BOONDI.LK| අදහස් බූන්දි| ලිට්ල් ස්ටාර් තරු පූජාසනයේ මිලින වෙන තරුෂි බබාලා ගැන නොකියන කතන්දරය
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-
සංජීව පුෂ්පකුමාර
ගේ
"ඉගිල්ලෙන මාළුවෝ"
චිත්‍රපටයෙන්]
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
අලුතෙන්ම!
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
පෙම්වතිය
|
ජයන්ත නිමල් සිරි
[1]
තවත් අදහස්
වල් අජියාගේ මාක්ස් සොමිය ගැන ඩල් ගුණයාගේ Orgasm එක
|
කටකලුවා
[4]
ඉක්බිති සියල්ලෝ සතුටින් "මෙගා" වූහ.| පුස්වෙඩිල්ලක් වූ මෙගා විරෝධය
|
සුමුදු තිවංක ගමගේ
[0]
"මෙගා" සරිත් සාගරය නොහොත් නූතන අවජාතකය
|
සඳුන් ප්‍රියංකර විතානගේ
[1]
ආත්අම්මාගේ 'දුක' අපේ 'සැප' කරගැනීම නොහොත් වර්තමාන ඡායාරූප ප්‍රදර්ශන කලාව
|
විරාජ් ලියනාරච්චි
[0]
පඳුරකට එක ගානේ සුපිරි තරු! ලාබයි... හා... එන්න...
|
කුමුදු ප්‍රියංකර
[0]
"නොවිකිණුනු එච්.ඒ. අපට ආඩම්බරයකි!"
|
තාරක වරාපිටිය
[0]
නග්න කලාව හා පුරසාරම
|
ඉන්දික උඩුගම්පොල
[0]
ඉල්ලීමයි!
|
මොහාන් විඡේනායක
[0]
අහෝ කලාව!
|
ගාමිණී වියන්ගොඩ
[2]
තහනම් කලා(ව)
|
කුමුදු ප්‍රියංකර
[0]
අක්ෂර සෙනග-
[අදහස්]
[4/10]
තුෂාරි
සඳුන්
විරාජ්
ගාමිණී
BOONDI • Raha • •
අදහස් බූන්දි
ලිට්ල් ස්ටාර් තරු පූජාසනයේ මිලින වෙන තරුෂි බබාලා ගැන නොකියන කතන්දරය
[0]
බූන්දි| | 16:49:33
බුල්ටෝ යනු ඉතා රසවත් කෑමකි. එහි කිසිදු ගුණයක් නැති බව දැන දැනම බුල්ටෝ කන්නට අපි කැමති ය. ඒ එහි ඇති අප්‍රමාණ වූ පැණි රස නිසා ය. අද වන විට බුල්ටෝ වලට ඉල්ලුමක් නැති වුව ද, බුල්ටෝ ආදේශක අපමණ ය. ඒවා විවිධ රසැති ය. විවිධ වර්ණයෙන් සහ හැඩයෙන් යුක්ත ය. ඇස, කන, දිව ආදී සියලු ඉන්ද්‍රියන් එකවර පැහැර ගන්න ට සමත් ය. වෙළඳපොළ විසින් අද, මිනිසා
ගේ රසඥතාව ද බුල්ටෝවක මට්ටම ට ඇද දමා ඇත. ඉදින් අපි, බුල්ටෝ ආදේශක තළු මර මරා රස විඳිමින් හිඳින්නෙමු.
හෙට අනිද්දා වන විට දෙමව්පියන් ගේ තවත් සිහිනයක් සැබෑ වන්නේ ය. ඒ, වසර අටක් පමණැති තම දරුවා ලිට්ල් ස්ටාර් කිරුළ පළඳින්නට ඇත්තේ තවත් දින කිහිපයක් වන නිසාවෙනි. ඉතා උණුසුම්, ඉවසිල්ලක් නැති දින කිහිපයක් ගත වෙමින් තිබේ. නමුදු මේ සිහිනය, දරුවන් ගේ සිහිනය නොව දෙමව්පියන් ගේ සිහිනය යි. හරියටම බැලුවොත්,දෙමව්පියන් ගේ ඔළු ගෙඩි ඇතුළේ වෙළෙඳන් ඉදිකළ සිහිනයයි. වෙළඳ පොළ භාණ්ඩ හා සේවා විකිණීමෙන් ඔබ්බට සිහින විකිණීමේ යුගයට එළඹ තිබේ.ඒ සිහින ඔලු තුළට එන්නත් කෙරෙන සායනය සාලය මැද රූපවාහිනියයි. රූපවාහිනිය කෙතරම් දුරට අප ඩැහැ ගෙන ඇද්දැයි කියන්න ට, අප අපේ ජීවන රටාව විමසීම ම පමණක් සෑහේ. අද අපට කන්න ට, අඳින්න ට පමණක් නොව ජීවත් වන්න ට කියා දෙන්නේ ද රූපවාහිනිය යි. ඉන් ගැලවීම අපහසු ය. මේ වන විට, එය මුළු මහත් සමාජය ම ආක්‍රමණය කර අවසන් ය.
වැල යන අතට ම ඉනි බඳින යුගයක, උඩුගං පිහිනන්නන් සෙවීම නිශ්ඵල ය. ඉල්ලුම ට අනුව සැපයීම ආර්ථික න්‍යායකි. එහෙත් සමාජයක් වශයෙන් කළ යුත්තේ, සේවාවන්, ඉල්ලුම ට අනුව සැපයීම ද, නැතහොත් අවශ්‍ය දේ සැපයීම ද කියා සිතෙන්න ට නම්, ලාභය මුඛ්‍ය අරමුණ නො වන මනුස්සයින් රටකට සිටිය යුතු ය. නමුදු, ඒ විහිළු කතාවෙන් දැන් වැඩක් වන්නේ නැත.
පසුගිය වසර කිහිපයක් තිස්සේ, විවිධ රූපවාහිනි නාලිකා ඔස්සේ ඇති තරඟකාරී රියැලිටි වැඩසටහන් සහ තරු කිරුළු පැළැන්දීමේ වැඩසටහන් වසංගතය ගෙයක් ගෙයක් ගානේ ඔලුවක් ඔලුවක් ගානේ පැතිරී අවසානය. උමතුවක් ලෙසින් එකකට එකක් නො පරදින්න ට, මෙම වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් ප්‍රේක්‍ෂකයා වෙත ගෙන එන්නට ඇති පොරය ට, බිලිවන්නේ අහිංසක ප්‍රේක්‍ෂක ජනතාව ය. ඔවුන් කුල්මත් කරමින්, ඔවුන ගේ මනස දූෂණය කරමින් අවසානයේ මුදල් පසුම්බිය ට ද තට්ටු කරන බව රසිකයා ට හැඟෙන්නේවත් නැත. එය මොන තරම් නම් අරුමයක් ද? අප නො දැනම, මෙම ක්‍රියාවලිය තුළ අප, "පාවිච්චි" වෙමින් සිටිමු. අනෙක් අතට, ඔවූහූ අප ව සාලය මැද ම 'දූෂණය' කරමින් කරමින් සිටිති.
මෙම, එකකු හෝ යම් පිරිසක ගේ පැවැත් ම වෙනුවෙන් අනෙකා පාවිච්චි වීමේ ක්‍රියාදාමය ලෝකය පවතිනා තෙක් සිදුවන්නක් වුව ද, මෙතරම් දරුණු ආකාරයෙන්, ළදරුවා ගේ පටන් වැඩිමහළු මිනිසා දක්වා එය ට උපයෝගී කරගත් යුගයක් නැති තරම් ය. අනෙක් කරුණ වන්නේ, අපි දැන දැන ම, ඒ තුළ පාවිච්චි වීම ය. නැතහොත් අපගේ කැමැත්ත මත අප පාවිච්චි කරන්න ට අනෙකා ට ඉඩ දීම ය. ජනප්‍රිය වීමේත්, සමාජය තුළ නමක් හදා ගැනීමේත්, තම දක්‍ෂතා ඉස්මතු කර ගැනීමේ සහ ඒ තුළින් අනාගත සිහින සැබෑ කරගැනීමේ වුවමනාව ට, අපි කැමැත්තෙන් මේවාට සහභාගී වන අතර, මෙහෙයවන්නන්ගේ අරමුණ සපුරා අනෙකකි. ඔවුන් ගේ මූලික අරමුණ වන්නේ හුදු ලාභයම පමණක් වූ කළ...?
ඉහතින් සඳහන් කළ කුමන කාරණාවක් මත පදනම් වුව ද, වෙළඳාම සඳහා ඔබේ හැකියාවන් සහ සේවය ලබා දීම සහ ඒවාට නියම මිළ තීරණය කිරීම ට, අයිතිය ඔබ ට ඇත. එහෙත් බහ තෝරා ගෙන එන දරුවකු ට ඒ හැකියාව නැත. එබැවින් එහි අයිතිය පවරා ගන්නේ ඒ දරුවන් ගේ දෙමව්පියන් ය. සිහින තාරකා වෙළඳපොළ හරහා, දෙමව්පියන්ගේ සිහිනය දරුවන් ගේ සිහිනය බවට පත් වන්නේ මෙහිදි ය. මෙය කෙතරම් දුරට සාධාරණ සහ බුද්ධිගෝචර වේ දැයි දෙවරක් කල්පනා කළ යුත්තකි.
"ලිට්ල් ස්ටාර් එකේ තරුෂි සින්දු කියනවා හරි ෂෝක් නේද? බැලුව ද ගිය සතියෙ? හරි හුරතල් කෙල්ල.....
....හිතාගන්නත් බෑ, අවුරුදු තුනක ළමයෙක් මුළු සිංදුව ම ලස්සනට කියනවා. වෙලාවකට ස්ටේජ් එකට අරන් එන්නෙ වඩාගෙන"
ඒ, මුලින් ම, සති කිහිපයකට කලින් හිතවතකු ඇසූ පැණය සහ මා ඒ ගැන කිසිවක් නො දන්නා බව, නිහඬතාවෙන් වටහා ගෙන තවදුරටත් පැහැදිලි කළ හැටි ය.
මම උනන්දු වුණෙමි. අන්තර්ජාලයේ පීරා තරුෂි සොයා ගත්තෙමි. සැබෑවකි, ඒ නම් සැබෑ හුරතල් පොඞ්ඩියකි. හුරුබුහුටි කෙළි පැටික්කියක්, හුරතල් වෙවී ඇගේ ආච්චිලා ගේ කාලයේ ගීත ගයන්නී ය. ඈ ඇඳ ඇත්තේ ද, හැඩවැඩ දමා ඇත්තේ ද, එදා යුගයේ විලාසිතා අනුව ය. වසර 40කට, 50කට පැරණි ගීත ය. කිරිසුවඳේ මුළු වේදිකාව ම සුවඳ වන මොහොතේ, අවුරුදු තුනහාමාරක පමණ වයසැති තරුෂි බබා ආච්චියෙකු ගේ භූමිකාව රඟ දක්වන්නී ය. ගීතයේ තේරුමවත් නො දන්නා මේ පැටව්, මෙම වැඩසටහන් මඟින්, හිටිගමන් වේදිකාවක් මත වැඩිමහළු කර දමා ඇත. පෙර පුහුණුවීම් වලට අනුව අභිනයෙන් ද, ගීත වල ට අරුත් සපයන්න ට ඔවුන් වෙර දරයි. මොවුන් ගේ දක්‍ෂතා ගැන කිසිදු වාදයක් නැත. එහෙත්, මේ විනාශ වෙමින් යන්නේ කිරි සුවඳ ය. මේ මරා දමන්නේ දරුවන්ගේ ළමාකම ය. ඔවුන් ගේ ළමා ගති ය. නැතහොත් නිදහස් ළමා චින්තනය ය. එහෙත්, අපි එක් වී දරුවන් ගේ හුරතලය විඳිමින් නරුම සතුටක් ලබන්නෙමු.
"මෙහෙමයි, මේ දරුවො මේ තරග වලට, මේ විදිහට ඉදිරිපත් නො කර, සාමාන්‍ය විදිහට හැදෙන්න ඇරියා නම්, සමහර විට, ඒ දරුවො තෝරාගන්න මාවත වෙනත් එකක් වෙන්න පුළුවන්. ඒ තුළින් වෙනත් දක්‍ෂතා තියෙන, වෙනත් අංශ වලින් ඉහළට යන දරුවො බිහි වෙන්න පුළුවන්."
ඒ, මිතුරකු ගේ අදහස් ය. එය සැබෑවකි. අපි, අපේ සිහින සැබෑ කරගැනීම සඳහා දරුවන් ට සිහින සදා දෙන්නෙමු. ඔවුනට සිහින දකින්නට "සිහින තිරය" සදන්නෙමු. නැතහොත්, දරුවන් ට ද, ඇස් ඇති බව අමතක කොට, අපේ ඇස් වලින් ලෝකය දකින්නට දරුවන් ට කියාදෙමින් සිටින්නෙමු. ඔවුන් අවට බැලිය යුත්තේ අපේ ඇස් වලිනි. ඔවුන් සිතිය යුත්තේ ද අපේ සිත් වලිනි. එබැවින් අපේ සිහින දරුවන්ගේ සිහින ද විය යුතු ය. කෙසේ වුව ද, අප සියල්ලන් එකතු වී, මේ දකින්නේ වෙළෙන්ඳා ගේ සිහිනය බව අපට අමතක ය.
හෙට, විවිධ මං ඔස්සේ ලෝකය දකින්න ට, ඉපදීමට අයිතිය ලැබූ දරුවන්, ඒ අයිතිය අහිමි ව වෙනත් හීනයක් දකින්නට පුරුදු වෙමින් සිටියි. දරුවන් ගේ දක්‍ෂතා ලෝකය ට පෙන්වන්නට මෙය අවස්ථාවක් යැයි යමකු ට තර්ක කළ හැකි වුව ද, එයින් සිදුවන් හානිය ඉමහත් ය. එයින් අධ්‍යාපන කටයුතු වලට ද හානියක් සිදු නොවේ යැයි කිව හැකිද? අවසන් මහා තරගයට එන තෙක් මාස කීයක් තිස්සේ පුහුණුවීම් සහ ඉදිරිපත් වීම් වලට සහභාගී විය යුතු ද? ඉතා දුර ප්‍රදේශ වල සිට එන්නේ නම්, දරුවා කෙතරම් වෙහෙස විය යුතු ද? ඒ වෙහෙස ද නො බලා, තරගය සඳහා හෝරා කිහිපයක් රැඳී සිටිය යුතු ය. තරගය අතරමැද තරුෂි බබාලා ට නින්ද යෑම පුදුම විය යුතු නැත. අවසානයේ දී, මව් තුරුලේ නිදා වැටෙන දරුවා ඇහැරවා, බලෙන් හෝ ගීතය ගයවන්නට දෙමව්පියන්ටත්, විනිශ්චය මණ්ඩලයේ මාමලා, නැන්දලාටත් සිදු වෙයි. නැතහොත් ඒ සියලු කැපකිරීම් වතුරෙ ගියා වැනි ය. මේ සියල්ල බලපානුයේ දරුවාගේ මානසික සමබරතාව ට නොවේ ද? අනෙකා අභිබවා යාම ට පුරුදු කිරීම ම, ජීවිතය ට හිරිහැරයක් විය හැකි ය.
"මේ වැඩ වලින් පොඩි එවුන් ට ළමා ලෝකයක් නැති වෙනවා. උන් ලොකු වෙන්න කළින් ම, උන් ව වැඩිහිටියො කරලා දානවා. මේ පොඩි එවුන් ට, ඒ කාලෙ ඇතුළත ඒ ගීත එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා නේද, ඔය තරග ඉවර වෙනකල්. ඒ කියන්නෙ ළමයින් ට හිතන්න වෙන්නෙත් ඒ මට්ටම ට. මේවා විනිශ්චය ට එන්නෙ සංගීත ආචාර්යවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරු. මට තේරුම් ගන්න බැරි, ඒ උදවිය ට මේ හානිය නො තේරේන එකයි."
ඒ, විශ්‍රාම ගිය ගුරුමහතෙකු ගේ අදහස් ය. සැබෑවකි. අප ට එය තේරුම් ගත නො හැක. රටේ, නම් දරා ඇති සංගීතඥයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරු මේවා විනිශ්චය කරති. ඒ කිසිවකු ට මෙය නො තේරෙනවා නොවේ. ඔවුන් ද මේ රැල්ලට හසු වී අවසන් ය. ඒ කිසිවකු හෝ මේවාට විරුද්ධ ව හඬ නැඟූ බවක් අප අසා නැත. මේවායෙන් ළමා මනසේ පෝෂණය ට, සමබරතාව ට, හොඳට වඩා, වැඩියෙන් සිදුවන්නේ අයහපත බව කොහේ හෝ තැනෙක තේරුම් කර දෙනවා අප අසා නැත. යහපත් ළමා සංවර්ධනයක ට අවැසි වන්නේ මෙවැනි දේ නො වන බව දැන දැන ම, නිහඬ ව ඉන්නෝ බොහෝ ය. හේතුව, මේවා ට දායක වන්නේ තමන් ගේ මිතුරු සමාගමේ ම අයවලුන් නිසා ම, ඒ අය විවේචනය කරන්න ට ඇති අකමැත්තයි. ඒ තුළින් නරක නාමයක් ඇති වේ යැයි ඔවුන් සිතනවා විය යුතු ය. එහෙත් අප තේරුම් ගත යුත්තේ, මේ කතා කරන්නේ රටේ අනාගතය ගැන බව ය. මුළුමහත් දරු පරපුරේ අනාගතය ගැන බව ය.
සංගීතය හෝ නර්තනය ළමා මනසේ වර්ධනය ට අත්‍යවශ්‍ය දෙයක් බව ඇත්තකි. එහෙත් තරගය පුරුදු කිරීම සහ විශේෂයෙන් ම, මෙම තරග රටා දරුවාගේ මනස ට සුදුසු ද? ආපසු හැරී බැලීමෙන් අවැඩක් සිදු නො වනු ඇත. නිදහසේ ළමයින්ටත්, ළමා සිතුවිළි වලටත් වැඩෙන්නට ඉඩ දිය යුතු බව දැන දැන ම, අපි ඒ කවුළු වසා දමමු. අවසන, තාරුණ්‍යය ට දොස් තබමු. සෙනසුරාදා, ලිට්ල් ස්ටාර් කිරුළ පළඳින්නේ කවුරුන්දැයි සිතනු වෙනුවට, මුළු මහත් දරුවන් මේ අයුරින් නො දැනුවත්ව ම, පාවිච්චි කිරීම ගැන අප සිතිය යුතු ය. නැවත නැවතත් සිතිය යුතු ය.
Thushari Priyangika | තුෂාරි ප්‍රියංගිකා
[SEO Tags] Little Star, Reality Shows, Sri Lankan Kids
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
මැල්කම් එක්ස් කියයි. |
Personal Quotes
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus