BOONDI.LK| කට කොකියනවට| කුමටද සොබනියෙ කඳුළු සලන්නේ - තොරතුරු මම දෙන්නම්....
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
වේටරු...
BOONDI • Currents •
  කට කොකියනවට  
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ - තොරතුරු මම දෙන්නම්....
ප්‍රතිචාර[0]
බූන්දි| | 10:49:31
නිමිත්ත- පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ කොළොම්-පුරවැසියන්ට "තොරතුරු දැනගැනීමේ" අයිතිය ප්‍රදානය කරන බවට මැතිවරණ ප්‍රතිඥාවක් දෙයි.

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
තොරතුරු මම දෙන්නම්
පුරපති මැඳුරේ ඇති මගෙ කුටියට
ගෙනගොස් පෙන්වන්නම්
ඔබ හට තොරතුරු පෙන්වන්නම්....//

බස බස ගාලා එළියට ඇද ඇද තොරතුරු පෙන්වන්නම්
හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් සේරම පෙන්වන්නම්
සොඳුරියෙ අක්මාවත් දෙන්නම්....//

කුමටද සොබනියෙ ඔබ එළවන්නේ
හේතුව මම නොදනිම්
අහසේ ඉදිවන ලක්සරි නිවසක
ගෙන ගොස් රඳවන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්....//

ඉන්ටර්නැෂනල් පයිප්ප වතුරෙන් ඔබෙ ඇඟ දෝවන්නම්
පාරේ දුව දුව ලාම්පු කණුවල ඉර හඳ එල්ලන්නම්
කොමලියෙ ආධාරත් දෙන්නම්....//

Don Putha | ඩෝං පුතා
[SEO Tags] www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
මැල්කම් එක්ස් කියයි.| Personal Quotes
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.