BOONDI.LK| අදහස් බූන්දි| ජාතිවාදය නම් සිංහ හම යට....
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
  තවත් අදහස්
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු.... | චමීර කොස්වත්ත
ප්‍රතිචාර[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ | පැරිස් ටුඩේ
ප්‍රතිචාර[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
ජාතිවාදය නම් සිංහ හම යට....
ප්‍රතිචාර[2]
බූන්දි| | 16:51:19
සාමූහික බිය සාමූහික ආශයන් උත්තේජනය කර තම රැළට අයත් නොවන උන් ට එරෙහිව රෞද්‍ර ලෙස හැසිරීම ට පොළඹව යි.
-බර්ට්‍රන්ඩ් රසල්

ජිනීවා ගැටළුව පසුගිය හත් වැනිදා ඇමරිකාව විසින් ලංකා ආණ්ඩුවට මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලකරමින් ගෙනා චෝදනාවලියත් සමඟ උත්කර්ෂයට නැංවී ඇත. අඩු වැඩි වශයෙන් සියලු විකල්ප මතධාරී මාධ්‍යවලින් ද පැහැදිළි කළ පරිදි (රාජ්‍ය මාධ්‍යවල කියූ සියලු දේවල විසංවාදය ගළපා ගැනීමෙන් ඔබට ගැටළුවේ යථා ස්වභාවය අවබෝධ වනු ඇත.) ඇත්තම තත්ත්වය නම්, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සියලු විධායක බලතල යොදා පත් කරනු ලැබූ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවට අනුව කර ඇති යෝජනාවලිය තවම ක්‍රියාත්මක නො කිරීම නිසා ඒ පිළිබඳව බලවත් රටවල් ප්‍රශ්න කිරීම යි.

කොමිසම විමර්ශනය කොට ඉදිරිපත් කර ඇති යෝජනාවලට- අභ්‍යන්තර අවතැන්වූවන් යළි පදිංචි කරවීම, හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය හා සමාජගත කිරීම, නඩු නැතිව සැකකරුවන් රඳවා ගැනීම නැවැත්වීම, නීති විරෝධී ආයුධ සන්තකයේ තබා ගැනීම අවසන් කිරීම, ආරක්‌ෂක හමුදා ඉවත් කිරීම, ඉඩම් ප්‍රශ්නය, වන්දි ගෙවීම හා සාධාරණය ඉටු කිරීම හා අදාළ ගැටලු, භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, සමාජ - ආර්ථික හා ජීවනෝපායන් සංවර්ධනය, පරිපාලන ගැටලු හා ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන්ගේ යුක්‌තිසහගත අභිලාෂයන් ඉෂ්ට කිරීමට අදාළ ජාතික සම්මුතියකට පැමිණීමේ අවශ්‍යතාව ඇතුළු සියලු කරුණු අඩංගු ය. අමෙරිකාව ඇතුළු මානව හිමිකම් සංවිධාන කියන්නේ තවත් කල් නොදමා මේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස මිස අන් කිසිවක් නොවේ.

මෙයින් හොඳට ම කලබල වූ විමල් වීරවංශ ප්‍රමුඛ ජාති හිතෛශීහු 'ජනතාව'ට බත් සහ අරක්කු දී, රජයේ සේවකයන්ට විශේෂ නියෝග නිකුත් කොට පාරට බැස්සුහ. ඉන්ධන මිල වැඩි කිරීම නිසා වීදි බසින්නට සිටි ජනතාව ‘අධිරාජ්‍යවාදී රකුසා’ ගේ සුරංගනා කතාවෙන් මෝහනය වී මහ මඟට පිළිපන්නේ ඉන්ධන සහ ඇන්ටනී ව බල්ලාට දමමිනි. රජයේ මාධ්‍ය රණ බෙර වැයූ අතර දේශාභිමානී ගීයෙන් හෙළය ගිගුම් දුනි.

ඉතින්, මේ ලංකාව යි! විපක්ෂ හෝ විකල්ප කණ්ඩායම් කිසිදාක හරියට වටහා නො ගත්, විමල් වීරවංශලා සහ පාඨලීලා ගේ සහයෙන් වැජඹෙන ජනාධිපතිවරයා හරියට ම කියවා ගත් ලංකාව යි. ඔහු කියවා ගෙන ඇත්තේ ලංකාව පමණක් නොවේ. විපක්ෂය ද විකල්ප මත දරන බොහෝ දෙනාගේ නිල ද හරියට ම අල්ලා ඇත.


ඊට හොඳම උදාහරණය පසුගිය දිනවල ටී.එන්.ඒ. එක හැසිරුණු ආකාරයයි. ලොව පුරා දෙමළ ජනතාව මවිත කරමින් ටී.එන්.ඒ නායක සම්බන්දන් ප්‍රකාශ කළේ ඔවුන් ජිනීවා සමුළුව වර්ජනය කරන බවයි. අඩ සියවසක් තිස්සේ සිංහල ජාතිවාදී පක්ෂ සහ ආණ්ඩු විසින් ද අවස්ථාවාදී දෙමළ නායකයින් විසින් ද අතරමං කරනු ලැබූ දෙමළ ජනයාගේ ඉරණම එබඳු ය.

මහින්ද සමරසිංහ ජිනීවා නියෝජිතයන් ට කියූ දේ දිවයින මෙසේ වාර්තා කර තිබුණි.

"වාර්තාවෙහි ඇතුළත් බොහෝ නිර්දේශයන් පිළිබඳ ප්‍රගතියක්‌ ලබා තිබීම මාගේ සතුටට හේතුවකි. රජය විසින් අඛණ්‌ඩව ක්‍රමානුකූලව හා සම්පූර්ණ ලෙස මෙම ගැටලුවලට පිළියම් යෙදීම සිදු කරනු ඇත. ප්‍රගතියක්‌ අත් කර ගෙන ඇති සමහර ක්‌ෂේත්‍රයන්ට අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කරවීම, බිම් බෝම්බ ඉවත් කිරීම, හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය, භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම, දෙමළ භාෂාව කතා කරන පොලිස්‌ නිලධාරීන් සේවයට බඳවා ගැනීම, කලින් ආරක්‌ෂක අභිමතාර්ථයන් වෙනුවෙන් යොදා ගත් නැගෙනහිර ඉඩම් නැවත පදිංචි කරවීම හා නැවත පැමිණීම සඳහා යොදා ගැනීමට ඉඩ සැලසෙන පරිදි උතුරේ සිවිල් පරිපාලන මධ්‍යස්‌ථානවලින් ආරක්‌ෂක අංශ ඉවත් කිරීම හා උතුර හා නැගෙනහිර පළාත්වල පුළුල් සංගණනයක්‌ පැවැත්වීම ඇතුළත්ය. පුළුල් ලෙස ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය වෙනත් නිර්දේශ ද වාර්තාවෙහි ඇතුළත්ය. විශේෂයෙන්ම උතුර හා නැගෙනහිර පළාත්වල සෑම දිස්‌ත්‍රික්‌කයකටම ඉඩම් භාවිත කිරීමේ සැලැස්‌මක්‌ ක්‍රමවත්ව සකස්‌ කිරීමේ හා දිගුකාලීන මූලාරම්භයක්‌ ලෙස මුළු රටටම අදාළ වන පරිදි ජාතික ඉඩම් කොමිසමක්‌ පිහිටුවීම හා අදාළ නිර්දේශ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක්‌ අවශ්‍ය අතර එය සුපරික්‌ෂාකාරීව සැලසුම් කළ යුතු දෙයකි."

අවතැන් වූවන් නැවත පදිංචි කළා නොව ටකරං කිහිපයක් දී ඔවුන් ගිනි ගෙන දැවෙන පොළවට දැවෙන්නට වීසි කර දැමූ බව ඔහු කීවේ නැත. ගෙවල් දොරවල් තිබූ තැන්වලට ඔවුන් ඇඳිවත පිටින් ආපසු එද්දී ඒ ඉඩම් ආරක්ෂක හමුදා අධි ආරක්ෂක කලාප බවට පත් වී ඇත බව ඔහු කී‍වේ නැත. 2009 යුද්ධය අවසන් වන විට හෙක්‌ටයාර 4098.36 ක ප්‍රදේශයක පිහිටි අධි ආරක්‌ෂිත කලාප වලින් කොටසක් පමණක් ඉවත්කළ ද මේ වන විටත් එය හෙක්ටයාර 2600 ක පමණ ප්‍රදේශයක් ගිලගෙන ය. යාපනයේ කුඩා දැරියන් දෙමළ ඇමතිවරුන්ගේ මැරයන් විසින් දූෂණය කර මරා දැමෙන බව ද මඩකලපුවේ කුඩා දරුවන් කරුණාගේ මැරයින් විසින් කප්පම් පිණිස පැහැර ගෙන ගොස් මරා දැමෙන බව ද හරියට බීමට දිය ‍බිඳක් නැති චාටි වෙරළ අසබඩ ගම්වල මිනිසුන් හවස 6 න් පසු එළියට නො බසින්නේ ඇමති ඩග්ලස් දේවාන්නද ගේ මැරයින්ට ඇති බිය නිසා බව ද ඔහු කීවේ නැත. උතුරේ ද දකුණේ ද වෙනසක් නැතිව මිනිසුන් අතුරුදන් කෙරෙන බව ද මරා දැමෙන බව ද මහ කොළඹ මැද පුළුස්සන ලද මිනී හමුවන බව ද ගැහැණු දරුවන් මරා දමා යළි දූෂණය කෙරෙන බව ද ඒ සියල්ලට වගකිව යුතු දේශපාලන බලවතුන්ව ආණ්ඩුව විසින් කොන්දේසි විරහිතව රකින බව ද ඔහු කීවේ නැත. විකල්ප මත දරන්නන් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ගේ උද්ඝෝෂණ කඳුළු ගෑස්, වතුර ඒත් බැරිනම් විශේෂ හමුදා කණ්ඩායම් ලවා පහර දී ලත් තැනම චප්ප කරන බව ඔහු කීවේ නැත. උතුරේ ඉඩම් හිතවතුනට රිසි සේ බෙදා දී පුත්‍ර සමාගමට හෝටල් හදන්නට ත්‍රිකුණාමල වෙරළ ලියා දී ඇති බවත්, පොලිස් මුර කාවල් යොදාගෙන ඒ යුවරජු ම පාසිකුඩා වෙරළ පිරෙන්නට හෝටලයක් හදන බවත්, ඒ පුතු ම තංගල්ල බාලිකාව සහ තංගල්ල බස් නැවතුම් පොළබිමට සමතලා කර තවත් හෝටල් සංකීර්ණයක් හදන්නට පිඹුරුපත් සාදා ඇති බවත් බවත් එතකොට ඔය කියන ‘පරිස්සමින් අධීක්ෂණය කොට පත් කළ යුතු’ ඉඩම් කොමිසම් කිසිවක් නො බැලූ බවත් ඔහු කීවේ නැත. මේ රටෙහි තව දුරටත් නීතියක් නැති බවත් තිබෙන එකම නීතිය රජ පවුලේ නීතිය බවත්, නීතියේ ස්වාධිපත්‍යය ගලග්‍රහයෙන් ගෙන විධායකයේ සාක්කුවේ දා ගෙන ඇති බවත් මරණ දඬුවම ද අභය දානය ද සඳහා යා යුත්තේ වෙන කොහේවත් නොව ජනාධිපතිවරයා ළඟට බැව් රජයේ ඇමතිවරු නිවේදන නිකුත්කරන බවත් ඔහු කීවේ නැත.


ඔලිවර් කෝක්ස් ගේ ‘පන්තිය, කුලය සහ ජාතිය’(1948) ඇසුරින් මේ තත්ත්වය මෙසේ විග්‍රහ කළ හැක. මාක්ස් ජාතිවාදය පිළිබඳව දැරූ අදහස් පැහැදිළිව ඉදිරිපත් කරන ඔහු පවසන්නේ ජාතිවාදය යනු මිනිසා උරුමයෙන් ලද දෙයක් නො වන බවයි. ඔහු තර්ක කරන්නේ ජාතිවාදය යනු ප්‍රබන්ධිත යමක් බවයි. ඔහුට අනුව එය උපදින්නේ ‘ප්‍රායෝගික සූරාකෑමේ සම්බන්ධතාවක්’ තුළිනි. එක් කණ්ඩායමක් විසින් අනෙක් කණ්ඩායම සූරාකෑම සාධාරණීකරණය කිරීම සඳහා ජාතිවාදය උපයෝගී කර ගැනෙයි. කෝක්ස් මෙය සම්බන්ධ කරන්නේ ධනවාදයේ නැගීමට යි.

කාස්ට්ල්ස් සහ කෝසැක්ස් සහ ඉම්මෑනුවෙල් වෙලස්ටීන් වැනි විචාරකයින් ද මේ මතය ම සනාථ කරයි. කම්කරු හමුදාවක් පවත්වා ගැනීම ධනවාදයට ප්‍රයෝජනවත් ය. (ලංකාවේ නම් අත්‍යවශ්‍ය ය.) ජාතිකත්වය යනු ලෝක මට්ටමේ ‘දේශපාලන උපරි ව්‍යුහයේ’ කොටසක් වන අතර ලෝකයේ සෑම රාජ්‍යයකට ම වෙන් කරන ලද ස්ථානයක් ඇත. ජාතිකත්වය පිළිබඳ සංකල්පය කරනුයේ බලවත් ජාතීන්ට ධූරාවලියේ ඉහළ ස්ථානයන් හිමිවීම සාධාරණීකරණය කිරීම යි.

විපක්ෂය සහ විකල්ප කණ්ඩායම් කියන්නේ (සහ විශ්වාස කරන්නේ) ජනාධිපතිවරයා ජාතිවාදියෙක් නිසා මේ යෝජනා ක්‍රියාත්මක නො කරන බව යි. මහින්ද ෆැසිස්ට් වාදියෙකැයි තවත් අය විශ්ලේෂණය කරති. සැබෑව නම් ජනාධිපතිවරයාට අවැසි දේපළ පමණක් බවයි. ඔහු බලය අල්ලා ඇත. ඒ තුළින් මිනිසුන් ද අල්ලා ඇත. දැන් ඔහුට සහ රජ පවුලට අවශ්‍ය උත්පත්තියෙන් හිමි නො වූ ධනය රැස් කර ගැනීමට ය. එහි දී ඔහුට උතුර ද දකුණ ද කියා වෙනසක් නැත. උතුරේ මිනිසුන් සිවිල් බලයෙන් වඩා දුර්වල නිසා වඩ වඩා පැහැර ගැනීම් කොල්ල කෑම් සිදුවෙයි. දකුණේ වැඩි ප්‍රසිද්ධියක් නැතිව ඉඩම් සහ හෝටල් පැහැර ගැනෙයි. හිට්ලර් යුදෙව්වන් මැරුවේ පිරිසුදු ආර්ය වර්ගයක් බිහි කිරීමේ වර්ගවාදී අරමුණක් වෙනුවෙනි. එහෙත් මහින්ද ට හිට්ලර් ට තරමවත් කණ්ඩායම් හැඟීමක් නැත. ඇත්තේ බල සහ දේපළ උමතුව පමණි. ඔහුට ජාතිවාදය (සහ ආගම) යනු ධනය සහ බලය රැස් කිරීමට උපයෝගී කරගන්නා මෙවලමක් පමණි.


පාඨලී චම්පික රණවක සහ උදය ගම්මන්පිල වැනි අවංක ජාතිවාදීන් ද, අළුතින් ම දෙමළ ජනතාවට පෙම් කරන අරගල ව්‍යාපාරයේ සහෝදරවරුන්බාහු ඇතුළු වම ට ද තවමත් වටහා ගත නො ගන්නා නැත්නම් දකින්නට අකමැති අල ගෙඩිය මෙය යි.

ජාතිවාදී සංකල්පය දේපළ පිළිබඳ කෑදර අදහසට වඩා බරසාර ය. රොමෑන්ටික් ය. එහෙත් ධනවාදයෙන් උත්කෘෂ්ටත්වයට නංවනු ලැබූ පවුල්වාදය ෆැසිස්ට්වාදයටත් වඩා භයානකය.

Aloka Ranasinghe | ආලෝක රණසිංහ
[SEO Tags] Agitations against advisory panel in Geniva, Mahinda Samarasinghe, UN Human Rights Council, Geneva, LLRC Report, Sri Lankan War, Political solution, Mahinda Rajapaksha, Wimal Weerawansha, Patali Champika Ranawaka , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
2 Comment(s)| ප්‍රතිචාර
අමීන් ඩාඩා (ඉඩි අමින්) කියයි.| Facts
අමීන් ඩාඩා (ඉඩි අමින්) 1971 ඉඳලා 1979 වෙනකල් උගන්ඩාවේ පාලකයා. මේ අමීන් ඩාඩා කිවුව දේවල් කීපයක්.

"මම දේශපාලනඥයෙක් නොවෙයි; මම වෘත්තීයමය සොල්දාදුවෙක්."(1971)

"සමහර විටෙක මිනිස්සු වැරදියට තේරුම් ගන්නවා මම කියන දේවල්- ඒවා මම හිතන දේවල්ය කියලා. මම කිසිම දවසක ඉගෙන ගෙන නැහැ. පෙර පාසල් අධ්‍යාපන සහතිකයක්වත් මට නැහැ. ඒ වුනාට, සමහර වෙලාවට මම දන්නවා පී.එච්.ඩී. කාරයන්ටත් වැඩිය. මොකද මම මිලිටේරිකාරයෙක්. මං දන්නව වැඩ කරන විදිහ. මම වැඩ- කාරයෙක්!!!" (1974)