BOONDI.LK| කතන්දර දෝසි| දේදුන්න අයිති කාටද?
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව ....
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.
|කාල් සේගාන් කියයි.
|Personal Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
පුහුල් දෝසි
කතන්දර
Cine
ඉඟුරු
කවි
ගී
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් කතන්දර
කෝතුරා- හුළඟට අධිපති දෙවියා
[0]
ඇන්ටන් ගේ කුරුළු රංචුවට එකතු වුනු හැටි
|
ඌඩෝ වෙයිගල්ට්
[0]
සෝඩා වතුරෙන් දුවන රියෙන් වැඩබැරිදාස ගමන් ගිය සැටි
|
නිකොලායි නෝසව්
[4]
නීනෝ - පුංචි කණාමැදිරියා
|
සුඑලි මෙනෙසස්
[3]
රන් කුසලානය [බුර්යාත් ජනකතාවකි]
[2]
The Giving Tree | ආදරණීය ගස
|
ෂෙල් සිල්වස්ටයින්
[3]
හඳ අහසට ගිය හැටි
|
වසිලිස්සා
[0]
පුරසාරම් කපුටා
[0]
වැඩ බැරිදාස | වට මේස කතා
|
නිකොලායි නෝසව්
[1]
අචිනියි, සචිනියි.....!
|
තුෂාරි ප්‍රියංගිකා
[0]
අක්ෂර සෙනග-
[කතන්දර]
[9/22]
තුෂාරි
එවලින්
අනුෂ්ක
ඉද්රීස්
ලියෝ
රෝල්
වසිලිස්සා
අන්ද්‍රියා
නිකොලායි
BOONDI • Dosi • •
කතන්දර දෝසි
දේදුන්න අයිති කාටද?
[0]
බූන්දි| | 16:40:38
රෝස කැලේ රෝස කුමාරියෝ දවසක් දේදුන්නට අයිතිවාසිකම් කිය කියා රන්ඩු වෙන්න පටන් ගත්තා.
"දේදුන්න පටන් ගන්නෙ රතු පාටින්. ඔය කාටවත් වඩා ඒක නිසා දේදුන්නට වැඩි අයිතියක් තියෙන්නෙ මට...." රතු රෝසි ආඩම්බරෙන් කීවා.
"වැඩි අයිතියක්....? ඒ කොහොමද එහෙම වෙන්නෙ...?" දම් රෝසි තර්ක කරන්න පටන් ගත්තා. "දේදුන්න පටන් ගන්නෙ රතු පාටින් වුණාට, ඉවර වෙන්නෙ දම් පාටින්.... ඒ නිසා දේදුන්න ගැන වැඩි අයිතියක් ඔයාට කොහෙත්ම දෙන්න බෑ...
ඔයාට එහෙම අයිතියක් තියෙනවනම්, ඒ අයිතියම මටත් තියෙනවා.."
"මුල අග ඔයාලා දෙන්න වුණාට, දේදුන්නෙ මැද සරසන අයගෙන් එක්කෙනෙක් තමා මම.." කහ රෝසිත් කතාවට හවුල් වුණා. "මුලක් අගක් තිබ්බට වැඩක්ද.. මැදක් නැත්නම්....?" කහ රෝසි අත්දෙකෙන් මුහුණ වසාගෙන හිනාවෙන්න පටන් ගත්තා.
"ඔව්.. ඔව්.. ඒ ක ඇත්ත..." තැඹිලි රෝසි, කහ රෝසිගේ පැත්ත ගත්තා. දේදුන්න මැද සරසන අපිටත් ඔයාලට වගේම දේදුන්න අයිතියි.
ඒ කතාව ඇහුණ දම් රෝසිටයි, රතු රෝසිටයි හොඳටම තරහ ගියා.
"අනේ.. ! ඇයි ඔයාලා තරහ ගන්නෙ.. දේදුන්න පායන්නෙ ඈත අහසේ.. ඒක අපි හැමෝටම අයිතියි.. රණ්ඩු වෙලා පලක් තියෙනවද.. ? අපි හැමෝම දේදුන්න දිහා බලලා සන්තෝස වෙමු.." හැමෝගෙම කතා අහන් හිටපු සුදු රෝසි කරුණාවෙන් කීවා.
"අනේ මේ.... ඔයා කට වහගෙන ඉන්න, මට තවත් කේන්ති යවන්නෙ නැතුව.." රතු රෝසි, සුදු රෝසිට සැර වුණා. "එනව මෙතන අපිට ඔවදන් දෙන්න.. දේදුන්නට කවුරු අයිතිවාසිකම් කීවත්, ඔයාට එහෙම කියන්න කිසිම අයිතියක් කොහෙත්ම නැහැ. මොකද දේදුන්නෙ සුදු පාටක් ගෑවිලාවත් නැහැ.."
රතු රෝසිගෙ නපුරු වචන වලට සුදු රෝසිගෙ හිත හොඳටෝම රිදුණා. සුදු රෝසි එයාගෙ පෙති ටික පොහොට්ටුවක් හැඩේට හකුලගෙන හොඳටම අඬන්න පටන් ගත්තා.
රෝස කුමාරියන්ගේ කතා අහන් හිටපු, රෝස කැලේ කොළ පාට තුරු වැල් වලට සුදු රෝසි ගැන ගොඩක් දුක හිතුණා. "ඉතින් කේන්ති යනවනම් හොඳයිනේ, කේන්ති ගෙන්න ගන්නෙ නැතුව.." එයාලා හිනා වෙවී රතු රෝසිට විහිළු කරන්න පටන් ගත්තා. ඒ කතාවට තව තවත් කේන්තියෙන් ඔරව ගත්තු රතු රෝසි අත්දෙක බැඳගෙන ගස්සල අහක බලා ගත්තා.
"හරියට හරි.." සුදු රෝසිගෙ අතක හිටිය රෝස කොළයක් තුරුවැල් වලට උත්තර දුන්නා... "ඔය හැම පාට රෝසියෙක් වගේම අපේ කොළ පාටත් දේදුන්නෙ තියෙනවා කියලා මතක තියාගත්තනම් හොඳයි..." රෝස කොළය හඬන සුදු රෝසිගේ ඔළුව අත ගාන ගමන් කීවා.
"මේ.. මේ.. බලන්නකො ටිකක් මං දිහා..." එහාට මෙහාට ගමන් කරන පුළුං වළාකුළු නරඹමින් හිටිය විල හැමෝටම කතා කළා. "මම ලස්සනට නිල් කැටේට පිරිල නේද.. අහසෙ නිලත් එයාලගේ හැඩ බලන්නෙ විල් දියෙන්.." විල කීවේ දේදුන්නට තමාටත් අයිතියක් තියෙන වග නොකියා කියමිනි.
"දැන් මෙතැනට අඩු ඉන්ඩිගෝ විතරයි.." විල අද්දර පැතලි කළු ගලක් උඩ අව්ව තපමින් හිටිය ඉබ්බෙක් එසේ කියාගෙන විල් දියට බැස්සේ, තවත් මේ කතාවට ඇහුම්කන් දෙන්න කැමැත්තක් නැතුවාක් මෙනි.
"ඉන්ඩිගෝ.. අමුතු නමක්නේ..." තැඹිලි රෝසි ඇස් නටව නටවා හිනාවෙන්න පටන් ගත්තා.
"හැමෝටම ලස්සන පාටක් ලැබිල තියෙද්දිත්, මෙයාලා බොරුවට රණ්ඩු වෙවී හිත් රිදව ගන්නවා.." කාටවත් කිසිම දෙයක් නොකීවත් කතාව සාවදානයෙන් අහන් හිටපු සුළඟ තමාටම කියා ගත්තා.. "මෙයාලා මෙහෙම නම් මම කොහොම හිත රිදව ගන්න ඕනැද... මොකෝ මට එකම පාටක්වත් තියෙනව කියලද...." එහෙම සිතූ සුළඟ, සර සර හඬින් සීතලට හමන්නට පටන් ගෙන එන්න එන්නම සිය වේගය වැඩි කළා.
සුළං සැරට හිරුගේ උණුසුම් රැස් දහර නිවෙන්නට වුණා. අහසේ නිල් පාටත් හිමින් හිමින් මැකුණා. මුළු පරිසරයම අඳුරකින් වැහෙන්න පටන් ගන්නවාත් එක්කම වැස්සක් වහින්න පටන් ගත්තා.
ටික වෙලාවකට පස්සේ, වළාකුළකට මුවාවෙලා සිය දිගු රැස් කළඹ බොහොම අමාරුවෙන් සඟවගෙන උන් හිරුදේවි, වැස්ස අඩු වුණා ද බලන්න වැහි වළාකුළු අතරින් යන්තමට ඔළුව දැම්මා. දේදුන්නක් අහසේ කොණක ඉඳලා මැවෙන අයුරු හිරුදේවි එතකොට දැක්කා. පාට හතම පැහැදිලිව පේන්න දේදුන්න අහස පුරා සිත්තම් වුණා.
දේදුන්න දුටු සුළඟ ඉක්මණින් අහසට පියාඹලා රෝස කැලේ කතන්දරේ දේදුන්නට කීවා. ඒක ඇහුව දේදුන්න රවුමක් හැඬේට කැරකි කැරකී සුදුපාට දියසුළියක් මෙන් වේගයෙන් පොළොවට පාත් වෙන්න පටන් ගත්තා. සුදු පාටට හයියෙන් කැරකි කැරකී පහළට එන දේදුන්න දුටු රතු රෝසිට ලැජ්ජා හිතුණා. එයා කාටත් හොරෙන් සුදු රෝසි දිහා බැලූවා. පහළට ආපු දේදුන්න රෝස කැලේ හරි මැද උඩ නතර වෙලා එක පාරටම මල් වෙඩිල්ලක් වාගෙ පිපිරුවා. දේදුනු පාට, තරු කුඩු වගේ මුළු රෝස කැලය පුරාම ලස්සනට විසිරුණා. රෝස මල් විතරක් පිපුණු රෝස කැලේ, ලෝකෙ තියෙන හැම පාටකින්ම එක එක වර්ගයේ නොයෙක් මල් පිපෙන්න පටන් ගත්තා. එදායින් පස්සෙ රෝස කැලේ කවුරුත් දේදුන්න දිහා බලලා සතුටු වුණා මිස, දේදුන්නට අයිතිවාසිකම් කියන්න නම් ගියේ නැහැ.
Muthu Paba | මුතු පබා
[SEO Tags] Kids Stories from Sri Lanka
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
සතුට...!|
Book Quotes
එක් මිනිසෙක්
බුද්ධ
හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"
එවිට බුද්ධ කීවා;
"මුලින්ම
මට
යන්න ඉවත් කරන්න. ඒ
මමත්වය
යි.
ඉන්පසු,
අවශ්‍යයි
යන්න ඉවත් කරන්න. ඒ
තෘෂ්ණාව
යි.
එවිට ඔබට
"සතුට"
පමණක් ඉතිරි වේ."
-
Buddhism
FB Page
[2]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus