BOONDI.LK| අදහස් බූන්දි| කුකුල් පොර, ගොන් පොර සහ බොක්සිං
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, ....
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ නිශ්ශබ්දතාවයි.
|මාර්ටින් ලූතර් කිං කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ලුම්බිණි සියොත් කැළ...
අවසන් වැළඳගැනීම- ලොව...
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
අලුතෙන්ම!
රාවයට ආදරය කරන ජනතාවට ආයාචනයක්....!
[0]
රේඩියෝ නාට්‍යය හා රේඩියෝ කතා සංස්කෘතිය
|
මාලක දේවප්‍රිය
[0]
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
තවත් අදහස්
71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු....
|
චමීර කොස්වත්ත
[0]
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
ප්‍රියංජිත්
රුවිනි
මාලතී
ප්‍රසාද්
ආදිත්‍ය
චන්දන
දර්ශන
අශෝක
රන්සිරිමල්
ක්‍රිශාන්
ජයසිරි
සුනන්ද
රසික
සංජීවිකා
උදය
සන්ධ්‍යා
රෝහිත
ප්‍රදීප්
ප්‍රියාන්
සඳුන්
BOONDI • Currents • •
අදහස් බූන්දි
කුකුල් පොර, ගොන් පොර සහ බොක්සිං
[0]
බූන්දි| | 17:14:00
රටක චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංග හෝ ආගමික වතාවත්, අනාදිමත් කාලයක් තිස්සේ පැවතීම හේතුකොටගෙන ඊට සම්බන්ධ ඇතැම් කෲර අභිචාර විධීන් නූතන මිනිසා ද ඉවසා සිටිය යුතු බවට පළවෙන ජනප්‍රිය මතයක් තිබේ. මුන්නේෂ්වරම් කොවිලේ එළුවන් සහ කුකුළන් ඝාතනය කිරීම බලහත්කාරයෙන් වැළැක්වීමේ සිද්ධිය අරභයා ඇතැම් විචාරකයන් පමණක් නොව, ලංකාවේ අභියාචනාධිකරණය පවා මේ තර්කය පසුගිය දිනවල ඉදිරිපත් කොට තිබුණි. පසු ගිය සියවසේ මැද භාගය වන තෙක්, ඉන්දියාවත් මෙම අදහසම
දැරුවේය. සැමියා මියගිය පසු බිරිඳ එම සැමියාගේ දර සෑයට පැන දිවිනසා ගැනීමේ ‛සති පූජාව’ අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉන්දියාවේ පැවති ආගමික චාරිත්‍රයක් වුව ද, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය එය තහනම් කළ බව අපි දනිමු. ‛සති පුජාව’ තුළ ඉන්දිය ගැහැනියකගේ ජීවිතය බිළි ගැනීම සහ මුන්නේෂ්වරමේ භද්‍රකාලී විසින් එළුවෙකුගේ ජීවිතය බිළි ගැනීම අතර වෙනසක් ඇතැ යි කෙනෙකු කිවහොත්, එම වෙනස පිහිටන්නේ, බිල්ලට ලක්වන්නේ මනුෂ්‍යයෙකු වීම යන කාරණය තුළ පමණක් බව පෙන්වා දිය යුතුය. හෙවත්, එළුවාගේ දෘෂ්ටි කෝණයෙන් ඒ දෙස බලන්නට අපට නොහැකි නිසාම පමණි. කෙසේ වෙතත්, අනාදිමත් කාලයක් තිස්සේ පැවති ආගමික හෝ සංස්කෘතික චාරිත්‍රයක් හෝ අභිචාරයක් ය යන තර්කය, සත්ත්ව ජීවිතයක් බිළි ගැනීම සඳහා බරපතල වලංගු භාවයක් ප්‍රදානය නොකරන බව පමණක් මෙහි දී අවධාරණය කරනු කැමැත්තෙමි.
ඊළඟට, සත්ත්ව අවිහිංසාව ගැන කතා කිරීමේ දී, ආහාර සඳහා සතුන් ඝාතනය කිරීමත්, ආහාර නොවන වෙනත් කාර්යයන් සඳහා සතුන් ඝාතනය කිරීමත් යන කාරණා දෙක ඉතිරි වෙයි.
සත්ත්ව අවිහිංසාව යනු ආහාර සඳහා සතුන් ඝාතනය කිරීමට අදාළ ප්‍රතිපදාවක් පමණක් නොවේ.
‛වෙජිටේරියන්’හෙවත් මස් මාළු කෑමෙන් වැළකී සිටින තැනැත්තා සහ සත්ව අවිහිංසාව අතර අනිවාර්ය සම්බන්ධයක් ඇත්තේ ද නැත. ඇඩොල්ෆ් හිට්ලර් මස් මාංශ අනුභවයෙන් වැළකී සිටි ‛වෙජිටේරියන්’ කෙනෙකි. සතුන්ට බෙහෙවින් ආදරය කළ තැනැත්තෙකි. ඔහු, යුද්ධයට කිසි සම්බන්ධයක් නැති අසරණ මිනිසුන්, ගැහැනුන් සහ ළමුන් හැට ලක්ෂයක්, ජාතියක ඊනියා ශ්‍රේෂ්ඨත්වයකින් මුසපත්ව ඝාතනය කෙළේය. ලංකාවේ බොහෝ ‛වෙජිටේරියන්ලා’ යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු, අඩු වශයෙන්, කිරිබත් කෑල්ලක් හෝ කෑහ.
මේ නිසා, ගෙදර සිටින බල්ලාට හෝ බළලාට දක්වන සත්ව අනුග්‍රහය, තවත් මනුෂ්‍යයෙකු වෙනුවෙන් දැක්වීමට අප අපොහොසත් වන බවක් පෙනෙන්නට තිබේ. ආගම ධර්මය ඊට එක විසඳුමක් වශයෙන් සාමාන්‍යයෙන් සැළකේ. එම මතය, අප හිතන තරම් නිවැරදි නැත. ලංකාවේ යුද්ධය වෙනුවෙන් අපේ සංඝ සාසනය පෙනී සිටියේය. අනිත් අතට, සමහර ආගම් තුළ සත්ව ඝාතනයට තහනමක් නැත. එය තහනම් කෙරෙන ආගම් පවා එසේ කරන්නේ, කර්තෘකයා තුළ දඩුවම පිළිබඳ භීතියක් ජනිත කැරැවීමෙනි. උදාහරණයක් වශයෙන්, මා සතෙකු නොමරන්නේ මරණින් මතු අපායේ යාමට සිදුවෙතැ යි යන බිය නිසා මිස සතා කෙරෙහි වන ආදරයකින් හෝ අනුකම්පාවකින් නොවිය හැකිය. සත්ව ඝාතනයට ආගමික ප්‍රතිපත්තියක් වශයෙන් විරෝධය පාන ජනතාවකගෙන් සියයට අනූවකටත් වැඩි පිරිසක් අද මස් මාළු කන්නේ එබැවිනි.
මා දන්නා තරමින්, සත්ව මාංශ ආහාරයට ගැනීම සම්බන්ධයෙන් ලාංකිකයන් අනුගමනය කරන ප්‍රතිපත්ති තුන් වැදෑරුම් වෙයි. සැබෑ ශාකභක්ෂකයන් හෙවත් ‛වෙජිටේරියන්’ වශයෙන් හැඳින්විය හැකි, මුළු ජනගහනයෙන් සියයට එකක් තරම් විය හැකි ඉතා සීමිත පිරිසක්, මොනම මසක්වත්, මොනම ආකාරයකින්වත්, ආහාරයට නොගනිති. ඔවුහූ, මස් සහ මාළු පමණක් නොව, ‛ෆොසිල මස්’ ඝනයට වැටෙන උම්බලකඩ ද, බිත්තර යොදය සහිත කේක් වැනි රසකැවිලි ආදිය ද, සතුන්ගේ කිරි (අමු කිරි සහ පිටි කළ කිරි) වර්ග ද ආහාරයට නොගනිති. සැබෑ ‛වෙජිටේරියන්ලා’ වන්නේ ඔවුන් ය. සැබවින්ම, ආහාර සම්බන්ධයෙන් පූර්ණ සත්ව අවිහිංසාව දරන්නෝ ඔවුහූ ය.
ඊළඟ පිරිස, හරක් මස් නොකති. වෙනත් මස් කති. නැතහොත්, ඌරු මස් නොකති. වෙනත් මස් කති. හරකා කෘෂිකාර්මික සමාජයේ ප්‍රයෝජනවත් සතෙක් ය යන කල්පනාව මත එක පිරිසකගේ ‛අවිහිංසාව’ පදනම් වී ඇත. අනික් පිරිස, සෞඛ්‍යට අහිතකර බවට ඇති විශ්වාසයක් නිසා හෝ ආගමික (ඉස්ලාම්/යුදෙව්) විශ්වාසයක් නිසා හෝ ඌරු මස් නොකති.
මේ දෙපිරිසටම අයත් නැති තවත් පිරිසක් සිටිති. ඔවුන්, ‛මං මස් කන්නේ නැහැ’ යැයි කියන විට ඉන් අදහස් කරන්නේ, හරක් මස්, එළුමස්, ඌරු මස්, කුකුළු මස් ආදී ගොඩබිම සතුන්ගේ මස් නොකන බව පමණි. මේ පිරිස් මාළු කති. ඔවුන් මාළුවාව සළකන්නේ, ‛මසක්’ වශයෙන් නොවේ. ‛මස් මාළු’ යැයි වචන යුගලයක් එකට පාවිච්චි වෙතත්, ඕනෑම සතෙකුගේ මාංශය, ඌ හරකෙකු වුවත්, හාල්මැස්සෙකු වුවත්, ‛මසක්’ ම වන්නේය. ඒ නිසා මාළු යනු මසක් වශයෙන් නොසැළකීම බහුබූතයක් බව පැහැදිළියි. (අපේ ඇතැම් සංඝයා වහන්සේලා ද මීට කලකට පෙර මීට සමාන වර්ගීකරණයක් තවත් ඉදිරියට ගෙන යමින්, මාළුවා ‛කරදිය’ සහ ‛මිරිදිය’ වශයෙන් දෙවගකට බෙදා, ඉන් එක් වර්ගයක් අනුභවයට ගැනීම ‛සුදුසු’ යැයි නිර්දේශ කළහ).
ආහාර සම්බන්ධයෙන් සත්ව අවිහිංසාව මෙසේ වෙතත්, ආහාරයට සම්බන්ධයන් නැති ක්ෂේත්‍රයේ දී මුලින් කී පිරිස පවා, එනම් සැබෑ ‛වෙජිටේරියන්ලා’ පවා, සැබවින්ම සත්ව අවිහිංසාව අනුයන්නෝ ද යන්න සැක සහිත ය. මස් මාළු නොකන, එසේම, ඇඟේ ලේ උරා බොන මදුරුවාව පවා නොමරා ඇඟිල්ලෙන් ගසා පන්නා දමන අය මම දනිමි. එහෙත් ඒ ඉතා සුළු පිරිසකි. අනිත් අතට, ආහාර පිණිස සතුන්ගේ මස් මාංශ අනුභවයට නොගන්නා බොහෝ දෙනා මදුරුවෝ මරති. මැසි තෙල් ගසති. බෞද්ධ සිද්ධස්ථානවල අලි ඇතුන් සහිත විචිත්‍ර පෙරහැර විවේචනයකින් තොරව නරඹති.
අප කුඩා කාලයේ බොහෝ තැන්වල කුකුල් පොර තිබුණි. ඇතැම් අවස්ථාවල, එක පෙදෙසක පිරිසක් තමන්ගේ හොඳම පොර කුකුළන් ද රැගෙන වෙනත් පළාතක කුකුළන් සමග කෙටවීමට ගෙන ගියහ. මේ අවස්ථාවල් ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු බවත් මතකයේ තිබේ. එහෙත් මෑතක එවැනි කුකුල් පොර ගැන අසන්නට නැත. සමහර විට, නීතියෙන් එම ක්‍රීඩාව තහනම් කර ඇති නිසා විය හැකිය.
එහෙත්, කුකුළන් දෙන්නෙකු සම්බන්ධයෙන් එතරම් සත්ව කරුණාවක් සහ ශිෂ්ට සම්පන්න බවක් දක්වන සමාජයක් බොක්සි තරග පවත්වන්නේ කෙසේද? කුකුල් පොරය සහ බොක්සි තරගය අතර ඇති වෙනස කුමක් ද? එක තැනක පොර කුකුළන් දෙන්නෙකු සිටීමත්, තවත් තැනක පොර පිරිමින් දෙන්නෙකු සිටීමත් පමණි. ඉතිං, අප මුලින් තහනම් කළ යුත්තේ, කුකුල් පොරය ද, බොක්සිං තරගය ද?
ස්පාඤ්ඤය ගොන් පොරවලට ප්‍රසිද්ධයි. බොක්සිං ක්‍රීඩාවේ දී සහ කුකුල් පොරයේ දී මෙන් නොව, ගොන් පොරය පැවැත්වෙන්නේ ඉතා අසමාන සහ අකාරුණික සත්ව ප්‍රභේදයන් දෙකක් අතරේ ය. එක පැත්තක, බොහෝ දුරට පූර්ණ ආරක්ෂාව යටතේ තරග වදින මිනිසෙකු සිටී. අනිත් පැත්තේ සිටින්නේ, එවැනි ආරක්ෂාවක් මොන විදිහකින්වත් සහතික කොට නැති සහ අවසානයේ දී කොහොමත් ඝාතනයට ලක් කෙරෙන ගොනෙකි. මේ සතා මොන තරම් අවාසි සහගත තත්ත්වයක් යටතේ නිරායුදව තරග වදින්නේ ද යත්, ස්පාඤ්ඤයේ එක මාසයක් ඇතුළත මෙවැනි ගොන්පොරවල දී ඝාතනය කෙරෙන හරකුන්ගේ ප්‍රමාණය 2000 ත් ඉක්මවයි. අනිත් අතට, මෙවැනි තරගයක දී මනුස්ස පිරිමියා මියගියොත් ඒ ඉතා කලාතුරකිනි. පෙනිසිලින් නැමති ඖෂධය සොයා ගැනීමට පෙර බොහෝ මිනිසුන් මේ තරගයේ දී මියගිය බව කියැවේ. එහෙත් වර්තමානයේ දී එම ප්‍රමාණය, අවුරුදු පහකට එක් අයෙකු හෝ දෙන්නෙකු පමණි.
මරණයේ සම්භාවිතාව පිළිබඳ ඉහත සඳහන් දත්ත ඉදිරිපත් කෙළේ, ප්‍රතිමල්ලවයන් දෙපිරිස අතර පවතින අසාධාරණ අසමානත්වයේ තරම පෙන්නුම් කිරීමට මිස හිංසනය සංඛ්‍යාගත කිරීමට නොවේ. ඇත්තෙන්ම එවැනි සංඛ්‍යාගත කිරීමක දී, තරගකරුවන්ටත් වඩා සැළකිල්ලට ගත යුතුව ඇත්තේ, තරග ප්‍රේක්ෂකයන්ව ය. ස්පාඤ්ඤයේ එක වසරක දී ගොන්පොර සජීවීව බලා ප්‍රීතියට පත්වන ප්‍රේක්ෂක ජනගහනය මිලියන 30 ද ඉක්මවයි. රූපවාහිනියෙන් ලෝක ප්‍රකට බොක්සිං තරග නරඹන ජනගහනය මිලියන සිය ගණනක් ඉක්මවයි.
ලංකාවේ තිස් අවුරුදු යුද්ධය තුළ මියගිය සම්පූර්ණ සංඛ්‍යාව තවම නිවැරදිව ඇස්තමේන්තු කොට නැත. එය ලක්ෂය ඉක්මැවිය යුතු බවට සැකයක් ද නැත. එහෙත්, මේ ඝාතනය නැරඹූ ප්‍රේක්ෂක ජනගහනය කොපමණ ද? එම ජනතාවගෙන් එක කොටසක් ජයග්‍රහණයෙන් උද්දාම වෙති. තවත් කොටසක්, විනාශයට මුහුණදී ශෝක වෙති. ඒ විනාශයට පත් ජනතාව තුළ ඇති කරනු ලැබ තිබෙන තුවාල සුළුපටු නැත. මුන්නේෂ්වරමේ එළුවන් ගැන දුක් වෙන්ට කලින් ඒ ගැන සිතා බැලුවොත් නේ ද, හොඳ?
Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ
[SEO Tags]
www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.|
Personal Quotes
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා නො කරති. ඉතිහාස පොත් නැවත නැවත සිදු වන යුධ වලින් පිරී ඇත. මිනිසුන් වශයෙන් අපට අප අවබෝධ කිරීම ආරම්භ කිරීමට හැකි නම්, එකිනෙකා මැරීම නවතිනු ඇත.
පහත් ජාත්‍යාලයෙන් අපේ රට ගැන පමණක් කල්පනා කරනතාක්, අපි භයානක ලෝකයක් නිර්මාණය කරමින් ඉන්නෙමු. අප සැමට සතුටින් හා සාමයෙන් ජීවත් වියහැකි මේ මහ පොළව අප සැමගේ ම යයි අප වරක් දුටුවොත්, එවිට අපි එකට එක් වී අළුත් ලෝකයක් ගොඩ නගනු ඇත.
[2]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus