BOONDI.LK| කතන්දර බූන්දි| සන්ධ්‍යා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් ....
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.
[-මිනිත්තු එකොළහ]
|පාවුලෝ කොයියෝ ලියයි.
|Book Quotes
[3]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
පරම සත්‍යය...
අලුතෙන්ම!
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
මරණය පෙනෙන තෙක් මානයේ - නව අවුරුද්දක්!
[1]
තවත් කතන්දර
ආදරයට වෙඩි තියන්න
|
සෝමසිරි ඒකනායක
[2]
බොහොඬෙක්
|
ඇන්ටන් චෙකොව්
[2]
අවන්හල
|
රුවන් එම්. ජයතුංග
[1]
අදෘශ්‍යමාන හාදුව
|
තිළිණි ෂැල්වින්
[21]
වෘකයා සහ බැටළු පැටවා
[1]
අංශක 110
|
දසුනි හෙට්ටිආරච්චි
[1]
ගැබ්බර හිතට ගබ්සාවක්
|
හෙන්රි වර්ණකුලසූරිය
[4]
The Cobra Woman and Her Visitor
|
අජිත් පැරකුම් ජයසිංහ
[0]
හොඳයි... මං අහන්නෙ ?
|
රුවනි සිසිජා ජයකොඩි
[4]
අපරිණත පේ‍්‍රම සම්බන්ධයක්
|
සමර විජේසිංහ
[1]
අක්ෂර සෙනග-
[කතන්දර ]
[20/78]
කේ.කේ.
රන්සිරිමල්
ප්‍රසාද්
සයිමන්
ඇන්ටන්
අනුර
ලියෝ
සමර
රුස්කින්
රුවන්
ජේම්ස්
අජිත්
මංජුල
වික්ටර්
රුවන්
ඉසුරු
සංජීව
ශිව්
කේ.ජයතිලක
කේට්
BOONDI • Sookiri • •
කතන්දර බූන්දි
සන්ධ්‍යා
[0]
බූන්දි| | 16:53:26
සෑම අඟහරුවාදා හා සිකුරාදා දිනකම ඔහු බැංගලෝරයේ සිට බොම්බායට ගියේත් ඒ සවසම හෝ පසුදා උදෑසන නැවත පැමිණියේත් IC 429 ගුවන් යානයෙන්මය. ඔහු හැකි ඉක්මනින් විධායක පන්තියේ කවුළුව අසළ සුපුරුදු අසුන සොයන්නට වූයේ ඉන්ල මනාව සැකසුණු වළාකුළුල පාරේ ගමන් කරන හමුදා ඛණ්ඩල කුළු හරක් රංචු හෝ හිමෙන් වැසී ගිය හිමාල කඳු දැකගත හැකි වූ නිසාය.
"ඔටුවට කාන්තාරයේ නැව කියල කියන්න පුළුවන් නම් ඇයි අහස් යානයකට
අහසේ නැව කියල කියන්න බැරි?" ඔහුට සිතුණි. එම උදෑසන ගුවන් යානයේදී ඔහුට සේවය සැපයුවේ ගුවන් සේවිකාවකිග ඔහුට හැඟුන පරිදි විධායක පන්තියේ අන් කිසිවෙකු නොවූයේ බොහෝ මඟීන් උදෑසන ගුවන් යානයේ යාම මහත් වදයක් සේ සැලකූ නිසා විය යුතුය. සුන්දරම් හැරුණු විට එහි සිටියේ පාරාදීසයෙන් පැමිණි දෙවඟනක් බදු ගුවන් සේවිකාව පමණකි.
රැළි ගන්වා සැකසූ දීප්තිමත් අළු පැහැ සාරියත් දෙවුර දෙපසින් කඩා හැළෙන සිල්ක් ටසලයක් බදු තද කළුවන් කේෂ කලාපයත් නිසා ඈ කිරිල්ලියක බදු වූවාය. රඹ හා රන්වන් පෑ තියුණු ළහිරු කිරණක් බදු ඇගේ සිනහව ඔහුට සුබ පතන්නා වැනි විය. සුන්දරම් ඉන් වශීකෘත වූවා සේ හැගින.
"ඔබට කෑමට මොනවද අවශ්‍යද මහත්මයා?" ඇය ඇසුවේ වල ගැසුණු දෙකම්මුලින් යුතුවය.
"සීනි නැතිව කිරි වීදුරුවක්" ඔහු පිළිතුරු දුන්නේ ඇගේ මුහුණ පුරාවට දෑස රඳවමිනි.
ඇය කිරි වීදුරුව සහිත බන්දේසිය ඔහු දෙසට මදක් නැඹුරු වී ඔහු ඉදිරියේ තැබුවාය. ඇගේ සියල් සිරුරින් නික්මුණු තුරුණු බවේ සුවඳ ඔහුට දැනෙන්නට විය.
ඔහු උදෑසන ආහාරය සඳහා ඇනවුම් කළේ බිත්තර බැදුමකි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතද ඔහු ඇනවුම් කර තිබුණි. මිනිත්තු කිහිපයකින් ඇය ඔහුගේ ඇනවුමද සමඟ අසුන ඉදිරියේ වූයේ ඉතාමත් සැහැල්ලු විලාසයකිනි. ඇගේ සාරියේ සිරිසිරියෙන් ඔහුට සිය ලේ නහර පවා කිතිකැවී යන ලෙසක් හැඟුණි.
"ඔබට තවත් මොනවත් උවමනාද මහත්මයා?" උදෑසන ආහාරයෙන් පසු ඈ ඇසුවාය.
ඉදින්ල ඔහුට සත්තකින්ම උවමනා කළේ ඈ තමන් ළඟින් හිඳුවාගෙන ඇගේ සිරුරේ මුදු සුවඳ විඳින්නට බව ඈට පවසන්නට හැකි නම්... ඈ සුර දූතියක්ම මිස ලෝ- ලියක් නම් විය නොහැකි බැව් ඔහුට සිතින.
ගුවන් යානය බොම්බායේ ගුවන් තොටුපළට ළඟාවීමත් සමඟ ඔහු කණ වැකුණේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නික්මුණු වදන් පෙළයි.
"සුව පහසු ගුවන් ගමනකින් පැමිණි ඔබ සැම නැවතත් අප හා ප්‍රීතිමත් ගුවන් ගමනකට එක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු"
"සත්තකින්ම... නැවතත් නෙවෙයි. නැවත නැවතත්.." ඔහු ඊට පිළිතුරු ලෙස සිතන්නට විය. "හැබැයි අර ගුවන් සේවිකාව මේ ගුවන් යානයේ ඉන්නව නම් විතරයි"
ඔහුගේ මීළඟ ගුවන් ගමන අතරතුර ඇයට කිසිවක් කීමට අවශ්‍ය නොවූයේ ඔහුගේ කිරි වීදුරුවත්ල උදේ ආහාරයත් ටයිම්ස් පුවත්පතත් ඇයට මතක තිබූ බැවිනි.
මාසයක් පමණ ගතවත්ම ඇයද වෘත්තීය සබඳතාවක් සේ මෙය සලකන්නට පුරුදු වූවාය. එනමුත් මුල සිටම ඔහුගේ මුහුණින් සනිටුහන් වූ කනස්සලු ස්වභාවය ඈට ඉවෙන් මෙන් දැනෙන්නට විය. ඔහුගේ සිනහවේ පැහැදිලිවම රැඳී තිබුණේ වචන රැසකින් කියා නිම කළ හැකි දෙයකට වඩා වැඩි යමක් සේ පෙණුනි.
එක්තරා විශේෂ ගුවන් ගමනකදී ඔහු කතාවට මුල පිරීය.
"ඉතිං අපි තාම දෙන්නට දෙන්නා අඳුනන්නෙවත් නෑනෙ.." ඔහුගේ අවසන් වදන් පෙළින්ම ඈට ඔහු මගහැරීමට ඉඩක් නොවීය.
"මගේ නම සුන්දරම්.. ඒත් යාළුවො මට කතා කරන්නෙ සන්දි කියල.." මොහොතක් පැකිළීමට පත් ඈ තමාගේ නම සන්ධ්‍යා බව සැළකළාය. නමුත් ඔහු තමාගේ කාඩ්පතක්ද ඈ අතට පත් කළෙන් ඔහු කවරෙක්දැයි ඇයට ඉඳුරාම දත හැකි විය.
"ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු - හින්දුස්ථාන් ලීවර්ස්"
එනමුත් අවුරුදු තිහකටත් අඩු මොහුගේ වෘත්තිය පිළිබඳ ඈ තුළ උපන්නේ කුහුලකි. ඔහු තමාගේ නම විමසීම ගැන ඈ මහත් සේ විමතියට පත් වූවාය. ඔහු විවාහකද? අවිවාහකද? නැත්තම් ගුවන් සේවිකාවකගෙන් විනෝදය බලාපොරොත්තු වන සල්ලාලයෙක්ද? උපන් කුහුලින් තරමක කැළඹීමට පත් ඈ ඇයගේ පැනය විචාලාය.
"ඔබේ බිරිඳත් වැඩ කරන්නෙ වෙළඳ සමාගමකද මහත්මයා?"
"නෑ.. මම බැඳල නැහැ" මඳ සිනාවකින් යුතුව ඔහු පිළිවදන් දුනි.
ඔහුගේ පිළිතුරෙන් ඈ සිත උපන් කුහුල දුරුවිය.
කෙසේ වුවදල එතැන් පටන් දෙදෙනා අතර වූයේ පොඩිපහේ කුළුපඟ බවකි. පෙරට වඩා ආචාරශීලීව සැළකිලි දැක්වීමට ඇයද සනිටුහන් කරගත්තාය. ඔහුත් සමඟ ගමන් බඩු කාමරය තෙක්ම ගමන් කරන ඇයල ඔහු ගමන් මල්ල ට්‍රොලියට පටවන තෙක්ම එහි රැඳී සිටියාය.
දෙසතියක් ගත වී තිබුණි. මනාකොට අසුරා තිබූ ගමන් බඩු කාමරයෙන් සිය ගමන් මල්ල ලබාගනු පිණිස එහි රැඳී සිටි ඔහුට දැකගත හැකි වූයේ තමා වෙත ඉක්මන් ගමනින් එන සන්ධ්‍යා ය. ඔහු හා ගමන් බඩු කාමරයට එන්නට නොහැකි වීම ගැන ඈ කණගාටුව පළ කළාය. නමුත් ඇගේ නොසන්සුන් පෙනුමත් කෝපයෙන් දිදුලන දෑසත් ඔහු දුටුවේය. සිදුවූයේ කුමක්දැයි ඔහු අසද්දී ඈ මුළුමනින්ම කැළඹීමට පත්ව සිටියාය.
"මගේ ගුවන් නියමුවා... කපිතාන් මාර්තෙ... ඈ පවසත්ම ඇගේ හඬ ක්‍රමයෙන් හීන වී ගියේ එතකුදු මඟියෙකු පමණක් වූ සුන්දරම් හා තමාට මෙතරම් කිට්ටු කුළුපඟ බවක් ඇද්දැයි යන ගැටළුව නිසාය. නමුත් සුන්දරම් සන්සුන්ව ඈ වචනවලට පෙරැළූ ඇගේ ගැටළුව විමසා දැනගත්තේය.
උදෑසන ගුවන් නියමු කුටියට කෝපි ගෙනගිය මොහොතේ කපිතන් ඈ උපහාසයට ලක්කළ අන්දම ඈ විස්තර කළාය. මඟීන් සමඟ නිදහසේ කල්ගත කිරීම ගැනත් ඔහු ඈට සරදම් කළේ සුන්දරම් හා ගමන් බඩු කාමරයේ ඇය රැඳී සිටිනු ඔහු විසින් දක්නා ලද නිසා විය යුතුය.
"ඒක මහ ලැජ්ජ නැති අඩංතේට්ටමක් සුන්දරම් මහත්මයා..." ඈ පැවසුවාය. "එයා අනික් ගුවන් සේවිකාවන්ට සළකන්නෙ හරියට එයාගෙ.." ඇය පැවසුවේ එපමණකි.
"ඒක හරිම අපහාසයක් නෙ..." සුන්දරම් කීය.
"ඒත් සමහර පිරිමි පවා ඔයවගේ අඩංතේට්ටම් වලට ලක්වෙනවා." එසේ කියූ ඔහු කතාව මදකට නැවැත්වීය.
"බලන්න මං දිහා... මගෙ ස්වාමියා මගෙ පස්සෙ පන්නන්නෙ හරියට සතෙක් දඩයම් කරන්න වගේ. එයාට ඕනැ එයාගෙ දෝණියැන්දව මට බන්දල දෙන්න. හැම තිස්සෙම මට ඒකට බලකරනවා. ඒත් මිනිස්සු කියල කියන්නෙ කාගෙවත් ඉත්තො නෙවෙයිනෙ"
ඔහු කතාව නවත්වත්ම ඈ ඔහුට සමීප වූවාය. කෙසේ වුවද මේ පුද්ගලයා ඉන්පසුව ස්වකීය ආත්මාභිමානයෙන් පමණක් නොව ඇගේ අස්වැසිල්ලෙන්ද විචක්ෂණශීලී විය.
රැකියාව අතහැර වෙනත් සමාගමකට බැඳීමට බොහෝ සේ වුවමනා බවත් ඔහුගේ සිතුම්පැතුම්වලට රැහැණිව ඔහුට බලකරන මේ ඥාතීත්වයට වඩා එය යහපත් බවද ඔහු පැවසීය. එසේම ස්වාමියා සිය දියණිය ඔහුගේ වැඩවල යෙදවීමෙන් කළ උපක්‍රමය පිළිබඳවද ඔහු සනිටුහන් කළේය. ඔහු වැඩ කළේ ඉතා පහසුවෙන් රැවටෙන යටහත් සේවකයෙකු පරිද්දෙනි. සිය දියණිය සමඟ බොම්බායට යාමටත් එහි වූ ඇගේ මාමණ්ඩිය මුණ ගැහෙන්නටත් හැකිදැයි ස්වාමියා ඔහුගෙන් විමසුවේ ඇය හා ඔහුව එහි දෙදිනක් ගතකරවීමේ අටියෙනි.
"ඉතිං ලෑස්ති වෙන්න සන්ධ්‍යා... ඔයාට ඊළඟ වතාවෙදි මාව දකින්න වෙන්නෙ ඒ උරචක්කරමාලෙත් එක්ක" ඔහු පැවසීය.
"සත්තකින්ම මම ඇයට සේවය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.." ඈ පැවසුවාය. "සමහර විට ඔයාගෙ ස්වාමියගෙ උගුල වැඩ කරන්නත් පුළුවන්..." ඈ පැවසුවේ සෝපහාසයෙන් යුතුවය.
සුන්දරම් ආහිල්‍යා සමඟ බැංගලෝරයෙන් ගුවන් යානයට ගොඩවන විට සන්ධ්‍යා සිටියේ ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.
තරබාරු සිරුරකින් හෙබි ඈ කුරුළෑ පිරුණු මුහුණකින්ද ඉතා දික්වූ නාසයකින්ද යුතු වූවාය. ඈ පැළද සිටියේ ඉතා ගණකම් කාච සහිත උපැස් යුවළක් වුවද සන්ධ්‍යාට කාච අතරින් ඇගේ නෙත විනිවිද පෙණුනි.
"ඔබට කෑමට මොනවද උවමනා... මහත්මිය?" සන්ධ්‍යා ඇගෙන් ඇසුවාය.
"උණුවෙන් කෝපි එකක්.." පිළිතුරු ලෙස ඇගේ උද්දච්චකම උතුරා යන හඬ නිකුත් විය.
කෝපි උගුරක් තොලගා බැලූ ඈ සන්ධ්‍යාගේ ඇඟට කඩා පැන්නාය.
"මේක හොඳටම නිවිලා... ඇල් වතුර වගේ..."
යාබද අසුනේ වූ සුන්දරම් සිදුවූ සියල්ල විමසිල්ලෙන් බලා සිටියේය. සන්ධ්‍යා තවත් කෝපි කෝප්පයක් ගෙනෙනු පිණිස ගිය අතරේ ඔහුගේ කෝපය ඈ ක්ෂණිකව අවබෝධ කරගත්තාය.
ආහිල්‍යාට තවත් කෝපි කෝප්පයක් රැගෙන පැමිණි සන්ධ්‍යා සුන්දරම්ගේ අසුන ඉදිරියේ ඔහුගේ සීනි නොයෙදූ කිරි වීදුරුව සහිත බන්දේසියද තැබුවාය.
"එයා කොහොමද දන්නෙ ඔයාට උවමනා දේවල්... ?" අඳුරු සෙවනැලි නලියන්නට වූ මනසින් යුතුව ඈ විචාලාය.
"සමහරවිට මම මේ බැංගලෝර් ඉදල බොම්බායට යන විසිවෙනි වතාව වෙන්න ඇති"
නමුදු ඉන් අස්වැසිල්ලක් නොලද ඈ සුන්දරම් දෙසත් සන්ධ්‍යා දෙසත් බලන්නට වූවාය.
ආහිල්‍යාගේ පියා යෝජනා කර තිබූ පරිදි ඇයට බොම්බායේ නගරය පෙන්වීමටත්ල එහි වූ සිනමාහල්ල අවන්හල්ල ප්‍රදර්ශන ආදියට ඈ ගෙනයන ලෙසත් සුන්දරම්ට නියම වී තිබුණද දෙදෙනාගෙන් වඩා දක්ෂයා වූයේ සුන්දරම්ය.
දිවා ආහාරය සඳහා ඇය සමඟ හෝටලයකට ගිය පසු බොරු අසනීප ගතියක් දක්වා ඇය ඇගේ මාමණ්ඩියගේ නිවසට ඇරලූ සුන්දරම් පසුදා උදෑසන ඇයට දුරකතනයෙන් කතා කොට කීවේල තමා ඊයේ රාත්‍රිය පුරාවට තදබල හිසේරුදාවකින් පීඩා විඳි බවත්ල එය මෙනින්ජිට්ස් විය හැකි බවත්ය. ඇය ඔහු සිටි හෝටලයට එන්නට විමසූ විට ඔහු කීවේ තමාගේ මිතුරෙක් දැනටමත් නගරයේ වෛද්‍යවරු දෙදෙනෙක්ම හමුවීමට යොදාගෙන ඇති බවකි. මේ හේතුවෙන් ඔහුට එම කාල සීමාව පුරාවටම නිදහසේ ගතකළ හැකිවිය. සිය පියාණන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථව ගියෙන් ඇයට තනිවම ආපසු බැංගලෝර් යාමට සිදුවිය.
ඔහු බොම්බායේ සිටි අතරතුර උසස් මට්ටමේ ජාත්‍යන්තර සමාගමකින් හොඳ රැකියාවක් සොයා ගැනීමට සමත් වූවා පමණක් නොව සන්ධ්‍යාටද කණිෂ්ඨ මහජන සම්බන්ධතා නිලධාරි තනතුරක් සොයා ගන්නට සමත්විය. තුන්වන දින ඔහු නැවත බැංගලෝර් බලා ගිය අතර ඉතා යටහත්ව ස්වකීය ඉල්ලා අස්වීම ලබාගත් සුන්දරම් එවෙලේම ආපසු බොම්බායට යන්නට පිටත් විය.
ඔහු නැවතත් තනිව දකින්නට ලැබීම ගැන සන්ධ්‍යා සත්තකින්ම සතුටු වූවාය. ඔහුගේ කිරි වීදුරුවත් උදෑසන ආහාරයත් ඈ වහා සපයා දුන්නාය. ඇගේ තරුකැටවන් දෑස් කාන්තියෙන් බබළන්නට විය.
"ඔයාගෙ පෙම්වතිය නැතුව ඔයාට ගොඩක් පාළු ඇති නේද?" ඈ ඇසුවේ සමච්චලයට මෙනි.
ඇයගේ සදය උපහාසයට පිළිතුරු දෙමින් ඔහු කීවේ තමා දැන් ප්‍රීතිමත් සැමියෙක් බවකි.
"මොනවා... ?" ඈ ඇසුවේ පෙර වූ කාන්තිය වියැකී ගිය මුහුණින් යුතුවය.
ඔහු කවටකමක් කළ බව දැනගත් පසු යළිඳු ඇගේ මුහුණ පෙර පරිදිම කාන්තියෙන් බබළන්නට විය.
"ඔයා හරි නරකයි.. කොනිත්තන්න තමයි වටින්නෙ.." ඈ තෙපළුවාය.
ඔහු දැන් මිටින් හළ කුරුල්ලෙකු බඳුය. ඔහු පිළිබඳ සියලු විස්තර පවසනු පිණිස ඔහුල රෑ කෑමකට ඇයට ආරාධනා කළේය.
ඈ එනතෙක් ආලින්දයේ රැඳී සිටි අතරතුරේ ඔහුගේ දෙනෙත් නිතැතින්ම ඇදී ගියේ ප්‍රධාන පිවිසුමේ තිබූ දොර වෙතය. ඊට පිටුපසින් වූයේ තලප්පාවක් බැඳි උස දොරටුපාලයෙකි. එක්වරම ඔහු දුටුවේ වම්පසින් වූ විශාල මාළු ටැංකියේ පිරිසිදු ජලයේ සැරිසරමින් සිටි රන්වන් මසුන්ය. තද රත් පෑ මසුන් යුවළක් දෙසට ඔහුගේ අවධානය යොමුවිය. පිඟන් ගඩොල් ආරුක්කු අතරින් මසුන්ගේ දඟකාරකම් දෙස බලා සිටි ඔහුට එක්වරම තමාගේ දකුණු උරයට යමෙක් තට්ටු කරන්‍නා සේ දැණුනි. හැරී බලන විට ඔහු දුටුවේ කාන්තියෙන් දිදුලමින් සමීපව පෙනෙන්නට තිබූ සන්ධ්‍යාගේ රුවයි. ඈ හැඳ සිටියේ රනින් වැඩ දැමූ රතු පැහැ සාරියක් හා මොනර නිල් පැහැ සැට්ටයකි. ඇගේ සුසිනිදු කෙස් කළඹ දෙවුර මත්තෙහි කඩා වැටී තිබුනෙන් ඈ ගගන සරන කිරිල්ලියක බඳුව දිස්විය.
"ඉතිං කොහොමද?" ඔහු ඇසුවේය. , අර බලන්න අර ජෝඩුව එකිනෙකා ලුහුබඳින හැටි, ඔහු මාළු ටැංකිය දෙසට ඇඟිල්ල දිගුකරමින් කීය. "මං හිතන්නෙ පිරිමි සතාල උගෙ ගෑනු සතාව අල්ලන්න හදන්නෙ."
"එහෙම නොවෙන්නත් පුළුවන්.." ඈ ඔහුට බාදා කරමින්ම පැවසුවාය. "අර බලන්න උන් එකිනෙකා සිපගන්නවා"
ඔහු හුනස්නෙන් නැඟී සිටියේ රෑ කෑම පිණිස යාමට වෙලාව පැමිණ ඇති බව දන්වන්නට මෙනි. ආහාර ගැනීමට යාමට කැමති ශාලාවටද නැතිනම් උඩුමහලේ කාමරයකටදැයි ඔහු විමසුවද ඈ පිළිතුරු ලෙස දකුණු අත එසවීමෙන් පමණක් ප්‍රතිචාර දැක්වූවාය.
දහවන මහලට ඔවුන් ගෙන ගියේ සෝපායනයකි.
"ඔයා මොනවද බොන්න කැමති.. ?" සේවා අංශය ඇමතූ ඔහු ඇගෙන් විමසීය. "අද නම් මම සීනි නැතුව කිරි වීදුරුවක් නෙවෙයි බොන්නෙ.. වයින්.."
"හොඳයි... මම නම් සාමාන්‍යයෙන් වයින් බොන්නෙ නෑ.. කමක් නෑ අද ඔයා එක්ක බොන්නම්" ඈ පැවසුවාය.
වයින් පානය කරන අතරතුර ඇගේ දීප්තිමත් දිදුලන නෙත් සඟල දුටු ඔහුට යළිඳ සිහිපත් වූයේ මාළු ටැංකියයි.
"ඔයා දන්නවද... ? විද්‍යාඥයො විශ්වාස කරන විදියට මේ ලෝකෙ මුලින්ම නිර්මාණය වුණේ මාළුවලු. මිනිස්සු ඊට ගොඩක් පස්සෙයි ඇතිවෙලා තියෙන්නෙ. ඒ නිසා මං හිතන්නෙ මිනිස්සු සිපගන්න එක පුරුදු වුණේ මාළුන්ගෙන් වෙන්න ඇති.." ඔහු කතාව මදකට නැවැත්වීය.
"දිව්‍ය ලෝකෙ සිපගැනීම් කියල දෙයක් තිබිල නෑ. එහෙ ඉදල මේ ලෝකෙට මුලින්ම ආපු ආදම් ඊවා කියන දෙන්න තමයි මුලින්ම එකිනෙකා සිපගෙන තියෙන්නෙ"
"ඒත් මට පුදුමෙ කවුද ඒක මුලින්ම කළේ කියල.." ඈ පැවසුවාය.
"ආදම්.." ඔහු පවසන්නට වුවද ඈ යළිත් බාදා කළාය.
ඔවුන් රෑ කෑමට වාඩි වූ පසු ඔහු ආහිල්‍යාගේ ආක්‍රමණයෙන් මිදුන අන්දමත් බොම්බායේ සිටි දින කීපයේ ඔහුටත් ඈටත් අලුත් රැකියාවන් සොයාගත් අන්දමත් විස්තර කරන්නට විය.
වයින් වීදුරුවක් එසවූ ඔහු , "හින්දුස්ථාන් ලීවර්ස් එකෙන් නිදහස් වීම නිමිත්තෙන්. ඒ වගේම අර උරචක්කරමාලෙන්..."
සන්ධ්‍යාගේ මුහුණ දියමන්ති බඳුනක දැල්වෙන ඉටිපහනක් සේ කාන්තිමත් විය.
"මේ ආදම් ඊවා සිපගත්ත මොහොතද.. ?" ඈ ඇසුවාය.
ඔහු ඈව සිපගත්තේය.
"අපිට හොඳ වෙලාවක් එනකල් ඉන්න වෙනවා. මට පුදුමත් හිතෙනවාල ගින්දර වටේ වට හතක් ගියාම මංගල හාද්ද දෙන්න ඕන කියල හින්දු චාරිත්‍රවල නැති එක ගැන.."
ඔහු ඇයට කාන්තා නේවාසිකාගාරයට ඇරලන විට මධ්‍යම රාත්‍රියටද කිට්ටු වී තිබුණි. සයනේ වැතිරීගත් ඈ ඒ රාත්‍රිය පුරාවට සිතන්නට වූයේ සුන්දරම් ගැනය. ඔහු කොතරම් උසස් සංවර කෙනෙක්ද? කපිතන් මාර්තේට වඩා කොච්චර වෙනස්ද? ඇගේ මනස නැවත දිවගියේ රන් මසුන් පිරිසිදු වතුරේ එකිනෙකා ලුහුබැඳි අන්දමය. වතුර කැළතුණු හඬත් හාදුවේ හඬත් ඇයට ඇසෙන්නා වැනි විය.
[
ශිව් කේ. කුමාර්
ගේ "The Air Hostess" කතාවේ පරිවර්තනය.]
Shiv K. Kumar | ශිව් කේ. කුමාර්
පරිවර්තනය -
Damith Welikala | දමිත් වැලිකල
[SEO Tags] Sinhala translation of "The Air Hostess" a Short Story by Shiv K. Kumar
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
සතුට...!|
Book Quotes
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
[2]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus