BOONDI.LK| අදහස් බූන්දි| රණ විරුවන් රණ මැරයන් බවට පත්වීම
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි ....
මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.
[-ප්ලේටෝගේ ඇපොලොජි.]
|සොක‍්‍රටීස් කියයි.
|Book Quotes
[0]
සැරිසරන්න
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි ඔත්තු
BoondiLets
Boondi Plus
Forum Board
Search
Boondi Facebook
Boondi Twitter
Boondi Google+
Boondi RSS
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
ෆොන්ටමාරා හන්දියේ උන්...
වේයෝ...
සැමරුම...
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
අලුතෙන්ම!
අරගලය සහ ආදරය අතර | ප්රමෝද්යා ආනන්තගේ "පලායන්නා"
|
සමන් පෙරමුණ
[0]
ලුම්බිණි සියොත් කැළ
|
භාතිෂ අකලංක සිල්වා
[0]
අවසන් වැළඳගැනීම- ලොව සසල කල බංග්ලාදේශයේ සේයාරුව
[0]
තවත් අදහස්
දෙමළ ජනයාගේ කපටි ආරක්‍ෂකයෝ
|
පැරිස් ටුඩේ
[0]
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු
|
ඉර්ෆාන් හුසේන්
[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
|
ගාමිණී වියන්ගොඩ
[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු
|
තුසිත බාලසූරිය
[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
|
උදය ආර්. තෙන්නකෝන්
[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය
|
සයිමන් ඩන්ෂුක්
[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි.
|
ඩී.බී.එස්. ජයරාජ්
[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය
|
උදය ආර්. තෙන්නකෝන්
[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ
|
රාමචන්ද්‍ර
[5]
අක්ෂර සෙනග-
[අදහස් ]
[20/120]
සංඛ
ආදිත්‍ය
චතුර
වීරයා
අශෝක
අනුෂ්ක
දර්ශන
සංජීවිකා
ප්‍රියංජිත්
ජයසිරි
කේ.කේ.
රුවිනි
වරුණ
රන්සිරිමල්
නිර්මාල්
සන්ධ්‍යා
රංජිත්
ප්‍රසාද්
ප්‍රියාන්
කුසල්
BOONDI • Currents • •
අදහස් බූන්දි
රණ විරුවන් රණ මැරයන් බවට පත්වීම
[0]
බූන්දි| | 21:43:06
ජාතියේ මුර දේවතාවන් ලෙස උත්කර්ෂයට පත් කරන ලද හමුදා සෙබළුන් ලංකාවේ සිවිල් සමාජයට ක්‍රම ක්‍රමයෙන් අනතුරුදායක හා භයානක කොටසක් බවට පත් වෙමින් සිටිති. මංකොල්ලකෑම්, කාම අපරාධ වලට සම්බන්ධ වන සෙබළුන්ගේ ප්‍රතිශතය ඉහල යමින් පවතී. පසුගියදා හමුදා සෙබලෙකු විසින් මහා මග ගමන් කරමින් සිටි 15 වියැති දැරියක සුසන භූමියකට ඇදගෙන ගොස් දුෂණය කල බවට මහියංගනය පොලිසියෙන් වාර්තා වේ. එසේම මාතර අකුරැස්‌ස විභාග සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයකට
පැමිණ සිටි දස හැවිරිදි පාසල් සිසුවියක මහ දවාලේ එම විදුහලේදී බරපතළ ලිංගික අතවරයකට ලක් කළ බව කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පලා ආ සෙබළකු අකුරැස්‌ස පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුවත් වාර්තා කරන්නේ සැමදාම ලංකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බටහිර ඒජන්තලා, මඩ ගසන චැනල් 4 හෝ කොටින්ගෙන් මුදල් ගෙන ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන රාජ්‍ය නොවන ආයතන වල ඉන්නා ඩොලර් කාක්කන් නොවේ. අපගේම ජාතික පුවත්පත් විසිනි. සත්‍ය වශයෙන්ම මේවා හුදු පුවත් පමණක් නොවේ. ඒවා පශ්චාත් යුද ශ්‍රී ලංකික සමාජය ගමන් කරන දිශානතිය පෙන්නුම් කරන විනාශකාරී වල්ගා තරුය.
ප්‍රභාකරන් නමැති පොදු සතුරා විනාශ කිරීම සඳහා ලංකාව විසින් විශාල යුද බලයක් ගොඩ නගන ලදී. එය ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය කෙරුණි. නමුත් මෙසේ විශාල හමුදාවක් ගොඩ නැගීමේදී එහි ගිණි බලය ගැන සිතුවා මිසක පශ්චාත් යුද කාලින සමයේ එහි කළමනාකරණය පිළිබඳව වගකිවයුත්තන්ට අවබෝදයක් නොවිය. පශ්චාත් යුද දුර්විපාක ශ්‍රී ලංකික සමාජය විසින් දරා ගත යුතු තරමට විශාල පීඩනයක් මිනිසුන් මත අතහැර තිබේ. ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වන මෙම පීඩනය සමනය නොකළහොත් එය තව නොබෝ කාලයකින් පුපුරා යනු ඇත.
දශක තුනක යුද්දය නිසා සොල්දාදුවන් ක්ෂිතිමය තත්වයන්ට පත් වූ බව සැබෑය. එමනිසා ජාතියේ මුර දේවතාවුන් ලෙස උත්කර්ෂයට පත් කරන ලද සෙබළුන්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් සිටින්නේ නිරවුල් මානසිකත්වයකින් නොවේ. ඔවුන් ඊලාම් යුද්ධය විසින් ඇති කල මානසික තුවාල සමග ජීවත් වෙති. රණවිරුවන්ට ගෙවල් ඉඩම් ලබා දෙන වගකිව යුත්තන් සොල්දාදුවන්ගේ තුවාල ලත් මනසට ප්‍රතිකාර කිරීමට සේවා ඇති කිරීමට උත්සුක නොවෙති. මෙහි වඩාත්ම විනාශකාරී තත්වය වුයේ යුද්ධයෙන් මානසික පීඩනයට පත්ව සිටි සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට තිබු ප්‍රතිකාර ඒකකය යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල නමැති වගකිවයුතු නිලධාරියාගේ අන්තනෝමතික තීරණය මත වසා දැමීමය. මේ නිසා ඊලාම් යුද්ධය විසින් ඇති කල මානසික තුවාල සමග ජීවත් වූ සොල්දාදුවන් කබලෙන් ලිපට වැටුණි. සමහරු නීති විරෝධී ක්‍රියා වෙත යොමු වුහ.
උදාහරණයක් ලෙස කහවත්තේ මහලු කාන්තාවන් ඝාතනය කල (එක් ප්‍රධාන සැකකාරයෙකු වන) අබාධිත සෙබලාගේ කතාව සලකා බලමු. ඔහු ඊලාම් යුද්ධය නිසා කායිකව සහ මානසිකව තුවාල ලැබූ අයෙකි. මොහු මුලින්ම ප්‍රතිකාර ගෙන ඇත්තේ යුද හමුදා රෝහලේ යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ය. එම ප්‍රතිකාර මද්‍යස්ථානය යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසින් වසා දැමිමෙන් පසුව ඔහු ආයුර්වේද ප්‍රතිකාර කඩින් කඩ ගෙන තිබේ. පසුව ප්‍රතිකාර අතහැර තදින්ම මත්පැන් හා ගංජා පැනයට යොමු වී ඇත. පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මොහු විකෘතිභාවය නිසා මහලු කාන්තාවන් දුෂණය කොට මරා දමා තිබේ. නිල නොවන ආරංචි මාර්ගයකට අනුව එක් මහලු කාන්තාවක් මරා දැමීමෙන් පසුවද මොහු විසින් මිය ගිය කතව දුෂණය ලක් කොට තිරිසන් වින්දනයක් ලබා ඇත. මෙම සැකකරු අද අධිකරණය සහ ජනතාව ඉදිරියට එන්නේ බිහිසුණු අපරාධකරුවෙකු ලෙසටය. නමුත් ඔහුව විකෘති අපරාධකරුවෙකු බවට පත් කිරීමට නිලධාරිවාදයෙන් මත් වූ ඕලමොට්ටල නිලධාරියෙකුගේ ක්‍රියා කලාපය ඉවහල් වුයේ නැද්ද ? චෝදනා ගොනු කෙරෙන්නේ අපරාධකරුවාට පමණද ? ඔහුව එම තත්වයට පත් කල නිලධාරිවාදය අධිකරණය මගහැර යනවා නේද ? මෙවැනි සොල්දාදුවන්ගේ ක්‍රියා නිසා හානියට පත් සිවිල් ජනතාවට වග කියන්නේ කවුද ? අවසානයේදී ලංකාවේ සියලු සමාජ ප්‍රශ්න වලට පොදු සාධකයක් ලෙස දක්නට තිබෙන වගකීම් ගැනීමට හෝ වගකීම් දැරීමට කිසිවෙකු නැති හුදකලා ඕපපාතික සමාජ විපරීතයන් බවට ඒවා පත් වේ. නමුත් ප්‍රශ්නයේ සියලු පීඩනය බැර වන්නේ මහ ජනතාවගේ හිස් මතටය.
ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ගිණි කන්ද පිපිරී යාමට පටන් ගෙන තිබේ. ඉදිරි කාලයේ ජාතියේ මුර දේවතාවන් විසින් සිදු කරන තව තවත් අපරාධ වාර්තා වනු ඇත. කහවත්තේ මාරයා වැනි නිල ඇඳුම් ඇඳි රෝගීන් තව බොහෝ සිටිති. නිරවුල් මානසිකත්වයෙන් තොර ප්‍රතිකාර මග හැරුණු සෙබළුන් දහස් ගණනක් අප සමාජයේ නිදහස්ව සහ නිරීක්ෂණයෙන් තොරව සිවිල් මිනිසුන් සමග සම්බන්ධ වෙමින් ජීවත් වෙති. අවස්ථාව ලැබුණු විටක ඔවුන් ඝාතන දුෂණ කරති. එවිට අපගේ ජාතික පත්තර විසින් ඒවා කුණු රසය වෑහෙන පුවත් බවට පෙරලා වැඩිපුර අලෙවියක් අපේක්ෂාවෙන් පාඨකයන්ට බෙදා දෙති. නමුත් මෙම සමාජ ගැටලුවට නිසි පිලියමක් කොහෙන්වත් ලැබෙන්නේ නැත. රණ විරුවන් ලෙස උත්කර්ෂයට පත් කරන ලද හමුදා සෙබළුන්ගේ මානසික පීඩනයද (යුද්දයේ බර කරට ගත්තාක් මෙන්) දැන් ජනතාව දරා ගත යුතුය.
Amila Gunarathna | අමිල ගුණරත්න
[SEO Tags] Post war condition in Sri Lanka
, www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
ප්‍රතිචාර ද්වාරය
0
Comment(s)| ප්‍රතිචාර
හර්මන් ගෝරිං (නියුරම්බර්ග් නඩුවේ දී) කියයි.|
Facts
ස්වභාවිකවම සාමාන්‍ය මිනිසුන් යුද්ධයට අකමැතිය. මෙය රුසියාවටත්, එංගලන්තයටත් එසේම ජර්මනියටත් එකසේ අදාලය. මේ අපේ අවබෝධයයි. එසේ වුවත් අවසානයේ දී ප්‍රතිපත්තිමය තීරණ ඇත්තේ රටක නායකත්වය අත වන අතර ජනතාව පොළඹවා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී රජයකට හෝ ෆැසිස්ට් ආඥාදායකත්වයකට හෝ පාර්ලිමේන්තු පාලන ක්‍රමයකට හෝ කොමියුනිස්ට් ආඥාදායකත්වයකට හෝ ඉතා සුළු කටයුත්තකි. හඬ නැගීමේ නිදහසක් තිබුණ ද නැත ද, ජනතාව සෑම විටම නායකත්වයේ ග්‍රහණයට ගෙන ආ හැකිය. මෙය ඉතා පහසු කටයුත්තකි. කළ යුතු වන්නේ ආක්‍රමණයක් සිදුවන්නේ යැයි ජනතාවට පැවසීමත් සාම දූතයින් රට අනතුරේ හෙලන දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමත් පමණි. මෙය කුමන රටක වුවද එකම අයුරින් ක්‍රියාත්මක වෙයි.
[0]
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
boondionline@gmail.com
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus