BOONDI.LK| Cine බූන්දි| இனி அவன்|ඉනියවන් රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-
සංජීව පුෂ්පකුමාර
ගේ
"ඉගිල්ලෙන මාළුවෝ"
චිත්‍රපටයෙන්]
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
අලුතෙන්ම!
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[1]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[0]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[0]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[1]
ඇනා කැරනිනා යළි එන වගයි.
|
සුමුදු තිවංක ගමගේ
[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[2]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[0]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
කුස යථාර්ථයේ ප්‍රබන්ධ පබා
|
අජිත් ගලප්පත්ති
[2]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
චූලානන්ද
චමිල
මංජුල
තුෂාරි
බී.ජී.එම්.
ජගත්
ලියනගේ
ඉසුරු
නුවන්
හෂිත
ප්‍රියන්ත
චින්තන
දිලීප
විකුම්
ප්‍රියාන්
දර්ශන
සංඛ
තිස්ස
අමිල
විපුල
BOONDI • Raha • •
Cine බූන්දි
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
[1]
බූන්දි| | 08:48:45
අශෝක හඳගම
ගේ සිනමා පුනරාගමනය
'ඉනියවන්'
නමැති දෙමළ භාෂිත කෘතියකි. හඳගම මෙය නම් කොට ඇත්තේ இனி அவன் (Him, here after) යනුවෙනි. අශෝක හඳගමගේ අර්ථකථනය හමාර කොට දැන් එය අප හමුවෙහි තබා ඇති බැවින් අප අපගේ අර්ථගැන්වීම් මතු කළ යුතුය. යම් කෘතියක් අරභයා නිසි, ප්‍රාමාණික හා සාධාරණ අර්ථගැන්වීම් මතු නොකළහොත් සිදුවිය හැක්කේ අන් ප්‍රදර්ශනකාමීන්ගේ අනිසි අර්ථ මතුවී අන් අතකට කෘතිය 'පුනරාවර්තනය' වීමය. කෙසේ වෙතත් හඳගමගේ 'ඉනියවන්' මෙරට
සිනමාව තුළ පමණක් නොව සමස්ත දේශපාලන හා සංස්කෘතිමය පරමාධිකාර තුළ අධිබලැති යමකි.
ශ්‍රී ලාංකික හඳගම විසින් ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයට එකතු කරනු ලබන මෙම දෙමළ භාෂිත චිත්‍රපටය වැලඳගැනීමට, ඉවතලෑමට පළමුව අප විසින් නිහතමානීවම වටහාගත යුත්තක් ඇත. එනම් 'ශ්‍රී ලාංකික සිනමාව' යනුවෙන් යමක් නොමැති බවය. තිබී ඇත්තේ 'සිංහල සිනමාවකි'. මේ සිංහල සිනමා ඉතිහාසය තුළ අඩුම තරමින් ශ්‍රී ලංකා දූපත තුළ ඉපදුණු දෙමළ චිත්‍රපට සමූහයවත් ලියවී, ඉතිහාසගත වී නැත. අපේ සිනමා ඉතිහාසයේ තොරතුරු ලේඛනගත කොට ඇති ග්‍රන්ථවල හෝ ලාංකික චිත්‍රපට ලැයිස්තුවල මෙම ලාංකික දෙමළ චිත්‍රපට සමූහය සඳහන්ව නැත.
පතිරාජ
ගේ
'පොන්මනී'
පවා බැහැර කරනු ලැබූ සිංහල චිත්‍රපට නාමාවලියට හඳගමගේ 'ඉනියවන්' ද ඇතුළු නොකරනු ඇත. මෙම යථාර්ථය තුළ අන් අතකට සිනමා කෘතියක් සිංහල ද දෙමළද කියා සෙවීම පවා විහිළුවක් බව 'ඉනියවන්' දෘශ්‍යමාන කරයි. සිනමාවේ භාෂාව රූපයයි. 'ඉනියවන්' හි රූප සහ උච්චාරණ දෙබස් ද ප්‍රබල රූපාර්ථ දරාගෙන සිටියි. මෙහි ශ්‍රව්‍ය කථන ස්වරූපය තුළ ඇත්තේ ද ව්‍යංගාර්ථ පිරි ප්‍රබල දේශපාලන රූපණයකි. 'ඉනියවන්' යනු සිංහල හෝ දෙමළ නොව 'සිනමාව' ය. 'ඉනියවන්' ප්‍රබල සිනමාත්මක කාර්යයක් වනුයේ භාෂාමය ස්වාධිපත්‍යය අතික්‍රමණය කොට රූපයේ ප්‍රබල සන්නිවේදනමය හා දේශපාලනමය ප්‍රකාශන ශක්‍යතාවට ඉඩදෙන නිසාය.
අන්තගාමී සිංහලීය සිනමාවේ රාජ භක්තික හෝ බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාවට 'ඉනියවන්' පිළිතුරු සපයයි. රාජභක්තික ඇන්තනීලාගේ සිට බඩගෝස්තරික ආරියරත්නලා දක්වා ('අබා' සිට 'පබා' දක්වා) අප නැරඹූ සිංහලමය චිත්‍රපට ව්‍යාපෘතිකරණයෙන් ලාංකික චිත්‍රපටය 'සිනමාව' වෙත යළි කැඳවාගත යුතු පුනරුත්ථාපනමය අවධාරණය 'ඉනියවන්' මතු කරයි.
'කුස පබා'
ප්‍රශස්ත චමත්කාර චිත්‍රපටයකැයි දැන්වීම් ප්‍රකාශ නිකුත් කළ
ඩී.බී. නිහාල්සිංහ
,
ගුණදාස අමරසේකර
වැනි දැනවත්හු ඉනියවන් පුනරාවර්තනය කරන සිනමාව දෙස බලන අයුරු දෙස අපි බලා සිටිමු. සියල්ල සිංහලකරණය වූ ආකාරයට සිනමා ප්‍රකාශනය සිංහල වීම යනු සිනමාව සිනමාවෙන් බැහැරවීම හැර අන් කුමක්ද? ඉනියවන් සිංහල සිනමා නාමාවලිය සහ ඉතිහාසය අලුතින් සකස් කරනු ලබන පුනරුත්ථාපනයකි. පශ්චාත් යුද සංස්කෘතියක් තුළ උපදින පළමුවැනි විශිෂ්ට සිනමා ප්‍රකාශනය මෙයය. 'අබා' ගේ සිට 'කුස පබා' දක්වා බිහි වූ අන් චිත්‍රපට යනු සිනමා ප්‍රකාශනයෙන් බැහැර වූ අන් ව්‍යාපෘතීන් ය. 'ඉනියවන්' චිත්‍රපටයට වස්තු විෂය වනුයේ දෙමළ තරුණයාය. එනම් පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදියාය. ඔහුගේ පුනරාවර්තනයයි.
පුනරාවර්තනය යනු යළි පැමිණීමය. එනම් පෙරළා ඒමය. ප්‍රේක්ෂකයා තුළ ද නැවත ආවර්තනය වීම් සිදුවෙයි. ඒ සඳහා අනුබල සපයනුයේ සිනමා කෘතියෙහි සක්‍රීය ස්වභාවයයි. නොමැරී ජීවත්වන ත්‍රස්තවාදියා මෙන්ම ප්‍රේක්ෂකයා ද පීඩිතයෙකි. ඔහු තුළ අමතක වූ අවිඥානගත වූ බොහෝ දෑ ඇත. ඔහු තුළ අවරෝධනය කරන ලද බොහෝ දෙයින් ඔහු පීඩිතයකු බවට පත්කොට ඇත. අවිඥානයේ තැන්පත්ව, යටපත්ව ඇති එම අවරෝධිත දෑ යම් විටෙක යම් ක්‍රියාවන්ට පරිවර්තනය වීමට ඉඩ තිබේ. මෙය පුනරාවර්තනයකි. මෙසේ අවිඥානයේ සිට නැවත පැමිණෙන්නේ මතක සටහන්ම ලෙස නොවිය හැක. සිනමා කෘතිය සමග බැඳෙන ප්‍රේක්ෂකයා යම් යම් ක්‍රියාවන්හි පෙලඹෙන්නේ එය පුනරාවර්තනයක් බව නොදැන විය හැක. ප්‍රතිරෝධය බලවත් වූ විට මතක සටහන් ලෙස ඉස්මතු නොවී ප්‍රතිරෝධන ක්‍රියා ලෙස මේවා සිදුවෙයි. මෙසේ ක්‍රියාවට නගන්නේ ප්‍රේක්ෂකයා තුළ අවරෝධනය කළ දෑය. බාධා කළ දෑය. තහනම් කළ දෑය. මේවා හැඟන්වෙන්නේ අවශෝෂණයන් (Inhibition) වශයෙනි. චිත්‍රපටය විඳින කාලය තුළ ප්‍රේක්ෂකයා සක්‍රිය වෙයි. අවරෝධනයන්ගෙන් නිවහල් වන තරමට ඔහු ප්‍රබෝධමත් වෙයි. පුනරාවර්තනය ප්‍රබල වෙයි. මෙය වඩාත් බිහිසුණු වීමට ද ඉඩ තිබේ. පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදියකු තමා විසින් වළලෑ අතීත ගිනි අවි යළි ගොඩගන්නට තරම් සාහසික විය හැක. සමාජ යථාර්ථය යනු යුද්ධයකි. ප්‍රභාකරන්ගේ මරණය සියල්ල විසඳා නැත. පුනරාවර්තනය (transmigrate) නැවත පැරැණි තත්වයට යාමට ඇති නැඹුරුතාවය ද විය හැක. එකම ක්‍රියාව යළි යළි කිරීමට අප තුළ ඇති කැමැත්ත එබඳුය. නෛසර්ගික නැඹුරුවක ප්‍රකාශනය හෙවත් සහජයන් ද පුනරාවර්තන ලෙස හඳුනාගැනේ.
'ඉනියවන්' චිත්‍රපටයට ප්‍රස්තුත වනුයේ මෙයාකාර වූ පුනරාවර්තනය හමුවෙහි වික්ෂිප්ත වූ පුනරුත්තාපනය කෙරුණු දෙමළ තරුණයාය. ඔහු නොනැසී බේරුණු එනම් 'ජීවත්වීමට' තරම් 'වාසනාව' ලද්දෙකි. එය අවාසනාවක් වන තරම මෙම තරුණයා අපට විස්තර කරනුයේ යුද්ධය නිමවීමෙන් පසු නිමා නොවූ අන් යුද්ධවල බිහිසුණු බව කොතෙක්දැයි පහදමිනි. නොනැසී ජීවත්වන්නාගේ අවාසනාවන්තකම හෙවත් අමර්ත්‍යතාවයෙහි (survival) සැබෑ ස්වරූපය තීන්දු කරනුයේ සමාජ යථාර්ථයයි. මෙබඟ සමාජ යථාර්ථයක් තුළ ජීවත්වන්නට භාග්‍ය ලද්දා අභාග්‍යවන්තයෙකි. 'ඉනියවන්' තුළ මීට හේතු පහදයි. නොනැසී අඛණ්ඩව ජීවත්වන්නට සුදුසුකම් ලබන්නේ පරිසරයට ඔරොත්තු දීමට සමත්වන්නා පමණි. මෙතැනදී ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදියා යනු මෙම පුනරුත්ථාපිත පරිසරයට නුසුදුස්සෙකි. මෙම බිහිසුණු සමාජ සැබෑව ත්‍රස්තවාදියකු ජීවත් වූ පෙර පරිසරයට වඩා භයංකරය. සිය පළපුරුදු නිවස හා නිවැසියන් පතමින් යළි නිවස බලා එන මෙම තරුණයා පෙරටත් වඩා භ්‍රාන්ත වෙයි. රජයේ හමුදාවක් සමග යුද්ධ කරද්දී නොදැනුණු දෙගිඩියාවක් පශ්චාත් යුද සමයෙහි මෙම පුනරුත්ථාපනය වූ තරුණයාට දැනෙයි. යුද්ධයේ දෘශ්‍යමානයට වඩා අදෘශ්‍යමානය බිහිසුණු බවත් එම අදෘශ්‍යමාන ප්‍රභාකරන්ලා කිසිදු ලෙසකින් නතර කළ නොහැකි බවත් මින් ගම්‍ය වෙයි. යුද්ධයේ සැබෑව අවධාරණය කෙරෙනුයේ මෙබඟ නිර්ව්‍යාජ ප්‍රකාශයකිනි. මෙය නිර්භීත සත්‍ය අර්ථකථනයකැයි අප වටහාගන්නේ රාජ්‍ය පාක්ෂික ප්‍රචාරකවාදී ව්‍යාජ ප්‍රකාශනවලට ද සාපේක්ෂවය.
"එදා අපි කළේ සෙල්ලමක්. අද තමයි ගේම් එක."
යනුවෙන් මෙම පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදී තරුණයා වටහාගනී. මොහුව එදා සන්නද්ධ කෙරුණු තුවක්කුවට වඩා මෙදා ඔහු අත බලහත්කාරයෙන් තැබෙන තුවක්කුව බලගතුය. බිහිසුණුය. පැරැණි තුවක්කුව ඔහු ගෙවත්තේ වළදමා යටපත් කොට ඇත. යළි එය ගොඩගන්නට ඔහුට බලකර සිටිනුයේ මෙම සමාජමය යුද පිටියයි. ප්‍රභාකරන් මරා දැමුවාට ප්‍රභාකරන්ලා ජීවතුන් අතර සිටිනතාක් කල් මෙම යුද විරෝධී, පුනරුත්ථාපිත (transmigrated/ reborn) තරුණයන්ට නිරායුධ විය නොහැකි යථාර්ථය 'ඉනියවන්' හෙළිකරයි.
මෙහි නොනැසෙන හෝ නැසිය නොහැකි ප්‍රභාකරන්ලා සංකේතවත් කරන, පෙනුමෙන් අහිංසක මුදලාලිගේ චරිතය යනු අධ්‍යතන ධනවාදී යුද පිටියේ යෙහෙන් වැජඹෙන සූරාකන්නාගේ භූමිකාව (Exploitive character) කියාපායි. යුද පිටියේ සිට යළි නිවස බලා එන පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදී තරුණයාගේ සාරය උරාගන්නා මුදලාලි යුද්ධය අභිබවන සමාජ යථාර්ථයේ ත්‍රස්ත බව පෙන්වයි. මොහු බලහත්කාරයෙන් සහ වංචාවෙන් අනෙකා සතු දේ ගැනීමෙන් සන්තෘෂ්ටිය සොයන්නෙකි. ස්වාර්ථය සඳහා අයුතු ප්‍රයෝජන ගන්නෙකි. අනෙකාගේ ශ්‍රම ශක්තිය ගසා කන්නෙකි. මෙම ක්‍රියාවලිය චිත්‍රපටය තුළ සවිස්තර කෙරෙනුයේ පශ්චාත් යුද බිමක හිස ඔසවන ගෝත්‍රික, වහල් වැඩවසම් ගති ලක්ෂණ මත සක්‍රිය වන ධනවාදී අවස්ථාවාදය ය. මෙහි ගුප්ත හා අප්‍රකට ස්වභාවය යුද්ධය මෙන් දෘශ්‍යමාන නැතත් ගරිල්ලා ත්‍රස්තවාදියකු මෙන් සැඟව සිට වෙඩි තබයි. 'ඉනියවන්' හි ත්‍රස්තවාදී තරුණයාගේ සියලු ශක්තින් ධනවාදී ප්‍රභාකරන්ලා ට මනුෂ්‍ය ප්‍රාග්ධනයකි. භෞතික ප්‍රාග්ධනය බලගැන්වීමට මේ මිනිස් ශ්‍රමය උවමනාය. පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදී තරුණයා මේ ආකාරයෙන් පුනරුත්පත්තිය (rebirth in other life/ transmigration) ලබයි. ඔහුට තම අහිමි වූ සහ යටපත් වූ සිය පළපුරුදු නිවස යළි උරුම නොවේ.
දරුණු යුද්ධයක් නිමා වී තවදුරටත් නොමැරී සිටින්නට වරම් ලද ත්‍රස්තවාදී තරුණයා තම පෙම්වතියගේ නළල් මත සිය රුධිරයෙන් තිලක තබා සපථ කරන නිහඬ ප්‍රතිඥාව ප්‍රබලය. ත්‍රස්තවාදියකුව සිටි තරුණයාගේ එකී වීරත්වය මතු නොකොට ඔහු තුළ සිටින සැබෑ වීරයාගේ සංවේදී දැඩි සිත ඉල්ලා සිටින ජීවිතය මින් ඉඟි කෙරේ. ජීවත්වන්නවුන් ඉල්ලා සිටින ජීවිතය සහ ඔවුන් මත පවරනු ලැබූ ජීවිතය එකිනෙකට ප්‍රතිවිරෝධීව යුද වදින අයුරු මෙහි චරිත විග්‍රහයෙහි හරයයි. ජීවිතයට එරෙහිව ජීවත්වන්නවුන්ගේ යුද්ධය අභියෝගාත්මකය.
යටපත් කරන ලද ගිනි අවි යළි පත්තු වන්නේ ජීවත්වන්නවුන් ජීවිතය සමග යුද වදිද්දීය. විඥානයෙන් පළවා හරින ලද හෝ යටපත් කරන ලද ජීවන අපේක්ෂා මතුවන්නේ මෙම භාව යුද පිටියේ දීය. යුද්ධය යනු මිනිසුන්ට මරණය සේම ජීවිතය ද උරුම කරන අවස්ථාවක් බව 'ඉනියවන්' පවසයි. ජනප්‍රිය අවස්ථාවාදී දේශපාලනය හා ඒ මත යැපෙන පශ්චාත් යුද චිත්‍රපට ව්‍යාපෘති විසින් පෙන්වනු ලබන යුද්ධය 'ඉනියවන්' විසින් කණපිට හරවනුයේ එසේය. සිනමාකරුගේ කාර්යය රසිකයාගේ අවිඥානික මනස සවිඥානික කිරීමය. මෙවිට සිදුවන්නේ රසිකයා තුළ පවත්නා අවරෝධනය (repression) සක්‍රිය කිරීමයි. ඊට බලපෑ පූර්වාරෝපණය ද ශුන්‍ය කරනු ලැබේ. සංකීර්ණ චිත්ත පීඩාවක් වූ 'හේතුව' සාමාන්‍ය තත්වයට පත්වූ කල එහි 'ඵලය' නිරාකරණය කරගැනීම පහසු කිරීම මෙහි අභිප්‍රායයි. ප්‍රශ්නය ප්‍රශ්නකාරී ස්වරූපයෙන් මුදාගත් විට විසඳුම් හඹායාම පහසු වේ. සිනමාකරුවාගේ කාර්යය රසිකයා තුළ මෙම මනෝ සක්‍රියතාවය හටගැන්වීමයි. චිත්‍රපටය යනු ඓතිහාසික විපර්යාසයකට අනුබලයකි. සිනමාකරුවා තම චිත්‍රපටය තුළ රඳවන්නේ රසිකයා තුළ පවත්නා ප්‍රති-ශක්ත්‍යාරෝපණය (anty-cathexis) ප්‍රතිවිරෝධයකි.
රසිකයා අතට බොරු තුවක්කු දී පාස්පෝට් හදාගන්නා රාජභක්තික හා බඩගෝස්තරික යුද සැමරුම් සිනමා ව්‍යාපෘතිධාරීන් හමුවේ රසිකයා සන්නද්ධ කළ යුතුව ඇත. වැළලූ හා යටපත් කළ තුවක්කු යළි පත්තුවනු නොවැළැක්විය හැක්කකි. මැඩපවත්වන ලද, යටපත් කරන ලද හා වසන් කරන ලද රසිකයා යනු පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදියකු වැනිය. පශ්චාත් යුද සමයක යළි ගොඩගන්නා තුවක්කු පැරැණි පිළිවෙතට සක්‍රිය කළ නොහැක. ඒ සැබෑ යුද්ධය යනු පැරැණි දෘශ්‍යමාන යුද්ධයම නොවන නිසාය. ප්‍රභාකරන්ලා ප්‍රභාකරන්ට වඩා ත්‍රස්තය. සන්නද්ධය. යුදකාමීය. 'ඉනියවන්' චිත්‍රපටයෙන් ප්‍රභාකරන්ලා වෙනුවෙන් යළි ගොඩගන්නා ප්‍රභාකරන්ගේ තුවක්කුව සංකේතවත් කරනුයේ අවරෝධනය කරන ලද අභිලාෂයන්ය. (repressed wish)
'අලුත් ජීවිතයක් නැහැ පරණ ජීවිතයම අලුතින් පටන්ගමු.'
'ඉනියවන්' චිත්‍රපටයේ තැනක එකෙකු කියයි.
[ඡායාරුප-
මොහාන් රාජ් මඩවලගේ එකතුවකින්
උපුටා ගැණින.]
වෙනත් සබැඳි |
1. இனி அவன் [Facebook Page]
2. ඉනියවන් ඡායාරුප එකතුව
3. මට සිනමාව කියන්නේ සමාජාවබෝධයට පත්වීමේ මාවතක් - හඳගම
Ajith Galappaththi | අජිත් ගලප්පත්ති
[SEO Tags] இனி அவன் (Him, here after) 2012 Movie by Asoka Handagama, Sri Lankan Tamil Cinema, Sri Lankan Films
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
1
Comment(s)| ප්‍රතිචාර
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.|
Personal Quotes
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන් සහ භාවයන් නොකතා හැරීම අරඹන විට එය නිසරු, මුග්ධ, සාරය අහිමි දෙයක් බවට පත්වෙයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus