BOONDI.LK| Cine බූන්දි| ඩෝබි ඝාත් | ඉන්දීය ජනප්‍රිය සිනමාවට අලුත් බලාපොරොත්තුවක්
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ....
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-
සංජීව පුෂ්පකුමාර
ගේ
"ඉගිල්ලෙන මාළුවෝ"
චිත්‍රපටයෙන්]
|ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
|Movie Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් Cine
කුස-පබා නැරඹුවෙමි.
|
රංජිත් පෙරේරා
[3]
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
|
ඩේවිඩ් වෝල්ෂ්
[2]
ඩයනා.... රිදී තිරයේ යළි උපදින වග
|
නද්යා භාෂිණී අමරනායක
[2]
ඇනා කැරනිනා යළි එන වගයි.
|
සුමුදු තිවංක ගමගේ
[1]
වළ දැමුණු කුණු වමාරා කෑම හෙවත් මහාවංශය ද තලගොයා කරගැනීම නොහොත් විජය කුවේණි
|
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
[4]
"இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය
|
අජිත් ගලප්පත්ති
[11]
ආර් ද කිඩ්ස් ඕල් රයිට්...?
|
හර්ෂ අරවින්ද
[1]
සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’
|
ලියනගේ අමරකීර්ති
[0]
යුද්ධය සමරන "මාතා" යුද සිනමාව නොවේ. "මාතා" යුද ආතතියේ තෙහෙට්ටුවයි.
|
අජිත් ගලප්පත්ති
[1]
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
|
සිරිල් බී. පෙරේරා
[1]
අක්ෂර සෙනග-
[Cine]
[20/54]
එරික්
හෂිත
චින්තන
චමිල
තිස්ස
මොන්ටානා
අමිල
නුවන්
ජගත්
මංජුල
දිලීප
තුෂාරි
ඉසුරු
සංඛ
දර්ශන
ප්‍රියාන්
විදර්ශන
බී.ජී.එම්.
විපුල
විකුම්
BOONDI • Raha • •
Cine බූන්දි
ඩෝබි ඝාත් | ඉන්දීය ජනප්‍රිය සිනමාවට අලුත් බලාපොරොත්තුවක්
[0]
බූන්දි| | 19:03:34
ඉන්දියානු සිනමාව තුළින් ප්‍රේක්ෂකයා වෙත සිහින ලෝකයක් මවා පෙන්වන බව බොහෝ දෙනෙකුගේ මතයයි. සමාජ යථාර්ථය නොව රසිකයාගේ ෆැන්ටසිය තිරය මත දිගහරිමින් ප්‍රේක්ෂකයාට විඳවන්නට නොව විඳින්නට ඉඩකඩ සලසා දිය යුතු යැයි ලංකාවේද කතාබහ සිදුවන බව දක්නට ඇත. සිහින ලෝකයක ඇති හින්දි සිනමාව පුපුරවා හරිමින් නිර්මාණය වූ
"ස්ලම් ඩෝග් මිලියනර්"
චිත්‍රපටයට ලෝක මට්ටමින් ප්‍රතිචාර හිමිවුවද, එය ඉන්දියාවට එරෙහි බටහිර කුමන්ත්‍රණයක් බවට ලඝුකොට දැක්වූ කතිකාවක්ද විය. ඊට ප්‍රධානතම
හේතුව එහි අධ්‍යක්ෂවරයා ඉන්දියානුවෙකු නොවීමය. දැන් ඊට නිසි පිළිතුරක් නැවතත් සපයා ඇත. සමාජ යථාර්ථය කලාත්මක ප්‍රතිනිර්මාණය කිරීම කුමන්ත්‍රණයකට ලඝුකොට සිනමා නිර්මාණය නිසි බලධාරියාගේ ගිලටීනයට හසුකරන ආසියාවේ 'බලවන්ත ම' රටට ද ආදර්ශයක් ඉන්දියාවෙන් සපයා ඇත.
"ඩෝබි ඝාත්"
චිත්‍රපටය ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකා
කිරාන් රාවෝ
ගේ ප්‍රථම නිර්මාණයයි. සුප්‍රකට බොලිවුඩ් නළු
ආමීර් ඛාන්
සමගින්
මොනිකා ඩොග්‍රා, ප්‍රතීක් බබ්බර්, ක්‍රිටි මල්හෝත්‍රා
ඇතුළු නළුනිළියන් මෙහි රංගන දායකත්වය සපයයි. අමීර් ඛාන් විසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය නවක නිර්මාණකරුවන් රැසකගේ දායකත්වයෙන් නිමවූවකි.
මේ මුබ්බායි නගරයයි. ඉන්දියාවේ සුපිරිතම ධනවතුන්ගේ සිට කෑමට යමක් නොමැති නිසාවෙන් මිය යන යාචකයින් මෙන්ම ලෝකයට දැනුම සපයන මහා ප්‍රාඥයින්ගේ සිට කළුසල්ලි යහමින් ගැවසෙන පාතාලය දක්වා විහිද යන සමාජ විවිධත්වයේ සකලවිධ තත්ත්වයන්ගේ එකමුතුවකි. ඒ අතරින් අහඹු ලෙස තෝරාගත් ජීවිත හතරකි.
අරුන් -
චිත්‍ර ශිල්පියෙකි. තමන්ගේ නිර්මාණ පෝෂණය කිරීමෙහි ලා උදව් වන අත්දැකීම් සොයා සැරසරයි. දික්කසාදය නිසා හටගත් මානසික තැවුලෙන් ගැලවී නැවතත් ජීවිතය සකසා ගැනීමට මං සොයමින් සිටියි.
මුන්නා -
වෘත්තියෙන් රෙදි අපුල්ලන්නෙකි. සිය දුප්පත් පවුල නගා සිටුවීමට උත්සාහ දරණ අතර නළුවෙකු වීම සදහා වන උත්සාහය අත් නොහැරගත්තෙකි.
ෂායි -
ඇමරිකාවේ වෘත්තියේ නියැලෙන ආයෝජන බැංකුකරණයේ නිරතවන්නිකයි. සිය වාර්ෂික නිවාඩුව ගත කරමින් තමන්ගේ විනෝදාංශය වන ඡායාරූපකරණයේ නිරතවෙයි. මුම්බායි නගරයේ ජීවිතය ගැන කලාත්මක රූපරාමු සොයමින් කල්ගත කරයි.
යස්මින් -
විවාහයෙන් පසු මුම්බායි නගරයට ආ තරුණියකි. සිය සොහොයුරා අතහැර ඒම පිළිබදව ශෝකය නිසාවෙන් ඔහුට යැවීම සදහා සිය ජීවිතය ගැන වීඩියෝ ලිපි පටිගත කරයි.
විටෙක මේ චරිත අහඹු ලෙස එකට ගැටගැසේ. ෂායි විසින් අරුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නරඹා ඔහු සමග වන ඇසුර ආදරයක් බවට පෙරළේ. අරුන් විසින් කුලියට ගන්නා නව නිවසේ තිබී යස්මින් විසින් රූගත කොට ඇති වීඩියෝ පට හමුවේ. එහි යස්මින් ගේ ජිවිතයේ ගලායාම ගැන විධිමත් නොවන සංවේදී කතාවක් නිර්මාණය වේ. මුන්නා විසින් ෂායි ගේ රෙදි පිරිසිදු කිරිම හරහා ගොඩනැගෙන සම්බන්ධය මුන්නාගේ සැඟව තිබෙන සිනමා තරුවක් වීමේ සිහිනය යළිත් ඉස්මතුවෙයි.
මුම්බායි ජීවිතය බොහෝ සංකීර්ණය. එය චක්‍රාකාරය. ඊට පිරිස් ඇබ්බැහි වෙති. තමා වෙළාගෙන සිටින සමාජ පසුබිම විසින් මුම්බායි හි ජීවිතයක පණ දී කෙළින් සිටුවා ඇත. එනිසාම සමාජයේ ක්ෂණික වෙනස්වීමක් සිය ජිවිතය ක්ෂණිකව වෙනස් කරනු ඇත. සමාජ පසුබිමක් නොමැතිව අහුඹු ලෙස එහි පැමිණෙන කෙනෙක් මුම්බායි පොළොව මත නැගී සිටිය හැකිද?
ඩෝබි ඝාත් සිනමා පටය නරඹන ඔබට මෙක්සිකෝ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ Alejandro González Iñárritu ගේ Amores perros, 21 Grams, Babel යන සිනමා ත්‍රිත්වය සිහිවනු නිසැකය. එයට ප්‍රධාන හේතුව කතා ආකෘතිය හා කැමරාකරණය එකිනෙකට දක්වන සමානාත්මතාවයි. එපමණක් නොව Babel චිත්‍රපටය සදහා සංගීත නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂවරයා ද මේ වෙනුවෙන් යොදාගැනීමට කිරාන් රාවෝ සහ චිත්‍රපට නිෂ්පාදක ආමීර් ඛාන් තීරණය කර ඇත.
මනුෂ්‍ය ජිවිතය නිරතුරුව චලනය වේ. එහි කෙටිකාලීනව දුක සතුට ගෙන ආවත් බැහැරින් නරඹන්නේ නම් අතිශයින්ම කලාත්මකය. කිරාන් රාවෝ, තරුණ ඉන්දීය සිනමාකරුවන්ට උත්තේජනයක් ලබාදෙනවා පමණක් නොව ඉන්දීය ජනප්‍රිය සිනමාවට අලුත් බලාපොරොත්තුවක් ද ලබා දේ.
වෙනත් සබැඳි |
Dhobi Ghat 2010 | Official Web Site
Dhobi Ghat 2010 | Wiki Info
Dhobi Ghat 2010 | Download Torrents
Nadya Bhashini Amaranayake | නද්යා භාෂිණී අමරනායක
[SEO Tags] Dhobi Ghat, धोबी घाट, Mumbai Diaries, 2010 Hindi film, by Kiran Rao, Aamir Khan, Prateik Babbar, Monica Dogra, Kriti Malhotra
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
චේ ලියයි.|
Personal Quotes
යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා ගැනීමක් මගින් සෑබෑ විමුක්තිය සක්ෂාත් වීම හෝ එකී ක්‍රමය මුළුමනින් බිඳ දැමීම සිදු නොවන බවයි. කොල්ලකාරී, අධිරාජ්‍යවාදී ආර්ථීක ආධිපත්‍යයේ අවසානය ළඟා කරවීමෙන් පමණක් සැබෑ නිදහස උදාවේ.
[1]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus