BOONDI.LK| වෙසෙස් බූන්දි| අපේ විචාර කෝදුවල දිග පළල මදිකමෙන් සයිමන්ගේ කෘතිවලට වුනේ විශාල අසාධාරණයක් - කේ.කේ. සමන් කුමාර\r\n
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් වෙසෙස්
සමාජ චල්‍යතාව, කුල ක්‍රමය සහ සෙංකොට්ටං තුලනාත්මක කියවීමක් | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[2]
ස්පාඤ්ඤය ගැන මගේ පොත | පබ්ලෝ නෙරූදාගේ ස්වයංචරිතාපදානයෙන් | පබ්ලෝ නෙරූදා
ප්‍රතිචාර[0]
අනාදරයේ ආධිපත්‍යයට එරෙහි ආදරයේ විප්ලවය- හිපි විලාසිතාවේ යටි අරුත්.. | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[5]
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස් | පාවුලෝ කොයියෝ
ප්‍රතිචාර[0]
ත්‍යාගශීලි බව | මායා ඇන්ජලෝ
ප්‍රතිචාර[0]
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස් | උදේෂිණි කුමාරි දයාරත්න
ප්‍රතිචාර[1]
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa] | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
ප්‍රතිචාර[4]
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද? | ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාර
ප්‍රතිචාර[0]
ලන්ඩන් නගරයට අහසින් බෝම්බ වර්ෂාවක්.....! | සුරත්
ප්‍රතිචාර[0]
සාපරාධී ඊශ්‍රායලයට ඇලිස් වෝකර්ගෙන් කනේ පහරක් | සුභ
ප්‍රතිචාර[0]
BOONDI • Sookiri •
  වෙසෙස් බූන්දි  
අපේ විචාර කෝදුවල දිග පළල මදිකමෙන් සයිමන්ගේ කෘතිවලට වුනේ විශාල අසාධාරණයක් - කේ.කේ. සමන් කුමාර
ප්‍රතිචාර[0]
බූන්දි| | 16:50:34
බුදු රදුන් විසින් දේශනා කරන ලද සංසාරය පිළිබඳ අදහස අපේ ලේ, මස් නහර ඇතුළට කාවැදිලයි තියෙන්නේ, මොන විදිහේ software දැම්මත් මේ මුලික අදහස අපෙන් delete වෙන්නේ නැහැ. සයිමන් නවගත්තේගමත් මේ පොළොවේ කෙනෙක් නිසා ඔහුටත් මේ තත්ත්වය පොදුයි. ඒ වගේම ඔහුගේ මාක්ස්වාදී අතීතය ගැන අප කවුරුත් දන්නවා. අද ඉන්න මාක්ස්වාදීන් කියාගන්නා අයට වඩා දාර්ශනික අතින් සයිමන් මාක්ස්වාදීයි. ඒබ ව මේ නවකතාව පුරාම මතුවෙනවා. ඉතිහාසය පිලිබඳව මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදයත්, ආසියාතික නිෂ්පාදනවාදය පිළිබඳ සංකල්පයත්, සංකේතාත්මකව මේ නවකතාව තුළට ඔහු ගෙන එනවා. එමෙන්ම, සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය ද “සංසාරණ්‍ය යේ දඩයක්කාරයා” නවකතාව තුළ දක්නට ලැඛෙනවා.

ෆ්‍රොයිඩ් ඔහුගේ “TOTEM AND TABOO” පොතේ සඳහන් කරනවා, අපි අපේ සත්ව රාජධානියෙන් උරුම වෙච්ච ආශයන් මර්දනය කර ගන්නවා කියලා. මේ මර්දනය කර ගැනීම තුළින් තමයි අපි සභ්‍යත්වයට, ශිෂ්ටාචාරයට ඇතුල් වී තිඛෙන්නේ. අපේ ආශයන් මර්දනය කිරීම නිසා ස්නායු ආතති තත්වයකට හෙවත් “නියුරෝසි” තත්ත්වයකට අප පත්වෙලා කියලා ඔහු කියනවා. අප කයින්, මසින් රෝගී වෙනවා, අපට ආපසු සත්ව රාජධානිය කරා යන්නත් බැහැ. කොතරම් ඉදිරියට ගියත් මේ රෝගී තත්ත්වය නැති වෙන්නේ නැහැ.

ෆ්‍රොයිඩ්ගේ මේ ආශයන් මර්දනය කිරීමේ සංකල්පය සසිමන් බුදුන්ගේ දර්ශනයේ ඇති මහා ක්ලේශයන් සමඟ බද්ධ කරනවා. මේ බද්ධ කිරීම ලංකාවේ කිසිම දාර්ශනිකයෙකුවත්, කිසිම ලේඛකයෙකුවත්, කිසිම කන්ඩායමක් වත් කළේ නැහැ. මේ කථාව ආගමික තැනකට නොවෙයි. සයිමන් රැගෙන යන්නේ. ඓතිහාසික විකාශනය ඉතා පැහැදිලිව ඔහු සංකේතාත්මකව පැහැදිලි කරනවා. දැන් නූතනව ගොඩනැගී ඇති මතයක් තියනවනේ ඉතිහාසය ගොඩනැංවීමක් කියලා. එවැනි මත සියයට සීයක් නිවැරදියැයි ඔලූවේ දරාගෙන මේ “සංසාරරණ්‍ය යේ දඩයක්කාරයා” විඳින්න ලැඛෙන්නේ නැහැ. අපේ ඉතිහාසය මූලික තැනකින් තමා මේ නවකතාව ආරම්භ කර තියෙන්නේ.


අපේ ගමේ සිට තම්මැන්නා - අනුරාධපුරු මහාමාර්ගය දක්වා ප්‍රමාණ කළ නොහැක්කා වූ යොදුන් ගණන් භූමිය, මහා වනාන්තරයෙන් වැසී තිබුනේය. එය කොතරම් දිග පළල වුවද, ගව් සොළසකට එහා මුල්ලේගම කන්ද අවට වනාන්තර ඉසව්ව පමහණක් අපේ පුරාණයට වැදගත් වන්නේය. මක්නිසාද, දඩයක්කාරයා වාසය කරන්නේ එහේ නිසාය.තම්මැන්නාව යනු විජය ගොඩබැස්සා වු ස්ථානයයි. මේ දිවයිනේ පැවති මාතෘ මූලික ශ්ෂ්ටාචාරයට ඉන්දියානු සංග්‍රමණය සිදු වූයේ තම්මැන්නාවෙනුයි. අනුරාධපුරය යනුවෙන් අපි හඳුන්වන්නේ අපේ ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතියයි.

සයිමන් නවගත්තේගමත් මේ නවකතාව තුළට ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු තුල සැඟවී ඇති මාක්ස්වාදී දෘෂ්ටිය හෙළන අයුරු පෙනෙනවා. එය මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදී අදහස නම් නොවෙයි. ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි. මාක්ස් පැහැදිලිව සඳහන් කරනවා. ඉතිහාසයේ පීලි පැනීමකින් නොවෙයි ආසියානු ඉතිහාසය ගොඩනැගෙන්නේ. බලය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මාරු වීමෙන් කියලා. එක තැන කාල් ගෑවෙන විපරිණාමයක් තමයි ආසියානු ඉතිහාසයේ පවතින්නේ කියලා ලංකාවේ සාහිත්‍යය තුල මේක දැකපු එකම සාහිත්‍යකරුවා සයිමන් නවගත්තේගම පමණයි. නමුත් ලෙන්ඩ් වුල්ෆ් නැමති විදේශීය ලේඛකයාගේ “බැද්දේගම” කෘතියේ මෙයට සමපාත වන අවස්ථා මුණගැසෙනවා. ලාංකික ජීවන දහම පිලිබඳව ඒ තුළ තිඛෙන උපේක්ෂා සහගත බව පිළිබඳව ඔහු තම බැද්දේගම කෘතිය තුළ නිරූපනය කරනවා. “බැද්දේගම” කෘතියේ ඉන්නවා උපාසක කෙනෙක් ඔහුට හැමෝම කියන්නේ පිස්සා කියලා. ඔහු කියනවා, මම පාරේ යනකොට ඇතෙක් සිටියා, මම ඔහුට අතවැනුවා. මොකද අප දෙන්නම එකම සංසාරේ ඉන් හින්දා, ඌත් ඒක දන්න හින්දා හොඬේ වනලා ආපසු දළු කඩාගෙන කෑවා. දැන් මේ ඇතුන්ගේ උපෙක්ෂාව, නොසෙල්වෙන සුලූ බව “සංසාරරණ්‍යයේ දඩයක්කාරයා” කෘතිය නිමා කරන්නත් සයිමන් යොදා ගන්නවා.

“හැන්දෑවේගන එන විට පැටවා පස්සේ ලාගත් ඇතින්න පෙරදා රාත්‍රියේ ඇය හා මගින්ම ආපසු කන්ද බහින්න පටන් ගත්තා.”

ඇතුන් ආපසු යන්නේ ද පෙරදා හාමදාම ආ එකම මඟ දිගේය. ඉතා විශාල වූ දිග පළල වූ ගන වනාන්තරවල පවා එකම ආගිය මගෙහි නිශ්චිත අඩිපාරක් වැටෙන්නේ ද එය ඇත් පාර යැයි ව්‍යාවහාරයට යන්නේ ද මේ නිසාය.

සංකල්පනාත්මකව ගත්තහමත් දඩයක්කාරයි, හාමුදුරුවොයි එකයි. දඩයම්කරුවා දඩයම් කරන්නේ කෙලෙස්, දඩයම් කරනවා කියන්නේ වෙඩිතියාගෙන, වෙඩිතියාගෙන යන එකට නොවෙයි. එවැනි ක්‍රමයක් ආශයන් මර්දනය කිරීමේදීත් හරියන්නේ නෑ. උවමනා තැනදී විතරක් සතාට වෙඩි තියනනේ, කෙලෙස් ආශයන්ටත් එහෙමයි. සයිමන් සංසාරය ඔහේ තිබුණාවේ කියලා ඉන්නේ නෑ. ඔහු එය විශ්ලේෂනය කරනවා. අර තම්මැන්නාවෙන් පටන් ගන්නා ඉතිහාසය ද විශ්ලේෂණය කරනවා. ඔහු එහිදී ප්‍රයෝජනයට ගන්නේ පවුල, පෞද්ගලික දේපල කෘතිය තුළ එංගල්ස් විසින් ඇති කරනු ලබන මානව වාදයාත්මක මතයි. එක් තැනකදී දඩයක්කාරයා පොකුණක් දකිනවා. එයින් කිලි පොලායන ඔහු පොකුණට බහිනවා. එතනදි තමයි ඔහුට නාග කන්‍යාව හමුවන්නේ. ඒ නාග කන්‍යාව තමයි එංගල්ස් තම කෘතිය තුල සඳහන් කරන පැරැන්නාගේ සෘංගරය, එහිදී ඔහු පැහැදිලි කරනවා මුල් කෘතියේ පවුල තුල ලිංගික ආලය වර්ධනය වී තිබුණෙ නැහැ කියලා. දඩයක්කාරයාගේ කුල තුළ දරන ගැසී සිටි නාග රාජයා ද අවදිවන්නේ අර නාග ගනයාව දැකීමෙන්. ඔහුට ඛෙරකාරයාගේ දුව තමයි හමුවන ප්‍රථම කාන්තාව එතෙක් ඔහුට හමුවෙලා තිබුණේ පැරැන්නාගේ සෘංගාරය සංකේතවත් වූ නාග කන්‍යාවයි.

දඩයක්කාරයා ඛෙරකාරයාගේ දුව සමඟ පඩි පෙළ දිගේ කන්ද නැග්ගත් ආපසු බහින්නේ පඩි පෙළෙන් නොවෙයි. ඛෙරකාරයාගේ දුවට කෑම රැගෙන ඔහු පඩිපෙළේ හමුවීමට පෙර මෙන් රූටාගෙන යයි. පහළට එන්නේ පවුල කියන දෙයට පිටින් ඉන්න කොට එයට ආදලා ගන්න කෙලෙස් කරන අරගලය සයිමන් බෞද්ධ දර්ශනය මත ඉඳගෙන පැහැදිලි කරනවා. දඩයක්කාරයා සභ්‍යත්ව හතක් පොළොව තුලට යනවා. එහිදී ඔහුට තම රූපයට සමාන රූපයක් ඇති ඇට සැකිල්ල ලඟ වැටී ඇති හැඩි දැඩි පොරවක් දඩයක්කාරයා දකිනවා. එහි තලය සෙල්මුවා. මිට වානේ. ඔහු කරතබාගෙන එන මේ පෙරොව අතහරින්නේ තරබාරුවා හා කෘෂයා අතර අරගලයේ දී තුවක්කුව ගත්තට පස්සේ, මාක්ස් කියූ නිෂ්පාදන බලවේග මත පීලිපැනීම හා සංවර්ධනය මත පීලිපැනීම හා සංවර්ධනය පිළිබඳ ප්‍රවාදය සයිමන් සංකේතාත්මකව මේ කෘතියේ දක්වනවා.


සයිමන්ට මේ කෘතිය රචනා කිරිමේ දී අනුභාවයත් පෑ තින්තන ධාරාවන් තමා ලාංකික සම්භාව්‍ය සාහිත්‍යයත්, වන්නි හත්පත්තුවේ ජන සාහිත්‍යයත්, සමස්ත ලාංකිකයාගේ ආධයාත්මය මේ කෘතිය තුලින් හෙළිකරලා තියෙනවා. නමුත් ගැටලූව වන්නේ මේ කෘතිය විඳින්නට දඩයක්කාරයා වෙලා පමණක් බැහැ. හාමුදුරුවන් වෙන්නත් ඕනේ. මොකද දඩයක්කාරයා පවතින්නේ හාමුදරුවන් නිසයි. දඩයක්කාරයා තුළමයි හාමුදුරුවෝ ඉන්නෙත්.

දඩයක්කාරයාගේ දුවව අරන් ආවට පස්සේ තමා දඩයක්කාරයා පවුල සංස්ථාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේ කාලයේම බට්ටිත්තාත්, බට්ටිත්තීත් කාක බෝධි පැළයෙහි කූඩුවක් හදනවා. මේ සමාජයේ ඇති තත්වාරෝපිත බව තුළ තමා අපි පවුල් සංස්ථාව ගොඩනංවන්නේ. මේක සයිමන් අතින් ලියැවුණු ඉසිවර දැක්මක්. බෂෙයීස් සිංගර් කිව්වා එක සියවසකට එක කෆ්කා කෙනෙක් ඇති කියලා. ඇති වුනත් මදි වුනත් සයිමන් නවගත්තේගමලාත් පහළ විය හැක්කේ ඉතිහාසයට එක්කෙනෙක් විතරයි. ලාංකික විචාරයේ මිණුම් දඬුවල දිග පළල මදි වීම නිසා සයිමන්ගේ කෘතිවලට වුනේ ලොකු අසාධාරණයක්.

Nihal Rathnayaka | නිහාල් රත්නායක
[SEO Tags] Simon Nawagaththegama, Sansaranyaye Dadayakkaraya, Sri Lankan Literature , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
හැනා අරෙන්ඩ්ට් කියයි.| Personal Quotes
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.