BOONDI.LK| අදහස් බූන්දි| කුහුඹුවන් වූ මිනිසුන්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් අදහස්
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
නුවන්
අශෝක
ආදිත්‍ය
කේ.කේ.
උදය
සඳුන්
වීරයා
ප්‍රසාද්
එස්.ජී.
නිර්මාල්
අනුෂ්ක
චන්දන
මංජුල
අරවින්ද
රසික
සුමිත්
කුසල්
ජයසිරි
සන්ධ්‍යා
චතුර
BOONDI • Currents • •
අදහස් බූන්දි
කුහුඹුවන් වූ මිනිසුන්
[0]
බූන්දි| | 16:59:51
(2007.03.04-'මව්බිම'-'සමකය')
යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක කිසිත් කරකියා ගත නොහෙන කුරා කුහුඹුවෙකුගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? අප බොහෝ දෙනා ඊට පිළිතුරු උගත්තේ ඉතිහාසය විසින් මේ ප‍්‍රශ්නය මුහුණට දමා ගැසූ සමයකදීය. යටත්භාවය මහාමාරියක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප‍්‍රතිපත්තිගරුක ජීවිතය ආඩම්බරයකැයි කුහුඹුවෙකු නොදනී. නමුත් මිනිසුන් එය දනියි. එය අමතකව ගිය සැණින් රැළෙන් මග නොහැරුණද මිනිසා හුදකලා කුහුඹුවෙකු බවට පෙරළෙයි. රැළ හා වසන
මුත් පෑගී මියයාමේ තැති ගැන්මෙන් එකා පසුපස එකා වැටී සැරිසරයි.
අපේ මෑතකාලීන අතීතය යනු කුහුඹුවන් බවට පෙරළුණු මිනිස් මිතුරන් පිළිබඳ මතකයකි.
1991 අවුරුද්දේ ඔක්තෝබරයේ උදෑසනක නුගේගොඩ ගම්සභා හන්දියට නුදුරු තැනකදී මට අලූත් මිතුරන් දෙදෙනකු මුණ ගැසිණ. ඒ
‘ලක්දිව’
පත්තරය ආරම්භ කිරීම සඳහා
විනී හෙට්ටිගොඩ
ගේ නිවසේ කැඳවුණු පළමු කර්තෘ මණ්ඩල හමුවයි. නව අපේක්‍ෂාවන්ගෙන් ඇවිළුණු මිනිසුන් ඒ වහළ යට නිතර ගැවසිණ. එතැන් සිට එළඹුණු සමයක ජීවිතය පිළිබඳ සියළු අපේක්‍ෂාවන් බෙදා ගැණුනේ ඒ මිතුරන් සමගය. ඉන් අයෙක්
විමල් වීරවංශ
ය. අනෙකා
ඩලස් අලහප්පෙරුම
ය.
ඉන් ඉක්බිතිව එළඹුණු ජනවාරියේ අවසාන සති අන්තයේදී ‘ලක්දිව’ පත්තරය එළි දැක්කේය. මිනී පුලූටු දුමාරය පහව නොගිය ඒ ජනවාරිය වනවිටත් සිහින අත් නොහළ මිනිසුන් ලක්දිව හා උද්වේගයෙන් බැඳිණ. ගම් දනවු, සරසවි, වැඩබිම් සහ දේශපාලන සිර කඳවුරු සියල්ල සිසාරා ‘ලක්දිව’ උණක් මෙන් පැතිර ගියේය. නිදිවරා ඇවිලෙන උද්‍යෝගයෙන් වැඩ කළ මිනිස් රංචුවක් අතරේ අපි තිදෙනා සමීප මිතුරන් බවට වේගයෙන් පත්වීමු. තලවතුගොඩ කුමාරගේවත්තේ හුදකලා දෙමහල් නිවසක උඩු මාලයේ ඩලස්ගේ බෝඩිම් කාමරය සෑම බදාදාවකම මැදියම් රැය ගෙවී යන විට මගේත් - විමල්ගේත් නවාතැන් පොළ බවට පෙරළිණ. සමූල සංහාරයන් විසින් සීතල කොට පාගා දැමූ අපේ ජීවිත කරා මිනිස් මිත‍්‍රත්වයේ උණුසුම යළිත් ගෙන එන ලද්දේ ඒ දවස් විසිනි. කවටකමින් සහ උපහාස කතාවෙන් ගෙවී ගිය එවැනි රැයවල නිමා නොකළ සංවාද අනතුරුව එළඹුණු බදාදා දිනවලද යළි යළිත් මතුවී ආයේය. අනාගත ලංකාව පිළිබඳ අපේ සිහින ජීවමාන වූයේ ඒ නිමා නොවූ සංවාදයන් තුළය.
මර්දනකාරී අඳුරේ ගෙවී ගිය ඒ දවස් කෙළවර වෙනස් ලංකාවක් දිනාගැනීමේ මිනිස් සිහිනයක් දීප්තිමත්ව දැල්විණ. පැරණි පත්තර පිටු පෙරළා බලන විට හමුවන ඩලස් සහ විමල් ලියූ සෑම උද්වේගී වදනකමත් ගැබ්ව ඇත්තේ ඒ සිහින පිළිබඳ වූ නොතිත් මිනිස් අනුරාගයයි. බියසුළු බව ජීවන දහමක් බවට පෙරළුණු සමයක ප‍්‍රජාතාන්ත‍්‍රයේ විනාශය සහ මානව විරෝධී සාපරාධයන්ට එරෙහිව
රණසිංහ පේ‍්‍රමදාස
ට එරෙහිව විවෘත ලිපි මගින් අභියෝග කළ ඩලස්ගේ ආවේශය උපන්නේ ඒ මිනිස් අනුරාගයෙනි. සරසවි වේදිකා මත ජාතික චින්තනයේ වර්ගවාදී බලයන්ට එරෙහිව සිංහල-දෙමළ සිසුන්ගේ අත්පොළසන් ලබමින් සමාදාන රහිතව සටන් කළ විමල්ගේ ආවේශය උපන්නේ ද ඒ මිනිස් අනුරාගයෙනි. ඒ අනුරාගයෙන් පිටුබල ලැබ ලංකාව පිළිබඳ අප දුටු සිහින කෙබඳු වීද?
අපේ සිහින ලංකාව සමූල ඝාතනයන්ට මැදිව වැළලී ගිය අතීත මළවුන් පිළිබඳ නොනැසුණු හෘදය සාක්‍ෂියක් සහිත ලංකාවකි. මිනිස් සංහාරක හමුදා යළිත් අභිමානයෙන් වීදි නො සරන ලංකාවකි. සිය ගණනින් මිනිසුන් මිහිදන් වූ සමූහ සොහොන් බිම් අකාලයේ වල් වැදී නොයන ලංකාවකි. මහ දවල් මිනිසුන් අතුරුදහන් වී නොයන, වධකාගාර සහ සිර කඳවුරු තුළ නිදහස පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් එල්ලා නොමරන ලංකාවකි. දරුවන් ඉල්ලා ළෙහි අත්ගසා වැළපෙන මව්වරුන් නොදකින ලංකාවකි. අවිගත් දෙමළ හෝ සිංහල තරුණයින් පිළිබඳ සහේතුකව සිතන්නට එඩිතර වන ලංකාවකි. මාංශ භක්‍ෂක ජාත්‍යෝන්මාදය සාඩම්බර පදක්කමක් බවට පත් නොවූ ලංකාවකි.
දශකයක් ඇවෑමෙන් මගේ පැරණි මිතුරන් දැන් ඔවුන්ගේ ලංකාව නිර්මාණය කරමින් තිබේ. ඒ ලංකාවේ,
ඩලස් අලහප්පෙරුම
සහ
චම්පික රණවක
එකම කැබිනට් මඩුල්ලක සහෝදර සාමාජිකයෝ වෙති. ඒ ලංකාවේ
විමල් වීරවංශ
සහ
නලින් ද සිල්වා
එකම වේදිකාවක උද්වේගී කථිකයෝ වෙති. පැරණි සිහින අත් නොහැරීම ඒ ලංකාවේදී මරණීය පාපයකි. මගේ මිතුරන් විසින් නිර්මාණය කළ ලංකාවෙන් මා පිටුවහල් කෙරෙන වරද එයයි. මරණ බියෙන් මිනිසුන් තැතිගත් සමයක මුණගැසුණු ප‍්‍රාණසම සේ සැළකූ මිතුරන් පාලකයින් බවට පත් වූ ලංකාව පෙරළා මා වෙතද මරණ බිය කැටුව විත් තිබේ.
අපේ ජීවන පිළිවෙත් ගැටගැසී තිබුණේ යුක්ති ධර්මය පිළිබඳ අපේ සිහින සමගය. නමුත් දස වසක් ගත වූ තැන පැරණි පිළිවෙත් මගේ මිතුරන්ට බිම ලූ පාවාඩයකි. පාගා පියමැන ගිය විට යළිත් ගුළි කොට හිස්වලට ඉහළින් ඒවා අනාගතයට විසි කෙරේ. ඒ අනාගතයේදී පෑගීම පිණිසය.
1992 දෙසැම්බරයේ මාරවිල හොරගොල්ලේ ජයේගේ නිවසෙහි ගතකළ නත්තල් නිවාඩුව දැන් ‘සොඳුරු දුක්බර’ මතකයකි. ශාලිකා පිටියේ සුහද කි‍්‍රකට් තරඟය අමතකව යන පී‍්‍රතිමත් දවස් අතරින් එකකි. වාද්දුවේ මොල්ලිගොඩ විමල්ගේ නිවසේත්, දික්වැල්ලේ රදම්පොළ ඩලස්ගේ නිවසේත්, කොහුවල පි‍්‍රය මාවතේ මගේ බෝඩිම් කාමරයේත් නිදි වරමින් අතරින් පතර ගෙවා දැමූ කාලය දැන් වැළලූණු අතීතයකි. අපේ සිහින දැන් එකිනෙකින් ඈත් වූ ග‍්‍රහලෝක මෙනි. ඒවා ඉඳහිට අඳුරෙහි දිස් වී මැකී යයි.
ජිල්ලෝ පොන්තෙකෝර්වෝ
ගේ
‘බර්න්’
සිනමාපටයේ
සර් විලියම් වෝකර්
ලෙස රඟන
මාලන් බ‍්‍රැන්ඩෝ
තැනක මෙසේ කියයි:
"එක් ඓතිහාසික වකවානුවක් සහ තවත් වකවානුවක් අතරමැද දී සියවසක ප‍්‍රතිවිරෝධතා හකුළා පෙන්වන්නට ඇතැම් විට දස වසක් වුවද සෑහෙයි."
ගතව ගිය දස වසර එබඳු එකකි. ආපසු හැරී බලන්නට සිත් නොදෙන ඒ දස වසර කුහුඹුවන් බවට පත් වූ කලකදී ළබැඳි මිනිසුන් පිළිබඳ මතක සොහොනකි.
ඡායාරූප සටහන-
'ලක්දිව' පත්‍රයේ කර්තෘ මණ්ඩල සාමාජිකයින් 1991 නොවැම්බරයේ බොරැල්ල
'ලක්දිව'
කාර්යාලයේ කර්තෘ මණ්ඩල කටයුතු අරඹමින්-
(පසුපෙළ වමේ සිට): විමල් වීරවංශ, ධර්ම ශ්‍රී කාරියවසම්, විනී හෙට්ටිගොඩ, සුනිල් මාධව ප්‍රේමතිලක, ඩලස් අලහප්පෙරුම, සුදත් මහදිවුල්වැව
(ඉදිරි පෙළ වමේ සිට): රෝහිත භාෂණ අබේවර්ධන, මැනුවෙල් ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර
Rohitha Bhashana Abeygunawardena | රෝහිත භාෂණ අබේවර්ධන
[SEO Tags] Lakdiva 1991 Editorial, Rohitha Bhashana, Dalas Alahapperuma, Sunil Madhawa Premathilaka, Wimal Weerawansha
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
නෙල්සන් මැන්ඩෙලා කියයි.|
Personal Quotes
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන ගන්නාක් මෙන්ම ආදරය කිරීමට ද ඉගැන්විය යුතුය. මක් නිසාද යත්, ආදරය කිරීම එහි ප්‍රතිවාදී හැඟීමට වඩා මිනිස් හදවත්හි ස්වභාවික උත්පාදනය වන නිසාය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus