BOONDI.LK| කතන්දර බූන්දි| චාදු තාත්තා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් කතන්දර
ආදරයට වෙඩි තියන්න
|
සෝමසිරි ඒකනායක
[2]
බොහොඬෙක්
|
ඇන්ටන් චෙකොව්
[2]
අවන්හල
|
රුවන් එම්. ජයතුංග
[1]
අදෘශ්‍යමාන හාදුව
|
තිළිණි ෂැල්වින්
[21]
වෘකයා සහ බැටළු පැටවා
[1]
අංශක 110
|
දසුනි හෙට්ටිආරච්චි
[1]
ගැබ්බර හිතට ගබ්සාවක්
|
හෙන්රි වර්ණකුලසූරිය
[4]
The Cobra Woman and Her Visitor
|
අජිත් පැරකුම් ජයසිංහ
[0]
හොඳයි... මං අහන්නෙ ?
|
රුවනි සිසිජා ජයකොඩි
[4]
අපරිණත පේ‍්‍රම සම්බන්ධයක්
|
සමර විජේසිංහ
[1]
අක්ෂර සෙනග-
[කතන්දර ]
[20/78]
රුවන්
අනුර
සමිත
අනුෂ්ක
සමර
ඉසුරු
වික්ටර්
ප්‍රදීප්
ආගන්තුකයා
ලියෝ
නයෝමී
රන්සිරිමල්
ජේම්ස්
ශිව්
ඇනා
ප්‍රසාද්
කේට්
කේ.ජයතිලක
නිකොලායි
සංජීව
BOONDI • Sookiri • •
කතන්දර බූන්දි
චාදු තාත්තා
[0]
බූන්දි| | 07:19:13
වෙලාව උදේ අටකුත් විනාඩි පහළොවක් පමණ විය.
නාරද තෙරණුවෝ බෝධියත් බුදු මැදුරත් යා කරන වැලි මළුව දිගේ සක්මන් කරමින් අරුණ නැගෙන්නට පෙර කියවූ මාක්ස්ගේ ලුයී බොනපාට් පිළිබඳ විග්‍රහය තේරුම් බේරුම් කර ගන්නට උත්සාහ දරමින් සිටියහ. බලය නැමති සාධකය විසින් මිනිස් මනස තුළ ඇති කරනු ලබන ව්‍යාධියත් එහි ප්‍රතිඵල මගින් මුළු මහත් සමාජයක් පීඩාවට පත් වෙන අයුරුත් පුදුම සහගතය. රාජ්‍යය විසින් පොඩි පට්ටම් කර දමන ලද
අරගලය ඉතිහාසයේ අහම්බයක් නොව, මේ උමතු බල අධිකාරීත්වයට එරෙහිව පැන නැගිය යුතුව තිබුණු අනිවාර්යයකැයි උන් වහන්සේ කල්පනා කළ සේක. නිෂ්ක්‍රීයතාවය තුළ සියල්ල ගිලෙමින් පවත්නා අවකාශයක තව දුරටත් "මම" යනු කෙබඳු දෙයක්දැයි සිතන්නට උන් වහන්සේට උවමනා විය. බෝ මළුවේ මලසුනේ පෙරේදා හින්නි අම්මා පූජා කළ පරවුණු අරලිය මල් තුනක් තිබෙනු පෙනේ. ඉඳ හිට හෝ පන්සලට මලක් පූජා කරන්නට එන්නේ ඈ පමණය.
බුදු මැදුරට උඩින් අල්ලපු වත්තේ පිපුණු තල මල අපූරුවට පෙනෙයි. තල මලක් පිපෙන්නේ කාලාන්තරයකට සැරයකි. එහි සිටි ඇටිකුකුළෙකු වේගයෙන් පාත් වී බුදු මැදුර ළඟ මල් පාත්තියේ සිටි ගොළුබෙල්ලෙකු ඩැහැ ගෙන නැවත ඉගිලී ගියේය. උදේ පින්නෙන් නාරද හිමියන්ගේ නැහැය බර වී තිබිණ.
"චාදු තාත්තේ.."
ජංගිය අතේ උණ්ඩි කරගෙන උංගි හෙළුවෙන් ආවාසය පැත්තේ සිට පඩි පෙළ නැග ගෙන එයි.
"චාදු තාත්තේ.. කක්කා.. කක්කා.."
නාරද හිමියෝ උංගිව අතකින් අල්ලා ගෙන පහළ ළිඳ ළඟට එක්කර ගෙන ගොස් උංගිගේ කක්කා හේදූහ. දුවන්නට හදන උංගි අල්ලාගෙන ජංගිය ඇන්ඳවූහ.
උංගි ගලක් ගෙන පියදාස පස්සේ එළවන්නට විය. පියදාස පන්සල සතු චංචල දේපළක් බවට පත් වුනේ අවුරුද්දකට පෙරය. පන්සලේ ගේට්ටුව ළඟ දමා ගොස් සිටියදී නාරද තෙරණුවන් විසින් වඩා ගෙනවිත් ලොකු හාමුදුරුවන්ට හොරෙන් ආවාසේ පිළිකන්නේ තියා ගෙන ලොකු මහත් කරගත් පියදාසට කිසිදා සුව නොවෙන කුෂ්ටයක් සෑදී තිබේ. ලේ පොක්කලන් එන තුරුම කුෂ්ටය කැසීමට ශක්තිය යෙදවීම හන්දා පියදාස දැන් ඇටෙයි හමයි විතරය.
"චාදු තාත්තේ.. බවුවා.. බවුවා"
උංගී චාදු තාත්තේ කියන හැම වතාවකම නාරද තෙරණුවන්ගේ හිත කීරි ගැහෙයි. උංගී පන්සලට සින්න වී සතියක් ගත වී ඇතත් තවමත් ඒ ආමන්ත්‍රණය නාරද තෙරණුවන් පෙලයි. හාමුදුරුවන්ට එසේ නොකියන ලෙසත් - කීවොත් අපායේ යන බවත් උංගීගේ ඔළුව අත ගාමින් කී ලොකු හාමුදුරුවන්ට දැන් උංගී කියන්නේ චාදු චීයා කියාය. ලොකු හාමුදුරුවෝ කොන්දේ අමාරුව හන්දා ඇඳට වැටී දැන් මාස තුනකටත් වැඩිය.
පියදාස පස්සේ කොර ගහමින් එළවා ඇති වුණු උංගී දුවගෙන ඇවිත් තෙරණුවන්ගේ සිවුරේ එල්ලුණේය. පොඩ්ඩාට උදෙන්ම බඩගිනිවෙන බව නාරද තෙරණුවෝ දනිති. උංගීගේ නහය මිරිකා එළියට එන්නට දඟලන හොටු දල්ල අයින් කළ නාරද තෙරණුවෝ උංගීව වඩා ගෙන ආවාසයට ඇතුළු වුණහ. දිගෙන් දිගටම පනවා තිබූ ඇඳිරි නීතිය නිසාත් ගමේ බොහෝ දායකයෝ චේගුවේරාරාමයට දන් එවීම නවත්වා තිබූ නිසාත් බණ්ඩයියාට බතක් මාළුවක් ඒදන්නට සිදු වී තිබිණ. නාරද තෙරණුවෝ උංගීව ඔඩොක්කුවට ගෙන බතුත් පොල් සම්බෝලයත් අනා කවන ගමන් සෝපාකගේ කතන්දරය කියා දුන්හ. උංගීට සෝපාකගේ කතාව තේරුණේම නැත. උංගී ඔඩොක්කුවෙන් පැන දුව ගොස් කටේ හිර කර ගෙන උන් බත් ගුලිය බිම දැම්මේය. පියදාස ඒ බත් ගුලිය බිමට වැටෙන්නටත් කලියෙන් ඩැහැගත්තේය. කිසිවෙකු එන බව දැක පියදාස බුරා හැලෙන්නට විය.
"හාමුදුරුවනේ."
ආවාසයට එක වරම ඇතුළු වූ තරුණයා මින් පෙර නොදුටුවෙකි.
"මං තිස්ස- දෙවුන්දරිං හාමුදුරුවනේ. පෙරේදා රෑයි වීරවිල ඉඳං ආවෙ."
"රහස් වචනය කියන්න සහෝදරයා."
"රස්පුටින්"
"උන් පිස්සු බල්ලො වගේ පස්සෙන් එළෝනවා හාමුදුරුවනේ. දෙපාරක් සර්ච් කෙරුව රෑ හන්දා බේරිල ආවා."
"බණ්ඩයියෙ මේ මහත්තයටත් එක්ක තව හාල් කාලක් ලිපේ තියන්ඩ."
"මේ ලියමන දෙන්ඩ කිවුව සනත් සහෝදරය- ඒ සහෝදරයා ඔබ වහන්සෙ එක්ක රුහුණෙ එක බැජ් එකේ හිටිය කිවුවා."
උංගී බිම ඉඳගෙන තිස්සගේ නියපොතු අත ගා බලන්නට විය. බණ්ඩයියා කුරු කුරු ගාමින් හාල් කැටයක් නෑඹිලියට දමා ගරමින් තිස්සට රැවුවේය. නාරද තෙරණුවන්ගේ වැඩ හන්දා තමන්ටත් පන්සලටත් නුදුරේදීම සිදුවන මහත් විනාශය බණ්ඩයියාට ඉව වැටී තිබිණ. පොත් ගුලේ ඇතුළු කාමරයේ පෙට්ටියක දමා හංගා තිබූ රතු පාට පොත් බණ්ඩයියා තුළ ඇති කළේ මහත් බියකි. ඒ පොත් ඇතුළේ සිරගතව සිටි ලොකු රැවුල් වවාගත් අංගුලිමාලලා හැමදාම රාත්‍රියට එළියට පැමිණ බණ්ඩයියාගේ හීන වලට ඇතුළු වී ඔහුව බය කරති.
"හාමුදුරුවනේ මේ දරුවා කාගෙද?"
උංගී තිස්ස දිහා බිම ඉඳගෙන බලාගෙන හිටියේය. තිස්සගේ මූණේ උංගිට නරඹන්නට බොහෝ දේ තිබිණ.
"ධර්මෙගෙ- මේ ළමයත් අරං ගිය අප්රේල් පළවෙනිදා මහ රෑ ධර්මෙ ආව. ධර්මසිංහ ගමාරච්චි- ඌරගහ. දන්නවද?"
"දන්නව හාමුදුරුවනේ."
"දරුවගෙ අම්ම නැති වෙලා තියෙන්නෙ දරුවා උපං දාමයි. මන්ද-බුද්ධික හන්දා කවුරුත් ළමය බලා ගන්න කැමති නෑලු. ධර්මෙ ගියා දරුව දාල- ඇල්පිටිය පොලීසියට පහර දුන්නු කණ්ඩායමේ ධර්මෙත් හිටිය. ඔය සහෝදරයා ධර්මෙ ගැන මොකුත් ආරංචියක් දන්නවද?"
"දන්නව හාමුදුරුවනේ."
තිස්ස උංගීව ඔඩොක්කුවට ගෙන ඔළුව අත ගෑවේය.
"මාමි මාමි"
උංගී තිස්සගේ රැවුල අත ගා බලන්නට පටන් ගත්තේය.
"ඒ ඇටෑක් එක වැරදුනා හාමුදුරුවනේ. ඊට පස්සෙ ඇල්පිටියෙයි ඌරගහයි කණ්ඩායම් බටපොලට එකතුවෙලා සිංහරාජෙ පැත්තට පහු බැස්සා. ආමි එක දිගටම පහර දීල තියනවා. අන්තිමේදි සීයක විතර කාණ්ඩෙකිං ඉතුරු වෙලා කැලේට රිංගගෙන තියෙන්නෙ හතළිහක් විතරයි. ධර්මෙ මැරිල තියෙන්නෙ පළවෙනි පහර දීමෙදිමයි හාමුදුරුවනේ. මට වීරවිලදි ආරංචි උනේ."
නාරද තෙරණුවෝ දිග සුසුමක් හෙලූහ.
උංගී තිස්සගේ රැවුලෙන් අදින්නට වූ හන්දා හාමුදුරුවෝ උංගීව අතට ගෙන පහළ දෙණිය පැත්තට ඇවිද ගියහ. උංගී තෙරණුවන්ව කොනිත්තමින් බිමට බහින්නට දැඟළුවේය. පහළ වෙල්ලාවේ ඈත ගුණයා සහ ගුණයාගේ ලොකු කෙල්ල සුද්දී වැඩ කරනු නාරද හිමියන්ට පෙනේ. වෙල්ලාවේ හෑම රෙදි වැලක්ම මළගෙදරක යන්නට මෙන් සුදු රෙදිවලින් සැරසී උන්හ.
තෙරණුවන් අඬන බව උංගීට තේරුණේ නැත. උංගී ගහක පිපී තිබුණු සුදු මුස්සැන්ද මලක් කඩා එය අතින් පොඩි කර දැම්මේය. නාරද තෙරණුවෝ සිවුරු කොණකින් කඳුළු පිස දැමූහ. ධර්මේ හමු වූ මුල් දිනය තෙරණුවන්ට අද මෙන් මතකය. ධර්මේ හොඳ හිතක් තිබූ, ව්‍යාපාරය වෙනුවෙන් සියල්ල කැප කළ, නායක සහෝදරයාගෙන් පවා දක්ෂ, නිර්මල කාඩර්වරයෙකුයැයි යන හැඳින්වීම දිනූවෙකි. පංති පහ ඉගැන්වීමට ධර්මේ තරම් සමතෙකු නොසිටි තරම්ය. ඔහුගේ ආකර්ශනීය වාග් චාතුර්යය මගින් ව්‍යාපාරයට කී දෙනෙකු දිනා දුන්නේද?
එදා රෑ උංගී පන්සලේ දමා සමු ගනිද්දී ධර්මේ කියූ වදන් තෙරණුවන්ගේ සවනෙහි දෝංකාර දෙන්නාක් වැන්න.
"හාමුදුරුවනේ, මං යනවා- මං ආයෙ එනකල් මගෙ කොල්ලව බලාගන්න - මං මගෙ හිත ඌ ගාව දාල යන්නේ."
ඒ හිත විතරක් උංගීට ඉතුරු කොට ධර්මේ ගිහිල්ලාය. ගුණයා එකම එක රතු රෙද්දක් වෙල්ලා හැලියෙන් ගෙන වතුර බේරෙන සේ මිරිකා සුදු රෙදි වැලේ ඉතිරි වී තිබූ එකම ඉඩෙහි වැනුවේය. දෙණියේ බැඳ හුන් එළදෙනක පැටියාට කෑ ගෑවාය. නාරද තෙරණුවෝ තිස්සට කන්න දෙන්නට මතක් වූ හන්දා ආයෙමත් ආවසය දෙසට පියමං කළහ.
(****)
එදා රෑ දොළහට පමණ නාරද තෙරණුවෝ උංගීගේ අහකට වී තිබුණු පොරෝනය සකසා, නින්ද ගොස් සිටි තිස්සව ඇහැරවාගෙන බුදු මැඳුරට ගියහ. දොර වසා, එළිය අඩු කරන ලද කුප්පි ලාම්පුව මලසුන මත තැබූ තෙරණුවෝ තිස්සගේ රැවුල ද කොණ්ඩය ද බූ ගෑහ. තිස්සට කුප්පි ලාම්පුවේ දුබල ආලෝකයෙන් බුදු පිළිමයේ විතරාගී මුව මඩල පෙණින. උන් වහන්සේගේ මදහසෙහි අනුකම්පාවක් ගැබ්ව ඇතැයි තිස්සට හිතුණේය. පිළිම වහන්සේ තමන්ට සුපුරුදු මේ දසුන දහ හතර වෙනි වතාවට ඉවසා වදාළ සේක. නාරද තෙරණුවෝ තිස්සට අඳනකඩ සිවුරු ඇන්ඳවූහ. ඉන්පසු නාරද තෙරණුවෝ පහත් හඩින් තිස්සට පන්සිල් දුන්හ. තිස්ස හඬ නොනගා හිතෙන් පන්සිල් ගත්තේය. ඉතිපිසෝ ආදී ගාථා ද සජ්ජායනයෙන් පසු තිස්ස නාරද තෙරණුවන්ගේ දෙපා සිඹ වැන්ඳේය.
"තිස්ස, ඉක්මනින් පිට වෙන්න ඕන. එළිය වැටෙන්න කළින්."
ඉන්පසු දෙදෙනාම නැවත ආවාසයට පැමිණ උංගී නිදා හුන් ඇතුළු කාමරයට වැදුනහ. නාරද තෙරණුවෝ තිස්සට සිවුර අඳින හැටි කියා දුන්හ. සැකකාර භික්ෂුවක් හසු කර ගැනීමට පහසුම ක්‍රමය සිවුර කඩා නැවත අඳින්නට කීමය. තිස්ස දහ පහළොස් වතාවක් නැවත නැවත සිවුර කඩමින් ඇඳ පුරුදු විය. විශ්ව විද්‍යාලයේදී පාලි විෂයයක් ලෙස හැදෑරූ තිස්සට ගාථා සහ සූත්‍ර දේශනා කට පාඩම් තිබීම නාරද හිමියන්ට පහසුවක්ම විය.
එළිවෙන්නට පැය හතරක් තිබියදී තිස්ස පන්සලෙන් පිටවිය. වටාපතක් ද කළු කුඩයක් ද ගත් අළුත් හාමුදුරුවෝ එළඹෙන මරණයේ අඳුර අතරේ නොපෙනී යනු නාරද තෙරණුවෝ සඳ එළියෙන් බලා උන්හ. රැහැයියන් තොර තෝංචියක් නැතිව ළතෝනි දුන්නෝය. නාරද තෙරණුවෝ රැහැයියන්ටම රැය භාර දී නිදිමත ඇස් පිස දමමින් කුටියට පිවිසුණහ.
උංගීගේ පොරෝණය ඇඳෙන් බිමට වැටී තිබිණ. නාරද තෙරණුවෝ එය ගෙන පොරවා උංගීගේ ළඟින් ඇල වූහ. නාරද තෙරණුවන්ගේ කම්මුල් වලට උංගීගේ හුස්ම වැදිණ. උංගී චාදු තාත්තේයි කියන කොට ඇතිවන ආකාරයේම තිගැස්මක් නාරද හිමියන්ට දැනුණේය. ඒ තිගැස්ම ආදරයේත් අනුකම්පාවේත් එකතුවෙන් සැදි කිසිවක් බව උන් වහන්සේ දැන සිටියහ.
උංගීගේ සිඟිති පපු පෙදෙස රිද්මයකට මෙන් සෙලවෙමින් තිබිණ. නාරද තෙරණුවෝ උංගීගේ පපුවට අත තබා බැලූහ. නාරද තෙරණුවන් තමන් මරණය හිසින් දරා ගෙන සිටින බව නොදන්නේ නොවේ. නමුත්, ඉන් සැඟවීමට උන්වහන්සේ විශේෂ කිසිවක් නොකළහ. නුදුරේ දිනෙක පන්සලේ දොරෙන් මරණය ඇතුළු වෙන බව උන්වහන්සේ දනිති. එහෙත් උංගී, කිසිවෙකුත් නැතිව අසරණවූ දරුවා සතියක් ඇතුළත නාරද තෙරණුවන්ව වෙනස් කොට තිබිණ. චාදු තාත්තාට හැර යා නොහැකි කිසිවක් උංගි පුතා ළඟ තිබුණාක් වැන්න. නාරද තෙරණුවෝ උංගී තුරුළු කොට ගෙන උංගිගේ සිඟිති කම්මුල් ඉම්බේය. වැඩි වෙලාවක් ගත නොවී නාරද තෙරණුවෝ නින්දට වන්හ. උංගී උන්වහන්සේගේ නිරුවත් පපුව අස්සේ උණුහුමට ගුලි වූ පූසි පැටවෙකු බවට පත් විය.
(****)
චාදු තාත්තාට විශාල කාලයක් ඉතිරිව නොතිබිණ.
එළිවෙන්නට පැය තුනක් තිබියදී මරණය ට්‍රක් රථයක නැගී පන්සලට කඩා වැදින. මහ හඩින් කෑ ගැසූ තිරිංග විසින් නාරද තෙරණුවන්ව ඇහැරවන ලදී. පියදාස මුළු ශක්තියම යොදා බුරා හැලුණේය. හමුදාවේ අය ආවාස ගෙට එන්නට කලින් නාරද තෙරණුවෝ පඩි පෙළ නැග ආහ.
ඉනික්බිති,
උංගී නිදියන් හිටියේය.
චාදු තාත්තා බ්රුම් එකකින් ගමනක් යමින් හිටියේය.
පියදාස ළතෝනි දී හති වැටී සෙමෙන් සෙමෙන් කුෂ්ටය ලෙව කා ගනිමින් වැතිරී උන්නේය.
(****)
වෙලාව උදේ අටකුත් විනාඩි පහළොවක් පමණ විය.
නාරද තෙරණුවන්ගේ ජීවිතයේ අපවත් නොකරන ලද ශේෂය සීතල සිමෙන්ති පොළව මත දිගේලි කොට තිබිණ. සිහිය එන විට තමන්ගේ අත පය ගැලවී ඇතැයි උන් වහන්සේට සිතිණ. යටි බඩෙන් පැන නැගී ආමාශය හරහා පපු කුහරය ද හාරවා ගෙන මතු වූ වේදනාව ලේ ගුලියක් කොට වමනය දැමූ නාරද තෙරණුවෝ පාන්දර ජාමයේ තමන්ගෙන් දන්නවාදැයි ඇසූ සංවිධානයේ සහෝදරයන්ගේ නම් මතකයට නගා ගන්නට වෑයම් කළහ. ඉන් එකදු නමක් හෝ උන්වහන්සේට සිහියට නගා ගත නොහැකි වුණි. තව දුරටත් ඉතිරිව තිබූ සිහි කල්පනාව ප්‍රමාණවත් වූයේ එකම එක නමක් සිහියට නගා ගැනීමට පමණි.
ඒ මොහොතේ ඒ නමේ අයිතිකාරයා ජංගිය අතේ උණ්ඩි කරගෙන හෙළුවෙන් ආවාසය පැත්තේ සිට පඩි පෙළ නැග ගෙන බෝ මළුව පැත්තට ඇවිදගන ආවේය.
"චාදු තාත්තේ.. කක්කා.. කක්කා.."
[2007]
Koombiya | කූඹියා
[SEO Tags] Sri Lankan Short Stories
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
Simone de Beauvoir කියයි.|
Personal Quotes
"පිරිමියා" යන්නෙන් නිරතුරුවම "මනුෂ්‍යයෙකු" යන්න අරුත් ගන්වනු ලැබේ. "ගැහැණිය" යන්නෙන් අරුත් ගැන්වෙන්නේ "ස්ත්‍රී" බවයි. කිසියම් මොහොතක "ගැහැණිය", "මනුෂ්‍යයෙකු" ලෙස හැසිරෙන්නේ ද එවිට, ඇය "පිරිමියා" අනුකරණය කරන බව කියනු ලැබේ.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus