BOONDI.LK| අදහස් බූන්දි| ෆොටෝෂොප් මාර්ග සංවර්ධනය හෙවත් බඩගින්නට හයි වේ කෑම
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
Fight against the impossible and win.
[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් අදහස්
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
සංජීවිකා
සඳුන්
සංඛ
සන්ධ්‍යා
ජයසිරි
සුමිත්
ප්‍රසාද්
ප්‍රියාන්
අරවින්ද
දර්ශන
රසික
වීරයා
රන්සිරිමල්
නුවන්
රංජිත්
රුවිනි
උදය
සනත්
වරුණ
ගාමිණී
BOONDI • Currents • •
අදහස් බූන්දි
ෆොටෝෂොප් මාර්ග සංවර්ධනය හෙවත් බඩගින්නට හයි වේ කෑම
[3]
බූන්දි| | 09:10:09
"ලංකාව දැන් පට්ට දියුණුයි බං, පිස්සු හැදෙනවා. ....ලුයි ....ඨායි දෙන ගේම් දැක්කම. අර හැංගිලා හිටපු තට්ට ඩයල් එකට දැක්කනේ දුන්න ගේම, අන්තිමට ඌයි ඕස්ට්‍රේලියන් ගවර්මන්ට් එකයි දෙකම චාටර් වුණා..." උපතින්ම කොළපාට මගේ මිතුරාගේ අදහසින් එක්වරම මා පුදුමයටත්, කණගාටුවටත් පත්වුණෙමි. පුදුමය නම් ලංකාව ලබා ඇති දියුණුව පිළිබදව මා කිසිලෙසකින් වත් දැනුවත්ව නොසිටීමයි. එසේනම් රජයේ මාධ්‍ය විසින් සිදුකරන වාර්තා සත්‍ය විය යුතුය. මා කණගාටුවට පත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ
යෙදී සිටි පුද්ගලයෙකු රජයට හිතවත් මිලිටරි කණ්ඩායමක් මගින් (මිතුරාට අනුව) පැහැරගෙන යාම "මාර ගේමක්" ලෙස විග්‍රහ කරගන්නා එවුන් ද සිටීම ගැනයි.
මනුස්සයෙකුගේ පැහැරගැනීම නොව හුරතලේට ඇතිකරන සතෙකුට සිදුකරන හිංසාවක් පවා සදාචාර විරෝධී හා නීති විරෝධී වන ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වන පුද්ගලයෙකුට, තමන්ගේ මතයට එරෙහි වූවෙකුගේ කොන්දේසි විරහිත විනාශයක් ප්‍රාර්ථනා කිරීම කවර ආකාරයකින් අවබෝධ කරගතයුතුද යන්න මම නොදනිමි. මේවා බරපතල සමාජ විද්‍යාත්මක න්‍යායන් ඇසුරින් විශ්ලේෂණය කරගන්නවාට වඩා "උණ පුරුකෙ දැම්මත් බල්ලාගේ වලිගෙ ඇද අරින්න බැහැ" වැනි ප්‍රස්ථාව පිරුළක් ඇසුරින් තේරුම් ගැනීමට තැත් කිරීමෙන් ලේ කෝප වීම පාලනය කරගැනීමට පහසු වේ යැයි මම විශ්වාස කරමි. පුද්ගලයා අතුරුදන් වූ පසු, ඔහුගේ ජීවිතය බේරීමත්, ඒ සදහා ඕස්ට්‍රේලියානු රජය මැදිහත් වීම මානුෂවාදී ඇසකින් බලනවාට වඩා නරුමවාදි ඇසකින් බැලීම ගැන මා එතරම් පුදුමවන්නේ නැත. ඔහු ලාංකිකයෙකි.
"ලංකාවේ පට්ට දියුණු..."ව ගැන මා විස්තරාත්මක ඇසීමි. ඔහුගේ දැඩි අවධානයට පත්ව තිබුණේ ලංකාවේ වැඩිදියුණු වූ මාර්ග පද්ධතියයි. මීට පෙර පැය 10ක පමණ කාලයක් ගතකෙරෙන ගමනක් සදහා ඔහුට ගතව තිබුණේ පැය 6කටත් අඩු කාලයකි. සෘණාත්මකව විමසීමත් තාර්කිකව විමසීමත් යනු එකක් නොව දෙකක්ය. මගේ විමසීම අර්ථදැක්වීම ඒ ඒ පුද්ගයින්ගේ දෘෂ්ඨිකෝණයන්ට අනුව වෙනස්විය හැකිය.
මෑත කාලින ලංකාවේ දැවැන්ත දියුණුව ගැන සිදුකෙරෙන සඳහන් වලදී හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොළ, කෙරවලපිටිය විදුලිබලාගාරය, හැරුණු කොට සදහන් වන ප්‍රධානතම කාරණය ලංකාවේ මහා මාර්ග පද්ධතියයි. පශ්චාත් යුධ ලංකාවේ ආර්ථික සංවර්ධනයේ දිශානතිය මෙයයි. සැබැවින්ම ලංකාවේ මාර්ග පද්ධතිය, අනෙකුත් දේවල් වලට වඩා ඉහළය. පරිපාලනය සම්බන්ධයෙන් වන අනෙකුත් සියළු දෑ වලදී දැඩි මානසික ආතතියකට මුහුණ දෙන විට ලංකාවේ මාර්ග පද්ධතියවත් නිසියාකාරව පැවතීම විශාල සහනයකි. (මේවා අංග සම්පූර්ණ නොවීම, කාණු පද්ධතියක් නැතිවීම, නිසියාකාරව නඩත්තු නොකිරීම ද්වීතික කාරණාවන්ය.)
මම මාතර සිට අරුගම්බේ දක්වා ඇති කාපට් යෙදූ මාර්ගයේ ගමන් කොට ඇත්තෙමි. මාතර ප්‍රදේශය පසුවූ පසු එම මාර්ගයේ ගමන් කිරීම ඉතාමත්ම පහසු කාර්යයකි. මන්ද එම මාර්ගයේ ගුණාත්මක භාවය ඉහළ යෑමත්, අතරමගදි හමුවන වාහන ප්‍රමාණය අඩුවීමත්ය. කොළඹ සිට විවිධාකාර විනෝදචාරිකාවන් වල යන පිරිස් මෙන්ම ලංකාවට පැමිණෙන විදේශිකයින් රැගත් වාහන ද ඒ අතර බහුලය. හම්බන්තොට දිස්ත්‍රික්කය හා මොණරාගල, අම්පාර දිස්ත්‍රික්ක හරහා ගමනේ යෙදෙන විට මට ඇතිවූ හැගීම නම් මෙය "ෆොටෝෂොප්" කරන ලද මාර්ගයක් බවයි. එහි අදහස ඡායාරූප දෙකක් බද්ධකරනවාක් මෙන් මෙම කාපට් මාර්ගයද එම ප්‍රදේශයට බද්ධ කර ඇති බවක් හැගේ. මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ස්වභාවය, ඔවුන්ගේ ජීවන තත්ත්වය හා මෙම මහාමාර්ගයේ සුඛෝපභෝගී තත්ත්වය අතර ඇත්තේ අහසට පොළොව වැනි තත්ත්වයකි. ලංකාවේ ගොඩනැංවෙමින් පවතින අලුත් මාර්ග පද්ධතියට සමාන්තර තත්ත්වය මෙයයි.
ලංකාවේ ගොඩනැංවෙන සියළුම මහාමාර්ගයන් පාහේ ඉදිවන්නේ විදේශ ණය ව්‍යාපෘති වලට පින්සිද්ධ වන්නටය. අධිහීනමානය පිරිමසාගනිමින් සිටින දේශපාලඥයින් විසින් සිය නම්වලින් හදුන්වා දුන්නද, රටේ සිටින සියළු ජනතාව හා අනාගත පරම්පරා ගණනාවක් විසින් මෙම ණයට ගත් මුදල් හා පොළිය නැවත ගෙවීමට එක සමානව දායක විය යුතුය. ප්‍රවාහනය සදහා අවම පහසුකම් ඇති හැටන්හි පිහිටි පුදුකාඩු ගම්මානයේ ජනතාව විසින් මිලදී ගනු ලබන පරිප්පු ග්‍රෑම් 100ක මෙන්ම දශක තුන හතරකින් අලුත්වැඩියා කර නොමැති මොණරාගල-බිබිල මාර්ගයේ අමුණේකඳුර ගම්මානයේ ජීවත් වන පුරවැසියෙකු විසින් මිලදී ගනු ලබන සබන්කැටයක් තුළින්ද මෙම ණය වාරික ගෙවීමට සිය දායකත්වය දැක්වීමට බල කර ඇත.
මෙම සුඛෝපභෝගී මාර්ග භාවිතාවට ගැනීමට මෙම මාර්ගවල අයිතිකරුවන්ට අවස්ථාව ලැබෙනුයේ බොහෝ විට වසරකට කිහිප වතාවක් යෙදෙන විනෝද චාරිකාවකදී පමණක් විය හැකිය. මගේ මිතුරාට පැය 10ක ගමන පැය 6කින් යැමට අවශ්‍ය වූයේ වසර කිහිපයකට පසුවය.
හම්බන්තොට ප්‍රදේශයේ පළල් මහා මාර්ගයන්හි ගමන්කරන විට තවත් වාහනයක් හමුවන්නේ කලාතුරකිනි. මන්ද එම ප්‍රදේශ එතරම් වාහන නොමැති නිසාය. වෙනත් වාහන යන්නට හේතු ද නොමැත. අනාගතයේදී මං තීරු 3ක මාර්ගයක් අවශ්‍යතරම් එම ප්‍රදේශය සංවර්ධනය වන විට මෙම මාර්ගපද්ධතියේ වල්බිහිවීමට පවා ඉඩ ඇත. එම මාර්ගවලින් ආර්ථිකමය කටයුතු සදහා වන භාවිතාවක් ද එතරම් නොමැත. මේවා සංවර්ධනය වෙනුවෙන වැය කරන බිලියන ගණනක් මුදල් සදහා ලංකාවේ සිටින සියළුම පුරවැසියන් දායක විය යුතුය. ඉතා දැඩි මාර්ග තදබදයන් පවතින හොරණ-කොළඹ මාර්ගය මෙන්ම බියගම සිට කැළණිය පන්සල හරහා දිවෙන මාර්ගය කර්මාන්තශාලා ගණනාවක් ආවරණය වන මාර්ගයක් වුව ද තව දුරටත් අබලන් තත්ත්වයේ පවතී.
තත්ත්වය මෙසේ වන විට ලංකාවේ මාර්ග පද්ධතිය ඉදිවන්නේ සංචාරක කර්මාන්තය ඉලක්ක කොට ගෙන බව දක්නට ඇත. යුද්ධයෙන් පසු රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානතම ආර්ථික සංවර්ධනය උපාය මාර්ගය මෙයයි. ඒ අනුව රුපියල් බිලියන 500කටත් වඩා වැඩි මුදලකින් ගොඩනැංවීමට නියමිත මාර්ග පද්ධතිය පරිහරණය සදහා වන ප්‍රධානතම ඉලක්කය වනුයේ විදේශ සංචාරකයින් බව පැහැදිලිය. විවිධාකාර කොන්දේසි වලට යටත් වෙමින්, ලංකාවේ සමස්ත ආර්ථිකයම දරාගත නොහැකි ණය පරිමාවක ගිල්ලවාලමින්, අනාගත පරම්පරා ගණනාවකට ගෙවීමට තරම් ණය ප්‍රමාණයක් ඉතිරිකරමින් ගොඩනගන මාර්ග පද්ධතිය පරිහරණය කිරීමට ඉලක්ක කරනුයේ විදේශික සංචාරකයින්ය. රජයේ ආදායම ඉහළ දාගැනීම සදහා ක්ෂණිකව පනවන අතිවිශාල බදු බර දරාගනිමින්, මූලික අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටිමින්, එදිනෙදා රාජ්‍ය සේවයේ සියළු දුක්ගැහැට විදදරා ගනිමින්, ලාංකික ජනතාව විසින් ණය බර කරට ගෙන නිමවනු ලබන මාර්ග පද්ධතියේ අවසාන ඉලක්කය වන්නේ ලංකාවට එම ණය ලබාදීමට මූලික වන රටවල සංචාරකයින්ය. විදෙස් රටවල් විසින් ණය මුදල් දී කොන්දේසි ද පනවා, අනෙක් අතට එම මුදල් පොළිය ද සමග අය කරගනිමින්, අවසානයේ එම ණය වලින් ඉදිකෙරෙන මාර්ග වල මූලික පහසුකම් ලබන්නා බවට තමන්ව පත්කරගෙන ඇත. මේවා කුමන්ත්‍රණකරුවන්ගේ චෝදනා ද, සැබෑ හේතුඵල සහිත චෝදනා ද යන්න වටහා ගැනීමට තරම්වත් ලාංකික ජනතාව බුද්ධිමත් ද?
ලංකාවේ ආණ්ඩු පිළිබදව අපේක්ෂාභංගත්වයට පත්ව ඇති පිරිස් වල අදහසට අනුව මේ ආණ්ඩුව පාරවල් වත් හදයි. අනෙක් ආණ්ඩු වලින් එහෙම වැඩක්වත් සිදුව නොමැත. එහෙත් සුවිශේෂී කාරණය නම්, වත්මන් ආණ්ඩුව විසින් සිදුකරමින් සිටින ආර්ථික, දේශපාලන හා සංස්කෘතිය පරිහානිය තුළින් ලංකා රාජ්‍ය නැවත වරක් සුවපත්කළ නොහැකි තරම් ගැඹුරු ආගාධයකට ඇදවැටෙමින් පැවතිමයි. වැරදි ආර්ථික කළමණාකරණය, සියළුම රාජ්‍ය පරිපාලන යන්ත්‍රය දේශපාලනීකරණය කිරීම, පුරවැසියාට රාජ්‍ය පිළිබදව වන විශ්වාසය බිද වැටෙන ලෙස කටයුතු කිරීම වැනි දෑ පළල්ව සාකච්ඡා කළ යුතු කාරණාය.
ධනේෂ්වර රාජ්‍ය යන්ත්‍රණය ගොඩනගා ඇත්තේ සැළසුම් සහගත වැඩපිළිවෙළකට යටත්වය. ඊට අනුව ඒ ඒ පාර්ශවයන් සදහා නිශ්චිත කර්තව්‍යයන් ගොඩනගා ඇත. ඉල්ලුම් සැපයුම් න්‍යාය, මිල, ලාභය ඒ සදහා මූලික මිනුම් දඬු ලෙස භාවිතා වේ. ඊට අනුව සංවර්ධන ක්‍රියාදාමයන්ට අදාළ තීරණ ගත යුත්තේ එකී විෂයයන්ට අදාළ විශේෂඥයින් මිසෙක රටේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ පවුලේ අයගේ අවශ්‍යතාවය මත නොවේ.
ලංකාවට අවශ්‍ය සංවර්ධන උපාය මාර්ගයන් තීරණය කළ යුත්තේ ඒ සදහා අවශ්‍ය ශක්‍යතාවන් අධ්‍යනය කිරීමෙන් මිසෙක හීනමානයන් සන්තර්පනය කිරීමේ විකල්පයක් ලෙස නොවේ. රටේ සංවර්ධනය උදෙසා යැයි කියමින් මාර්ග පද්ධතිය පමණක් වෙන්කොට සංවර්ධනය කිරීමේ මූලික වැරැද්ද එයයි. රටේ මාර්ග පද්ධතියේ සංවර්ධනයට සාපේක්ෂව නිෂ්පාදනය කොතරම් වැඩිවී තිබේද යන්න ගැටළුවකි.
බිලයන ගණනින් ලබාගනිමින් සිටින විදේශ ණය යෙදවීමෙදී රටට ගැලපෙන සංවර්ධන උපාය මාර්ග තෝරාගත යුත්තේ විද්වත් උපදේශයන් මත පිහිටමින්ය. සංවර්ධනය වෙනුවෙන් වන යටිතල පහසුකම්, ප්‍රතිපත්ති සකසා ගත යුත්තේ ප්‍රමුඛතා අනුපිළිවෙළකට අනුවය. ආයෝජන සිදුවිය යුත්තේ නිශ්චිත ක්‍රමවේදකයට අනුවය. තමන්ගේ පුද්ගලික වෛරය හෝ හිතවත්කම් නිසාවත්, රෑ හීනෙන් උපදෙස් ලබාදෙන සිය මුතුන් මිත්තන්ගේ උපදෙස්වලට යටත්ව රටේ අනාගතය තීරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හාස්‍යජනක ක්‍රියවකි. බොරු මාධ්‍ය සංදර්ශන, කෘත්‍රිම සංඛ්‍යා දත්ත, ගණනය ක්‍රමවේද වෙනස්කර බොරු සංවර්ධනයක් මවා පෙන්වීමට සිදුවන්නේ මෙනිසාය.
රටේ සිටින කුසගින්නෙන් පෙලෙන මිනිස්සු දස දහස් ගණනකගේ කුසගිනි නිවේනම් වසරකට වරක් මා යන විනෝද චාරිකාවට පැය කිහිපයක් ප්‍රමාදවීම විදදරාගත හැක.
Sumudu Thiwanka Gamage | සුමුදු තිවංක ගමගේ
[SEO Tags] Road Development in Sri Lanka, Development projects in Sri Lanka, Tourism in Sri Lanka
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
3
Comment(s)| ප්‍රතිචාර
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.|
Personal Quotes
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus