BOONDI.LK| අදහස් බූන්දි| ඩාන්ස් බකමූණා ඩාන්ස්!!!!!!
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
    

Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
|Castro says...
|Personal Quotes
ප්‍රතිචාර[0]
Sinhala Tamil Unicodes
සැරිසරන්න  
  වෙසෙස්  
  අදහස්   
  කතා-බස්  
  රත්තරං ටික  
  කෙටියෙන්  
  ඔමරි  
  ඔත්තු   
  කට කොකියනවට  
  BoondiLets  
පෙම්වතිය...
මරණය පෙනෙන තෙක්...
ෆන්සල (Funsala) [රේඩියෝ...
සාගර ජලය මදි...
ලේ...
නාලන්ද මේ මම.....
හිස්බුල්ලා, බොදු බල...
සිසිරයේ රැයක මඟියෙකු......
  තවත් අදහස්
අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු | ඉර්ෆාන් හුසේන්
ප්‍රතිචාර[2]
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | ගාමිණී වියන්ගොඩ
ප්‍රතිචාර[5]
ධජ අසිපත් වෙනුවට ගල්, කුණු බිත්තර, අන්තිමට තුවක්කු | තුසිත බාලසූරිය
ප්‍රතිචාර[2]
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[1]
ශ්‍රී ලංකාව පසු පසු හඹා එන රොච්ඩේල් හි රතු කුරුස ක්‍රියාකාරිකයාගේ අවතාරය | සයිමන් ඩන්ෂුක්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි. | ඩී.බී.එස්. ජයරාජ්
ප්‍රතිචාර[6]
අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය | උදය ආර්. තෙන්නකෝන්
ප්‍රතිචාර[0]
බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ | රාමචන්ද්‍ර
ප්‍රතිචාර[5]
මහාවංශය හොල්මන් කිරීම | තිසරණී ගුණසේකර
ප්‍රතිචාර[4]
BOONDI • Currents •
  අදහස් බූන්දි  
"ඩාන්ස්" බකමූණා "ඩාන්ස්"!!!!!!
ප්‍රතිචාර[0]
බූන්දි| | 17:58:27
රාජිත දිසානායක ගේ නවතම නාට්‍යයේ එන ජන කතාවකට අනුව එක්තරා කැළයක බකමූණෙක් සිටියි. ඌට රෑට දේවල් දැකිය හැකි නිසා විස්මයට පත්වන කැලේ සත්තු ඌ තම රජු ලෙස සලකන්නට තීරණය කරති. ඉතින් එක්තරා දහවළක රජකමට පත්වන බකමූණා වීදියට බැස රජ ගමනේ ඇවිද යයි. බකමූණාට රෑට මිස දවල් ට නොපෙනේ. ඒ බව සතුන් නොදනී. බකමූණා ද ඒ බව නොකියයි. ගල් වල මුල් වල හැපෙමින් වැටෙමින් බකමූණා යන්නේ හෙළට ය. සියල්ලෝ ඌ පසුපස ජය ඝෝෂා නගමින් හෙළ කරා ඇදෙති.

අපේ රටේ නම් බකමූණන් වීදි බැස්ස ගමන් ය. ඒ නිසා ඒ ගැන කතා කොට වැඩක් නැති නිසා ඊට කොහෙත් ම සම්බන්ධ නැති වෙනත් සිද්ධියක් දෙස බලමු.

මර්වින් සිල්වා යළිත් වරක් දෙනෝ දාහක් ඉදිරිපිට සිය නොසරුප් කමේ බලය පරම බව එක් දහස් එක් වන වරටත් රටට ම පෙන්වා සුවසේ ගෙදර ගියේය. ඒ ස්වර්ණවාහිනිය විසින් පවත්වනු ලැබූ "ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්" වැඩසටහනේ විනිශ්චය අසුනේ සිට එහි අවසන් වටයේ තරගකාරියක වන මේනකා පීරිස් ට රෑ කෑමකට (දවල් කෑමකට නොවන බව ඔහු අවධාරණය කරන ලදි) මුළු ලොවට ම ඇසෙන සේ ආරාධනා කිරීමෙනි. මේනකා නිහඩව බිම බලා ගත් අතර එතැන ප්‍රේක්ෂක ජනතාව සතුටින් ඔල්වරසන් දුන්නේ ගරු ඇමති තුමාගේ ආරාධනය කෙරෙහි පහළ වූ සුවහසක් පහන් සිත් වලිනි. "මම කැමතියි ඔයාට රෑ කෑමකට ආරාධනා කරන්න - දවල් කෑමකට නෙවෙයි -.(අතර මැද මේනකා ගේ සිරුර පිළිබඳ කුණුහරුප වැණුමකි)... අනෙක රෑ ද දවල් ද කියල ප්‍රශ්නයක් නෑ.... පුද්ගලය හොඳ නම් දවල් උනත් කමක් නෑ." ඒ ආරාධනය කෙරෙන්නේ ඇගේ රූ සපුව ද ඇඟ පුරා ඇති නර්තනය ද සිය වෘෂභ වහරින් වනමින් වළිගය ද අං තට්ටුව ද තාලයට නටවමින් යාබද විනිශ්චය අසුනේ සිටි ගීතා කුමාරසිංහගේ අතක් ද තරයේ මිරිකමිනි. එතැන මේනකා ගේ පවුලේ අය ද ගරු කටයුතු කලා කරුවන් ද ඇතුළු බොහෝ පිරිසක් සිටි මුත් ඊට එරෙහිව ගිය ‍කිසිවෙකු නොවිණි. මේනකා ඇතැම් විට ඒ ඇරයුම භාර ගන්නට ඇත. නැත්නම් කර කියා ගන්නට දෙයක් නැතිව නිහඬ වන්නට ඇත. මර්වින් සිල්වා ඇමතිතුමාව ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ ඔහුගේ සිත රිදවීමෙන් ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල අවබෝධ කර ගන්නට තරම් එතැන උන් බොහෝ දෙනෙකු බුද්ධිමත් හා සවිඥානික වීම එයට හේතුව විය හැක. නැත්නම් නිළියන්ට හා නැටුම් ශිල්පිණියන්ට මේ මොහොත තුළ ඇති වටිනාකම නිසා ම මේනකා ට එහෙම කිව්වාට අවුලක් නැතැයි කවුරුත් හිතන්නට ඇත. ඊට පැය භාගයකට පසු ඔහු චිලී ට (තවත් තරගකරුවෙක්) රු.50,000 ක් "අතින්" දෙන බව ප්‍රකාශ කළ අතර සිහි කල්පනාව පහළ වූ චිලී වහාම නිවේදකයා නොහොත් කාන්තා අයිතීන් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැද සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් මයික්‍රෆෝනය උදුරාගෙන එම අමුතු ත්‍යාගය දඩි බිඩියේ ම ප්‍රතික්ෂේප කළේය.

අපි නැවත මේනකා ගේ සිද්ධියට හැරෙමු. ඇරයුම් කිරීමේ හෝ ඇරයුම් භාරගැනීම් වල කිසිදු අවුලක් නැත. එහෙත් ගැටළුව නම් මර්වින් ගේ ලිංගික වුවමනාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට බලහත්කාරයෙන් සපුරා ගැනීමට ඇති අයිතිය පිළිගන්නා තැනකට ලාංකේය සමාජය සහ ජනමාධ්‍ය පත්ව තිබීම ය. මේනකා ගේ පවුලේ අය ද මහජනතාව ද ඔහු හා සම අසුන් ගන්නා කෙවින් නුගේරා වැනි ශිල්පීන් ද රන්ජන් රාමනායක ද ඇතුළු විපක්ෂයට ද එහි අවුලක් නැත. සියල්ලෝ ඒ වේදිකව මත ඉමහත් ආනන්දයකින් සහෝදරත්වයකින් ඔහුගේ තුප්පහි ප්‍රමෝදය ඉවසති. ඔහු ගිය වර එය පබා ට කරන විට එය ද සතුටින් භාර ගත් සමාජය ඒ සිද්ධිය අඩංගු වීඩියෝ ක්ලිප් එක අන්තර්ජාලයෙන් නරඹා ලැබූ ආස්වාදය ඉමහත් ය. එවිට සියල්ලෝ මර්වින් සමග ඒකාත්මික වී අර ස්ත්‍රී ආත්මය ද සිරුර ද රස විඳිති. මර්වින් ගේ ලිංගික අර්බුදය හා එවිට අපි ද කොන්දේසි විරහිතව අනන්‍ය වී ඇත්තෙමු. මැදපෙරදිග රැකියා වල නියුතු ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ සටන් වදින රන්ජන් ට තමන් සමග එකට වේදිකාවේ සිටින සහෝදර ශිල්පිණියට මර්වින් ප්‍රසිද්ධියේ රෑට හම්බ වෙන්න අඬගැසීම සිනා සිසී බලා සිටිය හැකි කාරණයකි. කොහොම වුණත් අන්තිමට රන්ජන් ට ස්වර්ණවාහිනියන් ගෙවන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම සඳහා නොව ඔවුන් අපූරුවට නිර්මාණය කර ඇති මේ ගොන් පාට් කේක් එකට රෝස පාට අයිසින් ගාන තරමට ය. එතකොට මුදල් යන කාරණයේ දී රන්ජන් තුළ ඇති මානව විමුක්තිවාදියා නිදිය. එසේම ඔහුට ද අනෙක් සියල්ලන් ට මෙය බලය පිළිබඳ ගැටළුවයි. බලයේ ස්වාධිපත්‍යය නියෝජනය කරන මර්වින් මේනකාට කී දෙය සෝමා එදිරිසිංහට කීවත් නරඹන්නන්ගේ අම්මලාට නංගිලාට කීවත් "ඇයි?" කියා අසන්නෙක් නැත.

අනෙක් අතට ස්වර්ණවාහිනිය මර්වින් සමග ස්ටාර්-රමණයේ යෙදීම පරිබාහිර දෙයක් ලෙස සළකමින් එයින් වියුක්තව ජාතිකවාදී හෝ පශ්චාත්නූතනවාදී ගැටළු හා ගණුදෙණු කරමින් කල් මැරීම සංයුක්ත ක්‍රියාවක් බවට පත් නොවන්නේ මර්වින්ගේ භූමිකාව පුරවැසියන්ගේ ජීවිත වල පැහැදිළි හරස්කඩක් බවට දිනෙන් දින පත් වීම හරහා ය.

මර්වින් ඇමතිවරයා රූපවාහිනියට පහර දී රූපවාහිනියෙන් පහර කෑ පසු රූපවාහිනියේ කී දෙනෙක් පහර කෑවේ ද රෝහල් ගත වූයේ ද යන්න රටම දනී. කැළණියේ ජනතාව සහ ව්‍යාපාරිකයින් දැනට එරට වෙසෙසින් පාලනය කරන දුටුගැමුණු රජු යටතේ ඡන්ද කාල වලදී ද සාමාන්‍ය සමයන්හිදී ද ගෙවන්නාවූ ජීවිතයේ අරුම රට ම දනී. එක් අතෙකින් අද වන විට බලය පිළිබඳ කාරණාව වර ගැන්වෙන්නේ විධායක, ව්‍යවස්ථාදායක සහ නීතියේ ආධිපත්‍යය දේශපාලනඥයා වෙත එක් රොක් කරමිනි. ඒ අනුව බලද්දී ඔහු සර්ව බලධාරියා ය. කිසියම් සිදුවීම් එකකින් හෝ දෙකකින් තමන්ට එරෙහිව යන්නන්ට අත්විය හැකි ඉරණම ඔහු පෙන්වා දී තිබේ. ඉන්පසු ඔහුගේ බල ක්‍රියාවන් සියල්ල සාමාන්‍ය සිදුවීම් වන අතර ඔහු තමන් සතු පරම බලය ආනන්දයෙන් විඳ ගනියි. අනෙක් අතට එබඳු දේවල් කරන්නේ ඔහු පමණක් නොවේ. රටෙහි ඒ කෙළවරෙහි පටන් මේ කෙළවර දක්වා ඉඩම් හිමිකාරත්වය ලබා ලැනීමට මිනිසුන් දුක් මහන්සියෙන් ගොඩ නැගූ ව්‍යාපාර මතු නොව නිවෙස් පවා සිය බලය යොදවා පැහැර ගැනෙයි. නැවක් තබා බෝට්ටුවක්වත් ඇතුළට ගැනුමට බැරි වරායවල් තැනෙයි. තමන්ට වුවමනා වාහන ගෙන්වා ගත් පසු වාහන බද්ද සියයට තුන්සියයකින් වැඩි වෙයි. කෝටි ගණන් මහජන මුදල් රිසිසේ විසි කරමින් කොමිස් ගනිමින් ව්‍යාපාර වල නිරත වීමට එරෙහි වන්නෙක් නැත. කොටින්ම මේ රට මිනිසුන්ට අයිති නැත. ඒත් මේ අපූරු මහ ජනතාව ඉවසා සිටියි. අප මේ රටෙහි වසන්නේ බකමූණන්ගේ කරුණාවට පින් සිදු වන්නටය. ඉතින් මර්වින් තම ආසාව හෝ වුවමනාව ප්‍රසිද්ධියේ කීවාට එරෙහි නොවීමට තරම් මේ ජනතාව බුද්ධිමත්ය. ඊළඟ අවුරුද්දේත් ස්වර්ණවාහිනිය ඔහුව ම විනිශ්චයටගෙන්වනු ඇත. හැබැයි ඉතිං බැරි වෙලාවත් මාගම්පුර දෙයියන්ගේ කරුණාවෙන් ඔහු වැදගත් මහත්මයෙකු වුවහොත් මර්වින්ගෙන් ස්වර්ණවාහිනියට වැඩක් නැත. ඔහුව මාර්කට් කළ හැක්කේ මේවා කියන තරමට ය. මිනිසුන් බලන්නේ එවිට ය. නිකම්ම නිකං නැටුම් බලනවාට වඩා මිනිසුන්ට තව වැඩ ඇත.

ගැටළුව නම් මේ කිසිවෙකු හෙවත් බහුතරය මර්වින් ව අනුමත නොකරන මර්වින් විරෝධීන් වීමයි. සමාජය එකම ප්‍රස්තූතයක් අරභයා විසංවාදී පිළිවෙත් අනුගමනය කරන එකම අවස්ථාව මෙය නොවේ. එය හැමවිටම එහෙමය. මර්වින්ලාගේ සහ මහේන්ද්‍රලාගේ හයියත් ඒකමය. බකමූණන්ට මහ දවල් නොපෙනේ. ඉතිං උන් හෙළ ට යයි. අපට මහ දවල් හොඳට පෙනේ. ඒ වුණත් අප යන්නේ බකමූණන් පස්සේ ම ය. හෙළ ඇති බව පෙනුන ද කිසිවෙක් කට නාරිති. 'හොඳ වල් ඌරන්' එහෙමය!

Aloka Ranasinghe | ආලෝක රණසිංහ
[SEO Tags] Rajitha Dissanayake, Owl on the Street, Mervin Silva, Swarnavahini, Dance Stars Dance, Menaka Peris, Ranjan Ramanayake, Soma Edirisinghe , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
  ප්‍රතිචාර ද්වාරය  
0 Comment(s)| ප්‍රතිචාර
බොබ් ඩිලන් කියයි.| Personal Quotes
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.