BOONDI.LK| අදහස් බූන්දි| එදාවේල දේශප්‍රේමයේ වීරවංශියානු මුහුණ
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
Yohan’s ‘Northern Dreams’-...
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
  තවත් අදහස්
තණකොල සහ පුන්නක්කු | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[3]
අර්තාපල් අස්සේ ගෙනා ගබ්සා බෙහෙත් ජාතිය වැනසීමේ කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද? | කෞශල්‍ය කුමාරසිංහ
ප්‍රතිචාර[2]
ගොන් තඩි හා තක්කඩි හෙවත් මිථ්‍යා දෘෂ්ටිය | අජිත් හැඩ්ලි පෙරේරා
ප්‍රතිචාර[2]
ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! | දමිත් කේතක
ප්‍රතිචාර[24]
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා! | කක්ෂපුට
ප්‍රතිචාර[5]
ලංකාවට එල්ල වී ඇති අන්තර්ජාතික අභියෝගය | ටෙරන්ස් පුරසිංහ
ප්‍රතිචාර[2]
රාජ රාජ මහාමාත්‍ය පුත්‍ර වස්තුව෴ | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[2]
දත් නැති කඩදාසි කොටියෙකුගේ නිජබිමක් පමණි. | මීනා කන්දසාමි
ප්‍රතිචාර[1]
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු.... | චමීර කොස්වත්ත
ප්‍රතිචාර[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ | පැරිස් ටුඩේ
ප්‍රතිචාර[0]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
එදාවේල දේශප්‍රේමයේ වීරවංශියානු මුහුණ
ප්‍රතිචාර[2]
බූන්දි| | 17:18:51
අද වන විට, ලාංකේය දේශප්‍රේමී ව්‍යාපාරය දේශපාලනික වශයෙන් මහත් බලපෑම් සහගත භූමිකාවකට එළඹ තිබෙයි. විටෙක ආණ්ඩු වෙනස් කිරීමට මෙම දේශප්‍රේමී ව්‍යාපාරයන් සමත්ව ඇත. ලෝක ඉතිහාසය දෙස හැරී බලන විට, මෙවැනි දේශප්‍රේමී ව්‍යාපාරයන්ගේ උපත සිදුවන්නේ කුරුස යුද්ධයේ සිට කාර්මික විප්ලවය සහ ඒ හා සමගාමීව සිදුවන ජාතික රාජ්‍යයන් බිහි වීමේ දී එක් ජාතියකට එක් රටක් යන සංකල්පය වටා ජනතාව බලමුලු ගැන්වීම පිණිසය. ඉන් අනතුරුව යටත් විජිත සමයන්හි දී අධිරාජ්‍යවාදී පීඩනයට, සූරාකෑමට එරෙහිව සහ රාජ්‍යයන්වලට අහිමි වූ ස්වාධිපත්‍යය නැවත ලබා ගැනීම පිණිස ජනතාව බලමුලු ගැන්වීම සඳහාවන ජාතික ව්‍යාපාරයක් ලෙස මෙම දේශප්‍රේමී ව්‍යාපාර ලෝකයේ රටවල් තුළ නිර්මාණය විය.

කෙසේ හෝ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට නතු වූ පසු පරිපාලන කටයුතු සඳහා අවශ්‍යයවන කණ්ඩායමක් මෙරටින්ම නිර්මාණය කර ගැනීමට අවශ්‍යය විය. ඒ සඳහා බ්‍රිතාන්‍යන් විසින් මෙරටට ආණ්ඩු ක්‍රම හදුන්වා දුන් අතර එහි වූ සුවිශේෂී කරුණක් වන්නේ බෙදා වෙන්කොට පාලනය කිරීමේ ක්‍රමයයි. එනම් මෙරට විවිධ ජාතින් එක් එක් අනුපාතිකයන්ට අනුව තෝරා ගෙන පාලන කටයුතු සඳහා ඔවුන්ව සහභාගීකරවා ගැනීමයි. මෙම අනුපාතික ක්‍රමය නිසා ජනවර්ග අතර තිබූ ඒකාබද්ධතාව ඈත් වන්නට වූ අතර සමස්ත රටේ ජනතාවගේ අභිවෘද්ධිය පිළිබඳව සිතනවා වෙනුවට තම ජන වර්ගයේ අභිවෘද්ධිය පිළිබඳ පමණක් සිතීමට ඒ ඒ ජනවර්ගවලට සිදු විය. එනම් සමස්තයක් ලෙස “අපි” යැයි සිතනවා වෙනුවට “අපි” සහ “උන්” ලෙස කටයුතු කිරීමය. මෙය සැබවින්ම අධිරාජ්‍යවාදීන් විසින් සමිපත් කොල්ලකෑම පහසු කරවා ගනු පිණිස යෙදූ දිගු කාලීන උපක්‍රමයක් ලෙස සැලකිය හැකිය. මන්ද යත් මේ එක් එක් ජනවර්ග සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා සිය දුක්ගැනවිලි ඉදිරිපත් කෙරුණේ මෙකී බ්‍රිතාන්‍ය පලනාධිකාරියට වීමෙන්, ඒ හරහා ඔවුන්ගේ පැවැත්ම තහවුරු වීම සිදු විය. මෙවැනි වාතාවරණයක් තුළ භික්ෂුන් වහන්සේලා සිය ශාස්තෲවරුන්ගේ මගපෙන්වීම්වලින් සහ ධර්මයන්ගෙන් බැහැරව නායකයන්ට උපදෙස් දෙමින් සහ ජනතාව බලමුලු ගන්වමින් ඒකාකෘතික (Stereotyped) චිත්‍රයක් සිංහල බෞද්ධ ජනතාව තුළ පැළ පදියම් කිරීමට සමත් විය.


වත්මන් ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ව්‍යාපාරය කුමක් ද? විමල් වීරවංශ සහ චම්පික රණවක වැනි මහජන නියෝජිතයන්ගේ මත තුළින් පිළිබිඹුවන කාරණයක් නම් ඔවුන් අද වෙර දරමින් සිටින්නේ ද ඉහත අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරන ලද ජනවර්ග අතර වෙන් කිරීම තව දුරටත් පවත්වාගෙන යෑම බව නොවේද? වත්මන් දේශප්‍රේමී ව්‍යාපාරය තුළින් ඇඟවෙන එක් කාරණයක් නම් ජනවර්ග ධුරාවලියක් ඇත: එය සකස්වන්නේ හේතු සාධක කීපයක් මතය: එනම්, ආගම, ජනවර්ග සහ ‍ඓතිහාසික කාරණාය. ජනවර්ග ධුරාවලියේ සිංහල ජනවර්ගය ප්‍රමුඛ යැයි බහුතරයවන සිංහලයන් තීරණය කිරීම සහ සිංහලයන්ගේ පීඩිතයන් බවට සෙසු ජනවර්ගයන් පත් විය යුතුය යන ගතානුගතික මතයක් සමාජය තුළ පැළ පදියම් කිරීමට උත්සහ දරමින් සිටිති. ඔවුන්ගේ මතය තුළින් ඇඟවෙන්නේ දෙමළ කථාකරන ජනයාට හිමි දේශපාලනික නිදහස සඳහා දකුණේ පාලකයන්ට මෙන් සමාන අයිතියක් නොමැති බවය. කෙසේ හෝ විමල් වීරවංශ සහ චම්පික රණවකලාගේ මනසේ තවමත් පවතින්නේ අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරන ලද මානසිකත්වය වන අතර එම විෂබීජයන් තවදුරටත් වපුරමින් සිටිති. මෙයින් ඇතිවන ප්‍රතිඵලය වන්නේ තවදුරටත් ජනවර්ග අතර අවිස්වාසය වර්ධනය වීම තුළ ධ්‍රැවීකරණයක් වීමත් සියලු ජනවර්ග එක්ව ලාංකිකයන් ලෙස ඉදිරියට යෑමේ හැකියාවන් ඇහිරීමත්ය.


මෙම දේශප්‍රේමී ව්‍යාපාරයන් ජාත්‍යන්තරය සම්බන්ධයෙන් දරණ ස්ථාවරය කුමක්ද? විමල් වීරවංශලා, චම්පික රණවකලා අධිරාජ්‍ය විරෝධීය. නමුත් ඔවුන් අධිරාජ්‍ය විරෝධී වන්නේ පවතින ව්‍යුහයන් පිළිබඳ තැකීමක් නොකරමිනි. ඔවුන් තවදුරටත් සන්ධානගත වී සිටින්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලබන ආණ්ඩුවක් සමගය. 2012 අයවැය තුළ ප්‍රධාන යෝජනාවක් වන්නේ රුපියලේ අගය අවප්‍රමාණය කර විදේශ ආයෝජන ලංකාව තුළට වැඩි වැඩියෙන් ලබා ගැනීමය. එසේ නම් මේ ආයෝජකයන් යනු අන් කිසිවෙක් නොව ඇමරිකාව, යුරෝපය සහ චීනය ආදී රටවල් නොවේද? 2012 අයවැස සඳහා චම්පික රණවකලා සහ විමල් වීරවංශලා ඡන්දය ප්‍රකාශ කොට එම අධිරාජ්‍යයන්ට මෙරට තුළ රැදී සිටීමට අවකාශය සහ ලබා දී ඇත.

එම්මානුවෙල් වොලස්ටයින්ට අනුව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්ති සහ ගෝලියකරණයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍යයන් පවත්වන ආර්ථික සම්බන්ධතා අනුව ලෝකයේ රටවල් කේන්ද්‍රිය රටවල් (Core countries) සහ පරිධිය රටවල් (Periphery countries); එනම් සංවර්ධිත රටවල් සහ සංවර්ධන‍ය වෙමින් පවතින් රටවල් වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇත. වොලස්ටයින්ට අනුව මෙම කාණ්ඩ දෙක අතර සහසම්බන්ධයක් ඇත. දියුණු වෙමින් පවතින රටවල් සිය රටෙහි සම්පත් සංවර්ධිත රටවල්වලට අපනයනය කිරීම සහ සංවර්ධිත රටවල් එම සම්පත් යොදා ගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සිදු වේ. එසේම සංවර්ධිත රටවල් එම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ලාභ දායි ශ්‍රමය සහ සම්පත් ලබා ගැනීමේ පහසුව නිසා ආයෝජනය කිරීම් ද සිදු වේ. ඒ අනුව ලිබරල් ගෝලීය ආර්ථික ක්‍රමය තුළ සංවර්ධිත සහ සංවර්ධන‍ය වෙමින් පවතින රටවල් අතර අවියෝජනීය සබඳතාවක් දැකිය හැකිය.


වීරවංශලා සහ චම්පික රණවකලා අධිරාජ්‍ය විරෝධී මතයක් දැරුවද එය පවතින ව්‍යුහාත්මක තත්ත්වයන් විවේචනය නොකරති. ඔවුන් මෙම ආර්ථික ප්‍රතිපත්තීන් වෙනස් කිරීම පිළිබඳ කථා කරන්නේ ද නැත. ඔවුන් දේශප්‍රේමීන් ලෙස පෙනී සිටින්නේ යම් යම් අවස්ථාවල මතුවන තාවකාලික සංසිද්ධීන් පාදක කර ගෙනය. නිදසුන් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මගින් සම්මත කළ ‍ඇමරිකානු යෝජනාවලිය සැලකුවහොත් එය යම් කිසි කාල රාමුවකට යටත් වූවකි. දිගු කාලීන නැත. එසේම ඇමරිකාවේ හමුදා භටයින් කිහිපදෙනෙකු ලංකාවේ සිටීම තාවකාලිකය. ඒ අනුව පැහිදිලිවන්නේ වත්මන් දේශප්‍රේමී ව්‍යාපාරය අවස්ථාවාදීව මතුවන තත්ත්වයන් අලෙවි කරමින් තම පැවැත්ම තහවුරු කර ගන්නා බව නොවේද?

ඒ අනුව විමල් වීරවංශලා සහ චම්පික රණවකලා විසින් එක් අතකින් අධි‍රාජ්‍යවාදීන්ට මේ රට තුළට ඒමට තිබෙන අවකාශයන් ශක්තිමත් කරන අතර අනෙත් අතට යම් යම් අවස්ථාවල මතුවන සෘජු තර්ජනාත්මක අවස්ථාවන්වලදී පමණක් එයට එරෙහිව කථා කරනු ලබයි.

Uditha Asanga Wijethunga | උදිත අසංග විජේතුංග
[SEO Tags] Sri Lankan patriotic movement, Wimal Weerawansha, Champika Ranawaka, Immanuel Wallerstein , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
2 Comment(s)| ප්‍රතිචාර
ඉමෙල්ඩා මාකෝස් කියයි.| Facts
පිලිපීන හිටපු අධිපති මාකෝස්ගේ කුප්‍රකට ආර්යාව හෙවත් යකඩ සමනලිය හෙවත් ඉමෙල්ඩා මාකෝස් ඒ දවස්වල කියන්නට යෙදුණු රස කතා කීපයක් මේ.....

"මට සපත්තු කුට්ටම් තුන් දාහක් තිබුණේ නෑ. මට තිබ්බේ එක් දාස් හැටක් පමණයි!"

"මං ඉන්ටර්වීව් දෙනවට, මගේ සැමියා එච්චර කැමති නෑ. කතා නොකරන තරමට ප්‍රශ්ණ අඩුයි."

"පිලිපීනුවෝ ලස්සනට කැමතියි. හිඟන පිලිපීනුවන්ට උන්ගෙ මුඩුක්කුවල ඉඳන් බලලා සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ, මං තරුවක් වෙලා ලස්සනට හිටියොත් තමයි."

"මං ජනාධිපති ආර්යාව වුනේ අහම්බෙන්. මාව මිනිස්සු තෝරලා පත් කරල ද? ඒත් මේ මං ඉන්නෙ!"

"දිනුවත්- පැරදුනත්, ඡන්දෙන් පස්සෙ අපි ෂොපිං යනවා.... !"