BOONDI.LK| පොත් බූන්දි| දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- අදිසි
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට ....
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
|අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
අලුතෙන්ම!
Yohan’s ‘Northern Dreams’- an exhibition of paintings
[0]
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්- 'හිඹුටු කැලේ'- ළමා ගී සංයුක්ත තැටිය
[0]
කන්‍යා දියවරට එළැඹ- සාහිත්‍ය සංකථනය | ජුනි 22
[0]
තවත් පොත්
"Sagara Jalaya Madi Handuwa Oba Sanda" by Simon Nawagattegama | Second look at a legend
|
එදිරිවීර සරච්චන්ද්‍ර
[0]
ඌව වෙල්ලස්සේ ජන කෝෂ්ඨාගාරයෙන් බිහිවූ 'මාගම් සෝලිය'
|
රත්න ශ්‍රී විජේසිංහ
[2]
ඉතිහාසය වෙනස් කළ හැකි බවට කදිම සාක්‍ෂියක් සපයන "සෙංකොට්ටං"
|
ජයසිරි අලවත්ත
[5]
නවකතාව අතික්‍රමණය කළ සමාජ කියවීමක් වූ "පිරිමි ගොඩයි මං විතරයි"
|
ජයසිරි අලවත්ත
[3]
සර්පයාගේ දියණිය- මනෝවිශ්ලේෂණාත්මක සහ සංඥාර්ථවේදී කියවීමක්
|
කේ.කේ. සමන් කුමාර [සර්පයා]
[2]
'සමාජයක්' නොනිදන අවදියක තබන්නට හැඬවෙන ''අර මිහිරි සීනු නාදය''
|
සුදර්ශන සමරවීර
[1]
ශ‍්‍රැතියෙන් පිට පැන්න ඇම්ඩා සමඟ සිනාසීම හෙවත් ඇස් පොඩි කර කර ඉකි බිඳීම නම් වන නූතන ජනශ‍්‍රැතිය
|
සුදර්ශන සමරවීර
[0]
අමර කවි
|
සමන් පෙරමුණ
[3]
දිවි "කටු තුඩට" කවි "පිනි පහස" දෙන ළහිරු ගේ කවිසිත
|
පියන්කාරගේ බන්දුල ජයවීර
[1]
"මානසික රෝගියාගේ පරිකල්පනය" කෘතිය පිළිබඳව හැඳින්වීමක්
|
ඒ. එස්. වික්‍රමසිංහ
[2]
අක්ෂර සෙනග-
[පොත්]
[20/38]
නිර්මාල්
පියන්කාරගේ
රසික
අජිත්
ඉනෝකා
විකුම්
දිලීප
ලියනගේ
තුෂාරි
ප්‍රියාන්
කේ.කේ.
රවී
ජයසිරි
ජගත්
චූලානන්ද
ජයතිලක
සඳුන්
නන්දන
රත්න
ප්‍රසාද්
BOONDI • Sookiri • •
පොත් බූන්දි
දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි"
[0]
බූන්දි| | 04:42:05
ජගත් ජේ එදිරිසිංහ
ගේ නවතම කෘතිය වන
"අදිසි
" නවකතාව කියවා හමාර කළ මා සිතට සිතුවිලි ත්‍රිත්වයක් ම ගලා ආවේය.
ඉන් පළමු සිතුවිල්ල නම්, අපේ ලාංකීය සමාජයේ තත්කාලීන අවගමනයට බලපාන තීරණාත්මක සාධකයවන දූෂිත දේශපාලනයේ කසල ගොඩ පිළිබඳව ඇති වූ ජුගුප්සාව, සංවේගය සහ කෝපය සම්මිශ්‍රිත එකකි.
දෙවැනි සිතුවිල්ල වූයේ, කෙතරම් අප්‍රසන්න අන්තර්ගතයක් වූයේ වුවද, ජගත් ජේ එදිරිසිංහ තම "අදිසි" නවකතාව තුලින් ඒ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳව
මේ කතාන්දරය අපට ඉදිරිපත් කිරීමේ සමාජමය වැදගත්කම පිළිබඳව ඇතිවූ ප්‍රසාදජනක එකකි.
මා සිතට ගලා ආ තෙවැනි සිතුවිල්ල වූයේ, ජගත් ජේ එදිරිසිංහ මේ නවකතාව කෙතරම් තාත්විකව නිර්මාණය කර තිබේද යන්නත්, එනිසා ම "අදිසි" නවකතාව සඳහා කිසියම් ආකාරයක සාහිත්‍ය සම්මානයක් හිමි විය යුතු නොවේදෝ යි යන්නයි.
ඇතැම් කාලයක, ඇතැම් දේශයක විසුවා යැයි කියනු ලබන අවංක දේශපාලකයෙකු ගැන ඉඳහිට අපට අසන්නට ලැබුණේ වුවද, පක්‍ෂ දේශපාලනය යනු මඩ ගොහොරුවක් ය, කසල පිරි පතහක් ය යන්න සර්වලෝක, සර්වකාලීන සත්‍යයකි.
අදින් අඩ සියවසකටත් වඩා ඉහත කාලයයේ වුවද ලංකාවේ දේශපාලනය වනාහී දූෂිතව තිබූ එකක් බව "හතර අපායට යන්නට අවැසි නම් ලංකාවේ අගමැති කම එක දිනයකට කර බලන්න" යන අරුතින් යුතු කවියක් පූජ්‍ය යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම තමන් විසින් පරිවර්තනය කරන ලද කාව්‍ය ග්‍රන්ථයක ඇතුලත් කිරීමත්, ඒ කරගත්තාවූ පාප කර්මයේ බලයෙන් දෝ එම පුස්තකය රාජ්‍ය මර්ධනයට හසුව තහනම් වීමත් ගැන සිතන විට හොඳින් පෙනේ.
දේශපාලන පලිගැනීම් වනාහී දුෂ්කර පලාතකට කෙරෙන ස්ථාන මාරුවක් වැනි සරල ක්‍රියාවකට සහ දුෂණ යනු කරවල හෝ පරිප්පු රාත්තලකට වැනි සිල්ලර කටයුත්තකට බොහෝ විට සීමා වී තිබුණු ඒ යුගයෙන් ඇරඹුණු අපේ සමාජයේ බිඳ වැටීම 1980 සිට අති ධාවනාකාරී ගමනක යමින් මිනීමැරුම්, අතුරුදහන්කිරීම් සහ මිලියන ගණනින් පිල්ලි යැවීම් තත්වය දක්වා අද වෙනවිට අති මහත් ප්‍රගතියක් ලබා ඇත.
"හක්කේ බුදු රැස්, බොක්කේ දඩමස්" නියමය මනාව අනුගමනය කරන අද දේශපාලකයෝ උදේ වරුවේ සමන්මල් වට්ටි රැගෙන රුවන්වැලි සෑය වන්දනා කිරීමටත් හවස් යාමයේ රා කල හතක් පෙවූ මැරයින් යවා ජේතවනාරාමයට ගල් ගැසීමටත් එක සේ සමත්හු ය.
මිරිසවැටිය අග්ගලාවක් හෝ කොණ්ඩ කැවුමක් ලෙස සලකා අනුභව කිරීම ද ඔවුනට සරල දෙයකි.
දේශපාලන විරුද්ධවාදීන්ට හිමිවන්නේ දඹකොළපටුනට ස්ථාන මාරුවක් නොව කැරකෝප්පුවට කෙටි පාරකි.
අද පරම්පරාවේ දේශපාලකයින් දුෂණයෙන් අයථා ලෙස රැස්කර ගන්නා රන් කහවණු මැනීමට විශාල ප්‍රමාණයේ කුරුණි ඇවැසි වේ.
ජගත් එදිරිසිංහ ගේ "අදිසි" නවකතාවෙන් නිරාවරණය කෙරෙන්නේ පසුගිය දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණයක් හා සමගාමීව දිග හැරෙන කොළඹ නගරාසන්න පෙදෙසක වෙසෙන සුවිශේෂී චරිත කිහිපයක නිරුවතයි.
සුනන්ද නගරබද වත්තක වෙසෙන හිතහොඳ චණ්ඩියෙකි. ඔහු ගේ සහයෝගයෙන් පෙර මැතිවරණයකින් ජයගත් රණසිංහ දේශපාලන ඉණිමගේ ඉහලට නැගීමට වැර දරයි. ඒ ගමනේ ජය තහවුරු කරගැනීම සඳහා අනිවාර්ය තත්කාලීන අවශ්‍යතාවයක්වන විවිධ නීති විරෝධී ක්‍රියාවල නිරතවීමට සුනන්ද ගේ සහය තවදුරටත් නො ලැබෙන හෙයින් රණසිංහ හමුදාවෙන් පැන එන අජිත් තම මැර පිරිසට එකතුකර ගනියි. අජිත් ගේ නැගෙණිය සමදරා සුනන්ද ගේ පෙම්වතිය වන අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.
දුෂණය සහ භීෂණය මත යැපෙමින් තම මැතිවරණය මෙහෙයවන රණසිංහ ට ඒ සඳහා සහය ලැබෙන්නේ නාගරික ලුම්පන් පන්තියෙන් පමණක් නොවේ. ධනපති පන්තිය හා සභායට යන වාමවාදී නායකයින් නිසා බිම් මට්ටමේ වාමාංශික කේඩරයින් ට ද රණසිංහට කඩේ යමින් පෝස්ටර් අලවන්නටත්, වේදිකා ගොඩ නංවන්නටත් සිදුවේ.
සිය දේශපලාන අරමුණු වෙනුවෙන් පන්සලට පවා බෝම්බ ගසන රණසිංහ, ඒ ආනන්තර්ය පාප කරමය හේතුවෙන් දෝ ඡන්දයෙන් පැරදුණු කළ ඒ අඩුව පුරවන්නට කල්යල් බලා පවතින ක්‍රමයට අනුගතවෙන්නේ සමදරා ය.
මේ ප්‍රභල කතා වස්තුවේ මට ඇති එකම නොගැලපීම නම් ජගත් ජේ එදිරිසිංහ, නවකතාවේ ප්‍රධාන චරිතයක් වෙන සුනන්ද නම් හිත හොඳ චණ්ඩියා ට කරන ශ්වේතවර්ණාලේපයයි. ඒ සමගම ස්ත්‍රී සොඬ රණසිංහ ව හැරදා යන ඔහුගේ තරුණ බිරිඳ සමග මැරවර සුනන්ද අරඹන නීති විරෝධී හෝටල් ව්‍යාපාරය ද, ජගත් ජේ එදිරිසිංහ ගේ සානුකම්පික සුදු බුරුසුවට අසුවේ.
ළමා වියේ පටන් ලේඛක උණ සන්නිපාතයෙන් පීඩා විඳි ජගත් ජේ එදිරිසිංහ මේ වන විට නවකතා පහක් ඇතුළු මුද්‍රිත ග්‍රන්ථ අටක කතුවරයෙකි. ඔහුගේ පුවත්පත් දිවිය ඕස්ට්‍රේලියාව තුල දශකයටක් වඩා දිගු එකකි. එවැනි පලපුරුදු අශ්වාරෝහකයෙකුගෙන් බලාපොරොත්තු විය යුතු ලෙසටම "අදිසි" නවකතාව සඳහා ජගත් උපයෝගී කරගෙන ඇති භාෂා විලාශය ප්‍රභල එකකි. නවකතාවේ අන්තර්ගතය ඉදිරිපත්කර ඇති ආකෘතියද ආකර්ශනීය වේ.
කොටින්ම "අදිසි" කියවන අපට හැඟෙන්නේ මෙය ප්‍රබන්ධයක් කියා නොවේ. එය එතරම්ම තාත්වික ය.
"අදිසි" නවකතාව තුලින් ජගත් ජේ එදිරිසිංහ නොදැනුවත්වම වාගේ අපට උලුප්පා පෙන්වන තවත් පාඩමක් ඇත. එනම්, පීඩිත පන්තිවල සියළු සටන් ඉතිහාසය පුරා නිසැකවම පරාජය වී ඇත්තේ නිරායාසයෙන්ම සිදුවන පාලක පන්තිය හා සභාගයට යැමේ පාවාදීම නිසා බවයි.
ජගත් ජේ එදිරිසිංහ ගේ "අදිසි" නවකතාව කියවන ඔබේ සිතට මා මුලින් සඳහන් කළ සිතුවිලි ත්‍රිත්වයට අමතරව සිව්වැනි සිතුවිල්ලක් ද නැගුණහොත් එය කෙලෙස වේ දැයි මම මදකට සිතුවෙමි.
අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගැලවේවා යැයි ප්‍රාර්ථනයක් ඔබ සිතට නැගුණහොත්, එය අපේ ජීවිත කාලයේ ඉටු නොවන නිසරු පැතුමක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.
අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගලවා ගනිමි යැයි අධිෂ්ඨානයක් ඔබ සිතට නැගුණ හොත් එය අතිශය එඩිතර ගමණක මුලාරම්භය විය හැකි බව කිව හැක. නමුත් මින් වසර කිහිපයකට කලින් ජගත් ජේ එදිරිසිංහ සිය "ගිම්හාන සුළඟ" නවකතාවෙන් අපට කිවු පරිදි එවන් ගමණක අවසානය තත්කාලීන ව්‍යවහාරික භාෂාවෙන් අප "සොරි ඩොට් කොම්" ලෙස හඳුන්වන තත්වය වෙනු ඇත. මක් නිසාද යත්, ඉතිහාසය පුරාම සිංහ සෙයියාවෙන් එවන් ගමන් ආරම්භ කළ වුන් එක්කෝ පවතින දුෂිත ක්‍රමය මගින් ඉවත්කර දමන්නට යෙදුණු අතර එයින් බේරී ඉතිරි වූවෝ ඔවුන් විසින්ම පසු කලෙක තම දිශානතිය උඩුයටිකුරු කරගන්නා ලදුව හිමින් සීරුවේ පවතින ක්‍රමය හා අනුගත වූ බැවිණි.
Rasika Suriyarachchi | රසික සූරියආරච්චි
[SEO Tags] Jagath J Edirisinghe, Adisi 2012, Sinhala Novel, Sri Lankan Fiction
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
චේ ලියයි.|
Personal Quotes
යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා ගැනීමක් මගින් සෑබෑ විමුක්තිය සක්ෂාත් වීම හෝ එකී ක්‍රමය මුළුමනින් බිඳ දැමීම සිදු නොවන බවයි. කොල්ලකාරී, අධිරාජ්‍යවාදී ආර්ථීක ආධිපත්‍යයේ අවසානය ළඟා කරවීමෙන් පමණක් සැබෑ නිදහස උදාවේ.
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus