BOONDI.LK| ගී කිය(ව)මු| වසන්තයේ මල් පොකුරු නෙලා - ඔබ මා දෝතට ගෙනෙන තුරා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව ....
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය හිරු එන විටම
කියයි ඔබ සුළඟට පෙම් බඳින බව -
එනමුදු වැසෙයි කවුළුව ඔබගේ සුළඟ එන විටම
එබැවින්ය මා බිය වන්නේ - ඔබ මට ආදරෙයි කියන විට!
|බොබ් මාර්ලේ කියයි.
|Personal Quotes
[2]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
ගී කිය(ව)මු
කතා-බස්
රහක් ඇති Music
ඔත්තු
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් ගී කිය(ව)මු
අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්...
|
සමන් එම්. කාරියකරවන
[3]
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
|
විජය නන්දන පෙරේරා
[24]
ඉන්දියන් සයුරෙන් නැගී පියෙද්රා ගඟබඩ රළ නැගූ ගෙවා නිමා කළ මිහිරැති වසන්තය
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[3]
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
|
විජය නන්දන පෙරේරා
[1]
අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි
|
විජය නන්දන පෙරේරා
[3]
"සඳකඩ පහණක කැටයම් ඔප ලා" අරුත් සරු ගීයකි!
|
කොට්ටාවේ සමිත හිමි
[0]
"සඳකඩ පහණක කැටයම් ඔප ලා" ගීතයක් ද?
|
බණ්ඩාර සෙනෙවිරත්න
[1]
අත්‍යවශ්‍ය මතක් කරදීමක් හෙවත් 'නැසුණු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කවුරුන්ද?'
|
වීරයා
[0]
තිත්ත පාත්‍රය සහ සඳ මඬල| "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."
|
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[1]
අපරාධය,දේශපාලනය සහ රාජ්‍ය බලය| "නොසැළෙයි දිවි මකුළු ඇස..."
|
වීරයා
[0]
අක්ෂර සෙනග-
[ගී කිය(ව)මු]
[4/7]
විජය
දිලීප
මාලතී
වීරයා
BOONDI • Music • •
ගී කිය(ව)මු
වසන්තයේ මල් පොකුරු නෙලා - ඔබ මා දෝතට ගෙනෙන තුරා
[0]
බූන්දි| | 17:17:36
කලා කෘතියක් ගැන තියෙන සාමාන්‍ය අදහස තමයි ඒකේ 'නියම' තේරුම දන්නේ කෘතියේ රචකයා කියන එක. රසිකයා උත්සාහ කරන්නේ කෘතිය පරිශීලනය කරලා රචකයා විසින් ගෙන එන්නට අදහස් කළ පණිවුඩය තේරුම් ගැනීමටයි. රචකයාට වඩා දැනුවත් පුද්ගලයකු ලෙස විචාරකයා කරන්නේ රචකයාගේ පණිවුඩය තේරුම් ගැනීමට රසිකයාට උදවු කිරීම. ඒත් සමගම මේ පණිවුඩය ගෙන ඒමේදී රචකයා කොතරම් සාර්ථක ද යන්න අවලෝකනය කිරීම.
හැබැයි මෑත කාලයේදී මේ ජනප්‍රිය අදහස තදින් අභියෝගයට ලක්වෙලා
තියෙනවා. උදාහරනයක් විදියට ෂේක්ස්පියර් වගේ පරණ රචකයන්ගේ කෘතිවලට මනෝවිශ්ලේෂණය වැනි නූතන න්‍යායන් පාවිච්චි කරලා වෙනස්ම අර්ථකථන විචාරකයන් කරලා තියෙනවා. ෂේක්ස්පියර්ගේ කාලයේ මනෝවිශ්ලේෂණය ගැන හිතලාවත් තිබුනේ නැති නිසා මේ අලුත් අර්ථකථන ෂේක්ස්පියර් දැනගෙන හිටි දේවල් කියලා හිතන්න බැහැ. මේ අනුව වඩාත් දියුනු අලුත් අදහස තමයි රචකයා කියන්නේ කෘතියට සම්බන්ධ වන එක් පුද්ගලයකු මිස කෘතියේ අවසාන අර්ථය නිශ්චය කරන්නා නෙවෙයි කියන එක. කෘතිය අවංක නම් (ඒ කියන්නේ රචකයා විසින් තමන්ගේ මතවාද ඔප්පු කරන්න කෘතියේ සිද්ධි සහ චරිත මෙහෙයවලා නැත්නම්) කාලයෙන් කාලයට අලුත් න්‍යායන් වලට අනුව කෘතියක් අලුත්ම ලෙස අර්ථකථනය කල හැකි විය යුතුයි.
මේ අදහස මත ඉඳගෙන ලංකාවේ ජනප්‍රිය වෙලා තිබුන
"වසන්තයේ මල් පොකුරු නෙලා"
නමැති
මහගමසේකර/ අමරදේව
සංයෝගයෙන් හැදුනු ගීය ගැන විචාරයක් කරන්නයි මම උත්සාහ කරන්නේ. මේ ගීතය ගැන කාලෝ ෆොන්සේකා, සරත් අමුණුගම වගේ අයගේ විචාර මම දැකලා තියෙනවා. මට මතක විදියට ඒ විචාරවල තිබුන පොදු අදහස තමයි මේ ගීය සුන්දරත්වය සහ අනිත්‍යය පිලිබිඹු කරන්නක් කියන එක. අපි ගීතයේ පළමු පේලි කීපය මුලින් අරගෙන බලමු.
වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මග බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
කවියා බලා සිටින්නේ වසන්තයේ සොඳුරු මල් පොකුරු දෝතින් ගෙන ඔහු / ඇය පැමිණෙන තුරුයි. මේ සොඳුරු මල් තමා විසින්ම නෙලාගන්න කවියා උත්සාහ කරන්නේ නැහැ. ඔහු අපට කියන්නේ සුන්දරත්වය යනු අනෙකා විසින් ගෙන එන දෙයක් මිස තමා විසින්ම සාක්ෂාත් කරගත හැක්කක් නොවන බව. හැබැයි වසන්තය නිමාවන තෙක්ම ඔහු / ඇය පැමිණ නැහැ. එසේ නොපැමිණියත් කවියා කියන්නේ වසන්තය සොඳුරු බවයි. ඔහු / ඇය පැමිණෙන තෙක් බලාසිටීම හැර වෙන කිසිවක් වසන්තය පුරාවටම කවියා සිදුකර නැහැ. එහෙම නම් වසන්තය සොඳුරු වූයේ කොහොමද? සුන්දරත්වය / සතුට යනු යමක් ලැබීමද? යමක් ලැබෙන තෙක් බලා සිටීමද?
සැමුවෙල් බෙකට්ගේ "ගොඩෝ එනකං"
නාට්‍යයේ කථාව වන්නේ ගොඩෝ නමැති පුද්ගලයකු එනතුරු තවත් දෙදෙනෙක් බලා සිටීමයි. නාට්‍යය පුරාවටම ගොඩෝ දැන් ඒවි, දැන් ඒවි කියලා හිතෙන සිද්ධි තිබුනත් නාට්‍යය නිමවන තෙක්ම ගොඩෝ එන්නේ නැහැ. ගොඩෝ ආවොතින් සිද්ධ වෙන මහ ලොකු දේ මොකක්ද කියලා නාට්‍යයේ කියවෙන්නෙත් නැහැ. වැදගත් දේ වන්නේ ගොඩෝ එනතෙක් බලා සිටීමයි. ගොඩෝ දැන් දැන් එයි කියන ප්‍රහර්ෂයයි.
අජිත් තිලකසේන
ගේ කෙටිකතාවක් තියෙනවා
"මගේ අරමුන ඈ බේරාගැනීම"
කියලා. මෙහිදී කථකයා "ඈ බේරාගැනීම" කියන අරමුන වෙනුවෙන් බොහෝ දේ කරනවා. තමන්ගේ දෑස් පවා අහිමි කරගන්නවා. "ඈ" කියන්නේ කවුද, ඇයව බේරාගන්නේ මොකටද, බේරාගන්නේ මොකකින්ද කියන දේවල් ගැන ඉඟියක්වත් ඔහු අපට සපයන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු තම අරමුන වෙනුවෙන් කරන විකාරසහගත නමුත් ආශ්වාදජනක දේවල් වලින් තමයි කථාව පිරිලා තියෙන්නේ. අවසානය තෙක්ම "ඈ බේරාගැනීමක්" සිදුවන්නේ නැහැ. අවසානයේදී කථකයා අපට කියන්නේ ඔහුට අන් කිසි දෙයක් වැදගත් නොවන බව සහ ඔහුගේ එකම අරමුන ඈ බේරාගැනීම බව.
"ගොඩෝ එනකං" නාට්‍යයේ කිසියම් ජවනිකාවකදී ගොඩෝ ඇත්තටම ආවානං වෙන්න පුළුවන් මොකද්ද? සියල්ලන් සතුටට පත්වන අවසානයක්ද? මම නම් හිතන්නේ ඒකේ අනෙක් පැත්ත සිදුවෙයි කියලා. ගොඩෝගේ පැමිණීම විසින් සිදුකරන්නේ ඔහුගේ පැමිණීම ගැන තවදුරටත් ෆැන්ටසි ගොඩනැගීමට අපට ඇති අවකාශය අවුරා දැමීම. ඊට පස්සේ අපිට සිද්ධ වෙන්නේ "ගොඩෝත් ආවා එහෙනං" කියලා ලොකු හුස්මක් හෙළලා අපේ සාමාන්‍ය වැඩ නැවත පටන් ගන්නයි. සමහරවිට මේ අවසානය "අපෝ, මෙයා එනකන්ද මෙච්චර බලං හිටියේ" වැනි ඉච්ඡා භංගත්වයක් වෙන්නත් පුලුවන්. බෙකට් නාට්‍යය පුරාවටම ගොඩෝව වේදිකාවට කැඳවන්නේ නැත්තේ මේක දන්න නිසා වෙන්න ඕන. ආශාව සම්පූර්ණයෙන් තෘප්ත වීම කියන්නේ භ්‍රාන්තියක්. මොකද එතකොට තමයි ආශාවේ හිස්බව තමුන්ටම අනාවරනය වෙන්නේ. දැන් බලමු මහගමසේකරගේ ගීතයේ මීලඟට වෙන්නේ මොකක්ද කියලා.
අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැළවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා
කවියා මෙතෙක් කල් බලා සිටි ඔහු / ඇය කටුක ගිම්හානයකට පසු ඔහු වෙත පැමිණ තිබේ. හිස් අතින් නොව වසන්තයේ මල් පොකුරුද දෝතින් රැගෙනයි. මෙය "ගොඩෝ" ගේ පැමිණීමක්ද? ආශාව සහමුලින් ඉටුවීමක්ද? ගීතයේ මීළඟ පද දෙක මේ භ්‍රාන්තියෙන් අපව ගලවා ගන්නවා.
ඔබ අතවූ මල් එකිනෙක පරවී
සුලඟේ විසිරෙනු මා දුටුවා
අවසානයේ ඔහු / ඇය පැමිණියත් දෝතින් ගෙන එන සුන්දරත්වයේ මල් පොකුරු කවියා බලා සිටියදීම පරවී සුලඟේ විසිරී යනවා. ඒ කියන්නේ කවියාගේ අපේක්ෂාව ඒ අයුරින්ම සාක්ෂාත් වෙන්නේ නැහැ. සැමුවෙල් බෙකට් සහ අජිත් තිලකසේන වගේම මහගමසේකරත් ආශාව තෘප්ත වීමේ නස්පැත්තියෙන් රසිකයාව දක්ෂ ලෙස ගළවා ගන්නවා. දැන් අපට "වසන්තයේ මල් පොකුරු රැගෙන ඔහු / ඇය ආවානම් කොයි තරම් සුන්දරද" කියන අපේක්ෂාව ගිනි පෙලෙල්ලකට පිඹිනවාක් මෙන් නැවත නැවත ජ්වලනය කරමින් පවත්වාගත හැකියි.
ගීතයේ මේ වෙනකොට අපි ඉන්නේ ආශාව ඉටුවෙන්නම වගේ ගිහිල්ලා ලෝක ධර්මතාවයක් නිසා එය මගහැරුනු තැනකයි. ගීතය මෙතැනින් නිම වුනා නම් ඔබට ඇතිවන හැඟීම මොන වගේද? මටනම් ඇතිවෙන්නේ කාංසාවක්. මල් පරවීයාම යනු ලෝක ධර්මතාවයක් යන්න මට දරාගත හැකියි. දරාගත නොහැකි දෙය වන්නේ එම ධර්මතාවයෙන් පිට කිසිවක් නොපවතීය යන්නයි. සමස්තතාවාදී ධර්මයක් ලෙස අනිත්‍යය පිළිගත හැකි වුවත් එයින් වියුක්තව පවතින උත්කර්ෂවත් යමක් මට අවශ්‍යයි. මේක මට විතරක් තිබෙන ප්‍රශ්නයක් නොව සියලු මනුෂ්‍යයන්ට පොදු වූවක් බව සාහිත්‍යය කියවනකොට පැහැදිලි වෙනවා. උදාහරනයක් ලෙස අපි බෞද්ධ සාහිත්‍යය ගනිමු. බුදු දහමේ හරය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය වුවත් බෞද්ධ සාහිත්‍යය තුල මේ ලෝක ධර්මතාවයට පිටින් පවතින්නක් ලෙස බුදුන් වහන්සේගේ ශරීරය සහ පෞරුෂය ඉස්මතු කරනවා. අභිධර්මයේ (මා කියවා ඇති කොටස්වල) පවා බුදුන් වහන්සේගේ පුද්ගල පෞරුෂය උත්කර්ෂයට නගා තිබෙනවා. සසරින් එතෙර වීමට උදවු වන ධර්මය ද සසරින් එතෙරවූ පසු කරතියාගෙන නොයන්නැයි බුදුන් වහන්සේ පවසා තිබුනත් බෞද්ධ සාහිත්‍යය තුල ධර්මය තරම්වත් උසස් නොවන බුද්ධ ශරීරය සහ පෞරුෂය කරතබාගෙන යාමට පාඨකයා පොලඹවනවා. මගේ අදහසේ හැටියට නම් ගැඹුරු දහමක් විස්තර කිරීමේදී එයට පිටින් පවතින උත්කර්ෂවත් වස්තුවක් වරනැගීම හරිම වැදගත්. අපේ ගීතයේ අවසාන පද දෙක දැන් අපි කියවමු.
සුලඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා
කාලෝ ෆොන්සේකාගේ විචාරයට අනුව පරවී යන මල් අතරින් පෙනෙන ඔහු / ඇය ගේ රුව පිලිබිඹු කරන්නේ රූපයෙහි ඇති අනියත ස්වභාවයයි. හැබැයි මගේ අදහස මීට සහමුලින්ම වෙනස්. මල් පරවී යාම නමැති ධර්මතාවය විසින් ඇතිකරන කාංසාව මගහැරීමට උත්කර්ෂවත් වස්තුවක් ලෙස ඔහු / ඇය ගේ රුව මතුවෙනවා. ඒක කලින් වටහාගත් දහම මගින් පාලනය නොවන, එයින් විනිර්මුක්ත වූ ශුද්ධ වස්තුවක්. මෙහිදී පරව යන මල් විසින් ගීතයට සේවයන් දෙකක් සිදුකරනු ලබනවා. එකක් නම් කවියාගේ ආශාව ඉටු නොවී පවත්වාගැනීමට ආධාර වීමයි. අනෙක තමයි ඔහු / ඇය ගේ රුව ශුද්ධ වූ පැවැත්මක් ලෙස මතුකරගැනීමට (contrast) අවශ්‍ය කලු පසුබිම සකසා දීම.
ගීතයේ අවසන් කොටස් දෙකම "මා දුටුවා" ලෙස නිමවීමේත් වැදගත්කමක් තියෙනවා. කවියා අපට කියන්නේ නැහැ "මෙන්න මේක මෙහෙම වුනා" කියලා. ඒ වෙනුවට ඔහු කියන්නේ "මේක මෙහෙම වෙනවා මම දැක්කා" කියලා. ඒ කියන්නේ පරවී යන මල් සහ ඔහු / ඇය ගේ රුව පවතින්නේ කවියාගේ දැක්ම (gaze) තුලයි. දැක්ම කියන්නේ ආශාවේ එක මානයක්. මේ අනුව වසන්තය, ගිම්හානය, ගිනියම් අව්ව, මල් පොකුරු, ඔහු / ඇය යන සියල්ල කවියාගේ ආශාවේ සංඝටක ලෙස හඳුනාගත හැකියි. මේ ගීතය මම වටහාගන්නේ මිනිස් ආශාව පිළිබඳ සියුම් ඉඟි සපයන නිර්මානයක් විදියටයි. මේක මම කැමතිම සිංහල ගීත වලින් එකක්. පද රචනය නිසාම විතරක් නෙවෙයි. අමරදේව මාස්ටර්ගේ දක්ෂ තනු සහ ගායනයත් නිසා.
අවසාන වශයෙන් මෙම ලිපිය තුළ හඳුනාගත් ගීතයේ හැඟවුම් සාරාංශගත කරමු.
1. ආශාව දැල්වීම
2. ආශාව ඉටුවන්නට යනවා මෙන් දිස්වන සුරතාන්ත අවස්ථාව (භ්‍රාන්තියේ අවදානම)
3. ආශාව තෘප්තිමත් නොකොට පවත්වා ගැනීම
4. කාංසාව
5. කාංසාව මගහැරීමට උත්කර්ෂවත් වස්තුවක් පැමිණීම
පසු සටහන්:
1. භ්‍රාන්තිය (Phobia) සහ කාංසාව (Anxiety) යන වචන මෙම ලිපිය තුළ භාවිතා කර ඇත්තේ මනෝවිශ්ලේෂණයේ එම පද භාවිතා වන අරුතින් නොව සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති අර්ථයෙනි. මනෝවිශ්ලේෂණයේ එන අර්ථයෙන් එම පද භාවිතා කිරීමට තරම් මනෝවිශ්ලේෂණය පිළිබඳ දැනීමක් මට නැත.
2. ලිපියේ අදහස් සියල්ල මගේ අදහස් වන අතර භාෂා ශෛලිය (කථන භාෂාවේ සහ ලේඛන භාෂාවේ මුසුවක් ලෙස) ගොඩනගා ගැනීමට දීප්ති කුමාර ගුනරත්නගේ ලිපිවල ආභාසය ඉවහල් විය.
Dileepa Jayathilake | දිලීප ජයතිලක
[SEO Tags] Wasanthaye mal pokuru nela - oba maa dhothata genena thura, W.D.Amaradeva, Mahagama Sekara
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.|
Personal Quotes
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus