BOONDI.LK| වෙසෙස් බූන්දි| හදිස්සියේ මම යන්නේ දුර ගමනා - ළමිස්සියේ නුඹ සිටිනා ගම කොතැනා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු, ....
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
|සතුට...!
|Book Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
කතන්දර
පොත්
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් වෙසෙස්
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක්
|
සුදර්ශන සමරවීර
[2]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන්
|
පබ්ලෝ නෙරූදා
[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්..
|
සුදර්ශන සමරවීර
[5]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස්
|
පාවුලෝ කොයියෝ
[0]
ත්‍යාගශීලි බව
|
මායා ඇන්ජලෝ
[0]
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස්
|
උදේෂිණි කුමාරි දයාරත්න
[1]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa]
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[4]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද?
|
ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....!
|
සුරත්
[0]
සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක්
|
සුභ
[0]
අක්ෂර සෙනග-
[වෙසෙස්]
[19/43]
ප්‍රියාන්
වීරයා
කේ.කේ.
රුවන්
නිර්මාල්
ලක්ෂාන්
මාලතී
චන්දන
ඇල්ඛෙයා
මායා
සිරිලාල්
එරික්
සමන්
ජීන්
තුෂාරි
දර්ශන
ලියනගේ
පාවුලෝ
සුනන්ද
BOONDI • Sookiri • •
වෙසෙස් බූන්දි
හදිස්සියේ මම යන්නේ දුර ගමනා - ළමිස්සියේ නුඹ සිටිනා ගම කොතැනා
[0]
බූන්දි| | 17:46:36
.....ලාම්පු චන්දය නමින් කුප්‍රකට වූ ඊනියා ජනමත විචාරණය පවත්වන ලද්දේ 1983 දී පැවැත්විය යුතු වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය නොපැවැත්වීමට ය. එය සාධාරණ ව පැවැත්වූ චන්ද විමසීමක් නොව, අමු ම අමු චන්ද කොල්ලයක් බවට නිදසුන් රැසක් ඒ චන්ද විමසීම සම්බන්ධයෙන් චන්ද කොමසාරිස්වරයා නිකුත් කළ නිල වාර්තා පොතෙහි අඩංගු විය. චන්ද කොමසාරිස් වාර්තාව එ සේ නිකුත් ව තිබිය දීත් ජනාධිපති ජේ. ආර්. තුමා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය සමග
සාකච්ඡාවක දී කීවේ ශ්‍රී ලංකාවේ චන්දදායක බහුතරය ලාම්පුව ලකුණ හමුවේ කතිරය ගැසීමෙන් චන්දය කල් දැමීමට කැමැත්ත පළ කළ බවකි; චන්දය කල් දැමුවේ තමා නොව චන්දදායක ජනතාව බවකි.
මහ ජනතාව චන්දය කල් දමපු බවක්
ජනපති කී ය බීබීසියෙන් ලොවට
වැඩි කරලා දැල්ල ඉහළට ලාම්පුවේ
මා සොයනවා පිච්චිය යුතු මුකය මෙ සේ
කීවේ ඕක කටකින් වෙන්නට බැරි ය
කළ දේ චන්ද කොමසාරිස් ලියා තිබේ
මට මේ ලාම්පුවෙ දැල්ලෙන් පුච්චන්න
කෝ ඔය මහ බොරුව ලෝකෙට පැඩපු තැන
-1988 පෙබරවාරි 09
******
ජනපති ජේ ආර් නාකිය, බැරිය වැඩ
පවසා තිබේ සිරිමා වැඩ ගැන දන්න
ජේ. ආරුත් කී ය දෙ දෙනාගේ වෙනස
මේවා දේසපාලන කොමළ ය, එ නමුත්
අවිස්සාවේල්ලෙදී සිරිමා කීව
වයස් කතාවෙන් සිහි විය ජනකවියක්
"හදිස්සියේ මම යන්නේ දුර ගමනා
ළමිස්සියේ නුඹ සිටිනා ගම කොතැනා"
-1979 අප්‍රේල් 11
අග දෙ පේලිය බොහෝ ගැමියන් දන්නා ජන කවියකිනි. ජේ. ආර්. ට තම මර්දනකාරී කෲර දේශපාලනය කිරීමට වයස බාධාවක් වුණේ නැත. රටේ ප්‍රශ්න විසඳන්නට බැරි වුනේ නාකිකම නිසා නො වේ. ඔහුගේ ඊනියා දේශපාලනයේ වරදින් ය. ඒ නිසා විවේචනය කළ යුත්තේ ඔහුගේ වයස නොව දේශපාලනය ය යනු රංචාගොඩ ළමයාගේ අදහස ය.
සිරිමා තුමිය ජේ ආර් ගේ තුමාගේ නාකිකම ගැන කියන විය එතුමියගේ වයස ද හැට තුන වෙමින් තිබිණි. "ළමිස්සියේ නුඹ සිටිනා ගම කො තැනා" යන ජනකවි පදය රංචාගොඩ ළමයාට සිහි වුණේ ඒ නිසා ය. සිරිමා තුමියගේ ප්‍රකාශයෙන් සතියකට පසු අනුර බණ්ඩාරනයක තුමාගේ ප්‍රකාශයක් ගැන ය මේ;
හැට පැන සිටින නාකින් හට බණින පුතේ
කොහොම ද බලාපන් උඹෙ තිරිහන් අම්මා
මෝරනවා පැඟිරි, ඊයෙට හැට තුන ය
මගෙනුත් උපන්දින සුභ පැතුමක් මෙන්න
හඳෙන් හාල් ලංකාවට ලැබෙන තුරු
වෙඩි කා මැරුණු සිසුවා නැඟිටිනා තුරූ
මාන්නය අහංකාරය තිබෙන තුරු
මගෙ ආයුසත් අරගෙන ජීවත් වෙත් වා!
1979 අප්‍රේල් 18
********
ටයර් සෑ යුගයට අධිපති වූ ආර්. ප්‍රේමදාස තුමා තරමට ම නැතත්, බයිසිකල් චේන් යුගයෙන් ටයර් සෑ යුගයට මඟ පෑදූ ජේ. ආර්. ජයවර්ධන තුමා ද තම සවුත්තු දේශපාලන ප්‍රතිරූපය විසිතුරු කර ගැනීමට කළ එක් දෙයක් වූයේ, තමා වර්ණනය වන ලෙසට අතීත කතන්දර කීම ය. සමහර විට, වැඩිහිටි බහුශ්‍රැතයන් ද තමාට ගාවා ගනිමිනි.
ජුනියස් රිචඩ් ජයවර්දන උතුමා
ගත්තේ දේසපාලනයට අඬගහලා
මහකවි පියදාස සිරිසේන ලු එ කල
හිතලා බැලුවෙමි මේ ගැන ටිකක් දුර
බිළිඳුන් මෝඩයන් අඟනන් හා කවියන්
කරනා වැරදි සැලකිය යුතු නැති හන්දා
මේ වරදටත් මහ කිවිඳුට සමාව ය
අයියෝ සිරිසේන! අයියෝ සිරිසේන!
1979 මැයි 25
-(
රංචාගොඩ ළමයා සහ ඇත්ත
[1995] කෘතියෙන්)
වෙනත් සබැඳි |
More | සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්
Sirilal Kodikara | සිරිලාල් කොඩිකාර
[SEO Tags] Ranchagoda Lamaya saha Eththa, J.R. Jayawardena, R. Premadasa, Sirima Rathwaththe Bandaranayake, Anura Bandaranayake
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
කාල් සේගාන් කියයි.|
Personal Quotes
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus