඇවිත් උන්නෙ රත්නශ්‍රීගේ බෑණනුවන් මුණ ගැහෙන්න, මොකක් හරි සිංදුවක පළහිලව්වකට. පොර එනකල් තමයි ට්‍රිබල එක්ක මෙන්ඩිස් ටෙන් ඉයර්ස් බෝතලයක් මර මර උන්නෙ. ඔය කාලෙම තමයි සිංහල රණවිරුවො එකසිය ගාණට දෙමළ මිනිස්සු මර මර උන්නෙ. අයි.ටී.එන් ලදරමේ, සෙරෙප්පු සුප් විපරම ඉවර වුණා විතරයි පටන් ගත්තා
ආයු රක්ඛන්තු ආවඩා
.
බොන්න දීලා ලියා ගත්තයි ආයු රක්ඛන්තු ආවඩා
රට රකින ජීවිත රකින අබිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මව්බිමට මගෙ වාසනා
මෙන්න මෙහෙමයි මේ රණ ගීය ඇරඹෙන්නෙ. බැලූ බැල්මට
ඇල්ලේ ගුණවංශ
ගීතාවලියෙන් උපුට ගත්ත එකක් වගේ පෙනුනත් ඒක ලියල තිබුණෙ
රත්න ශ්‍රී විජේසිංහ
. ඔව්, ඔව් ඒ රත්න ශ්‍රී ම තමයි. මේ සින්දුව ඉවර වෙන්නෙ මෙහෙමයි. අහන්න.
පවුරු බැඳ සිවුදිගින් වට කළ සමුදුරේ ගොස පරදවා
ඔබ නඟන ජය ගොසින් මව්බිම සිනාසෙන්නී රෑ දිවා
චිරං ජීවතු චිරං ජීවතු ආයු රක්ඛන්තු ආවඩා
මේ ගීයට සමාන්තරව සිංහල දේශප්‍රේමින් ටී.වී. ඉස්සරහ උන්නෙ කිලෝ මීටර් කීයක් අල්ලල ද, කොටි කීයක් මරලද කියන ත්‍රිල් එකේ. නමුත් දෛනිකව නිරපරාදෙ මරා දාපු නිරායුද දෙමළ මිනිස්සු ගැන හාංකවිසියක් නෑ. වගේ වගක් නෑ.
රත්න ශ්‍රී විජේසිංහ කියන හිටපු මානව හිතවාදියා ගැන යමක් ලිවිය යැයි කියන චන්දරේට මෙනෙහි වුණේ කාරණා දෙකක් හින්දා. එක,
ජනරළේ
විශේෂාංග කර්තෘ
ප්‍රියන්ත ලියනගේ
එක්ක කරල තිබ්බ ඇල්මැරුණ සංලාපය. පළමු දේ, ඔය වගේ පිටුපුරවන සංවාද කරන්න නම් විශේෂාංග කතුවරයෙක් ඕනෙ නෑ, ගාල්ලෙ පත්තර ලෑල්ලක කොල්ලෙක්ට කිව්ව නම්, මිනිහ ඔයිට වඩා හොඳට වැඩේ කරනවා. සංවාදයක් නම් අඩුගාණෙ, අර ජනරළ පත්තරේ කර්තෘ
චන්දන සිරිමල්වත්ත
,
ඉරිදා ලක්බිම
ට මානිගෙ තීරුව ලියන ඒ පත්තරේ කර්තෘ විදිහට සැළකෙන
සුන්දර නිහතමානි
ව ඉන්ටර්වීව් කළා වගේවත් වෙන්න ඕනෙ. නැත්තං කියවන එක ෆුල්ම ඩල්, බෝරිං වැඩක් වෙනවා. චන්දන කරාපු වැඩේ ලංකාව ඇතුළෙ සංදර්භගත කළේ මීට විසිවසරකටත් එහා,
රෝහිත භාෂණ
විසින්. ඒ භාෂණගෙ ප්‍රසිද්ධ පත්තරකාර ජීවිතේ පටන්ගත්ත කාළෙ
ලක්දිව
පත්තරේට බව චන්දරේට තාමත් මතකයි.
පොඩි අතුල
ගාන්ධිවාදියෙක් බව ප්‍රසිද්ධියෙ පිළිගත්තෙ ඒ සංලාපයකදි. අවුරුදු විස්සකට පස්සෙ හරි භාෂණව මතක් වෙලා චන්දන ඒ වැඩේ දිගටම කරයි කියලා චන්දරේල හිතුවත් වැඩේ නැවතුණා. වැඩ වැඩි ඇති. පක්ෂෙ වැඩත් තියෙනවනෙ.
දැං ආයෙ රත්න ශ්‍රී දිහා බලමු. ප්‍රියන්තත් එක්ක කරපු සංලාපයෙ ඔහු මෙන්න මෙහෙම කියනවා.
"ඕනැම අවස්ථාවක හමුදාව කියන්නෙ පීඩක ආයතනයක් කියන එක අපිට බැහැර කරන්න බෑ. ඒක මං දන්නවා."
ඉතාම පැහැදිලියි. ඔහු ඒ ස්ථාවරයම තමයි ඉතිහාසය පුරා දැරුවෙත්. ඒ රත්න ශ්‍රී දෙමළ මිනිස්සු ගැන ලියපු ලියවිලි වලින් නෙමෙයි. ඔහු සොල්දාදුවා යන දේශපාලනික සංඥාව තම කවිය තුළ ස්ථානගත කළ ආකාරය ඔබම විමසා බලන්න. කවියෙ මාතෘකාව
අරුණෝදය
.
සුබ උදෑසනක් වේවා!
ළමා ළපටි සොල්දාදුව
පුර දොරකඩ
ගොම ගොඩ ළඟ
නිල නියමෙන් මුරගල වුණ.
දැන් පැහැදිලියි නේද ඔහුගේ ස්ථාවරය. ඒ කවියෙම අවසානයෙ ඔහු මෙහෙම තර්කයකුත් ගොඩ නඟනවා. එය ඉතාම ශක්තිමත් දේශපාලනික කියවීමක්. බලන්න.
සුදු සිනහව මැදගත් විට
කිරිදත් වුව
මාංශ භක්ෂක රදනක.
රෑ අඳුරම වෙයි නීතිය
පිළීගඳ ගසයි බණ පද
තිත්තයි කට.
ළමා ළපටි සොල්දාදුව
නුඹට හැකිද
බිමට වැටුණු කුරුල්ලෙකුට
පවන් සලන්නට හෙමිහිට?
පිනි බිඳුවක් අත්ලට ගෙන
අතැඟිල්ලෙන් නිසල කුරුලු තුඩ තියන්න?
දැන් අපි මේ කවියයි, ජනරළට කරපු හමුදාව පිළිබඳ ප්‍රකාශයයි අතරමැද්දෙ ලියපු
ආයුරක්ඛන්තු ආවඩාව
තේරුම් ගන්නෙ කොහොමද? සමුද්‍ර ගෝෂෙ පරාජය කරල නිදහස් කවියට ප්‍රාණය පිඹල, කවියේ වූ අතිමහත් අර්ථ සෞන්දර්යය, ගීත ව්‍යාපාරයට ආයෝජනය කරපු රත්න ශ්‍රී හිතන විදිහට, 40,000කට වැඩි අහිංසක දෙමළ ප්‍රජාවක් නිර්දය විදිහට ඝාතනය කර දාන සිංහල රණවිරුවා නඟන ජයගෝෂාවට මව්බිම හිනාවෙනවා. හිතන්න, කොයි තරම් අධම මව් බිමක් වෙන්න ඕනෙද, තමන්ගෙම දරුවන්ගෙ මළ කඳන් තමන්ගෙම උර මත්තෙ කඳු ගහද්දි දිවා රෑ හිනාවෙන්න පුළුවන් කියන්නෙ. ඒක එහෙම නෙවෙයි නම්, දෙමළ මිනිස්සු, රත්න ශ්‍රී මේ කියන මව්බිමේ කොටසක් වෙන්න විදිහක් නෑ. රත්න ශ්‍රීගේ ආදරණීය රණවිරුවො විසින් මරල දාපු දෙමළ සටන් කාමීන් රත්න ශ්‍රීගෙ මව් බිමෙන් නිදහස්වෙලා, තමන්ගෙම කියන මව් බිමක ජීවත් වෙන්න, තමන්ගෙම නිදහසක් වෙනුවෙන් සටන් කරපු එක අනුමත කරන එක තමයි අවසාන වශයෙන් ව්‍යංගාර්ථයෙන් ඔහු ඔප්පු කරල තියෙන්නෙ.
නමුත් ඇත්තටම වෙලා තියෙන්නෙ වෙන දෙයක් කියලයි ඩාන්ස්කෝ එක ඇතුළෙ ඇහුණ අතීත ඇල්කොහොල් මේසෙදි කියවුණේ. සංගීතඥයා මෙන්න මෙහෙම කියනවා.
"අරූ රත්නෙත් එක්ක බොනව. හුඟක් උන්ට තියන ලෙඩක්නෙ ඕක. යමක් කමක් ලියා ගන්න පුළුවන් එකෙක් අල්ලගෙන බෝතලයක් අරන් බලන්න යන එක. රත්නෙ ඕක ලියල තියෙන්නෙ කරටි කැඩෙන්න ගහපු වෙලාවක. මිනිහට ඉතින් සිංහලත් එක්ක ඕන සෙල්ලමක් දාන්න පුළුවන්නෙ."
එතනින් එහාට ඒ සංවාදය අසල ඉන්න බෑ. මගේ නහරවල් වලත් ඇල්කොහොල්. මං, මගෙත් එක්ක හිටපු යාළුවට කිව්ව 'යමං' කියල. අපි නැගිටලා ගියා. මේ අප්‍රකට හුදෙකලා අද්දැකීම මතක් වුණේ මාත් එක්ක එදා බිබී හිටපු යාළුවා මට කෝල් කරල
'අන්න රත්න ශ්‍රී අර සිංදුව ගැන එයාගෙ විසංවාදෙ ගැන ජනරළට පාපොච්චාරණය කරල'
කියල කියද්දි. මං උගෙන් ඇහුවා ජනරළත් ඒ සිංදුව ගැන තමන්ට තියෙන විසංවාදෙ රත්න ශ්‍රී ට කියලද කියල.
'මේ චන්දරේ බොට ඕනෙ නම් ආටිකල් එක කියෝල බලපං, මට අපේ අලුත් පක්ෂෙ හදන එකේ වැඩ තියෙනව'
කියල කෝල් එක කට් කළා. මං හන්දියට ආවා. දහම් මාවතේ කොට ගාමිණිය ජන අරගලකාරයා. මනුස්සයගෙ ආටා එකේ අනිවාර්යෙන්ම ජනරළේ හෝ හෝ ගානවා.
ඒත් ගාමිණිය හිටියෙ නෑ. ඒකෙන් ඒ පාර ලියන එක මඟ හැරුණ. දෙවැනි පාර ආයෙ රත්න ශ්‍රී මතක් වුණේ, ළඟකදි බූන්දියෙ දාලා තිබ්බ රත්න ශ්‍රී ගේ කොළමක් දැකලා. එය උපුටාගෙන තිබුණේ
ලස්සනම අහස සහ මතක සිතිවිලි
කෘතියෙන්. ඒක පටන් ගන්නෙ මෙහෙමයි. දෙමළ කිවියර
සෝලෙයිකිලි
ගෙ කවියකින්.
පුපුරයි!
බෝම්බ තව තවත් පුපුරයි!
තාරකාවෝ මියයත්
තුවක්කු වෙඩි උණ්ඩයෙන්,
අහස් ගැබ සිදුරුව
වෙඩි උණ්ඩ වර්ෂාවෙන්
වැරහැලිව එල්ලෙයි
හඳත් සමහර විට....
ඔව්.... අද හෙටම...
.
දැන් රත්න ශ්‍රී මෙන්න මෙහෙම ඒ ගැන තමන්ගෙ අදහස ලියනවා.
සෝලෙයිකිලි නම් ශ්‍රී ලාංකික දමිළ කවියාගේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍ය ඛණ්ඩයෙන් වැඩි ප්‍රතිශතයක් පරිකල්පනයෙන් නිම වී තිබිණැයි එය කියවූ මුල් දිනවල මට සිතිණ. කවියා ළයෙහි ඇනුණු හුලක් ඇතියෙන්, තියුණු සංවේදිතාවෙන් යුතුව යුද්ධයේ බිහිසුණුකම් උත්කර්ෂයට නඟන බැව් මගේ අදහස විය. එහෙත් සැබැවින්ම එය එසේ නොවීය. ඒ කවියා දුටු අහස, ඒ තාරකා මෙන්ම ඒ සඳ ද එකී තර්ජනයට ලක්වන අයුරු දෑසින්ම දැක ගන්නට තරම් මම ද අභාග්‍යසම්පන්න වීමි.....
ඔහොම ලියැවෙන කෙටි සටහන අවසන් කරමින් රත්න ශ්‍රී
'සියළු දේ ගින්නට බිළිවෙමින් තිබේ. දවසම රාත්‍රිය බවට පත්වෙයි. ඒ රැය කවීන්ට පවා නොතේරෙයි.'
කියල ලියලා,
ජයගරන්
කියන දෙමළ කවියව උපුටලා දක්වනවා. ජයගරන් තමන්ගෙ කවියෙ මෙහෙම කියනවා.
රැයේදී සියළු දේ සිදුවෙයි
අරුණෝදයේ දිස්වෙයි.
ඔය කියන අරුණෝදය ගැන රත්න ශ්‍රී ලියන්න පටන් ගන්නෙ
"සුබ උදෑසනක් වේවා, ළමා ළපටි සොල්දාදුවා"
කියලා. තමන් විසින්ම කලාව තුළ විශද කරපු දේශපාලනික ආස්ථානය බිඳ දාපු රත්න ශ්‍රී දෙමළ කවීන්වත් සාක්කියට අරන් තවදුරටත් මානුෂිය වෙන්න හැදුවට අවසානයේ ඔහු අහිංසක නිරායුධ දෙමළ මිනිස්සු 40,000 කට එහා මරල දාපු ළමා ළපටීන්ට කියනවා
ආයු රක්ඛන්තු ආවඩා
කියලා. ඕකට කියන්නෙ තමන් තුළ පවතින දේශපාලන විසංවාදය කියලා නෙමෙයි, තමන් තුළ පවතින අවස්ථාවාදී කුහකකම කියලා.
ප්‍රගිතිශීලීත්වයට වෙනත් උදාහණ දෙකක්
"කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාලු ගැන, සිංහල සිංදු කියන කිරිල්ලි කියල හිටපු කොටි පොලිස්පති බිරිඳ ගැන, ශාන්තිනීලා ෆාතිමාලා ගැන කවි ගීත ලියවෙච්ච ඔබ අතින් කොහොමද චිරං ජයතු කියලා හෝ ආයුරක්ඛත්තු ආවඩා කියලා යුද්ධයට ආවඩන ගීත ලියවෙන්නෙ?"
බැලූ බැල්මට ප්‍රශ්නෙ හරි හැඩයි. මේ ප්‍රශ්නෙ නඟන්නෙ අර චන්දරේ කියාපු ජනරළේ ප්‍රියන්ත ලියනගේ.
රත්න ශ්‍රී ගේ මුළු උත්තරේම නෙවෙයි ඒකෙ ආරම්භය කියෙව්වත් ඇති. මොකද එතනින් එහාට හරස් ප්‍රශ්න අහන්න තරම් හෘදය සාක්ෂියක් ජවිපෙ විසින් ප්‍රියන්තලට ඉතුරු කරල නැති හින්දා. රත්න ශ්‍රී ගෙ උත්තරේ පටන් ගන්නෙම මෙහෙමයි.
මගේ ඇතුළෙ තියෙන ප්‍රතිරෝධය තමයි ඒක. මම ඒක ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. මම දේශපාලනය ගැන උනන්දු වුණාට බරපතල විදිහෙ න්‍යායිකව එක පක්ෂයකට බැඳිච්ච දේශපාලනයක් මගේ තිබුණෙ නෑ. මම බොහොම නිදහස් මිනිහෙක් නමුත් මම දැනුවත්ව නම් ප්‍රතිගාමී කඳවුරු වල ලැගල ඒවට සේවය කරලා නෑ.
එතකොට
දොඩංගොඩ
ත් එක්ක වැඩ කරපු එක ප්‍රගිතිශීලි ද? රාවය පත්තරේ කර්තෘ
වික්ටර් අයිවන්
චන්ද්‍රීකාට
චෞර රැජින
කියද්දි, රාවය පත්තරේ ම කවි පිටුව කරපු රත්න ශ්‍රී, ජනාධිපති චන්ද්‍රීකාවන්ට මෙහෙම ලියනවා.
ගරු ජනපතිනි දිනේවා
ලැබ කිත් යසස් නොහිම්
ජය ජයතු මංගලම්
දැන් මේවා ලියල තියෙන්නෙ ප්‍රතිගාමී කඳවුරු වල ලැගල නෙමෙයි, ගාල්ලෙ කොටුවෙ, ලේන් බාන් වීදියෙ තමන්ගෙ දුප්පත් පැළට වෙලා ඉදිමින් ප්‍රගිතිශීලි කඳවුරකට සේවය කිරීම වෙනුවෙන් කියලද ඔහු අපිට කියන්නෙ.
'ආයු රක්කන්තු ආවඩාවත්' නෙවෙයි 'ජය ජයතු මංගලමත්' නෙවෙයි, තව එකම එක උදාහරණයක් විතරක් පෙන්නන්නම් රත්න ශ්‍රී ගේ ප්‍රගතිශීලී කඳවුරු වල ලැගිල්ලේ. ඒ සමස්ථ සිංදුවම ලියා පළ කරන එක කියවන ඔබට වැදගත් වේවි. මෙන්න සිංදුව,
සතර දිගින් ආ ගොරතර
විතර නොහිම් වූ අණසක
බිඳැර නැණසරව
නිදහස පතා මව් බිමේ
පෙරටු කර මහා සඟ ගණ
කෙසර වෙසින් නැඟ නොබියව
ඔබයි පාඨලී චම්පික
නියමුවා වුණේ
නිල්ල දිළෙන මේ දෙරනත
දෙන්න දරුවන්ගෙ දෝතට
දියඹ වාතලය මේ බිම
නොවන්නට ඉතින් දූෂිත
ඔබයි පෙරමුණේ
කොල්ල කෑ උන්ට රිසි ලෙස
මහඟු ජාතියේ සම්පත
පාඩුවෙන් මුදා සරුකර
නඟා සිටුවමින් පින්කෙත
ඔබයි පෙරමුණේ
විදුලිබල ඇමති
චම්පික
ගෙ නිල වෙබ් අඩවිය [
champikaranawaka.com
] ඇරුණ ගමන් ඕනම ගණ අන්ධකාරයකදි වුණත් මේ ප්‍රගිතිශීලී සිංදුව ඇහෙන්න ගන්නවා. දැන් ඉතින් අපි හිතන්න ඕනෙද මෙව්වත් බීල ලියපුව කියලා. ඒකයි චන්දරේ කියන්නෙ මේක තමන් තුළ පවතින දේශපාලන විසංවාදය නෙමෙයි, තමන් තුළ පවතින අවස්ථාවාදී කුහකකම කියලා.
අවසාන වශයෙන් චන්දරේ මෙන්න මෙහෙම ලියනවා. මනුස්සයෙක්ට තමන් දැරූ ආස්ථානය වෙනස් කරල නිවැරදි වෙන්න අයිතියක් තියෙනවා. නමුත් අත් දෙක හේදුව පළියට අත්වල ගෑවිලා තියෙන ලේ හෝදගන්න අමාරුයි.
Chandare | චන්දරේ
[SEO Tags] Champika Ranawaka, Rathna Sri Wijesinghe, Chandrika Bandaranayake, Sri Lanka Army
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
8
Comment(s)| ප්‍රතිචාර
මාක්ස් ලියයි.|
Book Quotes
......විද්‍යාව කරා වූ රජ මාවතක් නොමැත. එහි දිදිදුලන මුදුනට ළඟා වීමට අවස්ථාවක් ඇත්තේ, එහි තියුණු ගිරි හෙල් ඔස්සේ වූ වෙහෙසකර නැග්මට බිය නොවන්නවුන්ට පමණි.
[
-Das Kapital
]
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus