BOONDI.LK| කතන්දර බූන්දි| පුංචි පිනි බිඳුව
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
සිනමාව මාරයි...
Bernadeen Silva Memorial...
නිශාචරයා...
නිරාභිෂේකන [රේඩියෝ නාට්‍යය]...
මිලියනයක් මිනිසුන්ගේ පෙළපාළියේ...
මගෙ සිහිනය...
අලුතෙන්ම!
ලැන්ටි
|
භාතිෂ අකලංක සිල්වා
[0]
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....
|
සුමුදු තිවංක ගමගේ
[1]
නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි?
|
එම්.ජී. නුවන් සමීර
[4]
තවත් කතන්දර
පාදඩයා
|
රුවන් එම්. ජයතුංග
[1]
ආදරයට වෙඩි තියන්න
|
සෝමසිරි ඒකනායක
[2]
අප පෝෂණය කරමින් ඉන්නේ කවර වෘකයාද?
|
චනුර ජනිත්
[0]
බොහොඬෙක්
|
ඇන්ටන් චෙකොව්
[2]
අවන්හල
|
රුවන් එම්. ජයතුංග
[1]
අදෘශ්‍යමාන හාදුව
|
තිළිණි ෂැල්වින්
[21]
වෘකයා සහ බැටළු පැටවා
[1]
අංශක 110
|
දසුනි හෙට්ටිආරච්චි
[1]
ගැබ්බර හිතට ගබ්සාවක්
|
හෙන්රි වර්ණකුලසූරිය
[4]
The Cobra Woman and Her Visitor
|
අජිත් පැරකුම් ජයසිංහ
[0]
අක්ෂර සෙනග-
[කතන්දර ]
[20/80]
අනුෂ්ක
ප්‍රදීප්
ඉටලෝ
කේට්
නිකොලායි
ජගත්
ජේම්ස්
කේ.ජයතිලක
සංජීව
සංඛ
කේ.කේ.
රුවන්
සයිමන්
බී.ජී.එම්.
හකාවතී
රුවන්
ආගන්තුකයා
සමර
රන්සිරිමල්
තුෂාරි
BOONDI • Sookiri • •
කතන්දර බූන්දි
පුංචි පිනි බිඳුව
[2]
බූන්දි| | 17:38:49
පුංචි පිනි බිඳුව මට හමු වුනේ මහ කැලෑවකදි. මහා වැස්සක.., හොඳටම අකුණු ගගහ වහින වැස්සක පිනි බිඳුව තනි වෙලා හිටියා. මගේ ගෙදරත් ගොඩක් ඉඩ තිබුනේ නෑ. ඒත් මම පිනි බිඳුව ගෙදර එක්කගෙන ආවා. එක්කගෙන ඇවිත් ඉක්මනට කෑම ටිකක් හදලා දුන්නා. මොකද මට තේරුනා එයා ඉන්නෙ හොඳටම බඩ ගින්නෙ කියල. ඊළඟ ප්‍රශ්නේ නිදා ගන්නෙ කොහෙද? මහා රළු විදිහට හදලා තියෙන මගේ ඇඳේ පුලුවන්ද පිනි බිඳුවකට
නිදා ගන්න? මම තියෙන තරමක් රෙදි කෑලියි පරණ පත්තරයි ඇඳ රෙද්ද යටට දාල ඒක පුලුවන්තරම් සැප පහසු කරලා එයාට දුන්නා නිදා ගන්න. මම වීරයෙක් වගේ ඒ පොඩි කාමරය එයාට දීල පිළට වෙලා හිටියා සීතලේම. මට මේක හරි අමුතු අත්දැකීමක්.
උදේට ඉර පායන කොට පොරවත් අරගෙන කැලෑවට වදින මම ඇති තරම් දර කපාගෙන ගෙදර එනවා. ඇවිත් ඔය මොනව හරි කාලා නිදා ගන්නවා. හැමදාමත් එහෙමයි. ඉතින් මට මේක හරි පුදුමයක් නොවේද? මගේ ගෙදර පිනිබිඳුවක් නැවතිලා. ඒත් හෙට උදෙන්ම එයා යාවි. ඔහොම හිත හිතා ඉන්නකොට මට දන්නෙම නැතුව නින්ද ගියා. පහුවදා මම ඇහැරුනේ සීතල අතකින් මාව සොලවනකොට. මෙන්න එයා මට කෑම එකකුයි වතුර බෝතලේකුයි මගේ පොරවයි ගෙනත් දෙනවා.
මම ඒ ටිකත් අරගෙන ගෙදරින් එළියට බැස්සා. මම මොනවද කියන්නෙ? මොනවද අහන්නෙ? මුකුත් තේරෙන්නෙ නෑ. ඇයි මීටකලින් මට මෙහෙම දේවල් වෙලා තියෙනවද? එයා දොරකඩට වෙලා මගෙ දිහා බලාගෙන ඉන්නවා. මම ටිකක් වෙලා දැවටි දැවටි හිටියා මොකක් කරන්නද කියල හිත හිතා. ඊට පස්සෙ එයා මට අත වනලා දොර වහ ගත්තා. නිකන් එයාගෙ ගෙදර වගේ. මමත් වහපු දොරට අත වනලා පිටත් උනා.
එදා කැලෑවට ගිහින් මම දර කපනවාට වඩා කලේ කල්පනා කරන එක. එයා මම එනකල් ගෙදර ඉඳීද? මොනාද එයාට මම ගෙනියන්නෙ? ඔය වගේ දේවල්. කොහොම උනත් මම එදා කලින් ගෙදර ආවා.
මම කැලෑවෙන් හොයා ගත්ත මල් මිටියකුයි පලතුරු ටිකකුයි ගෙදර ගෙනාවා. මම ගෙදර එනකොට ගෙදර දොර වහලා? එයා ගිහින් වත්ද? මම හිමීට දොරට තට්ටු කලා. කිසි සද්දයක් නෑ. එයා ගිහින් වගේ. මට දුකක් දැනුනා. අපරාදෙ මම ගෙනාපු මල් පලතුරු ටික. එකපාරටම කවුද පිටිපස්සෙන් මගෙ ඇඟට පැන්න. මම හොඳටම බය වෙලා බිම වැටුනා. මෙන්න එයා..... ? මාව බය කරන්නම හැංගිලා ඉඳලා. එයා මහාලොකු හපන් කමක් කලා වගේ හිනා වෙනවා හොඳටම. මම හිනා වෙන්නෙ නැතුව එයා දිහාම බලන් හිටියා. ඇති තරම් හිනා වෙලා එයා ඊට පස්සෙ බිම වැටිලා තිබ්බ මල් පලතුරු ටික ඇහිඳගෙන ගෙට ගියා. මට මේ සේරම හරි අමුතු දේවල්.
ඉතින් ඒ තමයි මම සතුටින් ම හිටපු දවස්. ඔය විදිහේ දවස් ගනනාවක් පහු වුනා. දවසක් නගරයට සර්කස් එකක් ආවා. මිනිස්සු හැමෝම සර්කස් බලන්න ගියා. ඉතින් මමත් පුංචි පිනි බිඳුව එක්කගෙන ගියා සර්කස් එක බලන්න. මිනිස්සු හැමෝම අපි දෙන්න දිහා බලන්න උනා. ඒ අය මීට කලින් පුංචි පිනි බිඳුවක් දැකල නැහැ වගේ. මටත් පොඩි ආඩම්බරයක් දැනුනා. සර්කස් එක හරි විනෝදයි. එවගේම ත්‍රාස ජනකයි. අපි එදා ඇති තරම් සතුටු වුනා. සර්කස් කූඩාරමෙන් එළියට ආවම මට හිතුනා පිනි බිඳුවට අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්න. මම අයිස් ක්‍රීම් එකත් අරගෙන එනකොට දැක්ක කවුදෝ මහ ගොරෝසු පෙනුමක් තියෙන කෙනෙක් පිනි බිඳුවත් එක්ක කතා කරනවා. ඒ සර්කස් එකේ අයිතිකාරයා. "ඔබ කැමතිනම් මිස් ඕනෙම වෙලාවක මාව මුණගැහෙන්න.." . ඒ මිනිහා එහෙම කියලා මටත් නිකන් බොරු හිනාවක් දාල යන්න ගියා. මොනවද ඒ මිනිහා පිනි බිඳුවට කිය කිය හිටියේ? මට ලොකු ප්‍රශ්නයක්. "එයා ඇහුවේ සර්කස් එකට සම්බන්ධ වෙන්න කැමතිද කියලා.." පිනි බිඳුව එහෙම කිව්වේ බිම බලාගෙන. එයාගෙ හිතෙත් ඒ ගැන කැමැත්තක් තියෙනවා කියල මට තේරුනා. "ඔයාට ඕනෙම නම් යන්න". මම එයාට කැමැත්ත දුන්නා
එයා බොහොම සතුටු වුනා. එදා ඉඳන් අපි දෙන්නම ඒ සර්කස් එකේ සාමාජිකයො උනා. මගේ හයිය හත්තිය තියෙන අත පය නිසා මාව පිනුම් ගහන්නයි තව එක එක අය උරහිස උඩ තියා ගෙන විවිද සංදර්ශන පවත්වන්නයි තෝර ගත්තා. ඒත් එක දෙයක් කියන්න ඕනෙ. මිනිස්සු වැඩි පුරම කැමති වුනේ මගේ පිනි බිඳුව ගේ සංදර්ශන බලන්න. එයා කිසි බයක් නැතිව ගිනි වලලු කරකවන ඒවයි ගිණි වලලු මැදින් පනින ඒවයි බලන්න මිනිස්සු ආස කරා. අපිට සල්ලිත් ගොඩක් ලැබුනා. මේ සංදර්ශන අතර තුර මට මගේ සුපුරුදු කැලෑ ජීවිතය මතක් නොවුනා ම නෙමෙයි.
ඒත් මගේ පිනි බිඳුව නිසා මම අකැමැත්තෙන් හරි දිගටම සර්කස් එකේ හිටියා. ඔන්න එක දවසක් සර්කස් එකේ අයිතිකාරයා අර ගොරෝසුවා අලුත්ම විදිහේ සංදර්ශනයකට මගේ පිනි බිඳුව පුහුණු කෙරෙව්වා. ගිනි වලලු නෙමෙයි ඒක ගිනි වලක්. ඊට උඩින් බැඳපු කම්බියක මගේ පිනි බිඳුව සමබරව ඇවිද යන්න ඕනෙ. ඒක හරි භයානක දෙයක්. මම තදින්ම විරුද්ධ උනා. ඒත් මගේ පිනි බිඳුව කැමැත්තෙන්ම ඒ සංදර්ශනය භාර ගත්තා. මම නම් ඒ දිහා බලන්නවත් කැමති වුනේ නෑ.
ඒ සංදර්ශනය සෑහෙන්න ජනප්‍රිය වුනා. මිනිස්සු එයාට ගොඩක් ප්‍රශංසා කලා. ඒත් එක දවසක් මහ භයානක දෙයක් වුනා. මගේ පිනි බිඳුව අර කම්බිය දිගේ ඇවිදිමින් හිටියා. මම කොහොමත් ඔය දර්ශනය බලන්නෙ නැහැ. මම හිටියේ සර්කස් මඩුව පිටි පස්සෙ. එක පාරටම මිනිස්සු කෑ ගහනව ඇහුනා. මම ඉක්මනට දුවලා ගියා. මිනිස්සු සේරම වල වටේට රැස් වෙලා. මම සෙනග පීරාගෙන වල ලඟට ගියා. ගින්දර නිසා මට මොකවත් පෙනුනේ නෑ. ඒත් මම යාන්තමට දැක්කා මගේ පිනි බිඳුව සර්කස් එකේදි ඔලුවට දාන පුංචි රිදී පාට ඔටුන්න.
මම ඒ ගිනි වල අයිනෙ බිම ඉඳගත්තා. මිනිස්සු හැමෝම මගේ පණ නැති අත අල්ලල මට දුක ප්‍රකාශ කරලා යන්න ගියා. සර්කස් අයිතිකාරයා අර ගොරෝසුවා බොහොම බැරෑරුම් විදිහට කල්පනා කරමින් එහාට මෙහාට ඇවිදිමින් හිටියා. ගිනි වලේ එයා ගැන කිසි සලකුනක් තිබ්බේ නැහැ. ගින්දර නිවුනම මම දැක්කා අර පුංචි ඔටුන්න උණු වෙලා රිදී ගුලියක් වෙලා තිබුනා.
මම ආයෙත් මගේ කෑලෑ ගෙදරට ආවා. එදා මුලින්ම මම මගේ පුංචි පිනි බිඳුව හොයාගෙන ආව දවසෙ ඉඳන් වෙච්ච හැම දෙයක්ම මට ආයෙත් මතක් වුනා. හරියට හීනයක් වගේ. මම ආයෙත් මගේ සුපුරුදු කැලෑවට වැදිලා දර කපන්න පටන් ගත්තා. කැලෑවේ ඇවිදිනකොට එදා මගේ පිනි බිඳුව වැස්සෙ තෙමි තෙමී හිටපු තැන මම දකිනවා. මම අදටත් ඒ දිහා බලනවා හදිසියේ හරි ආයෙමත් එයාව දකින්න ලැබෙයි කියලා.
ආයෙමත් මිනිස්සු නගරයට යන්න පටන් අරන්. නගරයට අලුත් සර්කස් එකක් ඇවිල්ලා.
Anushka Thilakarathna | අනුෂ්ක තිලකරත්න
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
2
Comment(s)| ප්‍රතිචාර
ක්‍රිස් හෙජස් කියයි.|
Personal Quotes
අප දැන් සිටින්නේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍යය වනසන, නීතිවේදීන් විසින් සාධාරණය වනසන, විශ්වවිද්‍යාල විසින් දැනුම වනසන, ආණ්ඩු විසින් නිදහස වනසන, මාධ්‍ය විසින් තොරතුරු වනසන, ආගම විසින් යහපත්බව වනසන සහ බැංකු විසින් ආර්ථිකය වනසන දේශයක ය.
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus