BOONDI.LK| වෙසෙස් බූන්දි| සුදු වෑන් භීෂණයේ කුමාර්-දිමුතු පරිච්ඡේදයට පසු වදනක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් වෙසෙස්
"ඔබේ මල් අමතක කරන්න එපා" - රාණි ගේ කතාව
|
රෝමා ටියාර්න
[3]
ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
[1]
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි!
|
තිළිනා වීරසිංහ
[0]
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
[3]
ලොව විශාලතම එළිමහන් සිර කඳවුර- පලස්තීනය- ඊයේ, අද සහ හෙට
|
සංඛ කිරිඳිවැල
[2]
වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා....
|
නාලක ගුණවර්ධන
[2]
බුරුම "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට ඇමරිකන් කොකා කෝලා!
|
සුරත්
[4]
ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.| සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව
[0]
බහරේන් අරගලයේ තරු ලකුණ- නබීල් රාජාබ්
|
නද්යා භාෂිණී අමරනායක
[3]
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට.....
|
සුමුදු තිවංක ගමගේ
[1]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/52]
මොහොමඩ්
ගාමිණී
සනාල්
සංඛ
චූලානන්ද
සුනන්ද
දේවක
දර්ශන
ගෝරන්
රුවන්
ජයලාල්
නිර්මාල්
ආදිත්‍ය
ඬේව්
තුෂාරි
රිචඩ්
අරුන්දතී
මාලතී
ප්‍රසාද්
BOONDI • Currents • •
වෙසෙස් බූන්දි
සුදු වෑන් භීෂණයේ කුමාර්-දිමුතු පරිච්ඡේදයට පසු වදනක්
[8]
බූන්දි| | 22:29:56
"සුදු වෑන් රථ"
පැහැරගැනීමක් සිදුකොට ඒ වෙත එල්ලවූ බාහිර පීඩනයන් හේතුවෙන් සිය ජීවිත බේරාගැනීමට වරම හිමි වූ පළමු අවස්ථාව ලෙස
කුමාර ගුණරත්නම්
සහ
දිමුතු ආටිගල
සිද්ධිය වාර්තා ගත වේ. අනෙකුත් බලපෑම් යම් යම් ආකාරයෙන් බලපෑවත් සැබෑ ලෙසම මේ සදහා ඉවහල් වූයේ ඔස්ට්‍රේලියානු රජය විසින් සිදුකළ මැදිහත්වීම බව ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ
විසින් දොරමඩලාවේදී සිදුකළ ප්‍රකාශයෙන් ද පැහැදිලි වේ. ලංකාව තුළ මෙතෙක් සාමාන්‍යකරණය වී තිබූ පැහැරගැනීමේ
සංස්කෘතියට එරෙහිව දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ආන්දෝලනයට ලක්වූ මෙම සිදුවීම මෑතකාලීන දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මේ වන විට පැහැර ගැනීමට ලක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් වූ ප්‍රේමකුමාර ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන මහත්ම මහත්මීන් පැහැරගැනීම තුළ තමන් මුහුණදුන් අත්දැකීම් මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇත. රජයේ මාධ්‍ය මගින් ප්‍රචාරය ලබාදෙන, රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් හා යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඉදිරිපත් කරන ප්‍රකාශය හා පරස්පර වන සැබෑ අත්දැකීම ගැන අදාළ වින්දිතයින් විසින් ඉදිරිපත් කරන ලද විස්තර මේ වන විට මාධ්‍ය හරහා ඔබ විසින් කියවන්නට අසන්නට දකින්නට ඇත. (
බලන්න-
දිමුතු ආටිගලගේ විශේෂ හෙළිදරව්ව
,
කුමාර් ගුණරත්නම්ගේ මාධ්‍ය හමුව
)
මුලින්ම පැහැරගැනීමට ලක්වන්නේ දිමුතු ආටිගල මෙනෙවියයි. ගොඩගම ඇයගේ නිවස ආසන්නයේදී පැහැරගැනීමට ලක්වන ඇය ඇස් සහ පාද බැඳ තබන අතර පැහැරගැනීමට ලක්වන මුල් අවස්ථාවේ පහර දිමක් සිදුකරයි. නිල්පාට නිල ඇඳුම් ඇඳගත් දෙදෙනෙකු හා සිවිල් ඇදුමින් සිටි කිහිදෙනෙකු ඇය පැහැරගැනීමට එකතු වී ඇත. පක්ෂ ක්‍රියාකාරීත්වය, අරමුදල්, එල්.ටී.ටී.ඊ. සම්බන්ධතා, ඉදිරි අරමුණු පිළිබද ප්‍රශ්ණ කරනු ලබයි. ආරම්භයේ දක්වන ලද දෘඩබව හැරුණු කොට වෙනයම් හෝ පහරදීම් හෝ අඩන්තේට්ටම් සිදුනොකරයි.
ප්‍රේම්කුමාර් ගුණරත්නම් පැහැරගැනීමට ලක්වන්නේ ඔහු විසින් කිරිබත්ගොඩ පිහිටි සිය හිතවතෙකුගේ නිවසෙහි නිදාසිටින විටය. ඔහුට අනුව ඒ වන විට උදෑසන 4ත් 5ත් අතර කාලයයි. ආයුධ සන්නද්ධව සිටි පිරිසක් විසින් සිය නිවස වටකළ බවත් නිවසේ දොර කඩාගෙන ඔවුන් ඇතුලට පැමිණ තමන්ගේ ඇඳුම් වලින්ම දෑස් බැඳ තබා බලහත්කාරයෙන් වාහනයකට නංවාගනී. පැහැර ගැණුනු අවස්ථාවේදී මෙන්ම පැහැරගත් මුල් දිනය පුරාවට ඔහුට කායිකව හා මානසිකව හිංසනයන්ට පත්කරයි. විශේෂයෙන් ලිංගික හිංසනයන් ද සිදුකරයි. නමුත් දෙවන දිනය වන විට තත්ත්වය වෙනස් වන අතර ඔහුට සිදුකරන සැලකීම් වඩා යහපත් අතට හැරේ. අවසානයේ දෙමටගොඩ අපරාධ කොට්ඨාශය අසලට වාහනයකින් රැගෙනවිත් පොලිසීය තුළට යන ලෙස ආයුධ එල්ලකොට තර්ජනය කරයි. පොලිස් ස්ථානයේ දී ප්‍රශ්ණ කිරීම් සිදුකොට ඔහුගේ වීසා බලපත්‍ර කල් ඉකුත්ව ඇතැයි චෝදනාකොට ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරයි. ඊට අවශ්‍ය සියළු නීති ක්‍රියාමාර්ග පැය කිහිපයක් තුළ සිදුකිරීමට නිලධාරීන් ක්‍රියාකරන අතර ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ද කැටුව කටුනායක ගුවන්තොටුපලට ගොස් උදෑසන ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරනු ලබයි. [
Might be JVP, who knows? Govt.
]
රජයේ හා ඊට හිතවත් මාධ්‍යයන්ට අනුව මෙම පැහැරගැනීම සැලසුම් සහගත ක්‍රියාවකි. දිමුතු ආටිගල මෙනෙවියගේ පැහැරගෙන යාම ගැන කිසිවක් ප්‍රකාශ නොකරන රජයේ මාධ්‍ය ප්‍රකාශක ආමාත්‍ය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
, කුමාර් ගුණරත්නම්ගේ පැහැරගෙන යාම පිළිබදව සඳහන් කරනවා වෙනුවට සහ ඔහු විසින් සිදුකළා යැයි කියන නිති විරෝධී දෑ පිළිබදව චෝදනා එල්ල කරයි. අතුරුදන්වීම යනු හුදු රගපෑමක් පමණක් බව පෙන්නුම් කිරීමට උත්සාහ කරයි. මෙම ඇමතිවරයාට අනුව කුමාර් ගුණරත්නම් විසින් පොලීසියට පැමිණ තමන්ගේ වෙන නමකින් පෙනී සිටින බවත් තමන්ට ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බවත් පවසා ඇත. පොලීසිය හා සියළු රාජ්‍ය ආයතන එකාවන්ව කටයුතු කර ඔහුගේ අවශ්‍යතාව ඉටුකර දී ඇත. කුමාර් ගුණරත්නම් වෙත එල්ල කර සිටින චෝදනා විභාග කිරීමට කටයුතු නොකළේ මන්ද යන ප්‍රශ්ණයට ඔහු පිළිතුරු දෙන්නේ නැත.
අතුරුදහන් වූ ලලිත් කුමාර් වීරරාජ්
මෙකී සිදුවීම සමගින් දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් ගණනාවක් ඇත. ඒවායින් කිහිපයක් අප විමසා බලමු.
මෙකී අතුරුදන් වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දැනගනු ලබන්නේ අප්‍රේල් මස 07 වැනිදා උදෑසනින්ය. එකී සිදුවීම ආරම්භයේ සිටම ඔවුන් විසින් චෝදනා එල්ලකොට සිටියේ රජයේ ආරක්ෂක අංශ වෙතය. මෙනිසාම රජයේ නීතියට වඩා ඔවුන් විශ්වාස කොට තිබුණේ මහජනතාව, ජාත්‍යන්තරයේ සිටින තමන්ට ලැදි පිරිස්, දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, විදේශ තානාපති කාර්යාල, සහ විශේෂයෙන් කුමාර් ගුණරත්නම් පුරවැසිභාවය උසුලන ඔස්ට්‍රේලියානු රජයයි. මේ නිසාම කිරිබත්ගොඩ පොලීසියට පැමිණිල්ල ඉදිරිපත්කරන විට සවස 3 පමණ වූ බවට ප්‍රකාශ වන අතර ඒ වන විට ලෝකය පුරාවට මෙම පණිවුඩය ව්‍යාප්ත කර රජයට ඒ වෙනුවෙන් බලපෑම් කිරීමට අවශ්‍ය කටයුතු ඔවුන් විසින් සම්පාදනය කොට තිබුණි. ලාංකික රාජ්‍යය යනු එහි වෙසෙන සියළු ජනතාවගේ නියෝජිත ආයතනය නම්, මෙකී සිදුවීම එහි අසමත් බව පෙන්නුම් කෙරෙන අතිශය තීරණාත්මක කාරණයකි.
ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් මෙම පුවත් වාර්තාකරණය සිදුකිරීම මගින් මේ වෙනුවෙන් වූ සමාජ කැළඹුම වැඩිකරලීමට සමත්විය. විශේෂයෙන් කුමාර් ගුණරත්නම් යන චරිතය මේ වන විටත් සමාජයේ ගුප්ත චරිතයක් බවට පත්ව තිබීමත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර මෙම පැහැරගැනීම සිදුවීමත් මේ සදහා වඩාත් ඉවහල් විය. වඩාත්ම තීරණාත්මක කාරණය වී තිබුණේ මේ ආකාරයට පැහැරගැනීමට ලක්වූ සියල්ලෝ සදාකාලිකව අතුරුදන් වූ පුද්ගල ගණයට අයත්වීමත්, ප්‍රාණය නිරුද්ධ සිරුරක් වත් සොයාගන්නට හැකියාව නොලැබීමත්ය. මේ හේතුව නිසාවෙන් බොහෝ පිරිස් කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල යන පුද්ගලයින් පොදු අතුරුදන්ව ගිය පුද්ගලයින් අතරට එකතු කිරීමට පසුබට නොවූහ.
තත්ත්වය මෙසේ වන විට රජයට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වය දක්වන පිරිස් හැරුණුකොට, අන් සියළු දේශපාලන කණ්ඩායම් නිල හා නිල නොවන ආකාරයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සිය සහයෝගය පළ කර සිටියේය. විශේෂයෙන් විකල්ප දේශපාලන කණ්ඩායම්, වාමවාදී දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ බුද්ධිමතුන් මේ අතර ප්‍රමුඛව කටයුතු කළේය. රජයේ සියළු ක්‍රියාවන් ඇදහීමට පුරුදුව සිටි කොටස් වල ශක්තිය හීනවී සමාජය තුළ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ශක්තිය වඩ වඩාත් ඉස්මතුවන ආකාරය දක්නට ලැබුණි. මෙතෙක් කලක් ජනඅරගල ව්‍යාපාරයට විවේචන ඉදිරිපත් කළ පිරිස් ද එකී බාධක සිය පොදු අභියෝගය හමුවේ බාධයක් කොට ගත්තේ නැත. ලංකාව පිළිබද ප්‍රවෘත්ති සපයන දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවෘත්ති සපයන සියළු වෙබ් අඩවි සිය ක්ෂණික පුවත් වාර්තා අතර ප්‍රමුඛව වාර්තා කරන ලද්දේ මෙකී අතුරුදන් වීමේ සිදුවීමයි. ප්‍රවෘත්තිවල විශ්වාසවන්තභාවය සියයට සීයයක් තහවුරුව නැතත් සමහර පුවත් වෙබ් අඩවි විසින් කුමාර්, දිමුතු අත්අඩංගුවට පත්ව රඳවා තබා ඇති ස්ථාන හා පුද්ගයින් පිළිබඳව ද අනාවරණය කරන ලදී.
මෙම සිදුවීමෙන් හටගත් කම්පනය නිසාවෙන් නොයෙකුත් දේශපාලන සංවිධාන හා විද්වත් පිරිස් විසින් විවෘතව රජයට මෙකී සිදුවීම් පිළිබද චෝදනා එල්ල කරන ලද අතර, රාජ්‍යයක වගකීම් හා ක්‍රියාකාරීත්ව පිළිබද නැවත නැවත කරණු ඉස්මතු කරන ලදි. මෙතෙක් වෙන් වෙන්ව කටයුතු කරන ලද ලාංකික සමාජයේ හෘද සාක්ෂිය නියෝජනය කළ පිරිස් විසින් මෙකී සිදුවීම සුවිශේෂී අවස්ථාවක් කොට ගෙන පොදු සමාජය වඩාත් යහපත් කිරීමට යොදාගත හැකි තීරණාත්මක අවස්ථාවක් බවට පත්කර ගැනීමට උත්සාහ කරන ආකාරය දක්නට ලැබුණි. සැබැවින්ම ඒ වෙනුවෙන් වන මහජන එළැඹුමකට අවශ්‍ය වටපිටාවද ක්‍රම ක්‍රමයෙන් නිර්මාණය වෙමින් තිබුණි.
මෙතෙක් ජනඅරගල ව්‍යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිළිබද සිය කොන්දේසි විරහිත විවේචන ඉදිරිපත් කළ ශ්
රී ලංකා පෙරටුගාමී පක්ෂයට
හිතවත්
ත්‍රිමාණ වෙබ් අඩවිය
වඩා යහපත් සමාජයක් වෙනුවෙන් වන දේශපාලන සංහිඳියාවක් වෙනුවෙන් ඉදිරිපත් වීමේ මෙකී සිදුවීම තුළ කවර පාර්ශවයකින් වුවද දක්නට ලැබුණු දේශපාලනිකව වඩාත් ඉදිරිගාමී ක්‍රියාව බව සදහන් කළ යුතුය.
"මේ නිසා ඉදිරියේ සිදුවන ඕනෑම ආණ්ඩු විරෝධී පෙරමුණු ගැසීමක් සදහා අවම මූලධර්ම ගණනාවක් ගැන පොදු එකඟතාවය තීරණාත්මක සාධකයක් විය යුතු බව අපේ පසින් ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. සෙනඟේ සහ මාධ්‍යයේ වශී කරන සුලු බලපෑමටත්, දේශපාලන තක්කඩින්ගේ ප්‍රතිපත්ති විරහිත ගොනු වීම් වලටත් එරෙහිව අප සටන් කළ යුත්තේ එමගින් ප්‍රතිපත්ති සහගත විප්ලවවාදී දේශපාලනය දියාරු කරවන බැවිණි."
-ත්‍රිමාණ 09.04.2012
තත්ත්වය මෙසේ වන විට කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාම පිළිබදව වඩාත් අලස ක්‍රියාපිළිවෙල සිදුවූයේ
ජනතා විමුක්ති පෙරමුණෙන්
බව දක්නට ලැබුණි. කුමාර් ගුණරත්නම් යනු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මධ්‍යකාරක සභා සාමාජකයෙකි. දිමුතු ආටිගල යනු ඔවුන්ගේ කාන්තා සංවිධානයේ නායකාවකි. තත්ත්වයන් එසේ තිබියදී වුවද ඔවුන් විසින් දිගින් දිගටම කුමාර් ගුණරත්නම්ගේ අනන්‍යතාව ප්‍රතික්ෂේප කිරීම එම අවස්ථාව තුළදී රජය විසින් තම වාසියට හරවාගෙන තිබුණි. ජවිපෙට හිතවත්
LankaTruth
වෙබ් අඩවිය විසින් මෙකී සිදුවීමට ලබාදී තිබුණේ අවම වටිනාකමකි. ජවිපෙ විසින් පසුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළද සමස්ත අතුරුදන් කිරීමේ ක්‍රියාවලිය පිළිබද අවධාරණය කර තිබුණා මිසෙක මෙකී සිදුවීමේ දේශපාලනික සුවිශේෂීත්වය නොසළකා හැර තිබුණි.
"ජනඅරගල ව්‍යාපාරයේ සාමාජිකයෙක් හා සාමාජිකාවක් ආරක්‍ෂක අංශ විසින් පැහැර ගෙන ගොස් ඇතැයි එම ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවකදී පවසා තිබේ. එය ඉතා බරපතල කරුණකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතල අනතුරකට ලක්වීමකි. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනෙන් දිනම අනතුරට පත්වෙමින් තිබේ. මාධ්‍යවේදීන්ට පහර දීම්, මරා දැමීම් හා මාධ්‍ය ආයතන ගිණි තැබීම්, පුද්ගලයන් පැහැරගෙන යාම්, බිය වැද්දීම්, සාමකාමී විරෝධතාවලට පහර දීම්, සාමාකාමී උද්ඝෝෂණවලට වෙඩි තබා නිරායුද පුරවැසියන් ඝාතනය කිරීම් දිගින් දිගටම සිදුවෙමින් තිබේ. මෙය වහාම පරාජය කළ යුතු බරපතල තත්වයක් ලෙස අපි දකිමු.
රටේත් ජනතාවගේත් ප‍්‍රශ්න වලට විසඳුම් නැති දුර්වල පාලකයින් පෙළඹී ඇත්තේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාශ කිරීමට බව පැහැදිළිය. එබැවින් ගොඩනැගෙමින් තිබෙන මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා මර්දනකාරී තත්වය වහාම පරාජයට පත් කිරීම සඳහාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රැකගැනීම සඳහාත් පෙරට එන ලෙස අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම ජනතාවගෙන් ඉල්ලා සිටිමු."
-
LankaTruth
08.04.2012
මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් ජවිපෙ සම්බන්ධයක් ඇත්දැයි කුමාර් ගුණරත්නම්ගෙන් ඇසූ විට ඔහු කිසිදු දේශපාලන කුහකත්වයකින් තොරව ප්‍රකාශ කොට සිටියේ ඊට ජවිපෙ කිසියම්ම හෝ ආකාරයක සම්බන්ධයක් ඇතැයි ඔහු නොසිතන බවයි. මෙය සාම්ප්‍රදායික ජවිපෙ හැසිරීමට එහා ගිය තත්ත්වයකි. කුමාර් ගුණරත්නම් පැහැදිලිවම කියා සිටියේ ජවිපෙ සම්බන්ධයෙන් වන දේශපාලන විවේචනය පිළිබදව විනා ඔහු අවස්ථාවාදී ප්‍රකාශයක් කිරීමට පෙළඹුණේ නැත. පැහැරගැනීමේ කම්පනය පහවීමටත් පෙර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ දිමුතු ආටිගල මෙනෙවිය විසින් පරිණත නොවන ආකාරයෙන් ජවිපෙ ඈදාගැනීම, මේ අනුව නිශේධ වූ බව මගේ විශ්වාසයයි.
කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල යනු ජවිපෙ දෙවන මර්ධනයෙන් පසු එම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයේ තීරණාත්මක පක්ෂයක් බවට පත්කරලීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකළ පුද්ගයින් දෙදෙනෙකි. කුමාර් ගුණරත්නම් යනු 1994 මහ මැතිවරණයේදී ජවිපෙ විසින් දිනාගත් එකම මන්ත්‍රී අසුන නියෝජනය කිරීමට පක්ෂය විසින් නම් කළ පුද්ගලයා බවද කියැවේ. ප්‍රසිද්ධ දේශපාලන වේදිකාව තුළ දක්නට නොලැබුන ද ජවිපෙ ප්‍රධාන පෙළ නියෝජනය කළ පුද්ගලයෙකු වන කුමාර් ගුණරත්නම් ගේ අනන්‍යතාව ජවිපෙ විසින් දිගින් දිගටම ප්‍රතිකේෂප කිරීම යනු වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් පුද්ගල අතුරුදන් වීම් පිළිබදව සිය සම්බන්ධයක් නොමැති බවට සිදුකරන ප්‍රකාශයෙහිම සංකල්පමය දිගුවකි. අප විසින් ප්‍රතික්ෂේප කළ යුතු දේශපාලන සම්ප්‍රදාය එයයි.
ලංකාවේ දේශපාලඥයින් විසින් සිදුකරන ජනතාවිරෝධී ක්‍රියාවලීන් හෙළිදරව් කරමින්, විකල්ප පුවත් සැපයීමේ කර්තව්‍යයේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකිරීම නිසාම රජයේ මර්ධනයට හසුවූ ප්‍රධානතම මාධ්‍ය ආයතනය වූයේ
ලංකාඊනිව්ස්
වෙබ් අඩවියයි. එකී වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වූ
ප්‍රගීත් එක්නැලිගොඩ
අතුරුදන් කොට ඇති අතර මෙම වෙබ් අඩවිය ද ලංකාව තුළ වාරණයට ලක්කොට ඇත. තත්ත්වය මෙසේ වුවද කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාමේ සිදුවීම් වාර්තාකරණය සිදුවූයේ ඔවුන් දෙදෙනා මෙන්ම ජනඅරගල ක්‍රියාකාරීන් පිළිබද වෛරී ආකාරයකින් බව එම වෙබ් අඩවියේ ඕනෑම පාඨකයෙක් හට තේරුම් යන දෙයකි.
"ජවිපෙන් කැඩී ගිය කචල්කාර කණ්ඩායමේ නායකයා යැයි කියාගන්නා කුමාර මහත්තයා නමැත්තා සහ එම කණ්ඩායමේ සාමාජිකාවක් වන දිමුතු ආටිගල නමැත්තිය කිසියම් කණ්ඩායමක් විසින් පැහැර ගෙන ඇතැයි එම කණ්ඩායමේ පුබුදු ජයගොඩ පවසයි. ඔහු කියන අන්දමට ඊයේ (06) රාත්‍රී 8 ට පමණ ගොඩගමදී දිමුතු ආටිගල පැහැර ගෙන ඇති අතර අද(07) උදෑසන කුමාර මහත්තයා නමැත්තා පැහැර ගෙන තිබේ. පැහැර ගත් ආකාරය ගැන වැඩි විස්තර නොකියන ඔව්හු මේ පිලිබඳ අද මධ්‍ය හමුවක් කැඳවමින් තොරතුරු කියන බව පවසයි. මාධ්‍ය මගින් මේ පිළිබඳ විස්තර ඇසූ විට පුබුදු ජයගොඩ පවසා ඇත්තේ මෙය පළ කරන විට ඔවුන්ගේ නව පක්ෂයේ නම යොදා පළ කරන ලෙසයි."
-
ලංකාඊනිව්ස්
07.04.2012
ජනඅරගල ක්‍රියාකාරීත්ව පිළිබදව දේශපාලනික විවේචන පැවතීම සාධාරණය. එහෙත් අතුරුදන් වීමක් යනු කවර තත්ත්වයක් යටතේ වුවද පිළිගත නොහැකි තත්ත්වයකි. දේශපාලන පක්ෂ නායකයින් පමණක් නොව පාතාල ක්‍රියා හෝ මත්ද්‍රව්‍ය වෙළදාමට සම්බන්ධයැයි චෝදනා ලද්දවුන්ට මෙන්ම එල්.ටී.ටී.ඊ. සම්බන්ධකම් පැවැත්වූවා යැයි සැකකෙරෙන පුද්ගලයින්ට පවා අතුරුදන් වීමට නොව නීතියේ ක්‍රියාවලිය හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට ඇතුලත් වීමට ඉඩකඩ ලැබිය යුතුය. මානව ශිෂ්ඨත්වය යනු එයයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවලත්, කොළඹත් දමිළ ජනයා කේන්ද්‍රකොටගෙන සිදුවූ පුද්ගල අතුරුදන් කිරීම දකුණේ සමාජය විසින් කොන්දේසි විරහිතව අනුමත කරන ලදී. එකල්හි විශේෂත්වය වූයේ දමිළ ජනයා අරඹයා පමණයක් එය ක්‍රියාත්මක වීමත්, ත්‍රස්තවාදය යන ලේබලය ඒ සෑමතැන්හිම සනිටුහන්ව තිබීමත්ය. එල්.ටී.ටී.ඊ.යට විරුද්ධ දැවැන්ත සමාජ මතයක් ගොඩනැංවීමටත්, එය ජාතිකවාදී තලයට ඔසවා තැබීමටත් වඩාත් ප්‍රමුඛතම කාර්යභාරයක් සිදුකළේ
ජනතා විමුක්ති පෙරමුණ
යි. දැනට
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
නිර්මාණය කරගනිමින් ඉන් වෙන්ව සිටින පිරිස් ද මේ සදහා අනුබල දී ඇති බව ඔවුන් විසින් පිළිගත යුතුමය. රාජපක්ෂ රෙජීමය විසින් සිදුකළේ එල්.ටී.ටී.ඊ.ය පෙන්වමින් දමිළ සමාජය මර්ධනය කිරීමට යොදාගත් උපායන් යුද්ධය නිමාවීමෙන් අනතුරුව දකුණේ සිංහල සමාජය වෙනුවෙන් ආදේශ කිරීම පමණි.
යුද්ධය හැරුණු කොට ගෙන ප්‍රදර්ශනවාදී මාධ්‍ය හරඹ හා සංවර්ධනය පිළිබද විකෘති කරන ලද සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් සිටිනවා විනා රාජපක්ෂ රෙජීමය විසින් රාජ්‍යයේ අනෙකුත් කිසිම කර්තව්‍යයක් සාර්ථකව ඉටුකළා යැයි කිව නොහැක. සියළු තැන්හි ඇත්තේ වඩ වඩාත් ගරා වැටුණු තත්ත්වයකි. සිය පවුල කේන්ද්‍රකොට ගෙන කටයුතු සංවිධානය කිරීමත්, බලයට ඇති දැඩි කෑදරකමත්, තමන්ට අවශ්‍ය අරමුණු ඉටුකරගැනීමට උදව් ලබාගන්නා දූෂිත නිලධාරී පන්තියක් (ආරක්ෂක අංශ ද ඇතුළුව) නඩත්තු කිරීමත් වැනි කාරණා නිසා ජනප්‍රියවාදයකින් එහා ගොස් සැබෑ සාර්ථකත්වය ළගා කරගැනීමට අසමත්ව ඇත.
ආර්ථික ප්‍රශ්ණ ගැටළු මුලික කරගත් පරිහානිය නිසා සමාජ කැළඹුම තීව්‍ර වී ඇත. ආණ්ඩුව පෙරළීම සදහා තව දුරටත් අවශ්‍යව ඇත්තේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් පමණි. තත්ත්වය එසේ වුවද රාජපක්ෂ රෙජීමය මේ වන විට ගමන්කොට ඇත්තේ පරාජයක් ඉවසාගන්නා තත්ත්වයක නොවේ. ඔවුන් විසින් සිය බලය අනිසි ලෙස උපයෝගී කරගනිමින් සිදුකර ඇති දූෂිත හා වෛරී ක්‍රියා නිසා රාජ්‍ය බලය නොමැති රාජපක්ෂ පවුලක් ගැන සිහිනෙන් වත් සිතිය නොහැක. මෙතෙක් ලංකාවේ බලය ලබාගැනීම හා පරාජයට පත්වීම සාමාන්‍ය දෙයක් වුවත් රාජපක්ෂ අරභයා එය එසේ වේ දැයි යන්න ප්‍රශ්ණයකි. මෙනිසාම ජනබලය කේන්ද්‍ර වන යම් තැනක් වේද, ඒවා රාජපක්ෂ රෙජීමයට දැනෙන්නේ අන්වීක්ෂයකින් ඒදෙස බලනවා වැනි හැඩයකිනි. තමන්ව හෙලා දකින තැනක ජන බලය එක්තැන් කිරීම ඔවුන්ව නිසැකවම භීතියට පත්කරනු ලැබ ඇත. කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල අතුරුදන් වන්නේ මෙවැනි වටපිටාවකය. මීට පෙර එම ව්‍යාපාරයේම
ලලිත් හා කුගන්
නැමැති ක්‍රියාකාරිකයින් දෙපලක් ද පැහැරගෙන ගොස් ඇත.
මෙකී තත්ත්වය රටක් ලෙස කිසි ලෙසකින් වත් හිතකර වූවක් නොවේ. කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් හඩනැගුවද ඒවා පලක් වේ දැයි කිවනොහැක. එසේ වුවද ආරම්භයක් ලෙසවත් කිසියම් ආකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩකටයුතු වෙනුවෙන් සමාජයක් ලෙස කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය. කෙතරම් පාතාල ක්‍රියාකාරකම් වල චෝදනා එල්ල වුවත්, මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වුවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා විනා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ඒවා මැඩලීමට ඉඩනොදිය යුතුය. සැබෑ කොටම ගත් කළ ලංකාවේ ප්‍රබලතම පාතාලයත්, ලොකුම මත්ද්‍රව්‍ය වෙළන්දනුත් සිටිනුයේ රජයේ ඇමතිමණ්ලයේ බවට තව දුරටත් සාක්ෂි අවශ්‍ය නැත. මිනිසුන් ලෙස අපගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වත් සුරක්ෂිත කළ යුතුය. තවදුරටත් කිසිම පුරවැසියෙකු කැලෑ නීතියේ හෝ අවනීතියේ ගොදුරු බවට පත්විය යුතු නැත. ඒ සදහා සැවොම පෙරමුණ ගත යුතුය. ඔස්ට්‍රේලියාවේ සිට කුමාර් ගුණරත්නම් මෙන්ම මෙරට විද්වත් පිරිස් ද අවධාරණය කළේ එයයි.
Man returns after Sri Lanka kidnap ordeal -
NewsOnABC
අතුරුදන්වීමේදී එක්ව ක්‍රියාකළ පිරිස්, අතුරුදන්වීමේ මූලබීජයන් විනාශකරලීම සදහාද එකමුතු විය යුතුය. ඒ සදහා තීරණාත්මක මුල්පියවර ගත හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටය. තමන්ගේ ක්‍රියාකාරිකයින් වෙනුවෙන් ඉදිරියට පැමිණි සමාජය සමස්ත සමාජය සුදුවෑන් භීතිකාවෙන් ගලවා ගැනීමට මෙහෙයවිය යුතුය. ඒ වෙනුවෙන් පටු දේශපාලනික වාසි පසෙකලා විවෘතව කටයුතු කළ යුතුය. ඉතිහාසය විසින් වෙනස්වීමට, වෙනස් කිරීමට ලබා දුන් තවත් අවස්ථාවක් ලාංකික සමාජය කෙසේ කළමණාකරණය කරගනීවිද යන්න දැන් අප මුහුණ දෙන තීරණාත්මක ප්‍රශ්ණයයි.
Sumudu Thiwanka Gamage | සුමුදු තිවංක ගමගේ
[SEO Tags] Frontline Socialist Party (FSP), Premakumar Gunaratnam, Dimuthu Attygalle, Abduction, White Van Terror in Sri Lanka
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
8
Comment(s)| ප්‍රතිචාර
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි. |
Personal Quotes
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක් පමණක් එහි දමන්න. ගිනි ගන්නා සුළු කිසියම් දෙයක් එහි වේ නම් එය ගිනි ගනු ඇත.
[පරි- ටී. අන්ද්‍රාදි]
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus