BOONDI.LK| අදහස් බූන්දි| දෙවන වසරටත් කවියේ ගෙල සින්දා
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, ....
|සතුට...!
|Book Quotes
ප්‍රතිචාර[2]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  කතන්දර   
  පොත්  
  කතා-බස්  
  අදහස්  
  රත්තරං ටික  
  ඔත්තු  
  BoondiLets  
කොඩිකාරගොඩ සුනීත හිමිගෙන්-...
කන්‍යා දියවරට එළැඹ-...
"මෙ'විල සරසමි' ...
චීන තෙල් සමාගම්වල...
American History X...
ලැන්ටි...
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය...
නිදහස් අධ්‍යාපනය රැක...
  තවත් අදහස්
එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| පළමු කොටස | ජස්ටින් පියරත්න
ප්‍රතිචාර[0]
ගම්ලතුන්ට නෑසුණු ඒ 'මිහිරි සීනු නාදය' | දමිත් වැලිකල
ප්‍රතිචාර[9]
ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක් | සඳුන් ප්‍රියංකර විතානගේ
ප්‍රතිචාර[7]
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය | උදේෂිණි කුමාරි දයාරත්න
ප්‍රතිචාර[1]
11 වැනි පැයේදී.....
ප්‍රතිචාර[1]
කාක දූවේ කවි සැණකෙළිය නොහොත් බොල්-ගොඩ මකරන්දය | සුදර්ශන සමරවීර
ප්‍රතිචාර[8]
රාජ්‍ය සාහිත්‍ය සම්මාන- සම්පප‍්‍රලාප නොවන්නට- කාලෝචිත යෝජනාවක් | විචක්ෂණ අධිකාරි
ප්‍රතිචාර[1]
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන් | චන්දරේ
ප්‍රතිචාර[0]
දඩයක්කාරයා හමුවීම | රුවන් එම්. ජයතුංග
ප්‍රතිචාර[1]
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර | මායා නවගත්තේගම
ප්‍රතිචාර[9]
BOONDI • Sookiri •
  අදහස් බූන්දි  
දෙවන වසරටත් කවියේ ගෙල සින්දා
ප්‍රතිචාර[0]
බූන්දි| | 03:32:03
මාතෘකාව අල්ලා ගත්තේ මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරණ කවියකිනි. කවිය ලියනු ලැබ ඇත්තේ පසුගිය දා පැවැත්වුණ ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙලට සහභාගි වී ගිය වසරේ පළවූ 57 කට අධික කවි පොත් අතරින් එකක් වත් සම්මානයට නුසුදුසු යයි අමන තීරණයක් දුන් ඊනියා විනිශ්චය මණ්ඩලයකට සවන් දීමෙන් ඇති වූ කම්පනය නිසා එක්තරා තරුණ කවියකු විසිනි. සම්පූර්ණ කවිය මෙසේ ය.

කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා
දේශකයකුත් නැතුව හරියට දුක් වින්දා
ඇස් ගොඩගේ නමුත් ඇස් දෙක නැති හන්දා
දෙවන වසරටත් කවියේ ගෙල සින්දා


වරද ඇතේ ගොඩගේ මහතා අතේ නොවේ. ගොඩගේ සාහිත්‍ය උළෙල ස්වාධීන සාහිත්‍ය උළෙලකැයි වරදවා වටහා ගත් නිර්මාණකරුවන් හා තමන්ගේ තීරණයට පසුබිම් වූ සත්‍ය කතාව හෙළිදරව් කරන්නට තරම් පිට කොන්දක් නැති ඊනියා විනිශ්චය මණ්ඩලය අතය.

මෑත වසර වල වැඩිම කවි පොත් සංඛ්‍යාවක් නිකුත් වූ වසර 2010 වසරයි. මේ වසර තුළ 57 ක් පමණ කවි පොත් සංඛ්‍යාවක් නිකුත් වූ බව දැනගන්නට ඇත. මේ කවි පොත් අතරින් පොත් 5 ක් සම්මාන ප්‍රදානය සඳහා ප්‍රශස්ත පොත් ලෙස නිර්දේශ වී තිබුණි.

මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි - මංජුල වෙඩිවර්ධන
රාජාලි පියාපත - ජගත් ඡේ. එදිරිසිංහ
සඳක් නැතිවෙන්න ඉඩ ඇත - ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න
සන්ධ්‍යා තීර්ථය - රත්න ශ්‍රී විජේසිංහ
හිරුත් හිම පියල්ලක - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල


ඒ කවි පොත් පහයි. පොත් 57ක් අතරින් පොත් පහක් නිර්දේශ වී නම් ඊළඟ කාරිය විය යුත්තේ මේ පොත් පහ අතරින් සම්මානය සඳහා පොතක් තෝරා ගැනීමයි. එකඟතාවකින් පොතක් තෝරාගත නොහැකි වීමේ අඩුපාඩුව වසා ගන්නට "මේ වසරේ සම්මාන සඳහා සුදුසු ප්‍රශස්ත කවි පොතක් නැත" යි සාහසික ප්‍රකාශයක් කර සමස්ත කවියන්ගේම සිත් බිඳවන්නේ නැතිව පසුබිමේ ඇති සැබෑ කතාව හෙළිදරව් කරන්නට තරම් පිට කොන්දක් විනිශ්චය මණ්ඩලයේ සිටි එක් අයෙකුට හෝ නැතිවීම කණගාටුවට කරුණකි.

2010 වසර තුළ ප්‍රකාශිත කවි පොත් අතරින් එකක් වත් ප්‍රශස්ත මට්ටම (මේ මිම්ම ඇත්තේ කා අතේ දැයි දන්නේ දෙවියන් පමණකි.) සපුරා නැත්නම් ඒ බව හඳුනාගත යුතුව තිබුණේ අවසන් මොහොතේ නොව - ප්‍රශස්ත පොත් පහක් තෝරා ගත් පළමු වටයේදීම ය. එසේ කළා නම් ඊනියා විනිශ්චය මණ්ඩලයට තම සෙළුව වසා ගන්නට යන්තමින් හෝ හැකියාවක් තිබුණි. දැන් සිදුව ඇත්තේ ඒ සඳහා දෑතත් මදිවීම පමණකි.

සම්මානය සඳහා නිර්දේශිත පොත් පහෙන් මගේ පොත පසෙක තබමු. ඒ ගැන කතා කරන්නට මට අයිතියක් නැත. ඉතිරි පොත් හතර වන මංජුලගේත්, රත්න ශ්‍රී ගේත්, ලක්ෂාන් ගේත්, මහින්දගේත් පොත් පසුගිය වසර වල බොහෝ සාහිත්‍ය උත්සව වලදී සම්මානිත පොත් වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව කවිය පිළිබඳ අවදියෙන් සිටින සැවොම දනිති. නොදන්නේ සම්මාන දීම සඳහා පමණක් කවි කියවන විනිශ්චය මණ්ඩල වලට රිංගාගෙන සිටින බහුබූතයන් පමණකි.

වෙඩිවර්ධනගේ දෘෂ්ඨිය ඒක පාර්ශ්වික බැවින් ඔහුට සම්මානයක් දීම සුදුසු නැතැයි මේ කරුණ අරභයා මා හා අදහස් දැක්වූ ප්‍රවීණ ලේඛකයෙක් කිවේ ය. වෙඩිවර්ධනගේ දෘෂ්ඨිය නිවැරදිද නැද්ද යන්න තීරණය කරන්නට අපට අයිතියක් තිබේ ද? යම් කරුණක් අරභයා කෙනෙකුගේ දැක්ම වෙනත් කිසිවකුගේ දැක්මට වඩා වැරදි වන්නේ හෝ නිවැරදි වන්නේ හෝ නැත. දැක්ම එකිනෙකාට සාපේක්ෂ ය. නිර්මාණයකදී සළකා බැලිය යුත්තේ ලේඛකයාගේ නිර්මාණ භාවිතාව නොවේ ද? සිය දැක්ම ඉදිරිපත් කිරීමේදී නිර්මාණය තුළින් ඔහු විශධ කරන ප්‍රතිභාව නොවේද? (පරිවර්තිත කෘති සඳහා සම්මාන දීමේදී ද වසරක් පාසා අප දකින්නේ මේ වරදම ය. පරිවර්තිත කෘති තෝරා ගැනීමේදී අද ලංකාවේ සළකා බැලෙන්නේ මුල් කෘතිය සිංහලයට නැගීම කෙතරම් සාර්ථක ලෙස සිදුවී ඇද්ද යන්න නොවේ. එනම් පරිවර්තනයේදී පරිවර්තකයා දක්වා ඇති ප්‍රතිභාව නොවේ. සළකා බැලෙන්නේ මුල් කෘතියේ ස්වභාවයයි. වැරදි සිංහලයෙන් පිරුණ දුර්වල පරිවර්තන වලට වසරක් පාසා සම්මාන ලැබෙන්නේ ඒ නිසා ය)

මංජුලගේත්, රත්න ශ්‍රීගේත්, ලක්ෂාන් ගේත්, මහින්දගේත් පොත් පරිසාධන මට්ටම ඉක්මවා නැතැයි කියන්නේ කුමන මිණුම් දණ්ඩකින් මැන බලා දැයි තේරුම් ගන්නට අපට නම් නොහැකි ය. ගෞරවණීය විනිශ්චය මණ්ඩලය මේ මිණුම් දණ්ඩ කුමක් දැයි ප්‍රසිද්ධ කරන්නේ නම් එය නිර්මාණකරණයේ යෙදනෙ දහස් ගණන් නිර්මාණකරුවනට සේවයක් ම වනු ඇත. ආත්ම ප්‍රකාශනය කෙසේ වෙතත් විනිශ්චය මණ්ඩලයක් සතුටු කරන්නට කවි ලියන්නේ කෙසේ දැයි තේරුම් ගන්නට එවිට ඔවුනට හැකියාවක් ලැබෙන බැවිනි.

ශ්‍රී ලංකාවේ අද සිදුවන සමස්ථ සාහිත්‍ය සම්මාන ක්‍රියාවලියම ප්‍රෝඩාවකි. සම්මාන ලබා ගැනීමේ ඉලක්කයෙන්ම පොත් ලියන බවට ප්‍රසිද්ධව සිටින ලේඛක ලේඛිකාවන් කීපදෙනාට සිය පොත් වලට වැඩි වෙළඳ වටිනාකමක් ලබා දෙනවා හැරෙන්නට වෙනත් සාහිත්‍ය සේවාවක් මේ සම්මාන උත්සව හරහා සිදුවන්නේ නැත. අපේ ගෞරවයට පාත්‍ර වන රත්න ශ්‍රි වැනි ප්‍රවීණයකු මේ සිල්ලර සම්මාන පසුපස හඹා යා යුතු යයි මම නොසිතමි. ගොඩගේ සම්මාන උළෙලට සහභාගි වූ තරුණ කවියකු මට එවූ ඊමේලයකින් කියවුණේ ද ඒ කාරණයයි. ඊනියා විනිශ්චය මණ්ඩලයෙන් කන පුරවා පහරක් ලද රත්න ශ්‍රී මුහුණත් ඇඹුල් කරගෙන පිටව යනු තමා බලා සිටියේ දැඩි කම්පාවකින් යයි මේ තරුණ කවියා ලියා තිබුණි.

මේ සම්මාන උළෙල සඳහා අප කවි පොත් ඉදිරිපත් කළේ සම්මාන ලබා ගැනීමේ උණකින් නම් නොවේ. ඉතිහාසය පුරාත් අදත් සෑම කාල වකවානුවකම සිදුවන්නේ තම තමන්ගේ අභිමතය පරිදි තෝරාගත් නිර්මාණකරුවන් කීපදෙනෙකුගේ නිර්මාණ ගැන පමණක් කතා බහ කරන සංස්කෘතියකි. එක් යුගයක බුද්ධදාස ගලප්පතිය මොණිකාරුවන් පතිරණ ය. පරාක්‍රම කොඩිතුවක්කු ය. තවත් යුගයක රත්න ශ්‍රි විඡේසිංහ ය. ඉන්පසු නන්දන වීරසිංහ ය. අද තවත් කීපදෙනෙකි. තමන් තෝරාගත් නිර්මාණකරුවන් ලියන අවර ගණයේ නිර්මාණ ගැන පවා කතා කරන්නට සැදී පැහැදී සිටින බුද්ධිමතුන් අපමණ ය. මේ තෝරාගත් නිර්මාණකරුවන් දෙතුන් දෙනාගෙන් පිට ලියවෙන කිසිම නිර්මාණකරුවකුගේ නිර්මාණයක් පුවත්පත් වලට ලියන බුද්ධිමතුන්ගේ ඇස ගැටෙන්නේවත් නැත. සෑම යුගයකම අර තෝරාගත් නිර්මාණකරුවන්ට ආරෝපනය කර උත්කර්ශයට නංවන රැස් කදම්බයට වැසී වැනසී යන නිර්මාණකරුවෝ අපමණ සංඛ්‍යාවක් සිටිති.

එසේ වුව ද මේ ඊනියා සම්මාන ප්‍රදානය අපට ඉගැන්වූ වටිනා පාඩමක් ඇත. අපේ නිර්මාණයක් කියවා ඊමේලයකින් ලිපියකින් දුරකතනයෙන් කතා කරන අහිංසක රසිකයකුගේ සහෘදයකුගේ එක වදනක් මේ සියලු සම්මාන වලට වඩා වටිනා බව ගොඩගේ සම්මාන උළෙල අපට දැන් උගන්වා ඇත. මින් මත්තට මගේ කිසිම නිර්මාණයක් කිසිම සම්මාන ප්‍රදානයකට ඉදිරිපත් නොකරන බව මෙයින් ශපථ කර සිටිමි.


Jagath J Edirisinghe | ජගත් ඡේ එදිරිසිංහ
[SEO Tags] Godage Literature Awards 2011 , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.| Personal Quotes
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා නො කරති. ඉතිහාස පොත් නැවත නැවත සිදු වන යුධ වලින් පිරී ඇත. මිනිසුන් වශයෙන් අපට අප අවබෝධ කිරීම ආරම්භ කිරීමට හැකි නම්, එකිනෙකා මැරීම නවතිනු ඇත.

පහත් ජාත්‍යාලයෙන් අපේ රට ගැන පමණක් කල්පනා කරනතාක්, අපි භයානක ලෝකයක් නිර්මාණය කරමින් ඉන්නෙමු. අප සැමට සතුටින් හා සාමයෙන් ජීවත් වියහැකි මේ මහ පොළව අප සැමගේ ම යයි අප වරක් දුටුවොත්, එවිට අපි එකට එක් වී අළුත් ලෝකයක් ගොඩ නගනු ඇත.