BOONDI.LK| අදහස් බූන්දි| ත්‍රස්තවාදය තුරන් කිරීම - මහින්ද..., සර්පයා දුටුවාද?
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
අලුතෙන්ම!
ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි!
|
රත්නසිරි නල්ලපෙරුම
[0]
වේයෝ
|
ප්‍රින්ස් සේනාධීර
[0]
සැමරුම
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[0]
තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
මහාවංශය හොල්මන් කිරීම
|
තිසරණී ගුණසේකර
[4]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
ජයසිරි
සංජීවිකා
උදය
මංජුල
සන්ධ්‍යා
ප්‍රියාන්
දර්ශන
ගාමිණී
එස්.ජී.
අශෝක
සනත්
චතුර
කුසල්
ක්‍රිශාන්
වීරයා
සංඛ
රෝහිත
සුනන්ද
ආදිත්‍ය
නුවන්
BOONDI • Currents • •
අදහස් බූන්දි
ත්‍රස්තවාදය තුරන් කිරීම - මහින්ද..., සර්පයා දුටුවාද?
[0]
බූන්දි| | 19:32:19
"මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්ද සිල්වා භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තය බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. එතකොට කවුදෝ කෑගැහුවා. ඕකගෙ ඔළුවට තියන්න කියලා. එතන හිටපු දුමින්ද සිල්වගේ කට්‌ටියෙ කෙනෙක් භාරත මහත්තයගෙ ඔළුවට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළා" යෑයි ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියැදුරු තම ත්‍රාසජනක අත්දැකීම විස්‌තර කරමින්
කියා සිටියේය.
-‘දිවයින’, 2011.10.10 දා
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර
ඝාතනය හා ඔහුගේ වටිනාකම් හා නො වටිනාකම් පිළිබඳවත්
දුමින්ද සිල්වා
ගේ ජීවිතය, චරිතය, සෞඛ්‍යය හා අනෙකුත් නොයෙක් ක්‍රියාකාරකම් පිළිබඳවත් ඇති තරම් දේ දැනටමත් කියැවී හා ලියැවී ඇති අතර මේ සතිය අවසන් වෙන්නට පෙර තවත් බොහෝ දේ කියැවෙන්නට හා ලියැවෙන්නට හා පුනා පුනා කියැවෙන්නටත් නියමිත බව කිවයුතු නොවේ.
අපේ රටේ මිනීමැරීම ඉතා සුළු දෙයක් වී ඇත්තේ ඊයේ පෙරේදා සිද්ධ වූ අස්වාභාවික ග්‍රහ මාරුවක් නිසා නොවන බවත් මේ සියළු සංසිද්ධි මේ අයුරින් නො වන්නට කිසියම් හේතුවක් සොයා ගැනීම තරම් අමාරු කාර්යයක් නොමැති බවත් අපි හැමෝම දනිමු. කොටින්ම එකෙක් දෙන්නෙක්වත් වෙඩි කා, පිහිය ඇනුම් කා චූත නොවන්නා වූ මැතිවරණයක් නම් පන්සලක පල්ලියක දායක සභාවක් නිලධාරි පත් කරගන්නවා වැනි අවස්ථාවකවත් අහන්නට ලැබේදැයි සැක හිතෙන තරමට අපේ රටේ සංස්කෘතිය සර්ධාවෙන් හා මානුෂිකත්වයෙන් පෝෂණය වී තිබේ. මේ සිද්ධියේ සියළු අගමුල හොයන බවත්, රහස් පොලිසිය ඒ කටයුතු කරන බවත්, තරාතිරම නොබලා දඬුවම් දෙන බවත්, ජනාධිපති සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා ඇති බවත් පොලිසියෙන් ඇහෙයි. මේ කතා ටිකත් පටිගත කරන ලද නැවත ප්‍රචාරම මිස වෙනත් කිසි එකක් නොවන බව නො දන්නා කෙනෙකුත් ඇද්ද? මේ කතා ටික මේ විදිහට ම ප්‍රචාරය වූ මිනි මැරුම් කීයක් මේ වෙද්දී සිදුවී තිබේද යන්න අපි කවුරුත් දනිමු. ඒ කතාවල සත්‍ය අර්ථය මොකක්ද කියාත් මේ රටේ මිනිස්සු දනිති.
ඉහත ප්‍රවෘත්තිය පලවූ පත්තර පිටුවේ ම වත්තල ඇලක් අහල දමා ගොස් තිබූ මළ සිරුර අයත් ගුරුවරියගේ මරණය සිදුව ඇත්තේ රූප ලාවණ්‍යාගාරයක දී මුහුණේ ගැල්වූ ආලේපනයක් වීෂවීමකින් බවත් ආයතනය හිමිකාර යුවල සිරුර ඇල ලඟ දමා ගියා මදිවාට ඇගේ ජංගම දුරකතනයේ සිම් කාඩ් පත මාරු කර එය පාවිච්චියට ගෙන ඇති බවත් සඳහන් වී තිබේ.
කඩු පොළු ගිනි අවි එක්කම හැසිරෙන මිනිසුන් ඒවායේම ආනිසංශයෙන් මිය පරලොව යාම එකකි. මේ කඩු කුඩු සංස්කෘතිය රාජ්‍ය පාලන හස්තයේ පැළඳි පේරැස් මුද්දක් සේ ගරු බුහුමන් පුද පූජා ලැබීමේ ආනිසංශයෙන් ‘උන්ට හොඳ නම් අපට මොකෝ’ ප්‍රතිපත්තියේ පිහිටා කොල්ලා කුරුට්ටාගේ සිට බල්ලා පූසා දක්වාම මිනීමැරීම මෙන්ම මැරිච්ච එකාගේ ඉණ ඉහ අතගා ගැනීමත් කිසිම හිතේ ඔද්දලයක් නැතිව කරන්නට තරම් ම නිර්භීත වීම තව එකකි.
මුල්ලේරියාවේ ඝාතනයේ මූලික චරිතයක් වන දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු වීමත්, ආණ්ඩු පක්ෂයේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වීමත් අහම්බෙන් සිද්ධ වූ දේ නොවේ. තවත් මෙවැනිම වූ නොයෙකුත් පත්වීම් සැලකීම් හා බලගතු කිරීම් සමග එක් කොට සිතා බලා අපේ රටේ තැන ලබන්නා වූ සුදුස්සන්ට තිබිය යුතු එකම සුදුසුකම මොකක්දැ යි යන්න හිත හිතා කල්පනා කර හිතා ගතයුතු දෙයක් නම් නොවේ.
අපේ රට ත්‍රස්තවාදය පරාජය කලේත්, යුද්ධය දිනුවේත් ‘මානුෂික’ මෙහෙයුමකින් ය කියන්නාවූ ලේබලය සෑහෙන්න පෙඟී, සායම් දියවී තිබුණත් තවමත් බිත්ති තාප්පවල මෙන්ම, ජාතික වූත් ජාත්‍යන්තර වූත් කතා බහේත් අලව අලවා බෙදා හරින ලේබලයකි. මේ මානුෂිකත්වයේ අන්තර්ගතයේ ජීවන සුවඳ නාස් පුඩු පුරා දැනෙන්නේ මේ වාගේ සිදුවීම් පිස හමා එන සුළඟේය.
ඉතින්, මහින්දට කෙසේ වෙතත් අපි බොහෝ දෙනෙකුට නම් අපේ රට පුරා දරණ ලා සිටින ලේ මාපිලා හඳුනා ගන්නට ඇස් පිසදා බැලීමේ උවමනාවක් නැත. මේ ප්‍රශ්නයේ අග මුල හා අලගිය මුලගිය තැන් පිළිබඳ අඩ සිය වසකටත් වඩා ඇති පදම් කතා බහ කෙරී තිබේ. එක් එක් කාලවල එක් එක් කාණ්ඩ වල ගිණුම් වලට බැර කරමින් ජිල් බෝල ගැහුවත්, ජඩ කම, මැරකම, හා තක්කඩි කම මුල් කරගෙන රටේ බලය ඇල්ලීමේ ගුඩු සෙල්ලම නතර කරන්නට අපි නායකයන්ය කියන්නා වූ කිසිම එකෙකුට අවශ්‍යතාවයක් නැත. මේකටත් හේතුවක් තිබේ. වාසනාවට හෝ අවාසනාවට උන් සියල්ලන්ගේ ම රෙදි කම්බා අස්සේ මේ සර්පයින් සිටීමයි. රෙද්ද ගලවා හෙළුව පෙන්නීම වෙනුවට, ‘අද දවසේ ඡන්ද කරන්නට, ඡන්ද දිනන්නට, මෙහෙම නොකර බෑ.... ’යි කියන මන්තරය මතුරා රටේ මිනිස්සුන්ගේ ඇස් කන් නාසා වල ඇබ ගහන්නට මුන් සියළු දෙනාටම හැකි වී තිබේ.
අපි අපේ කටවල් වල ගැසූ මී පැණි ඇබ සූප්පු කරමින් හුරේ දමන අතර, බලය ඇල්ලූ උන් උන්ගේ බල පුළුවන්කාර කම තව තවත් පුම්බා ගන්නට උන්ගේ අධෝ මුඛ වලිනුත් හුලං පිඹිති. මේ බැළුම් පිපිරෙන සුගන්ධය තව තවත් විඳින්නට අද වාගේම ඉස්සරහටත් මේ රටේ මිනිස්සු වාසනාවන්තය, පින්වන්තය. මෙසේ කිරීම තුන්වැනි ලෝකයේ අපේ වාගේ රටවල සංස්කෘතියේ ම කොටසකි. අපේ ජන්ම අයිතියකි. මෙව්වා ඔය බටහිර රටවල මානුෂික නිදහස ගැන බයිලා කියන උන් දන්නේ නැත. ඉගෙනගෙන නැත. අත් විඳ නැත. ඒක නිසා අපේ මේ අයිතීන් චිරාත් කාලයක් රැක ගැනීම, අපේ මේ පරම්පරාවෙන් පසු, ඉස්සරහට එන පරම්පරාවටත් ලියා කියා උගන්නා රැක ගැනීම අපේ යුතුකමය.
Sandakantha | සඳකාන්ත
[SEO Tags] Baratha Lakshman Premachandra, Duminda Silva, Sri Lankan Under World
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
හැනා අරෙන්ඩ්ට් කියයි.|
Personal Quotes
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus