BOONDI.LK| අදහස් බූන්දි| යොවුන් පාර්ලිමේන්තුව තවත් සුදු අලියෙක් ද?
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
  තවත් අදහස්
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ | පැරිස් ටුඩේ
ප්‍රතිචාර[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
යොවුන් පාර්ලිමේන්තුව තවත් සුදු අලියෙක් ද?
ප්‍රතිචාර[0]
බූන්දි| | 04:35:20
තරුණ කටයුතු අමාත්‍යංශය විසින් පසුගිය මැයි මාසයේදී ජාතික තරුණ සේවා සභාව සමග එක්වී පිහිටවූ යොවුන් පාර්ලිමේන්තුව පිළිබද මා තුළ පැවතියේ සුභවාදී ආකල්පයකි. එයට හේතු කිහිපයක් බලපෑවේය. එකක් නම් ග්‍රාමීය මට්ටමේ සිටින තරුණ තරුණියන්ට ලෝකය හා සම්බන්ධ වීමට කදිම අවස්ථාවක් වන බැවිනි. තවත් හේතුවක් වූයේ යොවුන් පාර්ලිමේන්තුව තුළ තරුණයන්ට බලපාන ගැටළු ජාතික මට්ටමෙන් සාකච්ඡා කිරීමට පිළිගත් වේදිකාවක් සකස් වීමයි. නමුත් යොවුන් පාර්ලිමේන්තුවේ තරුණ ‘මන්ත්‍රී වරු’ මුණ ගැසී මිනිත්තු කිහිපයක් යන්නට මත්තෙන් ඒ සිතුවිලි වෙනස් විය.

යොවුන් පාර්ලිමේන්තුවේ සැබෑ අරමුණ ඉතා වටින්නේය. ඒ තුළින් තරුණයන්ට සමාජය හා ගැටීමට ලැබෙන අවස්ථාව මෙන්ම එක් එක් මාසයේදි විවාදයට ගන්නා මාතෘකා වලින් ලබා ගත හැකි දැනුම අපමණය. සැබවින්ම යොවුන් පාර්ලිමේන්තුවේ කාර්ය භාරය විවිධ මාතෘකා පිළිබද විවාද කිරීමයි. නමුත් යොවුන් පාර්ලිමේන්තුවේ ‘මන්ත්‍රී වරුන්ගේ’ ආකල්පය එය නොවේ. ඔවුන්ගේ අරමුණ මේ තුළින් සැබෑ පාර්ලිමේන්තුවට යාමය. තරුණ කටයුතු ඇමතිතුමාගේ පොරොන්දුව ද තව අවුරුදු 5කින් යොවුන් පාර්ලිමේන්තුවේ ‘මන්ත්‍රීවරු’ 25ක් වත් සැබෑ පාර්ලිමේන්තුවට යැවීමය. මගේ ගැටළුව වන්නේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත් කරන්නේ මැති ඇමතිවරු ද නැතිනම් පරමාධිපත්‍ය හිමි ජනතාවද යන්නයි. මන්ද යොවුන් පාර්ලිමේන්තුව සහ ක්‍රියාකාරී දේශපාලන අතර කිසිදු නම්බන්ධයක් නැත. එසේම යොවුන් පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගේ අරමුණ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම නම් එය කිසි දිනෙක පරමාදර්ශී "යොවුන් පාර්ලිමේන්තුවක් " වන්නේ නැත.

එමෙන්ම යොවුන් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සිටින්නේ ජාතික වශයෙන් වැදගත් වන තරුණ ප්‍රජාවට අදාල වන කරුණු පිළිබද විවාද කිරීම සහ සාකච්ඡා කිරීමයි. නමුත් අපේ තරුණ ‘මන්ත්‍රීවරුන්ට ’අවශ්‍ය එය නොවේ. මා සමග පෞද්ගලිකවම කතා බහ කළ සාමාජිකයන් පැවසුවේ "මේකෙන් සල්ලි අරන් ගමේ පාරවල් දෙක තුනක් හදලා ඡන්දෙ ඉල්ලනවා. එතකොට ගොඩනෙ." පත් වී මාස තුනක් යන්නටත් මත්තෙන් මෙවැනි ආකල්පයක් ගොඩ නගා ගත් තරුණ ‘මන්ත්‍රී’ වරුන් යොවුන් රටට ආදර්ශයක් වේ යැයි සිතිය හැකිද?

මෙයට යොවුන් පාර්ලිමේන්තුව ලෙස නම් කරන්නේ මෙම වැඩසටහන තරුණයන්ටම ආවේණික සහ තරුණයන්ට වැඩි ප්‍රතිලාභ ලැබෙන එකක් නිසාය. එසේ නම් යොවුන් පාර්ලිමේන්තුව තුළ තාරුණ්‍යය විද්‍යමාන විය යුතුය. නමුත් තරුණ ‘මන්ත්‍රීවරුන්ගේ ’ හැසිරීමෙන් කිසිදු තාරුණ්‍යයක් පෙනෙන්නේ නැත. ඔවුන් හැසිරෙන්නේද සැබෑ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් හැසිරෙන ආකාරයටය. කතා බහ කරන්නේ ද එසේය. ඔවුන් සාකච්ඡා කරන මාතෘකාව තරුණයන්ට අදාල එකක් වුවත් හැසිරෙන්නේ වැඩිහිටියන් ලෙසය. මෙයින් සිදු වන්නේ තරුණ බව වියැකී ගොස් වැඩිහිටි බවක් යොවුන් පාර්ලිමේන්තුවට ආරෝපණව වීමය. එය වෙනත් වචනයෙන් කියනවානම් ලිටිල් ස්ටාර් තරගකරුවන් ප්‍රසංග වේදිකාවේ අමරදේවගේ සිංදු ගැයීම වැනිය. එහිදී සිදු වන්නේ පොඩි එකාගේ ලොකු සිංදු අසා "ආතල්" එකක් ගැනීම පමණි. සැබෑ වින්දනයක් නැත. අපේ තරුණ ‘මන්ත්‍රී වරු’ වැඩිහිටි සිංදුව පසෙකලා තරුණ සිංදුව ගයනවානම් වටින්නේය.

ඇතැම් විට මෙහි සැබෑ අරමුණ මොවුනට පැහැදිළි නැති වන්නට පුළුවන. ඔවුන් සැබෑ පාර්ලිමේන්තුව අනුගමනය කරන්නේ ඒ නිසා වන්නට පුළුවන.

යොවුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් තරුණ කටයුතු අමාත්‍යංශය ආයෝජනය කර ඇති මුදල මිලියන 60කි. මෙතරම් මුදල් සම්භාරයක් වියදම් කොට පිහිටවූ යොවුන් පාර්ලිමේන්තුවේ ‘මන්ත්‍රී’ වරු ‘මන්ත්‍රීවරුන්’ ද සිදු කරන්නේ අපේ "සැබෑ " රටේ ජනතා නියෝජිතයන්ගේ මග යමින් ජනතා මුදල් නාස්ති කිරීමක් නොවන්නේද?


Sunanda Deshapriya | සුනන්ද දේශප්‍රිය
[SEO Tags] Sri Lanka Youth Parliament , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.| Book Quotes
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන් උන් උඹව ගොදුරු කර ගන්නවා.

-කැරොලිනා;බ්‍රසීල ජනාධිපතිට.... (කැරොලිනාගේ දින පොත- අනු: සුනිල් මාධව)