BOONDI.LK| සූකිරි ඔත්තු| ලියෝ තොල්ස්තෝයිගේ අභාවයෙන් සිය වසරක්| තොල්ස්තෝයි: පුනර්-කතිකාවක්| අපේ‍්‍රල් 04
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
ප්‍රතිචාර[3]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
සරුංගල් සමනල්ලු| ජුනි...
සයිමන් නවගත්තේගමගේ "සන්ධ්‍යා...
  තවත් ඔත්තු
'සිමාසහිත පවුල සහ සමාගම' මැයි මස 09 එළි දකී...!
ප්‍රතිචාර[2]
"ආදරේ සහ ගොඩෝ" හමුවීමට අප්‍රේල් 23- 3:00 ට එන්න....!
ප්‍රතිචාර[0]
චූලානන්ද සමරනායකගේ "විලංගුවෙන් ලියූ කවි"| අප්‍රේල් 04 |3:00ට
ප්‍රතිචාර[0]
ඇලේන් බදියු ගේ ‘In Praise of Love’ පරිවර්තනය, ‘ප්‍රේමය පසසනු වස්’ එළිදැක්වීම | 2013 අප්‍රේල් 3 | ප.ව. 3 ට
ප්‍රතිචාර[0]
'සොඳුරු නව යෞවනය' යොවුන් අධ්‍යාපනික ග්‍රන්ථය නිකුත් වේ.
ප්‍රතිචාර[1]
Sky No Roof| මාර්තු 15| සවස 4:00
ප්‍රතිචාර[0]
ඩී. බී. කුරුප්පුගෙන් "සැඳෑ තරු එළියේ කිමිදෙන හිරු" සමග "පිරිමි ජාතිය උතුම් ජාතිය"
ප්‍රතිචාර[0]
වැද්දා- වැදි ජන පර්යේෂණ සාහිත්‍ය විමර්ශන සහ තොරතුරු නාමාවලිය| මාර්තු 13| සවස 3:30
ප්‍රතිචාර[0]
එස්. ජී. පුංචිහේවා සිතුවිලි විවරණ| මාර්තු 12| ප.ව. 3:00
ප්‍රතිචාර[0]
මොහාන් රාජ් මඩවල ගේ "මාගම් සෝලිය" පිළිබඳ කතාබහක් ‍| මාර්තු 14 | සවස 3 ට
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  සූකිරි ඔත්තු  
ලියෝ තොල්ස්තෝයිගේ අභාවයෙන් සිය වසරක්| තොල්ස්තෝයි: පුනර්-කතිකාවක්| අපේ‍්‍රල් 04
ප්‍රතිචාර[0]
බූන්දි| | 17:09:03
අපේ‍්‍රල් 4 දා, කොලඹ මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවනාගාරයේ දී, ලියෝ තොල්ස්තෝයි පිලිබඳ මාක්ස්වාදී ඇගැයීමක් ඉදිරිපත් කෙරෙන දේශනයක් පැවැත්වෙන අතර මෙය සමාජවාදී සමානතා පක්ෂයේ(සසප) ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) විසින් සංවිධානය කෙරේ.

රුසියානු හා ජගත් සාහිත්‍යය පෝෂනය කල අග‍්‍රගන්‍ය කලාකරුවෙකු වන තොල්ස්තෝයිගේ අභාවයෙහි ශත සංවත්සරය 2010 නොවැම්බර් මසට යෙදුනි. මෙම ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ ඇවෑමෙන් සියවසක් ගත වූ තැන පවා ඔහු අරබයා ව්‍යාකූල අදහස් ගොන්නක් රජයයි. මේ අලාමුලාව ජනනය කෙරී පවතිනුයේ සාහිත්‍යකලා ක්ෂේත‍්‍රයෙහි ආධිපත්‍යය දැරූ/දරන ඇතැම් ධනේශ්වර, සුලු-ධනේශ්වර, ස්ටැලින්වාදී හා වෙනත් නන්වැදෑරුම් ජනතාවාදී විචාරකයන්ගේ නන්දෙඩවිලි හා මුසා බස් කරනකොටගෙන ය. තොල්ස්තෝයි කෘතීන්හි බාල අනුවාද ද, තොල්ස්තෝයි පිලිබඳ ලෙනින්ගේ ලිපිවල සදොස් හා විකෘත පරිවර්තන ද අඩුවැඩි වශයෙන් ඊට දායක වී ඇත.

මෙයට ප‍්‍රතිකූලව, තොල්ස්තෝයිගේ සාහිත්යික කර්තව්‍යයන්හි සැබෑ අර්ථභාරයත් ඔහුගේ ජීවන දර්ශනයෙහි සැබෑ ස්වරූපයත් වටහාගත හැකි වනුයේ ලෙනින් පමනක් නොව ලෝක කම්කරු පන්ති ව්‍යාපාරයේ ප‍්‍රමුඛ නායකයන් වූ ට්‍රොට්ස්කි, ජෝර්ජි ප්ලෙඛානොව්, ෆ්රාන්ස් මෙහ්රිං, රෝසා ලක්සම්බර්ග් හා ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි බඳු මාක්ස්වාදීන්ගේ සම්ප‍්‍රදානයන් ඇසුරින් ම පමනි.

දශක ගනනාවක් මුලුල්ලේ තොල්ස්තෝයි පිලිබඳව වපුරන ලද දුර්මත ඇතුලු සෙසු ජුගුප්සාජනක හා වංචනික ප‍්‍රයත්නයන් අනාවරනය කරමින් තොල්ස්තෝයි නමැති සාහිත්‍යකරු හා චින්තකයා පිලිබඳ සම්භාව්‍ය මාක්ස්වාදී ඇගයුම තහවුරු කිරීම අදාල දේශනයෙහි මූලික අරමුන වන අතර එම කර්තව්‍යය ඉටු වනුයේ සකලවිධ ප‍්‍රතිගාමී බලවේගවලට එරෙහිව විප්ලවවාදී පක්ෂය ලෝක පරිමානව ගෙන යන්නා වූ අරගලයෙහි ම අවියෝජනීය කොටසක් හැටියට ය.

දිනය: 2012 අපේ‍්‍රල් 04 බදාදා
වේලාව: සවස 4.00 ට
ස්ථානය: කොලඹ මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවනාගාරයේ දී
දේශක: දර්ශන මේදිස්
මෙහෙයවීම: සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ

[SEO Tags] Leo Tolstoy, Лев Никола́евич Толсто́й, Lev Nikolayevich Tolstoy , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
සතුට...!| Book Quotes
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.
එවිට ඔබට "සතුට" පමණක් ඉතිරි වේ."

- Buddhism FB Page