| වෙසෙස් බූන්දි |



|
[Hemantha]
මෙහෙම කියනවා :
|
||
| #sad# | ||
| කිවුව වෙලාව- 2011-12-17 18:48:12 | ||
|
[@maxds]
මෙහෙම කියනවා :
|
||
| මේ විචාරය ලියවිලා තියෙන්නෙ 2000දී. ඒ කියන්නෙ චින්තාගේ මරණයෙන් තුන්මාසයකට පස්සෙ \"ගෝ දානය\" කියන නවකතාවටත් එකතු කරලා තියෙන්නෙ. maxds කියන්නෙ ඒ වන විටත් චින්තගේ මහත්තයා හිටියෙ නෑ කියලද? හුඟක් අය කරන්නෙ කාගෙ හරි කමෙන්ට් එකක් කියවලා උඩබිම බලන්නෙ නැතුව ඒකට කමෙන්ට් කරන එක. ලිපිය කියවලා බලන්නෙ නෑ. අනික මේ ලිපියෙ ගන්න තියෙන්නෙ සරත් කියන පුද්ගලයව නෙමෙයි. චින්තා කියන ලේඛිකාවව.හුඟක් අය සරත් ගැන කතා කරනවා. චින්තව අමතක කරලා. මෙතන අනිත් ලිපි වලට වෙන්නෙත් ඒකම තමයි. |
||
| කිවුව වෙලාව- 2011-12-16 00:11:40 | ||
|
[maxds]
මෙහෙම කියනවා :
|
||
| Chinthage sarama kamise andina manussaya neti wela dan awrudu ganak wenawa, liyapu miniha ekawat danne ne, itin uge wichare mokatada??? paw ahinsakaya, porak wenna dangalala... | ||
| කිවුව වෙලාව- 2011-12-15 19:43:03 | ||
|
[Kamal ]
මෙහෙම කියනවා :
|
||
| [3rd man] එය හෙළි කරන්න එය සමාජ සේවයකි | ||
| කිවුව වෙලාව- 2011-12-12 08:03:29 | ||
|
[3rd man]
මෙහෙම කියනවා :
|
||
| @කමල් ඔබ අමාලිට කියන හෙය මුලුමනින්ම සත්‍යයක්. 'පොත්' විකිනීම අනික් කොයි දේත් විකිනීම තරම්ම ජඩ ජාවාරමක් බොහෝ පොත් වෙළෙඳුන් ඇතැම් විට ඔබ කියනවාටත් වඩා ජඩකම් කරනවා. උදාහරණ අවශ්ය කෙනෙකුට ලබා දිය හැකියි..... |
||
| කිවුව වෙලාව- 2011-12-11 17:49:14 | ||
|
[Kamal ]
මෙහෙම කියනවා :
|
||
| අමාලි මුණසිංහ බොහෝ පොත් ප්‍රකාශකයන් මේ ද්විත්ව රංගනය කරති. ඔවුන් ලේබකයන් කොටසකට ඉතා දැහැමි විදියට සලකති. නියමිත වෙලාවට කතෘ භාග ගෙවති. නමුත් ඔවුන් පොත් හොඳින් විකිනෙන අහිංසක ලේබකයන් කොටසක් හුරා කති. ඔවුන්ගේ කෘති හොරෙන් වැඩිපුර මුද්‍රණය කොට විකුණති. යම් හේතුවකින් අර අගතියට පත් වූ ලේබකයෙකු පොත් ප්‍රකාශකයා විවේචනය කරන විට පොත් ප්‍රකාශකයාගේ ගුණ ගයනා කරන්ට එන්නේ අර දැහැමි විදියට සැලකුම් ලැබූ ලේබකයන්ය. මෙය හුදෙක් කූට වෙළඳ උපක්‍රමයකි. ඔබ මුල් වර්ගයට අයත් වූ කෙනෙකු නිසා ඔබ කිසිම බලකිරීමකින් තොරව සරත් විජේසුරිය වෙනුවෙන් කතා කිරීමට ආ හැටි බලන්න. මෙම ක්‍රමය සාර්ථක බවට වෙන සනාථ කිරීම් මොකටද? |
||
| කිවුව වෙලාව- 2011-12-11 05:51:41 | ||
|
[Nevil]
මෙහෙම කියනවා :
|
||
| Respond to [Thilani] Its very difficult to grasp your exact point due to erroneous English grammar. Can you say it in Sinhala ? In addition you have invented a new word erelavent. There is no such a word in English. It should be irrelevant. This is a literary site and you ought to be literate. |
||
| කිවුව වෙලාව- 2011-12-10 18:04:50 | ||
|
[Thilani]
මෙහෙම කියනවා :
|
||
| chintha was a great author..whether sarath wijesooriya is wrong or correct,it doesn't matter here.what matters is whether she was actualy rewarded for what she did.if anybody wants to break sarath's arguments what they have to do is to prove that the ministry has done what was to be done...without blaming on sarath for his performance which is erelavent here..Any way bundi has to clearly preview at the very beggining where did they got the artical from with time...this is so misleading | ||
| කිවුව වෙලාව- 2011-12-09 09:14:17 | ||
|
[අදෘෂ්‍ය ]
මෙහෙම කියනවා :
|
||
| @ බූන්දි ! සරත් විජේසූරියගේ තාත්තා කෙටිකතාව කරුණාකරලා පුලුවන්නම් බූන්දියේ දාන්න |
||
| කිවුව වෙලාව- 2011-12-08 22:19:51 | ||
|
[අදෘෂ්‍ය ]
මෙහෙම කියනවා :
|
||
| @ඩී . සුගත් රාජපක්ෂ & [Menaka ] සරත් විජේසූරියගේ "තාත්තා" කෙටි කතාව කියවල ඔහු ප්‍රතිභා පූර්නයෙක්ද නැත්ද කියල කියන්න!!! |
||
| කිවුව වෙලාව- 2011-12-08 22:17:37 | ||
|
[Menaka ]
මෙහෙම කියනවා :
|
||
| This is what Sugath Rajapaksha of Kelaniya Uni writes මහාචාර්ය සරත් විජේසුරිය , ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය සහ ආරියවංශ රණවීර කවියා සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ, අප‍්‍රකට ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය ගැන සරත් විජේසූරිය ලියූ සටහන පිලිබඳ සටහනකි. චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි පිළිබඳව සරත් විජේසුරිය විසින් ලියන ලද සටහන කියවන විට අපට හැගෙන්නේ තම ප්‍රතිවාදීන්ට පහර දීම පිණිස කුමක් හෝ නිමිත්තක් සොයමින් සිටින සරත් වීජේසුරියට චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි හොඳ මාතෘකාවක් වී ඇති බවයි. මේ මාතෘකාව ඔස්සේ ඔහු ආරියවංශ රණවීර කවියාට පහර දීමට අනගි අවස්ථාවක් උදා කරගෙන ඇත. එම ලිපියේ සරත් විජේසුරිය මෙසේ සඳහන් කරයි. චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ මරණය, මම අමාත්‍යංශයේ ලේකම් ආරියවංශ රණවීර මහතාට දැනුම් දුනිමි. ඊට මුල් වූයේ රණවීර මහතා දරන තනතුරම නොවේ. ඉතා අප‍්‍රකට, අහිංසක ජීවිතයක් ගත කළ චින්තා ලක්‍ෂ්මී ගැන ඔහුට යම් අවබෝධයක් ඇතැයි සිතීම එක හේතුවකි. සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් වීමට පෙර ලංකා ලේඛක සංවිධානයේ සමලේකම් වූ ආරියවංශ රණවීර මහතාට චින්තා ලක්‍ෂ්මී අමතක වන්නට නොහැකිය. ලේඛක සංගමයේ ආරම්භයේ සිටම ඇය කාරක සභාව නියෝජනය කළාය. දුර බැහැර සිට පැමිණ ඈ හැම කටයුත්තකටම සහභාගී වූවාය. ඒ කෙසේ වෙතත්, ලේඛකයකු - පරිවර්තකයකු ලෙසින් රණවීර මහතා තුළ කිසියම් අවබෝධයක් මේ ලේඛිකාව පිළිබඳව ඇතැයි මම අවංකවම කල්පනා කළෙමි. එහෙත් රණවීර මහතාට කතා කළ මොහොතේ මට එක දෙයක් පැහැදිලි විය. එය නම් ඔහු අවම වශයෙන් ශෝකය පළ කොට ආණ්ඩුවේ වියදමෙන් විදුලි පණිවුඩයක්වත් නොයවන බවයි. සංස්කෘතික අමාත්‍යංශය මේ වැදගත් ලේඛිකාවට කළ හැකි ඉහළම අවමානය සිදු කළ බව සංවේගයෙන් වුව කිව යුතුය. මීට එකම හේතුව චින්තා ලක්‍ෂ්මී, ගැමි කාන්තාවක ලෙස ජීවත් වීමය. ඇගේ සැමියා, සරම කමිසය හඳින ගැමියකු වීමය. (සාහිත්‍ය ලෝකයේ සියලු නොපනත්කම් ඉවසමින් සිට ඇය අවසන් ගමන් ගියාය- සරත් විජේසුරිය) සරත් විජේසුරියගේ හේතු දැක්වීමද ඉතා සරලය. චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ සැමියා, සරම කමිසය හඳින ගැමියකු වීම නිසා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ආරියවංශ රණවීර ශෝකය ප්‍රකාශ කොට ආණ්ඩුවේ වියදමෙන් විදුලි පණිවුඩයක්වත් යැවීමට උනන්දු නොවූ බවයි. සරත් විජේසුරිය යනු අන්‍යන් විනිශ්චය කිරීමට මෙන්ම නඩු යාමට ඕනෑම අවස්ථාවක සැදී පැහැදී සිටින අයෙකි. ඔහු සාහිත්‍ය ලෝකයේ නමක් ඇති කර ගැත්තේ සාහිත්‍යමය වටිනාකමකින් යුත් නිර්මාණ බිහි කිරීමෙන් නොව ඕපාදුප සහ කුණු රසය මිශ්‍ර වූ මගේ නඩුව ඉවරයි යන විශාල කැලා පත්තරය ලිවීමෙනි. අන්‍යන්ගේ ලිංගික ජීවිතය පමණක් නොව ඔවුන්ගේ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කිරීමෙන්ද ඔහු පොරක් වීමේ මේනියාවෙන් පෙළුණේය. මගේ නඩුව ඉවරයි යනු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ මනසක් ඇති පුද්ගලයෙකුට පමණක් ලිවිය හැකි පොතකි. මරාගෙන මැරෙන බෝම්බකරුවා අධි පිපුරුම් බලය ඇති ආර්.ඩී.එක්ස් භාවිතා කරන අතර මගේ නඩුව ඉවරයි කෘතියේ ලේඛකයා භාවිතා කරන්නේ විනාශකාරී වචන සමුහයකි. සරත් විජේසුරියට තම ප්‍රතිවාදීන්ට පහර දීමට අවශ්‍ය වූ විට කුණු ලිංගික ඕපාදුප ශාස්ත්‍රීය භාෂාවකිනි ඉදිරිපත් කිරීමට සමත් කමක් තිබේ. ඔහුගේ මගේ නඩුව ඉවරයි කෘතියේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හේමපාල ජයවර්ධන මහාචාර්ය කුසුමා කරුණාරත්නට ඇමරිකාවට එන්නට ආරාධනා කරන්නේ ඇය සමග ලිංගිකව එකතු වීමටය. සරත් විජේසුරිය මේ බව දැනගන්නේ අනුන්ගේ ලිපි හොරෙන් කඩා කියවීමෙනි. මහාචාර්ය හේමපාල ජයවර්ධනට කාර්යාල කාර්ය සහායක නිමල් පද්මතිලක සමග අඹුසැමි සබඳතාවයට සමාන සබඳතාවයක් ඇත. (මගේ නඩුව ඉවරයි - සරත් විජේසුරිය) සරත් විජේසුරියගේ නඩුව ගැන වාර්තා කරන පුවත්පත් වාර්තාකාරිය පුවත්පත් කතුවරයා සමග නිදාගනි. "එයා කැමති ටිකක් මැදි වයසේ අයට" (මගේ නඩුව ඉවරයි - සරත් විජේසුරිය). ජේ බී දිසානායක ලිංගික අවශතාවය ගැන කියන්නේ -රෙන්ඩ බර හැදුනම ඕනේ කක්කුස්සියක් (මගේ නඩුව ඉවරයි - සරත් විජේසුරිය) මේ ආදී වශයෙන් මහාචාර්ය සරත් විජේසුරිය අනුන්ගේ ලිංගික ජීවිත ගැන විනිශ්චයන් දෙන්නේ එක්කෝ ඔහු ලිංගික බෙලහිනයෙකු හෝ ඔහු තුල තදබල ලිංගික අසහනයක් තිබෙන නිසා විය යුතුය. ඔහු මිය ගිය චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය දඩමීමා කරගෙන ඇයටද අපහාස වන පරිදි තමන්ගේ තවත් ප්‍රතිවාදියෙකුට ලිංගික මඩක් ගසයි. එයට හැඳින්වීමක් ලියා දෙන්නට එක් ප‍්‍රවීණ ලේඛකයෙක් රුපියල් පන්දාහක (5000/-) අල්ලසක් ඉල්ලා සිටියේය. පොත මුද්‍රණය කරන්නට ප‍්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප‍්‍රවීණයකු උත්සාහ කළේය. වයෝවෘද්ධ වියත් ලේඛකයකු මේ අත් පිටපත ප‍්‍රකාශයට පත් කරන්නට භාර ගෙන එය අස්ථාන ගත කළේය. මේ ආදී වශයෙන් අපේ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ සිවිල් බලය හිමි උදවිය මේ තැනැත්තියට දොරගුළු වැසූ, නින්දිත හිරිහැර කළ කාලය වසර දහයකි. (සාහිත්‍ය ලෝකයේ සියලු නොපනත්කම් ඉවසමින් සිට ඇය අවසන් ගමන් ගියාය- සරත් විජේසුරිය) කරුණාකර අවධානය යොමු කරන්න "පොත මුද්‍රණය කරන්නට ප‍්‍රකාශකයකු සොයා දෙන්නට ඇය ගොදුරක් කර ගන්නට තවත් ප‍්‍රවීණයකු උත්සාහ කළේය " යන වැකිය වෙත. මෙය සැබෑවක්ද නැතහොත් එය මහාචාර්ය සරත් විජේසුරියගේ අතේ රෝලක්ද නොදනිමි. එවැනි දෙයක් අතිශයින්ම පුද්ගලික කරුණකි. එවැනි දෙයක් චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය සරත් වීජේසුරියට හෙළි කලේද ? නැතොත් ඔහුගේ අවශ්‍යතාවය මත මෙවැනි කථාවක් නිර්මාණය කලේද ? නමුත් මෙවැනි අන්දමේ කරුණක් ලිවිම මගින් ඔහු සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ ලේඛිකා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියට දරුණු ලෙසින් අපහාස කොට තිබේ. එය බොරුවක් නම් එවැනි දෙයක් ලිවිය හැක්කේ තදබල ලිංගික අසහනයක් ඇති පුද්ගලයෙකුට පමණි. ඒක භාෂික සරසවි ඇදුරන් තුල පවතින කුහක බව හීනමානය යන දුර්ගුණයන්ට අමතරව සරත් විජේසුරිය තුල තවත් දුර්ගුණයක් ඇත. එය මම පමණයි සුදනා අන්‍යන් හොරු සහ කුහකයෝ යන තමා ගැන තිබෙන අධි තක්සේරුවයි. මෙවැනි ගති පැවතුම් ඇති මිනිසුන් දෙබිඩ්ඩන් සහ හක්කේ බුදුරැස් / බොක්කේ දඩමස් වර්ගයේ මිනිසුන් බව අප අත්දැකීමෙන් දනිමු. ඔහු 1994 චන්ද්‍රිකා බලයට පත් කිරීමේ ව්‍යාපෘතියේ බැලයෙකු ලෙස වැඩ කළේය. වික්ටර් අයිවන්ගේ චෞර රැජින කෘතියේ අනාගත අභිවෘධිය පතා චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලුණු සරසවි ඇදුරන් සිටින චායාරූපයේ සරත් විජේසුරියගේ මුහුනත් තහඩුව හොඳාකාරව දැකිය හැක. නමුත් දැන් ඔහු එම අපකීර්තිමත් අතීතය ගැන කතාකරන්නේ නැත. ඒ වෙනුවට රජයේ රෙගුලාසි වලට යටත් වී සේවය කරන ආරියවංශ රණවීර කවියාගේ ස්වාධීන භාවය ගැන කතා කරයි එය අමුම අමු කුහකකමකි. ලංකාවේ පොත් ප්‍රකාශකයන්ගේ මගෝඩිකම් ගැන සදහන් කෙරෙන අමිල ගුණරත්න විසින් ලියන ලද ලිපියක් මෑතකදී මට කියවන්නට ලැබිණි. එම ලිපියේ ඔහු සරත් විජේසුරිය ගැන සඳහන් කරන්නේ මානව සාරාර්ථ ගැන කතා කරමින් ලේඛකයන්ට පොලු තියමින් ඔවුන්ගේ ඉහ මොළ හුරාකන සහ ලේඛකයන්ට හොරෙන් ඔවුන්ගේ පොත් දෙවන තුන්වන වර මුද්‍රණය කොට කර්තෘ භාග නොගෙවා අධික ලාභ ලබන කූට මුදලාලි කෙනෙකු ලෙසටය. ඒ හැර පසුගිය සතියේ මට ගොඩගේ ප්‍රකාශක ආයතනයේ සේවය කල අයෙකු මුණ ගැසුණි. සරත් විජේසුරිය ගැන නම් සඳහන් කල වහාම ඔහු කිවේ කොන්ද දෙකට තුනට නවාගෙන ගොඩගේ මුදලාලි ලඟට ඇවිත් බැගැපත්වෙලා තමන්ගේ මුල් පොත් දෙක තුන ගහගෙන නමක් හදාගත්තට පස්සේ ගොඩගේ මුදලාලිට අපහස කරලා පත්තරේ ලිපි ලියපු ගුණමකුවා වශයෙනි. ඔහු ජේ බී දිසානායකට අපහාස කොට පොත් ලිව්වේ බටහිර රටකට ශිෂ්‍යත්වයකට යාමට ජේ. බී ගෙන් බලාපොරොත්තු වූ පරිදි අනුග්‍රහයක් නොලැබූ නිසාය. ඒ ගැන තායිලන්තයේ සිටි ජේ බී දිසානායක කියා ඇත්තේ බටහිර රටකට ශිෂ්‍යත්වයකට යාමට තරම් සරත් විජේසුරියගේ ඉංග්‍රීසි දැනුම මුහුකුරා නොතිබූ නිසා ඔහුව ශිෂ්‍යත්වයකට නම් නොකළ බවයි. සරත් විජේසුරියගේ ඉංග්‍රීසි දැනුම වෙනුවෙන් ජේ බී දිසානායකට බලවත් වන්දියක් ගෙවීමට සිදු විය. මගේ නඩුව ඉවරයි යන විශාල කැලා පත්තරයේ ජේ බී දිසානායකගේ ලිංගික ජිවිතයේ අඳුරු තැන වලට පවා ටෝච් ගසමින් සරත් විජේසුරිය පිටු පිරවූයේ සදාචාර වටිනාකම් ගැනවත් නොතකමිනි. චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි පිළිබඳව මහත් කැක්කුමෙන් කතා කරන සරත් විජේසුරිය ගෙන් යමක් ඇසීමට අවසර. විජේසුරිය මහතාණෙනි ඔබ තනියම සිටින විට නිවසේ කන්නාඩිය ඉදිරියට ගොස් එයින් පෙනෙන ඔබගේ ප්‍රතිබිම්බයේ දෙනෙත් දෙස බලා පහත ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. 1) විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද විශාල වශයෙන් විකිණී ගිය චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය , අරණකට පෙම් බැඳ, යන කෘතීන් සඳහා ඔබ කොපමණ මුදලක් චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියට කර්තෘ භාගය වශයෙන් ගෙව්වේද ? 2) මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය , අරණකට පෙම් බැඳ, යන කෘතීන් ඔබ දෙවන වර මුද්‍රණය කරන විට චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය දැනුවත් කලද ? ඒ සඳහා නියමිත මුදල් ඇයට දුන්නේද ? 3) ඇගේ මරණින් පසු මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය , අරණකට පෙම් බැඳ, යන කෘතීන් කොපමණ සංක්‍යාවක් ඔබ සමයවර්ධන , සරසවි මුද්‍රණ යන්ත්‍ර වල (හොරාට) මුද්‍රණය කලේද ? 4) එම පොත් විකිණීමෙන් ලද අදායමෙන් යම් ප්‍රතිශතයක් චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියගේ සරම කමිසය හඳින ගැමියෙකු බඳු සැමියාට දුන්නේද ? මෙම ප්‍රශ්න වලට පිළිතුරු අපට අවශ්‍ය නැත. එය ඔබගේ ප්‍රතිබිම්බයේ දෙනෙත් වලට පවසන්න. එවිට ඔබට හර්ද සාක්ෂියක් තිබේ නම් ඔබට දැනුණු හැඟීම පමණක් අපට කියන්න. අවසාන වශයෙන් ඔබට යමක් කීමට තිබේ. ඔබගේ කාර්යාල කාර්ය සහායක නිමල් පද්මතිලක ගැන සමලිංගික කුණු කතා පවා ලිවූ ඔබට ආරියවංශ රණවීර කවියාගේ ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ කවි පොතේ එන කාර්යාල කාර්ය සහායක ගේ මරණය පිලිබඳ කවිය කියවන ලෙස ඉල්ලමි. මෙන්න එම කවිය. කාර්යාල කාර්ය සහායක ගේ මරණය - [ආරියවංශ රණවීර] රිය එක නින්නාද කළ නැටුම් කෙළි කවට සිනා මළගෙට හරියටම හැතැප්මයක් මෙහාදී නතර කොට පැළැන්දහ ඔවුහු සෝක මූණු රියෙන් බැස නියඟය දපා ගෙන හිඳින වෙල් එළිය හරහා වැටුණු නිරන්තර පා මැඩුමෙන් සුදු වුණු නියර දි ගේ ගොස් හිඳී බී ගත් මළ දොළින් පැන පිවිසුණහ මළ ගෙට ගිලිණු නෙත් කෙවෙනි තුළ කසිප්පුවෙන් ඉදිමුණු නෙතින් හතර පස් දෙනෙකු තැන තැන දොඩන වාචාල බස් කපා ගෙන ඉඳ හිට පොළොව දෙදරවා විත් සිරුරු විනිවිද යන කම්පා නාදයකි ගෙතුළ ගැහැණියක ගේ කන්තෝරුවේ නෝනලා මහත්තැන් හැඳි සුදුම සුදු ඇඳුම් දෙස මුව අයා බලා මුළු මුළු වන කිළිටි දරු පැටව් හය හත් දෙනෙකි සංක් ෂේප කොට මේ සියල්ල ගුලි වී සිටී ලෑලි පෙට්ටි යේ පිදුරු වහලය දික් කර හදිසි යේ බෑ යාලත්ත යට කෙසඟ මළ සිරුර හැරී යන විට නිහඬ රිය තුළ සෝපත් සැබෑ මූණු නොවෙනස්වම තිබිණි හැතැප්මයකට වඩා බොහෝ දුර ඩී . සුගත් රාජපක්ෂ |
||
| කිවුව වෙලාව- 2011-11-28 07:11:09 | ||
|
[AMALEY MUNASINGHE]
මෙහෙම කියනවා :
|
||
| විජේසූරිය මහතා ගැන ද දක්වා ඇති විවේචනයන් කියවා යමක් නොලියා සිටීම නුසුදුසු යැයි මම කල්පනා කරමි. මම කිසිසේත් ඔහු ව පෞද්ගලික ව හඳුනන්නියක නොවෙමි. එහෙත්, ඔහු හුදු පොත් විකුණන්නෙක් ලෙස ලේබල්ගත කිරීමට මම කිසිසේත් නොකැමැත්තෙමි. යමෙකු පිළිබඳ සමීප දැනුමක් නොමැති ව විවේචන කිරීම පිළිබඳ දෙවරක් කල්පනා කළ යුතු දෙයක් නොවේද? මම මගේ පළමු කෘතිය ප්‍රකාශනය කිරීම සබැඳි ව කිසිත් නොදැන සිටි කලෙක, ඔහු මගේ මිතුරෙකු සමීපතමයෙකු ගුරුවරයෙකු ඒ කිසිත් නොවී මට යා යුතු මඟ පෙන්වා දුන්නේ ය; මුද්‍රණය පිළිබඳ සියලු සම්බන්ධීකරණ කටයුතු කළේ ය. ඒ සඳහා වැය වූ මුළු මුදල එක වර ගෙවීමට මා අත මුදල් නොමැති වූ අතර ඉතිරි මුදල් හැකි දවසක දෙන්නැයි ඔහු පැවැසී ය. ඒ සත්‍ය වශයෙන් ම මා කවුද- මගේ ලිපිනය, දුරකථන අංක කිසිත් නොදැන ය. වඩා වැදගත් දෙය නම්, ඒ කිසිවක ඇගයීමක් ඔහු බලාපොරොත්තු නොවීම ය. ඔහු මට ලබා දුන් ඒ අත්වැල ඔහුගේ මතකයකවත් නොමැති බව මම ඉඳුරා විශ්වාස කරමි. එ වැනි පුද්ගලයෙක් හුදෙක් පොත් වෙළෙන්දෙක් නොවේ. |
||
| කිවුව වෙලාව- 2011-11-27 19:34:05 | ||
|
[Nandana]
මෙහෙම කියනවා :
|
||
| jeeewath wena kaale Chintha Laxmeewa hooragena kaala den eya gena kibul kadulu helana eka harida. wijesooriya kiyanne vurthiya hetiyata poth veladama karana vinodaanse hetiyata sarasawiye lecture karana kenek. ehema kenekgen serious deyak balaporoththu wenna behe. eyaage prathiroope mage naduwa iwarayi kiyana kasikabal pothen peenawa. | ||
| කිවුව වෙලාව- 2011-11-26 12:22:07 | ||
|
[Pradeep]
මෙහෙම කියනවා :
|
||
| චින්තා ලක්ශ්මි කියන ලේඛිකාව ගන මට තියෙන්නෙ පුදුම ගෞරවයක්. ඔබට නිවන් සුව....!!! | ||
| කිවුව වෙලාව- 2011-11-25 06:18:12 | ||
|
[බූන්දි]
මෙහෙම කියනවා :
|
||
| මෙම ලිපිය ගෝ දානය පොතෙන් උපුටා මුල් වරට පළ කිරීමේදී අපට සිදු වූ අතපසු වීමකින්, එය දිවයිනේ පළ වූ බවත්, එම දිනයත් අපේ හඳුන්වාදීමේ සටහනට එකතු වී තිබුණේ නැහැ. එය ඇගේ මරණය ආශ්‍රිත කාල වකවානුවේදී සරත් විජේසුරිය දිවයිනට සැපයූ ලිපියක්: එම ලිපිය ගෝ දානය පොතටත් එකතු කොට තිබෙනවා පසුව. එම අතපසු වීම නිසා ඇගේ මරණය පිළිබඳ කාලවකවානු පැටලවීමක් පාඨකයාට සිදු වී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලන අතර පෙන්වා දීම සම්බන්ධයෙන් අමිල චතුරංග සොහොයුරාට ස්තූතිවන්ත වෙනවා. මෙබඳු ලිපි අප උපුටන්නේ හොරකම් කිරීමෙන් කිසියම් ලාභයක් ඉපයීමට හෝ වෙබ් අඩවිය ජනප්‍රිය කරවීමට හෝ නොව එමගින් කිසියම් සාධනීය සංවාදයක් ඇති වේ ය යන අභිලාෂයෙනි. බූන්දිය මූල්‍යමය ලාභ නොලබන වෙබ් අඩවියකි. -බූන්දි |
||
| කිවුව වෙලාව- 2011-11-24 21:31:48 | ||
|
[Nash]
මෙහෙම කියනවා :
|
||
| I've read all the books translated by this great author / translator. Her ability to portrait visuals in readers mind is mesmerizing; this was splendidly done in the ‘අරණකට පෙම් බෑඳ’, my favorite. I’ve read the ‘Apu’ trilogy before watching the films and I still think her translations are much closer to me than the great films. Although the humble but brilliant lady is not with us anymore, her work would remain forever. |
||
| කිවුව වෙලාව- 2011-11-24 19:31:37 | ||
|
[@අමිල චතුරංග]
මෙහෙම කියනවා :
|
||
| ඔයා ලිපිය කියවනකොට සම්පූර්ණයෙන් කියවන්න. උඩම තියෙන මේ කෑල්ල කියවන්නකො මුලින්ම. \"සටහන - චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි යනු සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ, අප‍්‍රකටව විසූ, ලේඛිකාවකි. ඈ සිංහලයට නගන ලද මහඟු විශ්ව සාහිත්‍ය කෘති ගණනාවකි. එහෙත්, ඇගේ ඒ කාර්යයට කිසිදු ඇගයීමක් නොලබාම, ඈ සමුගෙන ගිය අන්දම පිළිබඳ සරත් විජේසූරිය ලියූ සටහනකි මේ; අප උපුටා ගත්තේ, චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ \"ගෝ දානය\" [2000] නම් පරිවර්තනයෙනි. එම ලිපිය 2000.08.20 දිවයින පුවත් පතෙහි පළ වූවකි.\" ඔයාගේ මතකයත් පිස්සු කෙළිනවා. මේ ලිපිය ලියලා තියෙන්නේ මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා. ඒ කියන්නේ ඇය මියගිහින් දැනට අවුරුදු 10කට වැඩී බූන්දියට අවුරුදු 3ක් පිරුණේ ලගදි කියලා දන්නවා ඇතිනේ. ඔයා කඩයක් තියා පෙට්ටිකඩයක් වත් දාගන්නේ නැතිව බූන්දියට කියලා කඩකාරයෙක්ලු. පව් ඔයා රත්තරං. |
||
| කිවුව වෙලාව- 2011-11-24 11:03:11 | ||
|
[samantha]
මෙහෙම කියනවා :
|
||
| i have read all her books except the last one. I really loved them, taught me life lessons. I convey my gratitude to a great author |
||
| කිවුව වෙලාව- 2011-11-23 10:00:22 | ||
|
[kumaraya]
මෙහෙම කියනවා :
|
||
| අරණකට පෙම් බැඳ කතාව මම කියෙව්වෙ මෑතකදි. ලේඛිකාවගේ නම සඳහන් වී තිබෙනු දුටු නමුත් අමුතු හැඟීමක් ඇති නොවීය. ඇය සාමාන්‍ය ලේඛිකාවකැයි සිතා සිටියෙමි. මේ විස්තරය දැනගත්තේ දැන්ය. මෙපමණ පොත් කියවන්නෙක්ව හිඳ .. ඇයව නොදැන සිටීම පිළිබඳව ලැජ්ජාවට පත් වුනෙමි. |
||
| කිවුව වෙලාව- 2011-11-23 08:26:40 | ||
|
[wanni]
මෙහෙම කියනවා :
|
||
| kanagaatui obe wanniyan mea adhama rate ipadeema gana | ||
| කිවුව වෙලාව- 2011-11-23 06:49:25 | ||
|
[wanni]
මෙහෙම කියනවා :
|
||
| kanagaatui obe wanniyan mea adhama rate ipadeema gana | ||
| කිවුව වෙලාව- 2011-11-23 06:49:10 | ||
|
[VISHAN DE SILVA]
මෙහෙම කියනවා :
|
||
| mata thiyen prashne aya miya yankam sarath wijusuriyata aya wenuwen kala haki kisiwk thibune nadda? miya giyata passe kibul kadulu helanne..? | ||
| කිවුව වෙලාව- 2011-11-23 03:32:12 | ||
|
[අමිල චතුරංග]
මෙහෙම කියනවා :
|
||
| හොරු සමඟ හෙලුවෙන්..මට බොහෝ බ්ලොග් කියවන විට ඒ කියමන සිහියට නැගේ.. මේ බූන්දියේ තියෙන ආටිකල් ඇත්තේ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි යන උඩුගම්බලා පිහිනීමට ගත් උත්සාහෙයෙන් බිඳකි.. නමුත් මා දන්නා ආකාරයට දැන් චින්තා මහත්මිය මියගොස් අවුරුද්දක් දෙකක් තුනකට වඩා වැඩිය..අඩුතරමෙන් ඇය මියගිය දිනය පලකරන්නටවත් මේ බූන්දි නම් බ්ලොග් කඩකාරයාට නොහැකි වී ඇත... ඇය මියගොස් දැනට වසර 3කටත් වඩා වැඩිය..එහෙත් ඒ බැව් සඳහන් නොකර ඇගේ මරණය දිනවල සරත් විජේසූරිය ලියන ලද ලිපියක් මෙසේ පලකොට ඇත..මෙය බලන අපි සිතන්නේ ඇය අද ඊයේ මලා කියා නොවේද?? |
||
| කිවුව වෙලාව- 2011-11-23 01:12:36 | ||
|
[kaamare]
මෙහෙම කියනවා :
|
||
| ආරියවන්ශ රනවීර වෙත දයාවෙනි, "සද ඇබින්දක් මදියි..මගේ දුක විසාලයි" ...ඒත් මට පුදුමයි.. කවි වල සිටි ඒ ඔහුමද මේ...? මුන් තමයි නියම නරුමයො.... නොපමා වූවෝ නොමැරෙති, පමා වූවෝ ජීවත්ව සිටියද මලවුන් වැනිය... චින්තා..ඔබේ නිර්මාන කාර්යයන් විසින් ඔබව සදාකාලික කරනු ඇත... හදවත සුන් ලේකම්වරු හිදි තැනම සිට තප්පුලනු ඇත |
||
| කිවුව වෙලාව- 2011-11-22 23:45:44 | ||
|
[shani]
මෙහෙම කියනවා :
|
||
| ඇගේ මරනය වෙනුවෙන් මගෙ කනගටුව ප්‍රකාශ කරමි. මම ඇගෙ පොත් කියව ඇත්තෙමි. ඇයට නිවන් සුව පතමි. ශානි#sad# #sad# #sad# #sad# | ||
| කිවුව වෙලාව- 2011-11-22 23:40:58 | ||
|
[Kasun Deeptha Handun Pathirana]
මෙහෙම කියනවා :
|
||
| මේ පිළිබඳ අප දැනුවත් කිරීම පිළිබද ස්තූතියි | ||
| කිවුව වෙලාව- 2011-11-22 23:27:26 | ||
|
[Sampath]
මෙහෙම කියනවා :
|
||
| චින්තා ලක්ෂ්මි සිංහාරච්චි ගැන මතකයක් හැමදාම මගේ මතකයේ තියේවි. මම දැක්කා ඈ මියගිය පුවත අතීතේ දවසක. මට දැනුනේ නෑ කිසිදු හැඟීමක් ඈ ගැන. ඒ ඇය මතකයේ ජීවත්වෙන නිසා වෙන්න ඇති. අරණකට පෙම් බැඳ පොත කවමදාවත් හමු වෙලා නැති අපි දන්න මිනිස්සු දෙන්නෙක් කෙරුවා. ඇය යන්න ගියා. නමුත් ඇය කියා දුන් දේ කවමදාවත් මගේ මතකයෙන් නම් ඉවත් වෙන එකක් නෑ. කවමදාකවත් හමුවෙලා නැති, නමින් විතරක් දැනගෙන හිටපු ඔබව මට තාම මතකයි. |
||
| කිවුව වෙලාව- 2011-11-22 22:36:24 | ||
|
[තිලිනි ෂැල්වින්]
මෙහෙම කියනවා :
|
||
| ඇය අපට තිළින කළ මේ සම්පත තරම් ජීවිතේ මම රසවිදපු කිසි දෙයක් නැති තරම්. චින්තා ලක්ෂ්මිගෙ පොත් මට හදුන්වා දුන්නෙ මගේ අම්මා. ඒ තුළින් මම ජීවිතය දැක්කා. ඇය අදත් හෙටත් කවදත් අගය කළ යුතු සම්පතක්. | ||
| කිවුව වෙලාව- 2011-11-22 22:14:00 | ||
|
[Madhusha]
මෙහෙම කියනවා :
|
||
| Chinthage pothwala thibune maha shaantha niwichcha gathiyak. Eththatama me lipiyen thama mama Chintha gena dena gatte. Godak wedanai. Kawadawath ape rate susussata lebiya yuthu thena lebune ne. | ||
| කිවුව වෙලාව- 2011-11-22 22:00:41 | ||
|